නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ප්‍රතිශක්තියේ වෙනස නිසා අලුත් අම්මට ආතරයිටිස් ඇතිවෙන්න පුළුවන්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ප්‍රතිශක්තියේ වෙනස නිසා අලුත් අම්මට ආතරයිටිස් ඇතිවෙන්න පුළුවන්

Published February 26, 2024
ආතරයිටිස් රෝග ඕනෑම වයසක කාන්තාවකට වැළඳෙන්න පුළුවන්. ගර්භණී කාන්තාවන්ටද ආතරයිටිස් වැළඳෙනවා.සමහර කාන්තාවන්ගේ ආතරයිටිස් රෝග වල තීව්‍රතාව ගර්භණී සමයේ අඩුවුණත් තවත් සමහර අයගේ ආතරයිටිස් රෝග තීව්‍රතාව වැඩිවෙනවා. ඊට අමතරව ගර්භණී සමය තුළ නව සංකුලතා ඇතිවෙන්න පුළුවන්. එම නිසා මවගේ සහ ගර්භයේ ආරක්ෂාව සඳහා නිසි පරිදි ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්.

ගර්භණී සමය තුළ ආතරයිටිස් රෝගවල  තීව්‍රතාව වෙනස් වන්නේ ඇයි?

ගර්භණී සමය තුළ කාන්තාවගේ ශරීරයේ ඇතිවන හෝමෝන සංයුතියේ වෙනස්කම් නිසා සැලකිය යුතු ආකාරයට ප්‍රතිශක්ති පද්ධතියේ වෙනස්කම් ඇතිවෙනවා. එම නිසා ආතරයිටිස් රෝගවල තීව්‍රතාව වෙනස් වීම, නව සංකුලතා ඇතිවීම වගේම ආතරයිටිස් රෝග හටගැනීම පවා සිදුවන්නට පුළුවන්. නමුත් ලංකාවේ ප්‍රධානම හේතුවක් තමා වෛද්‍ය උපදෙස් නොසලකා දරු ගැබට හානියක් වෙයි කියා සැක කර ආතරයිටිස් ප්‍රතිකාර හිතුමතේ නතර කිරීම.

ගර්භණී සමය තුළ ගැටලු ඇතිවෙන්න පුළුවන් ආතරයිටිස් රෝග

Systemic lupus erythematosus (SLE) (ලූපස්), Antiphospholipid Syndrome (ඇන්ටි ෆොස්ෆොලිපිඩ් සින්ඩ්‍රෝම්), Rheumatoid arthritis (රූමටොයිඩ් ආතරයිටිස්), Systemic sclerosis (සිස්ටිමික් ස්කලේරෝසිස්),Sjogren’s syndrome (ශෝග්‍රන්ස් සින්ඩ්‍රෝම්), Inflammatory Myositis (මයෝසයිටිස්), Vasculitis(වැස්කියූලයිටිස්).

ගර්භණී සමය තුළ ආතරයිටිස් රෝග නිසා ඇතිවන සංකුලතා මොනවාද?

ආතරයිටිස් රෝග සැලකිය යුතු ප්‍රමාණයක් හන්දිවලට පමණක් සීමා වුණ රෝග නෙවෙයි. රෝගයට අදාල ඕනෑම අවයවයක සංකුලතා ඇතිවෙන්න පුළුවන්. ඊට අමතරව උපත් බර අඩුවීම, උපත් සංකුලතා ඇති දරුවන් ඉපදීම, ගර්භය තුළ දරුවා මියයාම, ගර්භ වලිප්පුව (Eclampsia), ගර්භණී සමයේ මවගේ රුධිර පීඩනය වැඩිවීම, මවගේ වකුගඩු අකර්මණ්‍ය වීම, ලේ කැටගැසීමේ ප්‍රවණතාවයේ ඇතිවන වෙනස්කම් නිසා ඇතිවන දරුණු සංකුලතා සහ මාතෘ මරණ පවා ඇතිවෙන්න පුළුවන්.

එම සංකුලතා පිළිබඳව තව දැනුවත් කිරීමක්

ලූපස් (SLE) රෝගය සමහර රෝගීන්ට වකුගඩු හදවතට සදාකාලික ලෙස අකර්මණ්‍ය වන ආකාරයට වැළඳී තිබෙන්නට පුළුවන්. සමහර එවැනි රෝගීන් ගර්භණී වීමට ප්‍රථම අදාල විශේෂඥ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කොට ගර්භණීවීමට සුදුසු දෙයි මුලින් තීරණය කළ යුතුයි. එසේ ගැබ් ගත්තත් සමහර අවස්ථාවලදී මවගේ ජිවිත හානිය වළක්වා ගැනීමට වෛද්‍ය උපදෙස් මත ගබ්සා කිරීමට සිදුවන්නට පුළුවන්. ඊට අමතරව ඉහත කී සංකුලතා ගර්භණී සමය තුළ මුලින්ම ඇතිවන්නට පුළුවන්. එවිට සුදුසු ආකාරයට ප්‍රතිකාර වෙනස් කළ යුතුය.

එසේ නොකළහොත් අඩුබර දරු උපත්, අඩු වයසින් ඉපදීම, කුස තුළ සිටින දරුවාගේ  හදවත් ස්පන්දනය වන වේගය අඩුවීම (Congenital Heart Block ) මාරාන්තික විය හැක. ඊට අදාල සංකුලතා, මවගේ වකුගඩු සහ හදවතට වෙන බලපෑම් සදාකාලිකව ඇතිවෙන්න පුළුවන්. ලූපස් (SLE) රෝගය සම්බන්ධව (හෝ ඊට සම්බන්ධයක් නැතිව) ඇතිවන ඇන්ටි ෆොස්ෆොලිපිඩ් සින්ඩ්‍රෝම් තත්ත්වය නිසා මවගේ සහ දරුවාගේ ඇගේ ලේ කැටි හැදීමේ අවදානම වැඩි වී ඉහත කී සංකුලතාවලට අමතරව නිතර අඩු මාසෙන් ගබ්සා වීම, ගර්භ වලිප්පුව (Eclampsia),අක්මාව තාවකාලිකව අකර්මණ්‍ය වීම වැනි තත්ත්වයන් ඇතිවීමට පුළුවන්.

මයෝසිටිස් සහ රූමටෝයිඩ් ආතරයිටිස් අදාල පෙනහළු දුර්වල වීමක් (ILD තත්ත්වය) තිබ්බොත් එම තත්ත්වය ගර්භණී සමය තුළ උග්‍රවී ස්වසන අපහසුතා ඇතිවෙන්න පුළුවන්.

Sjogren’s Syndrome (ශෝග්‍රන්ස් සින්ඩ්‍රෝම්) රෝගයට අදාලවද දරුවාගේ හදවත් ස්පන්දනය අඩුකරන Heart Block තත්ත්වය සහ Vasculitis (වැස්කියූලයිටිස්) රෝග කාණ්ඩයට අදාලව වකුගඩු අකර්මණ්‍ය වීමට පුළුවන්.

ආතරයිටිස් රෝගවලට භාවිත කරන ඖෂධ වලින් කලලයට හානි වීමට පුළුවන්ද?

Methotrexate (මෙතොට්‍රෙක්සේට්, ඉරිදා පෙති) Leflunomide  සහ MMF වැනි බෙහෙත් වර්ග පාවිච්චිය සදුසු නැහැ. මෙම බෙහෙත් වර්ග එක ගැබ් ගැනීමට එක බෙහෙතට අදාල කාල වකවානුවකට පෙර නතර කළ යුතුය. ඊට අමතරව සමහර කැක්කුමට පාවිච්චි කරන ඖෂධ නිසා Oligohydramnios තත්ත්වය (වැදමහේ වතුර අඩුවීම) ඇතිවෙන්න පුළුවන්.

ආතරයිටිස් රෝගයකට බෙහෙත් ගන්න කාන්තාවක් ගැබ්ගැනීමට සුදානම් වන්නේ කෙසේද?

වැදගත්ම කාරණාව තමා දැනටමත් රෝග සංකුලතා තිබේනම් ගැබ්ගැනීම සුදුසුද යන්න අදාල විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් (නාරි සහ ප්‍රසව සහ ආතරයිටිස් සම්බන්ධ) සමග සාකච්ඡා කර තීරණයක් ගැනීම. එලෙස තීරණයක් ලබාගත්තාට පසුව ගර්භනී සමයට පෙර සහ ගර්භනී සමය තුළ වරින් වර විවිධ ලේ සහ මුත්‍රා පරීක්ෂණ කිරීමට සිදුවෙනවා.

අනෙක් වැදගත් කාරණාව ගර්භණී සමයේ ලබාගැනීමට සුදුසු ඖෂධයකට මාරුවීම. එසේ කළ පසු අලුත් ඖෂධය ලබාගන්න අතරතුර රෝගය නැවත මතුවෙනවාද යන්න ගැන ගැබ්ගැනීමට පෙර දැන ගත යුතුය. මෙලෙස බෙහෙත් මාරුකිරීමේ ක්‍රියාදාමයට මාස කීපයක් ගතවීමට පුළුවන්.

ආතරයිටිස් රෝගවලට ලබාදෙන Sulfasalazine, Hydroxycholoquine,Prednisolone, Azathioprine, Tacrolimus සහ හන්දි වලට ලබාදෙන Depomedrol,Triamcinolone එන්නත් කිසි බයකින් තොරව ගර්භනී සමයේ භාවිත කිරීමට පුළුවන්.

ගර්භනී සමය තුළ රෝග තීව්‍රතාව අඩු වැඩි වීම අනුව බෙහෙත් වෙනස් කිරීමට සිදුවෙනවා. ගර්භනී සාමය තුළ පාවිච්චි කරන්න පුළුවන් බෙහෙත් මව්කිරි දෙනකොට බයක් නැතුව පාවිච්චි කරන්නත් පුළුවන්.

ආතරයිටිස් රෝගීන්ට බයක් නැතුව උපත් පාලන පෙති පාවිචිචි කරන්න පුළුවන්ද?

සමහර ලූපස් රෝගීන් (SLE) සහ Antiphospholipid syndrome ඇති සියලු රෝගීන් හට Combined OCP ( හෝමෝන සංකලනයක් ඇති) උපත් පාලන පෙති පාවිච්චියෙන් වැළකෙන්න ඕනේ.ආතරයිටිස් රෝගයක් ඇති ඔබ ගැබ්ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර වෙනස් කර ගන්න ඕනේ. ආතරයිටිස් රෝගවලට භාවිත කරන බහුතරයක් බෙහෙත් ගර්භනී ඔබට කිසි බයකින් තොරව පාවිච්චි කරන්න පුළුවන්.



 

TAGGED: ආතරයිටිස්, ගර්භණී
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?