නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බඳින්න කලින් ආදරේ මුවාවෙන් ලිංගිකව එක්වුණොත් පෙත්ත හරියට ගන්න.
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

බඳින්න කලින් ආදරේ මුවාවෙන් ලිංගිකව එක්වුණොත් පෙත්ත හරියට ගන්න.

Published February 12, 2024

“Good Morning ඩොක්ටර්. මම කතා කළේ වැලන්ටයින් එකත් ළඟ නිසා අපේ තරුණ ගෑනු ළමයින්ට වාගේම පිරිමි ළමයින්ටත් වැදගත් වෙන දෙයක් ඩොක්ටර් එක්ක කතා කරන්න. දැන්, යං ගර්ල්ස්ලා, බෝයිස්ලා හිතන් ඉන්නේ ආදරේ කියන්නේ සෙක්ස් කරන එක කියල. ජීවිතේ ගැන බරක්පතළක් නැති මේ හැමෝම ක්ෂණික ආසාවන් නිසා පස්සේ පසුතැවෙනවා. හැබැයි එයාල එහෙම වෙන්න ඕන නෑ. ආදරයයි, රාගයයි පටලවා නොගන්නා තරමට එයාලා ජීවිතය දිනනවා. යම් හේතුවක් නිසා එහෙම වුණොත් ඇතිවිය හැකි Unwanted Pregnancy එකක් වළක්වා ගන්න ඕන තරම් වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම දැන් තියෙනවා නේද ඩොක්ටර් ?”

“ ඔව්.. මේවා තමයි කතා කළ යුතුම මාතෘකා. VOG කෙනෙක් හැටියට අපිට බලන්න වෙන බරපතළ කාරණාවක් තමයි තරුණ ළමයි අතරේ ඇති වෙන අනවශ්‍ය ගැබ්ගැනීම් කියන්නෙ. දැන් ගොඩක් දෙනා ගැබ් ගත්තට පස්සෙ එන්නෙ කලලය ඉවත් කරගන්න පුළුවන්ද කියල අහගෙන. ඒකට හේතුව ක්ෂණික උපත් පාලනය ගැන අවබෝධයක් නැතිකම. අපි ඩොක්ටර්ස්ලා හැටියට කිසිසේත්ම ගබ්සාවලට උදව් කරන්නේ නැහැ. හැබැයි අනවශ්‍ය ගැබ් ගැනීමක් නතර කරගන්න කලින් සැලසුම් කරලා තිබුණා නම් ආයේ පසුතැවෙන්න ඕන නෑ.” එහෙම අපි කතාව පටන් ගත්තා.

ක්ෂණික ගැබ් ගැනීමක් වළක්වා ගැනීම කියන්නේ මොකද්ද?

ගැබ් ගැනීමක් සිද්ධ වෙන්න ඕන හොඳ සැලසුමක් මත. මොකද ගැබ් ගැනීමකට පෙර එම කාන්තාවට ලෙඩ රෝග තිබේදැයි සොයා බලන්න ඕනෙ. ෆෝලික් අම්ලය අවම වශයෙන් ගැබ් ගැනීමට කලින් මාස තුනක්වත් ලබාගන්න ඕන. එතකොට කුසේ වැඩෙන දරුවාගේ වර්ධනයටත් විශේෂයෙන්ම ස්නායු ආබාධ අඩු කරන්නත් ඒ ෆෝලික් අම්ලය හේතුවෙනවා. ඊට අමතරව ඒ කාන්තාව රුබෙල්ලා එන්නත ලබා සිටීමත් වැදගත්. එසේ නැත්නම් රුබෙල්ලා එන්නත නොලබා ගර්භනී අවධියේදී වෛරසය වැළඳුණහොත් එයින් කලලයට හානි විය හැකියි. එම නිසා ආබාධිත දරුවන් බිහිවිය හැකියි.

නමුත් හදිසි ලිංගික ඇසුරකදි ඉහත කාරණා ගැන අවධානය යොමු නොකිරීම නිසා ඇතිවන කළලය දුර්වල වීමත් මවට ප්‍රශ්න ඇතිවීමත් සිදුවිය හැකියි. කාන්තාවකගේ ආර්ථව චක්‍රයේ ඕනෑම අවධියකදී සිදුවන ලිංගික ඇසුරකින් හදිසි ගැබ් ගැනීමක් සිදුවිය හැකියි. මේ අනුව කාන්තාවකගේ ආර්තව චක්‍රයේ සරු දවස් ලෙස සැළකෙන දවස්වලදී ගැබ් ගැනීමේ ප්‍රවණතාව වැඩි අතර අනෙක් දවස්වල ද ගැබ් ගැනීමක් සිදුවන බව අවබෝධ කරගත යුතුයි.

අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගන්න අපි මොකක්ද කරන්න ඕන?ඒවා නීත්‍යානුකූලද?

අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගන්න අනුගමනය කරන ක්‍රමවේද අනිවාර්යයෙන්ම නීත්‍යානුකූලයි. උපත් පාලන ක්‍රම භාවිත නොකර කෙනෙකු ලිංගික ඇසුරක් පැවැත්වුවහොත් ගැබ් ගැනීම වළක්වා ගැනීම සඳහා විශේෂ ක්‍රමවේද කිහිපයක් තියෙනවා. ලිංගික ඇසුරකින් පසු ගන්නා උපත් පාලන පෙති ඕනෑම ෆාමසියකින් වෛද්‍ය නිර්දේශයක් නොමැතිව වුණත් ඕනෑම කෙනෙකුට ලබාගැනීමේ හැකියාව තියෙනවා. එහෙත් අනෙක් ක්‍රමවේද වෛද්‍යවරයෙකුගේ අනුමැතිව ඇතිව ලබාගත යුතුය.

හදිසි ගැබ් ගැනීමක් වළක්වන ක්‍රමවේද මොනවාද?

ක්‍රමවේද දෙකක් තිබෙනවා. එකක් තමයි බොන පෙති. අනෙක් ක්‍රමවේදය ලූපය භාවිත කිරීම. මේ ක්‍රම දෙකම හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගැනීමට පාවිච්චි කරන්න සුදුසු ක්‍රමවේදයන්.

මෙම ක්‍රමවේද දෙකම භාවිත කරන්න සුදුසු වෙලාවක් තිබෙනවද?

ඔව් අනිවාර්යයෙන් තිබෙනවා. හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගැනීමට ලබාගන්නා බොන පෙති පැය 72 ක් ඇතුළත ලබාගත යුතුයි. ලූපය පැය 120 ක් හෙවත් දින 5 ක් ඇතුළත අනිවාර්යයෙන් භාවිත කළ යුතුයි. තවදුරටත් බොන පෙති ගැන විස්තර කරනවා නම් බොන පෙති වර්ග දෙකක් වෙළෙඳපොළේ තිබෙනවා.

එකක් ප්‍රොජෙස්ටරොන් හෝමෝනය ( Progesterone) සහ එකී සංඝටක අඩංගු හෝමෝන පෙති ලෙසින්. අනෙක යුරිප්‍රිස්ටල් ඇසිටේට් සංඝටකය අඩංගු පෙති ලෙසින්. ලංකාවේ ෆාමසිවල බොහෝදුරට තිබෙන්නේ පළවෙනි වර්ගයේ පෙති තමයි. පෙති වර්ගත් දෙකක් තිබෙනවා එකක් තනි පෙත්ත ලෙස. අනික පෙති දෙක ලෙස. පෙති දෙකක් වශයෙන් ලබාගැනීමට තිබෙන පෙති පළමු පෙත්ත ලබාගෙන පැය 12 ක් ඇතුළත දෙවනි පෙත්ත ලබාගත යුතුයි. යම් හෙයකින් පැය 12 කින් දෙවනි පෙත්ත ගැනීම මඟ හැරුණහොත් ලැබෙන ප්‍රතිඵලය අසාර්ථක විය හැකියි.

මේ පෙති වර්ග දෙකම එක හා සමාන ක්‍රියාකාරීත්වයක් ඇති එක හා සමාන ප්‍රතිඵලදායක පෙති දෙකක්. නමුත් තනි පෙත්ත ලබාගත් විට වමනය වැනි අතුරු ආබාධ ඇතිවිය හැකියි. මෙම බොන පෙතිවල සාර්ථකත්වය 95% ත් 96% ත් අතර වෙනවා. ලූපයේ සාර්ථකත්වය ඉතා වැඩියි. එය 99% ක් පමණ වෙනවා. නමුත් ලූපය සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු විසින් තැන්පත් කළ යුතුයි.

අනාරක්ෂිත ලිංගික ඇසුරකින් පසු වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම සඳහා මෙම පෙති ක්ෂණිකව ලබාගත යුතුද?

ඔව්. ඉතා ඉක්මණින් ලබාගැනීමෙන් ප්‍රතිඵලය සාර්ථකයි. ලිංගික ඇසුරකින් පැය 24, පැය 48, පැය 72 කින් පෙති ලබාගන්නවාට වඩා පැය 12 කින් පෙති ලබාගැනීම සාර්ථක ප්‍රතිඵල ගෙන දෙනවා.

එක පෙත්තක් ලෙස ගත්තත්, පෙති දෙකක් ලෙස ගත්තත් ගොඩක් අයට තියෙන දෙයක් තමයි වමනය යන එක. එහෙම වුණොත් සාර්ථක ප්‍රතිඵලයක් ගන්න නැවත පෙති පානය කළ යුතුයි.

බොන පෙති හා ලූපය පාවිච්චියේදී ඇතිවන අතුරු ආබාධ ගැනත් කතා කරමු…

පෙති භාවිතයේදී බොහෝ ගැහැනු ළමයින්ට ඇතිවන ප්‍රශ්නයක් තමයි වමනය. පෙති ලබාගැනීමෙන් පැය 2 ක් ඇතුළත වමනය ගියහොත් නැවත පෙති ලබාගැනීම අත්‍යවශ්‍ය වෙනවා. තවත් සමහරෙකුට සුළු හිසේ රුදාවක්, ස්තන ග්‍රන්ථීවල වේදනාවක්, සුළු ක්ලාන්ත ගතියක් දැනිය හැකියි. ඊට අමතරව ඉදිරියේදී ආර්තව චක්‍රය අක්‍රමවත් වෙන්න පුළුවන්. නමුත් ඉහත සියලු අතුරු ආබාධ දීර්ඝකාලීන ඒවා නොවේ. වැදගත්ම කාරණය වෙන්නේ ගැබ් ගැනීමක් අවශ්‍ය කාලවලදී ඒ සඳහා බාධාවක් මෙම පෙති පෙර අවස්ථාවලදී ලබාගෙන තිබීමෙන් ඇති නොවීමයි.

අනාරක්ෂිත ලිංගික ඇසුරවල්වලදි වරින් වර මෙම පෙති භාවිතය සුදුසුද?

වරින් වර භාවිත කිරීමේ හැකියාවක් තිබේ. නමුත් මෙම පෙති නිර්දේශ කර තිබෙන්නේ හදිසි අවස්ථාවකදී භාවිතයට පමණයි. මෙහෙම කිව්වොත්, ලිංගිකව වරින්වර එකතුවන කෙනෙකුට එම ලිංගික ක්‍රියාවලියෙන් පසුව මෙම පෙති භාවිතයෙන් ලැබෙන ප්‍රතිඵලය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකියි. එවැනි කෙනෙකු දීර්ඝකාලීන උපත්පාලන ක්‍රමයක් වන එන්නත් භාවිතය වැනි ක්‍රමවේද වෛද්‍ය උපදෙස් මත භාවිත කළ යුතුයි.

හරින්දී ලියනගේ ✍️











 

TAGGED: Abortion, ගැබ් ගැනීම, ලිංගිකව
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?