නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ආයෙමත් සරම්ප ප්‍රවේසම් වෙන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ආයෙමත් සරම්ප ප්‍රවේසම් වෙන්න

Published January 8, 2024

ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දරුවන්ට මාස තුනෙදී සහ වයස අවුරුදු තුන සම්පූර්ණ වුණ වහාම ලබාදෙන MMR එන්නත මගින් සරම්ප රෝගයට එරෙහිව ශරීර ප්‍රතිශක්තිකරණය ඇතිකරනවා. 2001 වසරේ පටන් ලබාදුන් මෙම එන්නත 2011 වසරේ සිට MMR  ලෙසින් ලබාදෙනවා.අද වෙන විට ගෝලීය වශයෙන්ද සරම්ප රෝගය පාලනය සඳහා මෙම එන්නත මගින් සුවිශේෂී දායකත්වයක් ලැබී තිබෙනවා. නමුත් 2023 වසරේ මැයි මාසයේදී ශ්‍රි ලංකාවෙන් සරම්ප රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වුණා. මෙහි ඇති විශේෂත්වය නම් මෙම රෝගීන්ගෙන් බොහෝ දෙනෙක් MMR එන්නතෙහි එක් මාත්‍රාවක් හෝ මාත්‍රා දෙකම ලබා නොතිබූ අයයි.

සරම්ප බෝවෙන්නේ කොහොමද?

සරම්ප රෝගයට හේතු වන්නේ වෛරසයක්. එය වාතය හරහා පැතිරෙනවා. එනම් රෝගී පුද්ගලයෙකු හුස්ම ගන්නා විට කැස්ස, කිවිසුම හෝ කතාකරන විට පැතිරීම සිදුවනවා.

වෛරසය පැය දෙකක් පමණ වාතයේ සක්‍රියව පවතින නිසා ඉතා ඉක්මනින් බෝ විය හැකියි. එනම් සරම්ප ආසාදනය වූ එක් පුද්ගලයෙකුට එන්නත් නොකළ සමීප සම්බන්ධතාවන් ඇති පුද්ගලයන් දහදෙනෙකුගෙන් නව දෙනෙකුට පමණ රෝගය බෝ කළ හැකියි.

නමුත් සරම්ප වෛරසය තාපය, හිරු එළිය, ආම්ලික PH අගය මගින් වේගයෙන් අක්‍රිය වේ. සමේ කුෂ්ට ඇතිවීමට දින හතරකට පෙර සිට සහ දින හතරකට පසු ආසාදිත පුද්ගලයෙකුගෙන් රෝගය බෝ විය හැක. සරම්ප රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් වෛරසයට නිරාවරණය වී දින 10 -14 කට පසුව ආරම්භ වේ.

සරම්ප රෝග ලක්ෂණ මොනවාද?

තද උණ
සමේ ඇතිවන රතු ලප/කුෂ්ට
සෙම්ප්‍රතිශ්‍යාව
කැස්ස
ඇස් රතු වීම


ඒ වගේම රෝග තත්ත්වය ඇති වී දින හතරක් පමණ ගෙවෙන විට සමේ රතු පැහැති පැල්ලම් ඇතිවනවා. මේවා බෙල්ල, මුහුණ වැනි ප්‍රදේශයෙන් ඇති වී එයින් පසුව සිරුර පුරාම පැතිරෙනවා.

සරම්ප දෙයියන්ගේ රෝගයක් ලෙසින් සලකා සිටියොත්?

සරම්ප රෝග තත්ත්වය දෙයියන්ගේ ලෙඩක් ලෙසින් නොසලකා සිටින්නට බැහැ. සරම්ප රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති අතරම ප්‍රතිශක්තිය ඇති රෝගීන් සම්පූර්ණයෙන්ම සුවය ලබනවා. අතීතයේදී බොහෝ දෙනෙකුට සරම්ප රෝගය නිසා ප්‍රතිශක්තිය ඇතිවුණා.

ඒ නිසා මේ රෝග තත්ත්වය අතීතයේදී දෙවියන්ට බාර දෙන්නට ඇති. නමුත් මේ රෝගය නිසා විවිධ සංකුලතාවන් ඇතිවීමට ඉඩ තිබෙනවා. බොහෝ රෝගීන් සරම්ප රෝගයේදී ඇතිවන උණ තත්ත්වය නොසලකා සිටින නිසා රෝගයේ උත්සන්න අවස්ථාවක් ලෙසින් නිව්මෝනියාව තත්ත්වයට පවා පත්වීමට ඉඩ තිබෙනවා.

අන්ධ බව

එන්සෙෆලයිටීස් (Encephalitis)

දරුණු පාචනය සහ ඒ ආශ්‍රිත විජලනය

කන් ආසාදනය වැනි සංකුලතාවයන් මේ අතරට ඇතුළත් වනවා.

සමහර සරම්ප රෝගීන් සුවය ලැබීමෙන් පසුව වුවත් Subacute sclerosing panencephalitis (SSPE) නැමැති මොළයේ ඇතිවන ආසාදන තත්ත්වයට පවා පත්වීමට ඉඩ තිබෙනවා. මේ තත්ත්වය ඉතාම කලාතුරකින් ළමුන් සහ තරුණයන් අතර දක්නට ලැබෙනවා. මොළයට සිදුවන හානිය නිසා සරම්ප රෝගියෙක් පූර්ණ වශයෙන් දුබල වීමට හෝ මරණයට පවා පත් වීමට ඉඩ තිබෙනවා.

සරම්ප රෝගය වඩාත් දරුණු ලෙස බලපාන්නේ?

සරම්ප රෝගී තත්ත්වය හැම දෙනාටම භයානක ලෙසින් බලපෑම් ඇති කරන්නේ නැහැ. නමුත් සරම්ප රෝග තත්ත්වයෙන් සංකුලතාවයන් ඇති කරන කණ්ඩායම් සිටිනවා.

වයස අවුරුදු 5 ට වඩා අඩු දරුවන්

වැඩිහිටියන්

ප්‍රතිශක්ති ඌනතා සහිත පුද්ගලයින්

ගර්භණී කාන්තාවන්

අවයව බද්ධ කළ රෝගීන්

සරම්ප රෝගය වෙනුවෙන් ප්‍රතිශක්ති එන්නත…

සරම්ප රෝගය වරක් ඇති වුණොත් ඒ වෙනුවෙන් ශරීරයේ ප්‍රතිදේහ එනම් වෛරසයට සටන් කළ හැකි බලකායන් ශරීරයේ ගොඩනැගී ඇති නිසා නැවත රෝගය බෝවන්නේ නැහැ. මෙය ස්වභාවික ප්‍රතිශක්තිය ලෙස හැඳින්වෙනවා. එයින් එන්නතෙන් ලැබෙන ආරක්ෂාවට වඩා වැඩි රැකවරණයක් රෝගී පුද්ගලයාට ලැබෙනවා.

එහෙත් දැන් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩ සටහන යටතේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙනවා. මෙම එන්නත මාත්‍රා දෙකකින් යුක්තයි. මෙම MMR එන්නතෙහි රෝගයට එරෙහිව ප්‍රතිශක්තිය අඩංගු වී තිබෙනවා. ඉතාම ආරක්ෂිත මෙම එන්නත මගින් සරම්ප රෝගය වෙනුවෙන් ජීවිත කාලයටම ප්‍රතිශක්තිය ගොඩනගනවා.

දැනට පාලනය වී ඇති මේ දිනවල පැතිර යන සරම්ප වසංගතය ගැන සඳහන් කළොත්?

සරම්ප රෝගය සඳහා එන්නත් නොකළ හෝ එක් එන්නතක් පමණක් ලබාගත් පුද්ගලයින් සැලකිය යුතු සංඛ්‍යාවක් මේ දක්වා රෝගයට ගොදුරු වී සිටිනවා. ඒ නිසා ඔබේ දරුවාට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ලබාදෙන සරම්ප එන්නත ලබාදීම කිසිම විටෙක හෙටට කල් තබන්න එපා. අදාළ වයසේදී අදාළ දිනට අදාළ මාත්‍රාව ලබාදීමෙන් ඔබේ දරුවා සරම්ප රෝග තත්ත්වයෙන් ආරක්ෂා කරනු ඇත.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️



 

TAGGED: Encephalitis, MMR, SSPE, vaccine, සරම්ප
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?