නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අම්මෝ…ආයෙත් කොවිඩ් ඇවිත්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

අම්මෝ…ආයෙත් කොවිඩ් ඇවිත්

Published January 8, 2024

කොරෝනා වෛරසයේ ඔම්ක්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් ලෙස සැලකෙන JN.1 ප්‍රභේදය ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ බොහෝ රටවලින් නැවතත් වාර්තා වනවා. උතුරු අර්ධ ගෝලයේ ඇතිවන ශීත සෘතුව සමග ඒ කලාපයන්හි මෙම උප ප්‍රභේදය සහ ඉන්ෆ්ලුවන්සා ඇතුළු ශ්වසන රෝග වැඩි වීමේ ප්‍රවනතාවයක් දැන් තියෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ නව කොවිඩ් ප්‍රභේදය සොයා ජාන අනුක්‍රමික පරීක්ෂණ මෙතෙක් සිදු වී නැහැ. මේ දක්වාම අපි JN.1 කොවිඩ් ප්‍රභේදය ලංකාවට ඇතුළු වී ඇති බවට තහවුරු කිරීමේ සාම්පල ලබාගෙනත් නැහැ…

ලංකාවේ කොවිඩ් රෝගීන් සිටිනවා…

ඒ වුණත් අපේ රටේ සැලකිය යුතු කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් සිටින බවට අපි අනුමාන කරනවා.

නව  JN.1  ප්‍රභේදයේ රෝග ලක්ෂණ

කැස්ස

හිසරදය

උගුරේ වේදනාව

සෙම්ප්‍රතිශ්‍යාව

ගඳ සුවඳ නොදැනීම

කලාතුරකින් ඇතිවන රෝග ලක්ෂණ ලෙස සිරුර මළානික වීම සහ වමනය වැනි රෝග ලක්ෂණ පෙන්වන්න පුළුවන්. නමුත් මේ  JN.1 කොවිඩ් ප්‍රභේදය එතරම් අවදානමක් නැති බවත් සඳහන් කරන්න අවශ්‍යයි.

නැවතත් මුව ආවරණ පැලඳීම අවශ්‍යද?

මේ උත්සව කාලයේ සමාජයේ සංචරණයන් වැඩියි ඒ නිසා  JN.1  කොවිඩ් තත්ත්වයෙන් පමණක් නොවෙයි. වෙනත් ශ්වසන රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පැලඳීම වඩාත් සුදුසුය.ඒ වගේම ආරක්ෂිතය.

මෙහිදී සියලු දෙනාම මුඛ ආවරණ පැලඳීම අවශ්‍යම නැහැ. නමුත් ශ්වසන රෝගියෙක් නම් ඔවුන්ට තිබෙන අවදානම වැඩියි. ඒ වගේම වයස අවුරුදු 65 ට වැඩි නම් එවැනි රෝගීන්ද මුඛ ආවරණ පැලඳීම සුදුසුයි. ඊටත් අමතරව වකුගඩු රෝග, දියවැඩියාව වැනි ප්‍රතිශක්තිකරණය අවම වැඩිහිටියන් ගැන සැලකිලිමත් වීම වැදගත්. ඔවුන් පහසුවෙන් රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් තිබෙන නිසා මුව ආවරණ මගින් තමන්ගේ ආරක්ෂාව ලබාගැනීම වැදගත්.

ප්‍රතිශක්තිකරණය ගැන සඳහන් කරනවා නම්…

ඕනෑම බෝවන රෝග තත්ත්වයකදී පුද්ගලයෙකුගේ ශරීර ප්‍රතිශක්තිකරණය වඩාත් වැදගත්. කොවිඩ් වසංගතය සඳහා වූ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගත් හා ලබා නොගත් අපේ රටේ කුඩා දරුවන් සම්බන්ධයෙන් සිදුකරන ලද අධ්‍යනයකදී පෙනී ගිය අන්දමට ඔවුන්ගේ සිරුරේ ප්‍රතිශක්තිකරණය ඉතාම ඉහළ මට්ටමක පවතිනවා. එය 90% ක් වැනි ඉතාම සතුටුදායක අගයක තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ගැන අදහස් දක්වමින් කියා සිටින්නේ සීත සෘතුවේදී කොවිඩ් සහ අනෙකුත් ආසාදන තත්ත්වයන් ඉහළ යා හැකි අතර උණ, ශ්වසන සහ ළමා නිව්මෝනියාව වැනි ශ්වසන වෛරස ආසාදනද උතුරු අර්ධ ගෝලයේ ඉහළ නගිමින් පවතී. ඔමික්‍රෝන් ප්‍රභේදය ගෝලීය වශයෙන් ආදිපත්‍ය දරණ ප්‍රභේදයක් වන අතර ලොව බොහෝ ප්‍රදේශ පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

දැනට එක්සත් ජනපදයේ මෙම ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වෙනවා. එරට රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන දත්ත අනුව එරට පැතිරෙන ආසාදන වලින් 15% සිට 29% ප්‍රතිශතයක් ඔමික්‍රොන් ආසාදනවලට ගොදුරුව ඇත. එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය සඳහන් කරන අන්දමට එරට කොවිඩ් පරීක්ෂණවලින් 7% ක්ම  JN.1 නිසා බැව් වාර්තා වේ.

රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබාදෙන උපදෙස්…

ජනාකීර්ණ, සංවෘත ස්ථානවලදී මුඛ ආවරණයක් පැලඳීම

කැස්ස සහ කිවිසුම ඇතිවන විට මුඛය ආවරණය කරන්න

ඔබේ දෑත් නිතර පිරිසිදු කරන්න

අවදානම් සහිත පුද්ගලයෙක් නම් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීම

අසනීප තත්ත්වයක් ඇත්නම් නිවසේ රැඳෙන්න

රෝග ලක්ෂණ ඇත්නම් පරීක්ෂාවක් සිදු කරගන්න

මේ අනුව දැනට ආසාදිත රෝගීන් ගැන වාර්තා නොවුණත් රෝග තත්ත්වයෙන් ආරක්ෂාව වෙනුවෙන් වූ ක්‍රමවේදයන් අනුගමනය කිරීම වැදගත් වෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: Immunization, Influenza, JN.1, World Health Organization, කොවිඩ්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?