නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: මන්මත් කරවන සුවඳ
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
හැඩ වැ​ඩ

මන්මත් කරවන සුවඳ

Published November 20, 2023

පර්ෆියුම් එකකින් අපි බලාපොරොත්තු වන්නේ සිරුරෙන් හමන දහඩිය දුගඳ නැති කරන එක. ඒත් අද ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි කොතරම් මිල අධික හා සුවඳවත් පර්ෆියුම් ගැල්වුවත් සුවඳ රැඳිලා තියෙන්නේ පුංචිම පුංචි වේලාවක් විතරයි කියන එක. ඔබ කොච්චර මිල අධික පර්ෆියුම් වර්ගයක් භාවිත කළත් වැඩක් වෙන්නේ නෑ ඔබ පර්ෆියුම් එක භාවිත කරන හරි විදිහ දැන ගත්තෙ නැති වුණොත්.

පර්ෆියුම් එකේ සුවඳවත් බව රැකගන්න

ඔයා එදිනෙදා භාවිත කරන පර්ෆියුම් එකේ සුවඳ රැක ගන්න පර්ෆියුම් එක ගබඩා කරන ස්ථානයත් බලපානවා. ඔබ සාමාන්‍යයෙන් පර්ෆියුම් එකක් උණුසුම් ස්ථානවල ගබඩා කළොත් වැඩිකල් යන්න කලින් එහි සුවඳ අඩු වෙලා යනවා. තාපය හොඳින් තියෙන නාන කාමරය වැනි ස්ථානයක පර්ෆියුම් එකක් තියලා තියන්න එපා. ඔයාගේ පර්ෆියුම් එකේ සුවඳ රැකගන්න නම් ආලෝකය අඩුවෙන් ලැබෙන සිසිල් ස්ථානයක තියලා තියන්න ඕනෙ. සමාන්‍යයෙන් ඕනෑම පර්ෆියුම් එකක ඇසුරුමක් තියෙනවානේ. මේ ඇසුරුම තුළ පර්ෆියුම් එක තියලා තියන්න. එතකොට පර්ෆියුම් එකේ සුවඳවත් බව දිගුකල් පවතිවි.

පර්ෆියුම් ගල්වා ක්‍රීම් ආලේප කරන්න එපා

පර්ෆියුම් එකේ සුවඳ වැඩි කාලයක් තියාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මෙය. පර්ෆියුම් එකක් ක්‍රීම් එකක් ආලේප කරන්න කලින් ස්ප්‍රේ කරන්න එපා. පළමුව පිරිසිදු කළ සිරුරේ ඔබ ආලේප කරන ක්‍රීම් වර්ගය ආලේප කරන්න. පසුව පර්ෆියුම් එක ස්ප්‍රේ කරන්න. ඔබට තියෙන්නේ වියළි සමක් නම් අලේප කරන ක්‍රීම් එකෙන් ඔයාගේ සමේ තෙතමනය ආරක්ෂා වෙනවා වගේම සුවඳවත් බව වැඩි වේලාවක් රැඳිලා තියෙනවා තෙතමනය නිසා.

ඇඳුම් අඳින්න කලින් පර්ෆියුම් එක ස්ප්‍රේ කරන්න

ගොඩක් දෙනෙක් පර්ෆියුම් එක ගැල්වීම සිදු කරන්නේ ඇඳුම් සියල්ලම ඇන්දට පසුව. ඔයා නිවසින් බැහැර වෙන්න කලින් ඔයාගේ ඇඳුමට පර්ෆියුම් එක ස්ප්‍රේ කර ගන්නවා. එතකොට ඇඳුම්වල පර්ෆියුම් පැල්ලම් විදිහට තමයි පෙනෙන්නෙ. ඉතිං මේ විදිහට පර්ෆියුම් ගැල්වුවාම පුංචි වේලාවක් තමයි පර්ෆියුම් එකේ සුවඳ රැඳිලා තියෙන්නෙ. ඒ නිසා ඔයා ඇඳුම් අඳින්න කලින් පර්ෆියුම් එක ස්ප්‍රේ කරන්න.

පර්ෆියුම් ස්ප්‍රේ කරන හරිම තැන දැනගන්න

මුලින් කිව්වා වගේ පර්ෆියුම් එකේ සුවඳ දවස පුරාම තියාගන්න පර්ෆියුම් එකේ සුවඳ විතරක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. පර්ෆියුම් එක ඔයාගේ සිරුරට ගල්වන විදිහත් දවස පුරාම සුවඳ තියාගන්න උපාකාරී වෙනවා. ගොඩක් දෙනෙක් පර්ෆියුම් එක ගැල්වීම සිදු කරන්නේ කිහිලි යට.

මේ විදිහට පර්ෆියුම් ගැල්වුවොත් කවදාවත් ඔයාගේ පර්ෆියුම් එකෙ සුවඳ වැඩි කාලයක් තියාගන්න වෙන්නෙ නැහැ. දහඩිය දුඟද එක්ක පර්ෆියුම් එක මිශ්‍ර වුණාම දුර්ගන්ධයක් තමයි ඇති වෙන්නෙ. පර්ෆියුම් එකේ සුවඳ දවස පුරාම තියාගන්න නම් මේ කියන ස්ථානවලට පර්ෆියුම් එක ස්ප්‍රේ කරන්න වෙනවා.ඔයාගේ බෙල්ලට සහ කන්වල පිටුපස, අත් දෙකේ වැලිමිටට සහ මැණික් කටුවට, පපුවට මදක් පහළින් සහ උදරයට මදක් ඉහළින්, දණහිසට, වළලුකරට සහ වළලුකරට මඳක් ඉහළින්.

පුළුල්ව පැතිරි ගිය ආලෝකයදී පර්ෆියුම් ස්ප්‍රේ කරන්න එපා

පර්ෆියුම් එකේ සුවඳ ආරක්ෂා කර ගන්න පුළුවන් තවත් විදිහක් තමයි මේ ඔයාට කියලා දෙන්නෙ. ඔබ දන්නවානේ පර්ෆියුම් එකක මූඩියක් ඇරලා තිබුණොත් එය ඉක්මනින් වාෂ්ප වෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා තමයි ආලෝකය අඩු, අඩු වාතාශ්‍රයක් ලැබෙන තැනක ඉඳලා පර්ෆියුම් එක ස්ප්‍රේ කරන්න කියලා. එහෙම නැති වුණොත් ඔයා පර්ෆියුම් එක ස්ප්‍රේ කරපු ගමන් වියළි බවට පත් වෙලාල සුවඳ අඩු වෙලා යන්න තියෙන ඉඩකඩ වැඩියි.

පර්ෆියුම් එකකින් ඔයාගේ නිදන කාමරය සුවඳවත් කර ගන්න

සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් පර්ෆියුම් එකක් නිවසෙන් එළියට යනකොට තමයි භාවිත කරන්නෙ. ඒත් ඔයා දවසින් වැඩි කාලයක් ගත කරන තැන තමයි නිවස. පුංචි සුවඳකින් ඔබ නිවස ඇතුළේ ගත කරන සෑම මොහොතක්ම සුන්දර කර ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයක්. ඔයාගේ ගෙදර තියෙන කොට්ටවලට පර්ෆියුම් ටිකක් ස්ප්‍රේ කරලා තියන්න. එයින් සුවඳවත් බවක් එකතු කර ගන්න පුළුවන්.

කොට්න් බට්න් කිහිපයක පර්ෆියුම් ගල්වන්න

මේ කියන්න යන දෙයත් ඔයාගේ පර්ෆියුම් එකේ සුවඳවත් බව දවස පුරාම රදා පවත්වා ගන්න බෙහෙවින් උපකාරී වෙනවා. ඔයාගේ ඇඳුම් අල්මාරියේ ඇඳුම් අතර කොට්න් බට්න් කිහිපයක පර්ෆියුම් ගල්වා ඇඳුම් අතරින් තියලා තියන්න. මේ ක්‍රමයෙන් ඔයා එදිනෙදා අඳින පළඳින ඇඳුම්වල සුවඳවත් බවක් එකතු වෙනවා.

පරණ ඇඳුම්වලට පර්ෆියුම් ස්ප්‍රේ කරන්න එපා

ඔබ පර්ෆියුම් එකක් භාවිත කරන කෙනෙක් නම් මේ විදිහේ දෙයක් කවදාවත් කරන්න එපා. ගොඩක් වේලාවට පරණ ඇඳුම්වල දහඩිය දුගඳ අඩු කර ගන්න කියලා හිතාගෙන එදිනෙදා ඇඳලා පිරිසිදු නොකරපු ඇඳුම්වලට පර්ෆියුම් ස්ප්‍රේ කරනවා. මෙයින් ඇති වෙන්නේ සුවඳවත් බවක් නෙමෙයි. මොකද මේ ඇඳුම්වල කුණු දුහුවිලි හා දහඩිය අඩුවක් නැතුව තියෙනවා. ඒවා පර්ෆියුම් එක්ක මිශ්‍ර වුණාම දුර්ගන්ධයක් තමයි ඔබෙන් වහනය වෙන්නේ.

(අන්තර්ජාලය ඇසුරෙන් )

අර්චිත ඉඳුවර





 

TAGGED: dress, perfume, smell, spray
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ළඟ එන පාටිවලට ඉවෙන්ට්ස්වලට Colourful Eyelashes

November 27, 2023

එලිගන්ට් විදිහට අදින්න කැමති කාන්තාවන්ට විතරයි

November 27, 2023

කටේ ගද නිසා හකුල ගන්නා ප්‍රසන්න සිනහව

November 20, 2023

කැත බඩ අඩුකරන චියා ඇට

November 13, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?