නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: කැත බඩ අඩුකරන චියා ඇට
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
හැඩ වැ​ඩ

කැත බඩ අඩුකරන චියා ඇට

Published November 13, 2023

මේ දවස්වල හැමෝම වගේ වැඩිපුර හොයන දෙයක් තමයි චියා ඇට. ඒත් සමහර අය තාමත් හරියට දන්නෙ නෑ චියා ඇට කියන්නේ මොනවද කියල. සමහරු කස කසා ඇට කියන්නේ චියා ඇටවලට කියල හිතාගෙන ඉන්නවා. ඒත් කස කසා ඇට සහ චියා ඇට කියන්නේ වර්ග දෙකක්. කස කසා ඇට තද කලු පැහැයෙන් යුක්තයි වගේම චියා ඇට ඊට වඩා ලා පැහැයෙන් යුක්තයි.

චියා ඇට කියන්නෙ මධ්‍යම සහ දකුණු මෙක්සිකෝවට ආවේණික වූ මින්ට් පවුලට අයත් ශාකයක හටගන්න බීජ වර්ගයක්. මේවා හොඳින් ජලය අවශෝෂණය කරගන්නව වගේම හොඳින් වතුරේ පෙඟුණු පසු ඒවායේ බර මෙන් 12 ගුණයක් දක්වා ද්‍රවයක් අවශෝෂණය කර ගන්නවා. ඒ නිසාමයි ගොඩක් අය කස කසා ඇට සහ චියා ඇට පටලගන්නෙ. පූර්ව කොලොම්බියානු යුගයේ ඇස්ටෙක්වරුන් විසින් චියා බෝගය බහුලව වගා කළ බවටත් චියා ඇට ඔවුන්ගේ ප්‍රධාන ආහාරයක් වූ බවටත් සාක්ෂි තියෙනවා.

මේ චියා ඇටවල ඔමේගා 3, තන්තු, මේද අම්ල, සින්ක්, විටමින් B 1,2,3 වගේම කාබෝහයිඩ්‍රේට් බහුලව අඩංගු වෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය ඛනිජ සහ ප්‍රතිඔක්සිකාරක වලිනුත් බහුලයි. චියා ඇට මේස හැඳි 2 ක ප්‍රෝටීන් බහුලව අඩංගුයි. මේ ප්‍රෝටීන් අස්ථි, සම, මාංශ පේශීන්, කාටිලේජ හා පටක වර්ධනයට ලොකු සහයෝගයක් දෙනවා.

තමන්ගේ ශරීරයේ අධික බර නිසා හිතේ පීඩාවෙන් ඉන්න අයට හොඳම ප්‍රතිඵල දෙන දෙයක් විදිහටත් චියා ඇට හඳුන්වන්න පුළුවන්. ශරීර බර අඩු කර ගැනීමේදී ආහාර සඳහා ඇතිවන රුචිකත්වය පාලනය කරගන්න පුළුවන් නම් එය ඉතාම වැදගත් කාරණයක්. ඒ නිසා ශරීර බර අඩු කරගන්න බලාපොරොත්තු වන ඔබ ඔබගේ ආහාරයට වැඩිපුර ප්‍රෝටීන් එකතු කර ගැනීමට චියා ඇට ටිකක් එකතු කරගන්න.

එහි අඩංගු ශාකමය ද්‍රව්‍ය වල අන්තර්ගත වන ප්‍රෝටීන පිළිබඳව සලකා බලද්දී චියාවල තරමක් වැඩි ප්‍රෝටීන ප්‍රමාණයක් අඩංගු වෙනවා. මේ ප්‍රෝටීනවලින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ශරීරයට ඇමයිනෝ ඇසිඩ් සපයා ගැනීම.ඒ වගේම චියා ඇට ආහාරයට ගැනීමෙන් කුසගින්න ඇතිවීම අවම කරගන්නත් ඔයාට පුළුවන්. ඒ සඳහා බලපාන්නේ මෙහි අඩංගු වන කාබෝහයිඩ්‍රේට්. ඒ වගේම තන්තු බහුල ආහාරයක් නිසා ආහාර මාර්ග පද්ධතිය තුළ මේද කොටස් අවශෝෂණය කර රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීමත් අවම කරනවා.

ඇමයිනෝ ඇසිඩ් වැඩි ප්‍රමාණයක් චියා ඇට වල අන්තර්ගත නිසා ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලියට ඉතා වැදගත් සංඝටක සැපයීමේ හැකියාවක් මේවට තියෙනවා. ඊළඟ වැදගත් සංඝටකය තමයි මේදය. අපේ ශරීරයේ හිතකර මේදය වගේම අහිතකර මේදයත් තියෙනවා. ඒ නිසා තෝරා බේරාගෙන ආහාර ලබා ගැනීම වඩාත් වැදගත් වෙනවා. චියා ඇටවල අඩංගු මේද අන්තර්ගතය ගැන බලද්දි චියා ඇට ග්‍රෑම් 28 ක මේදය ග්‍රෑම් 9 ක් පවතිනවා.

පර්යේෂණාත්මකව හඳුනාගෙන තියෙන විදිහට ඔමේගා 3 පැටි ඇසිඩ් බහුලව අන්තර්ගත වන ආහාරයක් තමයි චියා ඇට කියන්නේ. මේ දේවල් වලදී වැදගත්ම දේ EPA (Elcosa Pentaenoic Acid), DHA (Docosahexaenoic acid),ALA (Alpha-Lipoic acid).මේ අතරිනුත් වැදගත්ම EPA සහ ALA.ඒ අපේ ශරීරයට වඩාත්ම වැදගත් ඔමේගා-3 ෆැටි ඇසිඩ් ආකාර.ඔබට චියා ඇට දිනපතා ආහාරයට එකතු කර ගන්න විදි කිහිපයක් තියෙනවා. මේකෙන් ලේසිම පහසුම ක්‍රමේ දිනපතා බොන වතුර එකට චියා ඇට ටිකක් එකතු කරගන්න.

එතකොට අමුතුවෙන් ඒවා ආහාරයට ගන්න උවමනාවක් නෑ. එහෙමත් නැත්නම් හරිත තේ (Green tea ) එකකට චියා ඇට එකතු කරලා පානය කරන්නත් පුළුවන්. සාමාන්‍ය විදිහට උණුවතුරට ග්‍රීන් ටී බෑග් එකක් දාල විනාඩි හතරක් විතර ගියාට පස්සෙ චියා ඇට මේස හැන්දක් දාලා හොඳින් කලවම් කරන්න. සාමාන්‍යයෙන් ග්‍රීන් ටී ටිකක් කහට රසයකින් යුතු නිසා ඔබට එය මගහරවාගන්න මී පැණි ස්වල්පයක් එකතු කරගන්න පුළුවන්. දවසට එක් වතාවක් මෙය පානය කළොත් ඔබට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්.

මේක ඇත්තටම කෑමට පෙර වුණත් පානය සුදුසුයි. මොකද මුලින් සඳහන් කළා වගේ කාබෝහයිඩ්‍රේට් නිසා බඩගින්න දැනෙන එක අවම වන නිසා.ඉතින් අඩු කැලරි ප්‍රමාණයකින් වැඩි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලැබෙන නිසා චියා කියන්නෙ ඔබගේ අනවශ්‍ය බර අඩු කරගෙන, ඉදිරියට නෙරා ආ බඩ අඩුකරගෙන සිහින් හැඩැති සිරුරක් ලබාගන්න පුළුවන් හොඳම විසඳුමක්.

පෝෂණ විශේෂඥ
හිරෝෂන් ජයරංග
වයඹ විශ්වවිද්‍යාලය

එරංදි කෞශල්‍යා

 

TAGGED: Chia seeds, health, lose weight, vitamin, ප්‍රෝටීන
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy2
Sleepy0
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔබටත් නොදැනුවත්වම නින්දෙන් මුත්‍රා පිටවෙනවාද

December 4, 2023

ළඟ එන පාටිවලට ඉවෙන්ට්ස්වලට Colourful Eyelashes

November 27, 2023

එලිගන්ට් විදිහට අදින්න කැමති කාන්තාවන්ට විතරයි

November 27, 2023

ආතරයිටිස් හොද කරගන්න මේවා නොකර ඉන්න

November 27, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?