නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: කැත වුණු ඇස් යට ලස්සන කරන ක්‍රමය
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
හැඩ වැ​ඩ

කැත වුණු ඇස් යට ලස්සන කරන ක්‍රමය

Published August 4, 2023

අපි ලෝකෙ දකින්නෙ ඇස් වලින්. ඒ නිසා ශරීරයේ වැදගත්ම කොටස වෙන්නෙ ඇස් දෙක. අපි කතාවටත් කියනවනෙ යම්කිසි දේකට ‘ඇහැක් වගේ පරිස්සම් කරගන්න’ කියල. ඉතින් ඇස් වල මොකක්හරි ගැටලුවක් මතුවුණොත් අපි ඒකට විසඳුම හරිම පරිස්සමෙන් හොයාගන්න ඕන. අද බියුටි පිටුවෙන් අපි කතා කරන්නෙ ඇස් වටා ඇති වෙන Dark Circles ඉවත් කරගන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමයක් ගැනයි.

Dark Circles ඇති වෙන්න පුළුවන් ක්‍රම

ටිකින් ටික වයසට යද්දි ඔබේ ඇස් යට කළු වීම වඩාත් පොදු ලක්ෂණයක්. ඔබේ සමේ ප්‍රත්‍යාස්ථතාව පවත්වා ගැනීමට උපකාරී වන මේදය සහ කොලජන් අඩු වීමත් ඇස් යට කළු වීමට හේතුවක් විය හැකියි. මෙය සිදු වනවිට ඔබේ සමට යටින් ඇති අඳුරු රුධිර වාහිනී වඩාත් දෘශ්‍යමාන වන අතර ඔබේ ඇස් යට ප්‍රදේශය අඳුරු වෙනව. නමුත් ඩාක් සර්කල් ඇති වෙන්න ප්‍රධානම හේතුව ඇස් වටා ප්‍රදේශ වල කොලජන් අඩු වීම වුණත් සාමාන්‍යයෙන් අවුරුදු 25 පහුවෙනකොට ඇස් වටා අඳුරු පැහැ ගැන්වීම සාමාන්‍ය ස්වභාවයක්. මීට අමතරව ප්‍රමාණවත් තරමේ නින්දක් නොලැබීම, මානසික ආතතිය, ආහාර රටාවේ වෙනස්කම්, හිරු එළියට සම නිරාවරණය වීම වැනි කරුණුත් ඩාක් සර්කල්ස් ඇති වෙන්න හේතු වෙනවා.

ට්‍රීට්මන්ට් එක වෙන්නෙ මෙහෙමයි

මුලින්ම ඇස් වටා ප්‍රදේශය මෘදුව සම්බාහනය කළ යුතුයි. එයින් ඇස් වටා රුධිර සංසරණය වේගවත්ව සිදුවෙනවා. ඉන්පසු මයික්‍රොඩර්මබ්‍රේෂන් ප්‍රතිකාරය සිදුකරනවා. මේ ප්‍රතිකාර ක්‍රමය ගැන මීට පෙර ලිපියකින් අපි කතා කළා. මයික්‍රොඩර්මබ්‍රේෂන් එකෙන් වෙන්නෙ ඇස් වටා ඇති මැරුණු සම හොඳින් ඉවත් කරන එක. දෙවන අවස්ථාවේදී සිදුකරන්නෙ රේඩියෝෆ්‍රීකුවන්සි ප්‍රතිකාරය. මේ ප්‍රතිකාරයෙන් ඇස් වටා ප්‍රදේශයට නව කොලජන් තන්තු නිෂ්පාදනයට අවශ්‍ය උත්තේජනයක් ලැබෙනවා. අන්තිම පියවර විදිහට ඇස් යට ප්‍රදේශයට ඇල්ගී මාස්ක් එකක් සහ Hyaluronic acid සහ Retinol අඩංගු මාස්ක් එකක් දමා විනාඩි කිහිපයක් තිබෙන්නට හරිනවා.

ඩාක් සර්කල් නිසා පෙනීම නැතිකරගන්න එපා

අපේ ශරීරයේ තියෙන සංවේදීම ස්ථානයක් තමයි ඇස් ප්‍රදේශය කියන්නෙ. ඒ නිසා ඇස් ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇත්නම් අපිට ඒ ගැන සිය වතාවක්වත් හිතන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඩාක් සර්කල් ගැටලුවක් තියෙනවනම් හිතුමනාපෙට ප්‍රතිකාර කරගන්න ගිහින් පෙනීම නැති කරගන්නෙ නැතිව පළපුරුදු රූපලාවන්‍ය ශිල්පියෙක්ගෙන් මෙම සත්කාරය සිදුකරගැනීම ඉතා වැදගත්.

වයස් කාණ්ඩය

අවුරුදු 25 ට වැඩි ඕනම කෙනෙක්ට ගෑනු පිරිමි බේදයකින් තොරව මේ සත්කාරය කරගන්න පුළුවන්. මසකට එක් වාරය බැගින් මාස හතක් පමණ මෙම සත්කාරය සිදුකිරීමෙන් ඔබට ඩාක් සර්කල් ඉවත් කරගත හැකියි.

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී
මාලිංග ප්‍රනාන්දු
(Skin Care with Malyinga)

එරංදි කෞශල්‍යා

TAGGED: Dark Circles, under eye, ඇස් යට
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

හයිය නිය පෙළත් වාසනාවක්

September 18, 2023

බියුටි වැඩ කොලිටි කරන බියුටි අයිටම්ස්

September 11, 2023

ඔළු කට්ට සිසිල් කරගන්න නෙළුම් තෙල් ගාලා බලන්න

September 4, 2023

ලස්සන වෙන්න මල් තේ බොමුද

August 28, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?