නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: මැරුණු සම අයින් කරන ඩර්මාප්ලෑනින්
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
හැඩ වැ​ඩ

මැරුණු සම අයින් කරන ඩර්මාප්ලෑනින්

Published February 27, 2023

සියලු දේ අනිත්‍ය ලෝකෙ රුව කියන්නෙත් දිනෙන් දිනම වියැකෙන දෙයක්. ඒත් ඒ වියැකීම ටික කාලෙකට හරි පාලනය කරගන්න පුළුවන් නම් කවුරුත් කැමතියි. තාවකාලික රූපෙට බොරු ආටෝප මොකටද කියල ඇතැම් වැඩිහිටියන් කිව්වත් රුව රැකගන්න රූපලාවන්‍ය සත්කාර තියෙද්දි ඒ ගැන නොසලකා ඉන්න එක අපරාදයක් කියලයි මටනම් හිතෙන්නෙ. දවසින් දවස අතු විහිදමින් ව්‍යාප්ත වන මේ රූපලාවන්‍ය ලෝකෙ ඩර්මාප්ලෑනින් කියන්නෙ තවත් එක සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්.

■ මොකද්ද මේ ඩර්මාප්ලෑනින් කියන්නේ?

ඩර්මාප්ලෑනින් කියන්නෙ සමේ මැරුණු ස්ථරය ඉවත් කිරීමේ ක්‍රියාවලියක් වගේම ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කරගන්නට යොදාගන්න සාර්ථක රූපලාවන්‍ය සත්කාරයක්. එය කුරුලෑ, ලප කැලැල් සහ තුවාල හේතුවෙන් සමේ ඇති වුණු සිදුරු වසාගැනීමට උදව් වෙනව. මෙය සිදුකරන්නෙ ඩර්මාටෝමා යන උපකරණය මගින. මේක Surgical Blade  එකක්. මෙම ක්‍රියාවලිය “පීච් ෆස්” ලෙසින් හැඳින්වෙනව.

■ අනවශ්‍ය රෝම ඉවත් කරගන්න

ඇතැම් අය සිරුරේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කරගන්නත් ඩර්මාප්ලෑන් කරනවා. මෙමගින් කිසිදු වේදනාවකින් තොරව අනවශ්‍ය රෝම ඉවත් කරගත හැකියි. මෙය ඒ සඳහා සාර්ථකම ක්‍රමයක්.

■ අනවශ්‍ය රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි

මුලින්ම මුහුණ හොඳින් ක්ලෙන්සර් සහ ටෝනර් කර ටෝනර් එක වියලුණු පසු ඇලෝ ජෙල් එකක් මුහුණේ ආලේප කර මුහුණේ උඩ සිට පහළට සියුම්ව ඩර්මැටෝමා එක ආධාරයෙන් රෝම ඉවත් කරගත හැකියි. රෝම ඉවත් කිරීමෙන් පසුව නැවතත් මුහුණ Hyaluronic Serum එක ගල්වා සමෙහි තෙතමනය වැඩිදියුණු කිරීමට ඇල්ගී, කෝමාරිකා මිශ්‍ර Face Mask එකක් දැමීම කළ යුතුයි.

■ අවුරුද්දකට තුන් වතාවක්වත්

අවුරුද්දකට තුන් වතාවක් හෝ මාස තුනෙන් තුනට ඩර්මාප්ලෑන් එකක් කළොත් දිදුලන නිකැළැල් සමක් ඔබට ලබාගත හැකියි.

■ ඩර්මප්ලෑන් කිරීමට පෙර

ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකු, චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකු හෝ අත්දැකීම් බහුල රූපලාවන්‍ය ශිල්පියෙකු මගින් ඩර්මැප්ලේන් සිදු කරගත හැකියි. මෙම ක්‍රියාවලිය සිදුකිරීමට ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කර ගැනීම සඳහා ඔබේ සම පරීක්ෂා කරගත යුතුයි. ඒ වගේම ඩර්මැප්ලෑන් කිරීමට පෙර ඔබ අපේක්ෂා කරන දෙය රූපලාවන්‍ය ශිල්පියාට පැහැදිලිව කිව යුතුයි.

■ සතියකට පසු

එකිනෙකාගේ සමේ ස්වභාවය අනුව සුවවීමේ කාලය වෙනස් වෙනව. සතියකට පසු සමේ ඇති වූ රතු පැහැය සහ ඉදිමීම අඩු වෙනවා. සමේ විශාල වූ සිදුරු හෝ කුඩා සුදු ලප ඔබට දැකිය හැකි නමුත් එය ඉදිමීමත් සමඟ පහව යයි. ප්‍රතිකාර කළ ප්‍රදේශයේ රැවුල බෑම සිදු නොකළ යුතුයි.සති 2 කට පසු ප්‍රතිකාර කළ ප්‍රදේශයේ යටි සම තද සහ රෝස පැහැයක් ගන්නට පුළුවන්. නමුත් එය සාමාන්‍ය තත්ත්වයක්. වෙහෙසකර ක්‍රියාකාරකම් වලින් වැළකී සිටිය යුතුයි. සති 4-6 කට පසු ක්‍රමයෙන් ක්‍රීඩා කිරීමට හෝ වෙනත් ක්‍රියාකාරකම් වල යෙදිය හැකියි.

■ හිරු එළිය අවදානම්

ප්‍රතිකාර කළ ප්‍රදේශය ඔබේ සාමාන්‍ය සමේ වර්ණයට පැමිණීමට මාස 6 – 12  අතර කාලයක් ගතවෙනව. එතෙක් සම හිරු එළියෙන් ආරක්ෂා කරගත යුතුයි. ඩර්මාප්ලෑන් එක අවසානයේ මොයිස්චර් එකක් හෝ Sun Block එකක් ගැල්වීම සුදුසුයි. එමෙන්ම සති කිහිපයක් දුම් පානය නොකිරීමෙන් ඔබ සත්කාර කළ සම ඉක්මනින් සුව කරගත හැකියි.

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී
මාලිංග ප්‍රනාන්දු
(Skin Care with Malyinga)

■ එරංදි කෞශල්‍යා

TAGGED: Dermaplaning, Removal of dead skin, ඩර්මාප්ලෑනින්, මැරුණු සම අයින් කිරීම
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

හයිය නිය පෙළත් වාසනාවක්

September 18, 2023

බියුටි වැඩ කොලිටි කරන බියුටි අයිටම්ස්

September 11, 2023

ඔළු කට්ට සිසිල් කරගන්න නෙළුම් තෙල් ගාලා බලන්න

September 4, 2023

ලස්සන වෙන්න මල් තේ බොමුද

August 28, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?