නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: Glass Skin පෙනුමට බොඩි ස්ක්‍රබ්
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
හැඩ වැ​ඩ

Glass Skin පෙනුමට බොඩි ස්ක්‍රබ්

Published March 13, 2023

ස්ක්‍රබ් එකක් කියන්නෙ සමේ ඇති මැරුණු සෛල ඉවත් කර සම පිරිසිදු කරගන්න භාවිත කරන රූපලාවන්‍ය සත්කාර අතර තිබෙන වැදගත්ම ක්‍රමයක්. Body Scrub වගේම Face Scrub තියෙනව. සාමාන්‍යයෙන් වර්තමාන වෙළෙඳපොළේ ස්ක්‍රබ් වර්ග මිළ අධිකයි. ඒ වගේම බොහෝ නිෂ්පාදන වල රසායනික ද්‍රව්‍ය අඩංගුයි. ඒ නිසා අද බියුටි පිටුවෙන් කියල දෙන්නෙ ප්‍රංශයේ ප්‍රධාන සඟරාවක් වන Marie Claire මගින් ලොව ප්‍රධාන පෙළේ රූපලාවන්‍ය හා චර්ම රෝග විශේෂඥයින් කිහිපදෙනෙකුගේ දැනුමින් ලබාගත් ස්ක්‍රබ් වට්ටෝරු කිහිපයක් ගැනයි.

■ කෝපි සහ මී පැණි ෆේස් ස්ක්‍රබ්

හොඳම බොඩි ස්ක්‍රබ්ස් කෝපි සහ මී පැණි වලින් සාදා ඇති බව අප පිළිගත යුතුයි. කෝපි වල අඩංගු කැෆේන් මගින් මුහුණේ සම මත රුධිර සංසරණය වේගවත් කර සමට දීප්තියක් ලබාදෙනවා.

■ සාදාගන්නා ආකාරය

කෝපි කුඩු තේ හැඳි 4 ක්, මී පැණි තේ හැඳි 5 ක් සහ ඔලිව් ඔයිල් තේ හැඳි 5 ක් භාජනයකට දමා හොඳින් මිශ්‍ර කර තෙත සම මත ආලේප කරන්න. මිනිත්තුවක් පමණ මෘදුව සම්භාහනය කර උණුසුම් ජලයෙන් සෝදා හැර වියලි තුවායකින් පිසදාගන්න.

■ රෝස පෙති බොඩි ස්ක්‍රබ්

රෝස මල් වලින් සමට ප්‍රතිලාභ සිය ගණනක් ලබාදෙනව. ඒ වගේම ස්ක්‍රබ් එකට හොඳ සුවඳකුත් ලැබෙනව. සෝරියාසිස් සහ දද වැනි සමේ රෝග සඳහා රෝස කියන්නෙ හොඳ ප්‍රතිකාරයක්.

■ සාදාගන්නා ආකාරය

රෝස තෙල් මේස හැන්දක් සමග නැවුම් රෝස පෙති කුඩා භාජනයකට දමා පොඩි කරගන්න. පසුව ඊට කුඩු කරගත් සීනි කෝප්පයක් සහ ජොජෝබා තෙල් කෝප්ප ¼ ක් ද මිශ්‍ර කර සිරුරේ ගල්වා මිනිත්තු කිහිපයක් තිබෙන්නට හැර සාමාන්‍ය ජලයෙන් සෝදාහරින්න.

■ කහ මිශ්‍ර විටමින් E ස්ක්‍රබ්

කහ කියන්නෙ ඕනෑම ස්ක්‍රබ් එකකට හෝ ෆේස් මාස්ක් එකකට බය නැතිව භාවිත කරන්න පුළුවන් විශ්මයජනක අමුද්‍රව්‍යයක්. කහ වලින් නිෂ්පාදනය කරගත හැකි මේ ස්ක්‍රබ් එක භාවිත කළොත් සමට ස්වභාවික දීප්තියක් ලබාදෙන අතර අවසානයේ සමට ඉතා මෘදු බවක් ලැබෙනවා.

■ සාදාගන්නා ආකාරය

කහ තේ හැඳි 2 ක්, සීනි කෝප්පයක්, පොල් තෙල් කෝප්ප ¼ ක් හා විටමින් E  කරල් දෙකක තෙල් භාජනයකට දමා හොඳින් මිශ්‍ර කර තෙත සම මත ආලේප කර වක්‍රාකාරව සම්භාහනය කරන්න. විනාඩි කිහිපයක් තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හැර වියලි තුවායකින් පිසදාගන්න.

( Marie Claire සඟරාව ඇසුරින් )

එරංදි කෞශල්‍යා

TAGGED: Body Scrub, බොඩි ස්ක්‍රබ්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

කුරුලෑ නසන දේශීය ප්‍රතිකාර

September 25, 2023

හයිය නිය පෙළත් වාසනාවක්

September 18, 2023

බියුටි වැඩ කොලිටි කරන බියුටි අයිටම්ස්

September 11, 2023

ඔළු කට්ට සිසිල් කරගන්න නෙළුම් තෙල් ගාලා බලන්න

September 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?