නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: Makeup Brushes වලින්පවා බැක්ටීරියා ආසාදන ඇතිවෙන්න පුළුවන්
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
හැඩ වැ​ඩ

Makeup Brushes වලින්පවා බැක්ටීරියා ආසාදන ඇතිවෙන්න පුළුවන්

Published April 10, 2023

පාවිච්චියට පෙර හරියට පිරිසිදු කරන්න

● විනාඩි විස්සකට වඩා වතුරෙ තියන්න එපා

කාන්තාවන් දිනපතාම භාවිත කරන දෙයක් තමයි මේක්අප් බ්‍රෂ් කියන්නේ. නමුත් මේක්අප් සම්බන්ධ සමහර වැදගත් කාරණා බොහෝ කාන්තාවන් නොසලකා හරිනවා. ඒ වගේ නොසලකා හරින වැදගත්ම කරුණක් තමයි මේක්අප් බ්‍රෂ් පිරිසිදු කළ යුතු බව. තමන් දිනපතා භාවිත කරන අධික මිලෙන් යුතු මේකප් බ්‍රෂ් හොඳින් පිරිසිදු කිරීමත් ඉතා වැදගත්. මේක්අප් බොක්ස් එකක් ඇතුළේ තියෙන විවිධ වර්ගයේ පුංචි පුංචි මේකප් බ්‍රෂ් පිරිසිදු කරන එක වදයක් කියල ඔබට හිතෙන්න පුළුවන්. නමුත් එය ඉතා වැදගත් වෙන්නෙ ඇයි කියලා සහ මේ දේවල් නිසි පරිදි පිරිසිදු කරගන්න විදිහ බලන්න මේ ලිපිය කියවන්න.

● Makeup Brushers පිරිසිදු කරන්න ඕනෙ ඇයි ?

පිරිසිදු මේකප් බුරුසු භාවිතය සමේ සෞඛ්‍යයට ඉතා වැදගත්. සමේ ඇති වන බැක්ටීරියා ආසාදනවලින් වැළකෙන්නට පිරිසිදු මේක්අප් බුරුසු ප්‍රයෝජනවත්. බොහෝදෙනා රෝස් පවුඩර්, හයිලයිටර්ස් මේ හැමදේටම භාවිත කරන්නෙ එකම බ්‍රෂ් එක. පිරිසිදු නොකර දිනපතාම මෙහෙම භාවිත කරද්දි ඒවා බැක්ටීරියා නිෂ්පාදනයට හොඳ තෝතැන්නක්.අපිරිසිදු මේක්අප් බ්‍රෂ් භාවිතයෙන් ඇතිවිය හැකි තවත් ආසාදනයක් තමයි කුරුලෑ කියන්නේ.

● දිනපතාම පිරිසිදු කිරීම අනවශ්‍යයි

අවම වශයෙන් සති දෙකකට වතාවක්වත් මේකප් බ්‍රෂ් සේදිය යුතුයි. එමගින් බ්‍රෂ් වල රැඳිලා තියෙන පවුඩර් වර්ග ඉවත් වී එමගින් සෑදී ඇති බැක්ටීරියා විනාශ වෙනවා.

● සෝදන්න අකමැතිනම්…

ඔබට මේවා සේදීම කළ නොහැකිනම් අවම වශයෙන් ඇල්කොහොල් මිශ්‍රිත ද්‍රාවණයක් බුරුසු මත ඉසීම කළ යුතුයි. මෙයද සති දෙකකට වතාවක් කිරීම ප්‍රමාණවත්.

● තදින් පවුඩර් තැන්පත් වී ඇති බ්‍රෂ්

කාලයක් පුරා මේක්අප් තට්ටු තැන්පත් වී අපිරිසිදු වුණ බ්‍රෂ් පිරිසිදු කරගන්නනම් උණුවතුර වීදුරුවකට ළදරු ෂැම්පු ටිකක් දාලා හොඳින් මිශ්‍ර කර එයට බ්‍රෂ් ටික දාලා විනාඩි 20 ක් තැබිය යුතුයි. විනාඩි දහයකට පමණ පසු ඇඟිලි තුඩු මගින් බ්‍රෂ්වල කෙඳි සෙමෙන් මසාජ් කරන්න. නමුත් විනාඩි 20 කට වඩා තබාගැනීමෙන් බ්‍රෂ් එකේ උඩ කොටසට වතුර කාන්දු වී මැලියම් දිය වීමෙන් බ්‍රෂ් එක විනාශ වෙන්න පුළුවන්. බ්‍රෂ් එකේ Handle එකත් සේදීම වැදගත්. සේදුව පසුව හොඳින් වියැළුණු තුවායක් ගෙන බ්‍රෂ් සියල්ල ඒ මත අතුරා වතුර අවශෝෂණය වනතෙක් තබන්න. සාමාන්‍යයෙන් සේදුව බ්‍රෂ් හොඳින් වියැළෙන්නට පැය 15 ක් පමණ ගතවෙනවා.

● මැලියම් කොටස ආරක්ෂා කරගැනීමට…

ඔබට හැකිනම් බ්‍රෂ් එකේ මැලියම් කොටස ආරක්ෂා කරගන්න බුරුසු හිස උඩු යටිකුරු කර වියළාගත හැකියි. මේ සඳහා බුරුසු රඳවනයක් භාවිත කළ හැකියි. ඒ වගේම මේක්අප් බ්‍රෂ් පිරිසිදු කරගත හැකි ඩිවයිසස් පවා වෙළෙඳපොළේ මිලදී ගන්න තියෙනවා.

( shinesheets.com ඇසුරින් )

එරංදි කෞශල්‍යා

TAGGED: Makeup Brushes, මේක්අප් බ්‍රෂ්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

කුරුලෑ නසන දේශීය ප්‍රතිකාර

September 25, 2023

හයිය නිය පෙළත් වාසනාවක්

September 18, 2023

බියුටි වැඩ කොලිටි කරන බියුටි අයිටම්ස්

September 11, 2023

ඔළු කට්ට සිසිල් කරගන්න නෙළුම් තෙල් ගාලා බලන්න

September 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?