නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: හම ලස්සන කරගන්න මේවා බොන්න
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
හැඩ වැ​ඩ

හම ලස්සන කරගන්න මේවා බොන්න

Published April 10, 2023

සම පැහැපත් කර ගැනීම පිළිබඳව කතා කිරීමේදී බාහිරින් සිදු කළ හැකි සත්කාර මෙන්ම සිරුර අභ්‍යන්තරයට ද සිදු කළ හැකි සත්කාරවලට වැදගත් තැනක් හිමි වෙනවා. සෑමවිටම බාහිරින් සිදු කළ හැකි රූපලාවණ්‍ය සත්කාරයන් පිළිබඳව ඔබව දැනුවත් කරන නිසාවෙන් මෙවර සිරුර අභ්‍යන්තරයෙන් ම ඔබව ලස්සන කළ හැකි ඖෂධීය ගුණය සහිත පාන වර්ග කිහිපයක් පිළිබදව දැනුවත් කිරීමට අද අපි සිතුවා.

උදෑසන හිස් බඩ පානය කළ හැකි පානයක්

● නැවුම් කිරි වීදුරුවක්

● වට්ටක්කා පොඩි කැබැල්ලක්

● ගොටුකොළ මිටක්

● පොඩි කැරට් ගෙඩියක්

● දෙහි බෑයක යුෂ

● ජලය අඬු කෝප්ප භාගයක්

දෙහි යුෂ හැර සියල්ල එකට දමා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. එය බඳුනකට දමා ගෙන අවසානයට දෙහි යුෂ එක්කොට පානය කරන්න. මෙම පානය සතියට තුන් වතාවක් පානය කරන්න. සෙම ඇති අයෙක් නම් නැවුම් කිරි මිශ්‍ර නොකර බොන්න.

මින්චි කොළ තේ පානය

● මින්චි කොළ 10ක්

● වතුර වීදුරුවක්

මින්චි කොළවලට වතුර ටික එක්කොට හොඳින් අඩු ගින්දරේ තම්බා ගන්න. ඉන්පසු කහට පැහැයෙන් යුතු වතුර ටික පෙරා වෙන්කරගන්න. මෙසේ සාදාගත් පානය සවස තේ වෙනුවට පානය කළ හැකියි. සතියට තුන්වතාවක් පානය කරන්න. මෙසේ එක දිගට කරන පානය කළ විට සමෙහි පැහැදිලි ඔබටම වෙනසක් දැකගත හැකිවනවා ඇත.

ආමන්ඩ් කිරි

● ආමන්ඩ් ඇට 10 ක්

● නැවුම් කිරි කප් 1ක්

● කහ තේ හැඳි කාලක්

ඉහත ද්‍රව්‍ය සියල්ල එකට දමා බ්ලෙන්ඩර් කරගෙන උදෑසන හිස්බඩ පානය කරන්න. සම පැහැපත් වනු ඇත.

ඉරමුසු තේ පානය

ඉරමුසුවලින් සිරුරේ ලේ පිරිසුදු වෙනවා. එමෙන්ම සිරුරේ පවතින අධික උෂ්ණත්වය ද පාලනය කරනවා. තවද සම මත ඇති වන කුරුලෑ, කළු ළප මෙන්ම දහදිය දුර්ගන්ධය ඇති අයට ද මෙය ඉතාම හොඳ පානයක් වනවා. එනිසා දිනපතා සවස් කාලයට ඉරමුසු මුල් හෝ කොළ තම්බා පානය කර පැහැපත් සමක් ලබාගන්න ඔබටත් හැකියි.

පොල් වතුර පානය

වියපත් වූ සම යථා තත්ත්වයට පත් කර ගැනීමටත් සමේ නැවුම් බව සහ දිදුලන බව ආරක්ෂා කර ගැනීමටත් සම මත ඇතිවන ලප කැළැල්වල අඳුරු ස්වභාවය දුරු කිරීමටත් පොල් වතුර ඉතාම සුදුසුයි. පොල් වතුරවල විටමින් බී. සී. ඊ. සහ යකඩ, කැල්සියම්,පොටෑසියම්, මැග්නීසියම් යන සංඝටක අඩංගුයි.

ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
කමල් රණසිංහ
දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව

මධුභාෂිණී බොරලුගොඩ

TAGGED: Drinks for beautiful skin, Skin Beautification, හම ලස්සන කරගැනීම
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

කුරුලෑ නසන දේශීය ප්‍රතිකාර

September 25, 2023

හයිය නිය පෙළත් වාසනාවක්

September 18, 2023

බියුටි වැඩ කොලිටි කරන බියුටි අයිටම්ස්

September 11, 2023

ඔළු කට්ට සිසිල් කරගන්න නෙළුම් තෙල් ගාලා බලන්න

September 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?