නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: පෙනුම රැකදෙන කෑම බීම
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
හැඩ වැ​ඩ

පෙනුම රැකදෙන කෑම බීම

Published May 8, 2023

කවුරුත් කැමතියි නීිරෝගි සමකට. පිරිපුන් කේශ කලාපයකට සහ ලස්සන නිය පෙළකට. මේ දේවල් වෙනුවෙන් බොහෝ දෙනා විවිධ නිෂ්පාදනවලට නැඹුරු වීම සුලභ දෙයක්. නමුත් භාවිත කරන සමහර නිෂ්පාදනවලින් කිසිම ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන් වගේම සමහර නිෂ්පාදන නිසා තිබුණටත් වඩා තත්ත්වය නරක අතට හැරෙන්නත් පුළුවන්. නමුත් රූපලාවන්‍ය සාක්ෂාත් කරගන්නට අවශ්‍ය හොඳම විසඳුම් අපි ගන්නා ආහාරවල පවතින බව ඔබ දන්නවද? ඒ නිසයි අද පෙනුම රැකගන්න පෝෂණය ලබාදෙන ආහාර ලැයිස්තුවක් ඔබට කියාදෙන්න හිතුවෙ

● රුධිර සංසරණය වැඩි කරන රතු, කහ බෙල්පෙපර්

බෙල්පෙපර් ප්‍රධාන වශයෙන් වර්ණ හතරකින් තියෙනවා. රතු, කහ, තැඹිලි සහ කොළ. නමුත් රතු සහ කහ බෙල්පෙපර්වල කැරොටිනොයිඩ් බහුලව අඩංගු වන අතර එය සමේ රුධිර සංසරණය වැඩි කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සම රැලි වැටීම වැළකෙනවා වගේම හිසකෙස් හොඳින් වර්ධනය වෙනවා. සරල ප්‍රතිජනනය කිරීමට සහ නිරෝගීව වර්ධනය වීමටත් ඉඩ සලස්වනවා.

● ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත් බෙරීස්

ඔයාල දන්නවද මේ ලෝකෙ තියෙන හැම බෙරි වර්ගයකම සම්පූර්ණ ප්‍රතිඔක්සිකාරකවලින් පිරිපුන්. බෙරීස් කියන්නෙ ඔබේ මුළු සිරුරටම විස්මිත රූපලාවන්‍ය ආහාරයක්. ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි, රාස්බෙරිවල ශරීරයට අත්‍යවශ්‍ය විටමින් රාශියක් තිබෙන අතර ඒ මගින් පිරිපුන් හිසකෙස් සහ ශක්තිමත් නිය පෙළක් ලබාදෙනවා.

● කොළ පැහැති කොළ

බොක්චෝයි, ගෝවා, නිවිති වැනි කොළ පැහැති කොළ වර්ගවල විටමින් ක්‍ විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. එමගින් හිසකෙස් කැඩී යාම වැළැක්වෙන අතර සම UV කිරණෙන් ආරක්ෂා කරනවා. මෙහි සතු විටමින් ක්‍ C  කොලජන් නිෂ්පාදනය වේගවත් කරනවා වගේම සමේ නම්‍යතාවය සහ දීප්තිය පවත්වාගැනීමටත් උපකාරී වෙනවා.

● විටමින් සපිරි බතල

බතලවල බීටා කැරොටින් නම් කැරොටිනොයිඩ් වර්ගයක් අඩංගුයි. මේද කැරොටිනොයිඩ් වර්ගය රුධිර ප්‍රවාහය විධිමත් කරන අතර හිරු කිරණින් සම ආරක්ෂා කරනවා. බතල විටමින්වලින් පොහොසත්. සෞඛ්‍යසම්පන්න හිස් කබලක් තබාගැනීමට බතල කියන්නෙ හොඳ ආහාරයක්.

● සෑම ආහාරයකටම යොදාගත හැකි මැජික් පලතුර අලිගැටපේර

අලිගැටපේර සෞඛ්‍ය සම්පන්න මේදවලින් පිරි පලතුරක්. බොහෝ රටවල් විවිධ ආහාර සඳහා අලිගැටපේර රසවත් එකතු කිරීමක් විදිහට යොදාගන්නවා. අලිගැටපේර ආහාරයට ගැනීමෙන් හිස කෙස් සිනිදු වෙනව වගේම දිලිසෙන ස්වභාවයක් ගන්නවා. මේ පලතුර සතු මේදය වෙනත් කිසිම ආහාරයක ඇති මේදවලට වඩා බෙහෙවින් වෙනස්. කොලජන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන විටමින් ක්‍ වලිනුත් අලිගැටපේර පොහොසත්.

● මියයන සයිලවලට ජීවය දෙන බ්‍රකොලි

බ්‍රකොලි ටිකක් මිලෙන් අධික එළවළුවක් වුණත් පෝෂණ ගුණයෙන් ඉතා වැඩියි. පාරජම්බුල කිරණ හේතුවෙන් මියයන සමේ සයිල ගණන අඩු කරන අතර කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරනවා. බ්‍රකොලිවල තඹ, සින්ක් වැනි ඛනිජ ද අඩංගු අතර එමගින් ඔබේ සමට ස්වභාවික පැහැපත් බවක් ලබාදෙනවා. එමෙන්ම හිස් කබල ආසාදනවලින් තොරව තියාගන්නත් බ්‍රකොලිවලට පුළුවන්

( අන්තර්ජාලය ඇසුරින් )

එරංදි කෞශල්‍යා

TAGGED: Maintaining health, Maintaining healthy skin, නිරෝගි සමක් පවත්වා ගැනීම
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

කුරුලෑ නසන දේශීය ප්‍රතිකාර

September 25, 2023

හයිය නිය පෙළත් වාසනාවක්

September 18, 2023

බියුටි වැඩ කොලිටි කරන බියුටි අයිටම්ස්

September 11, 2023

ඔළු කට්ට සිසිල් කරගන්න නෙළුම් තෙල් ගාලා බලන්න

September 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?