නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: හවරි දැම්මෙ ආච්චිලා, අපට Hair Extension
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
හැඩ වැ​ඩ

හවරි දැම්මෙ ආච්චිලා, අපට Hair Extension

Published May 29, 2023

අපි කවුරුත් කැමතියි ලස්සන පිරිපුන් දිග කොණ්ඩෙකට. හැබැයි එහෙම කොණ්ඩයක් නැති අය ඉස්සර කාලෙ භාවිත කළා හවරි කියල දෙයක්. තාමත් විශේෂ අවස්ථාවලදි පමණක් හවරි භාවිත කරන වැඩිහිටි උදවිය ඉන්නවා. නමුත් ස්වභාවික කොණ්ඩෙ සහ හවරිය ඕන වෙලාවක වෙන් කරල අඳුරගන්න හරි ලේසියි. ඒත් දැන් ඒ දේ ගැන ලොකුවට හිත හිත දුක් වෙන්න ඕන නෑ. මේ වෙනකොට අතිශයින් ජනප්‍රියත්වයට පත්වෙලා තියෙන Hair Extension කලාව හවරිය විසි කරලා දාන්න කාලය අරගෙන ඇවිත්.

● මොකද්ද මේ Hair Extension කියන්නෙ?

හෙයා එක්ස්ටෙන්ෂන් එකක් හිසකෙස් අඩු අයට වගේම හිසකෙස් කෙටි අයට ඉතා කෙටි කලකින් කෙස් කළඹ දිගින් වැඩිකරගන්න සහ ප්‍රමාණය වැඩිකරගන්න භාවිත කරන්න පුළුවන්. මීට අමතරව හිස් කබල පෑදිල තියෙන අයටත් මේ ක්‍රමේ අත්හදා බලන්න පුළුවන්. මේකට ගෑනු පිරිමි බේදයක් නෑ.

● Colour Extension

දිගින් සහ ප්‍රමාණයෙන් වැඩිකරගන්න විතරක් නෙවේ තමන්ට කැමති වර්ණයකින් වුණත් එක්ස්ටෙන්ෂන් එක කරගැනීමේ හැකියාව තියෙනවා.

● කොණ්ඩය ගළපගන්න විදිහ

එක්ස්ටෙන්ෂන් එකක් කරන්න කලින් මෙන්න මේ දේ ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතුයි. Hair Extension එකක් කරනවනම් මුලින්ම දැනගන්න ඕන තමන්ගෙ ස්වභාවික කෙස් කළඹට ගැලපෙන එක්ස්ටෙන්ෂන් එකක් තෝරගන්න. තමන්ගෙ කොණ්ඩෙට ගැලපෙන එක්ස්ටෙන්ෂන් එකක් නැත්නම් තියෙන එක්ස්ටෙන්ෂන් එකේ විදිහට තමන්ගෙ ස්වභාවික කොණ්ඩෙ සකසාගත යුතුයි. එහෙම නැතිවුණොත් වෙන්නෙ බැලූබැල්මට ස්වභාවික හිසකෙස් සහ එක්ස්ටෙන්ෂන් එක වෙන වෙනම පේන එක.

● කොණ්ඩය හරි නැත්නම් වැඩේ අවුල්

මුලින් කිව්වා වගේ එක්ස්ටෙන්ෂන් එකේ විදිහට ස්වභාවික කොණ්ඩය සකසගන්න සමහර කොණ්ඩ වලින් අමාරුයි. කර්ලි කොණ්ඩයක් තියෙන කෙනෙකුට Straight Extension එකක් ගැලපෙන්නෙ නෑ. ඒත් කොණ්ඩෙ Curl කරන්නත් බෑ Straight කොණ්ඩයක් තියෙන කෙනෙකුට Curly Extension එකක් ගැලපෙන්නෙත් නෑ. මෙහෙම ගැටලු මතුවෙන නිසා එක්ස්ටෙන්ෂන් එක කරන්න කලින් රූපලාවන්‍ය ශිල්පියා සමඟ ඒ ගැන හොඳින් සාකච්ඡා කළ යුතුයි.

● මේන්ටේන් කරන්නෙ මෙහෙමයි

කෙනෙක්ට හිතෙන්න පුළුවන් හෙයා එක්ස්ටෙන්ෂන් එකක් කළාම කොණ්ඩෙට කිසිම මෝස්තරයක් දාන්න බෑ කියල. එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. වෙනද වගේම කොණ්ඩෙ හොඳට පීරන්න, පෝනි ටේල් එකක් හෝ ඕනෑම කොණ්ඩ මෝස්තරයක් දාන්න ඔයාලට පුළුවන්. ඒ වගේම Oil Treatment එකක් කරන්නත් අපහසුවක් නෑ.

● කාලෙත් එක්ක Refix කරන්නත් ඕන

අපි එක්ටෙන්ෂන් එක දාන්නෙ කොණ්ඩෙ මුලට. කොණ්ඩෙ මැදට හෝ අගට නෙවේ. මාස දෙකක් තුනක් විතර යද්දි එක්ටෙන්ෂන් එක කරපු තැන කොණ්ඩය අඟල් දෙකක් විතර දිගට වැවෙන්න ගන්නවා. එතකොට එක්ස්ටෙන්ෂන් එක ටික ටික පහළට එනවා. ඒ නිසා එය ආයෙත් රීෆික්ස් කරගැනීම අවශ්‍යයි. ඒ වගේම එක්ටෙන්ෂන් එක වසර ගණනාවක් ඔයාගෙ ස්වභාවික කොණ්ඩෙ වගේම පවත්වාගෙන යන්න පුළුවන්.

ප්‍රධාන කේෂාලංකරණ ශිල්පී
සුරිත් රසන්ත
(Salon Zero)

එරංදි කෞශල්‍යා

TAGGED: Hair Extension, Hair Loss, Hair එක්ස්ටෙන්ෂන්, හිසකෙස් දිගු කිරීම
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

හයිය නිය පෙළත් වාසනාවක්

September 18, 2023

බියුටි වැඩ කොලිටි කරන බියුටි අයිටම්ස්

September 11, 2023

ඔළු කට්ට සිසිල් කරගන්න නෙළුම් තෙල් ගාලා බලන්න

September 4, 2023

ලස්සන වෙන්න මල් තේ බොමුද

August 28, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?