නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: සෑම විනාඩි 15කට සැරයක්ම ලෝකයේ වෙන හයිඩ්‍රා ෆෙෂල්
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
හැඩ වැ​ඩ

සෑම විනාඩි 15කට සැරයක්ම ලෝකයේ වෙන හයිඩ්‍රා ෆෙෂල්

Published June 5, 2023

සමේ මැරුණ සෛල, දුර්වර්ණතා සහ සම එල්ලා වැටීම්, Black heads, White heads මේ සියල්ලටම පිළියමක් හොයනවනම් ඔන්න Hydra Facial එක තමයි විසඳුම. මෑතකදි ඇමෙරිකාවේ සිදුකළ සමීක්ෂණයකින් හොයාගෙන තියෙන විදිහට සෑම මිනිත්තු 15 කට සැරයක් Hydra Facial සත්කාරයක් බොහෝ රටවල සිදුවෙනවා. ඒ තරමටම Trending වුණ සත්කාරයක් තමයි මේ Hydra Facial කියන්නෙ. මෙය වඩාත් ප්‍රබල සම නැවත මතුකරවන ප්‍රතිකාරයක්. එය සම පිරිසිදු කිරීම, නිස්සාරණය, සජලනය සහ ප්‍රතිඔක්සිකාරක ආරක්ෂාව ඒකාබද්ධ කරන අතර එමඟින් මිය ගිය සමේ සෛල සහ අපද්‍රව්‍ය ඉවත් කරන අතරම සමට මොයිස්චරයිසින් සීරම් ලබා දෙනවා.

ඕනෑම සමකට සුදුසුයි

ඔබට ඇත්තේ තෙල් සහිත සහ කුරුලෑ ඇති විය හැකි, වියලි සමක් නම් ඔබට හයිඩ්‍රොෆේෂල් ප්‍රතිකාරයකින් ප්‍රතිලාභ රැසක් ලබාගන්න පුළුවන්. සංවේදී සමක් ඇති අයට පවා මෙම ප්‍රතිකාරය සුදුසුයි.

වේදනා රහිතයි

මෙය වේදනා රහිත ප්‍රතිකාරයක් වන අතර සම සජලනය කරන සීරම් ලබා දෙන බැවින් සිනිඳු, දීප්තිමත්, සෞඛ්‍ය සම්පන්න සමක් අවසානයේ ලබා දේ. හයිඩ්‍රොෆේෂල් එකකට ගතවෙන්නෙ මිනිත්තු 30ක් පමණ කාලයක්. සමේ වර්ණය වැඩිදියුණු වීම ක්ෂණිකව දැකිය හැකියි. ඔබට ප්‍රතිකාර කිරීමෙන් පසු මේකප් දමා ඔබේ සාමාන්‍ය ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීමත් කළ හැකියි.

සමට වෙනත් ප්‍රතිකාර කරන්නත් පුළුවන්

සමට වෙනත් ප්‍රතිකාර කරන කෙනෙක්නම් ඒ අතරේ Hydra facial එකක් කිරීමේ කිසිම ගැටලුවක් නෑ. ඒ වගේම එන්නතක් වගේම ලේසර් ප්‍රතිකාරයක් වුණත් ලබාගන්න පුළුවන්. නමුත් එවැනි අමතර ප්‍රතිකාරයක් කරනවනම් රූපලාවන්‍ය ශිල්පියාව ඒ ගැන දැනුවත් කර උපදෙස් ලබාගන්න පුළුවන්.

ප්‍රතිඵල පවතින කාල සීමාව

ඔබේ සමට නැවත පණගැන්වීමට අවශ්‍ය වන්නේ එක් Hydra Facial එකක් පමණයි. නමුත් හැමදේටම වගේ හයිඩ්‍රාෆේෂල් එකටත් පවතින්න කාල සීමාවක් තියෙනවා. සාමාන්‍යයෙන් මෙම සත්කාරයේ ප්‍රතිඵල සති 4 – 6 ක් දක්වා තියාගන්න පුළුවන්. සෑම මසකම නැවත වරක් HydraFacial ප්‍රතිකාර ලබා ගැනීම සිදුකළ යුතුයි.

HydraFacial එකක් ලබා නොගත යුත්තේ කවුද? ඒ ඇයි?

HydraFacial ඕනෑම සමකට සුදුසු වුණත් සමහර පුද්ගලයන්ට සුදුසු නෑ. රොසසියා කියන මුහුණේ රුධිර වාහිනී රතු වීම වැනි චර්ම රෝගයකින් පෙළෙනවනම් මෙම ප්‍රතිකාරය සිදුකිරීමට පෙර වෛද්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත්. ගර්භනී කාන්තාවන්ටත් මෙම ප්‍රතිකාරය සුදුසු නෑ.

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී
මාලිංග ප්‍රනාන්දු
( Skin care with Malyinga )

එරංදි කෞශල්‍යා

TAGGED: Hydra Facial, හයිඩ්‍රා ෆෙෂල්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

කුරුලෑ නසන දේශීය ප්‍රතිකාර

September 25, 2023

හයිය නිය පෙළත් වාසනාවක්

September 18, 2023

බියුටි වැඩ කොලිටි කරන බියුටි අයිටම්ස්

September 11, 2023

ඔළු කට්ට සිසිල් කරගන්න නෙළුම් තෙල් ගාලා බලන්න

September 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?