නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: නියපොතු කැත කරන නරක පුරුදු
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
හැඩ වැ​ඩ

නියපොතු කැත කරන නරක පුරුදු

Published July 10, 2023

ප්‍රමිතියකින් තොර නිය ආලේපන ගැල්වීමෙන් හෝ ඔබ ලබාගන්නා ආහාර වේලෙහි ඇතැම් පෝෂ්‍ය පදාර්ථ නොමැති වීම වැනි බොහෝ සාධක වලින් ඔබට දුර්වල හෝ හානි වූ නියපොතු ලැබෙනවා. හැමවිටම ඔබේ ජීවන රටා වෙනස් කිරීමෙන් දෑත්වල වගේම පාදවල නියපොතු ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම එමඟින් ඔබට ඔබ සිහින දකින නිය අලංකරණ වඩාත් සාර්ථකව කරගන්න පුළුවන්. ඇතැම් විට මේ වෙද්දිත් ඔබට තියෙන්නෙ මේ අවිධිමත් ජීවන රටාව නිසා විනාශ වුණ නිය පෙළක් වෙන්න පුළුවන්. එලෙස දුර්වල හෝ හානියට පත් නියපොතු නැවත පණ ගැන්වීමට ක්‍රම කිහිපයක් ගැනයි මේ ලිපියෙ සඳහන් වෙන්නෙ.

■ සමබර ආහාර වේලක්

සමබර ආහාර වේලකින් ඔබට පුළුවන් සෞඛ්‍ය සම්පන්න නිය පෙළක් සඳහා අවශ්‍ය නිසි පෝෂ්‍ය පදාර්ථ එකතු කරගන්න. ඔබගේ නියපොතුවල විටමින් ඌණතාවය හෝ වෙනත් සෞඛ්‍ය ගැටළු පැවතිය හැකිය. නිවැරදි ආහාර අනුභව කිරීමෙන් නිය ශක්තිමත් වන අතර නියවල පෙනුම වැඩිදියුණු කරගත හැකියි. සෞඛ්‍ය සම්පන්න නිය පෙළකට ඔමේගා – 3 මේදල අම්ල, සින්ක්, විටමින් C, ප්‍රෝටීන්, යකඩ, මැග්නීසියම් සහ අනෙකුත් විටමින් සහ ඛනිජ ලවණ අවශ්‍ය වෙනවා. ඊට අමතරව බිත්තර සහ රතු මස් ඇතුළු ප්‍රෝටීන් බහුල ආහාර වේලක් නියපොතු ශක්තිමත්ව පවත්වා ගැනීමට උපකාරී වෙනවා. බිත්තර මගින් සෛල වර්ධනය ප්‍රවර්ධනය කරන සහ නිරෝගී නියපොතු සඳහා දායක වන වැදගත් විටමින් වර්ගයක් වන බයෝටින් ද සපයනවා.

■ සප්ලිමන්ට් එකක් ගන්න

වෛද්‍යවරයෙකුට පුළුවන් ඔබේ නියපොතු පරීක්ෂා කරලා ඔබ විටමින් ආහාරයට ගැනීම කොතරම් අඩුදැයි කියන්න. බොහෝවෙලාවට නිය නිරෝගී නොවීමට යකඩ, කොලජන් හෝ විටමින් A හෝ C‍‍ අඩුවීම හඳුන්වන්න පුළුවන්. මේ වෙනුවෙන් වෛද්‍ය උපදෙස් මත සප්ලිමන්ට් එකකට යොමු වෙන්න පුළුවන්. නිවැරදි ආහාර අතිරේකයකට ඔබේ හෝමෝන සමතුලිත කිරීමට, ශරීර අභ්‍යන්තරයේ දහනය අඩු කිරීමට, බර අඩු කර ගැනීමට සහ සමබර නින්දක් ලබාගැනීමට හැකියි.

■ කියුටිකල් ක්‍රීම් භාවිත කරන්න

විවිධ සත්කාර කර මුහුණ රැකගන්නවා වගේම නියපොතුත් රැකගැනීම අවශ්‍යයි. ඒ වගේම නියපොතු වලටත් විවේකයක් ලබා දීම විශේෂයෙන් කළ යුතුයි. එය සතියකට වරක් නියපොතු හොඳින් සෝදා, ඔප දැමීමෙන් කරන්න පුළුවන්. නමුත් නිරන්තරයෙන් නියපොතු ඔප දැමීමෙන් ඒවා දුර්වල විය හැකියි. නිය සත්කාරයෙන් පසු කියුටිකල් ඔයිල් සහ ක්‍රීම් භාවිත කිරීම වැදගත්. කියුටිකල් ක්‍රීම් වලට තෙතමනය රඳවාගනිමින් හානියට පත් නියපොතු අලුත්වැඩියා කළ හැකියි. කියුටිකල් ඔයිල් යෙදීමෙන් ප්‍රථමයෙන් පෝෂ්‍ය පදාර්ථ ලබා දෙන අතර නියපොතු සජලනය කරනවා. නියපොතු හානියත් එක්ක තෙතමනය නැතිවීම සාමාන්‍ය දෙයක්. ඒ නිසා මොයිස්චරයිස් කිරීමත් වැදගත්. සමහර කියුටිකල් ක්‍රීම් වල විටමින් E අඩංගු වන අතර ඉන් ඔබේ කියුටිකල්ස් සහ සම පෝෂණය කර සජලනය කරගත හැකියි.

■ සජලනය වෙන්න

නියපොතුවල නිරෝගීභාවයට සජලනය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව බොහෝදෙනෙක් නොදන්න කරුණක්. එය ඔබේ නියපොතු වලට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීම සහතික කරනවා. ඒ නිසා හොඳින් ජලය පානය කළ යුතුයි. ප්‍රශස්ත සජලනයක් පවත්වා ගන්නට සහ නියපොතු නැවුම්ව තබාගැනීමට ජලය හොඳින් පානය කළ යුතුයි.

■ නියපොතු ආරක්ෂා කරගන්න

නියපොතු දුර්වල වෙන්න බලපාන තවත් හේතුවක් තමයි රසායනික ද්‍රව්‍ය, පිරිසිදුකාරක දියර වැනි ගෘහණියන් නිරන්තරයෙන් භාවිත කරන ද්‍රවයන්ට නිරන්තරයෙන් දෑත් නිරාවරණය වීමෙන් නියපෙල දුර්වල වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. නියපොතුවල ඉක්මණින් බැක්ටීරියා වර්ධනය වීම වැළැක්වීමට නිරතුරුවම නියපොතු පිරිසිදුව හා වියළිව තබාගැනීම වැදගත්. ඔබට පුළුවන් මෙවැනි රසායනික ද්‍රව්‍ය සහිත දේවල් වලට දෑත් නිරාවරණය වෙනවනම් අත්වැසුම් පළඳින්න. විව්ධ බීම කෑන් විවෘත කරන්නට මෙවලමක් විදිහට නියපොතු භාවිතයත් ඉතාම නරක පුරුද්දක්.

■ නියපොතු හපන එක නවත්වන්න

නිය සපා කෑමෙන් නිය මල ඉරී යනවා. ඒ වගේම පෙරට වඩා නියපොතු දුර්වල කරන්න නියපොතු කන එකෙන් පුළුවන්. නිය මලක් කැඩුණොත් විශාල වේදනාවක් හටගන්නවා වගේම සුව වෙන්න වැඩි කාලයක් ගත වෙන්නත් පුළුවන්. ඔබ වසර ගණනාවක සිය නියපොතු කන කෙනෙක්නම් මේ වෙද්දි ඒක අත්හැරගන්න බැරි පුරුද්දක් වෙලා ඇති. හානියට පත් නියපොතු වලට මේ පුරුද්ද මූලික හේතුවක් වෙන්න පුළුවන්. මේකට ලස්සන විසඳුමක් තියෙනවා. නියපොතු කන එක නවත්තගන්න පුළුවන් ඔබට නිය ආලේපනයක් නිරන්තරයෙන් ගල්වා තිබීමෙන්.

ප්‍රවීණ කේශාලංකරණ ශිල්පී
සමන්ත කේ. පතිරණ
කළමනාකරු රමණි ප්‍රනාන්දු සැලෝන්
ටාජ් සමුද්‍රා හෝටලය

එරංදි කෞශල්‍යා

TAGGED: Nail Arts, Nails, Nails Maintaining, නියපොතු
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

කුරුලෑ නසන දේශීය ප්‍රතිකාර

September 25, 2023

හයිය නිය පෙළත් වාසනාවක්

September 18, 2023

බියුටි වැඩ කොලිටි කරන බියුටි අයිටම්ස්

September 11, 2023

ඔළු කට්ට සිසිල් කරගන්න නෙළුම් තෙල් ගාලා බලන්න

September 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?