නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අඬාගෙන ඇවිත් හැමෝම අහන්නෙ නෙලුම් වුණේ කොහොමද කියලා – උදාරි වර්ණකුලසූරිය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

අඬාගෙන ඇවිත් හැමෝම අහන්නෙ නෙලුම් වුණේ කොහොමද කියලා – උදාරි වර්ණකුලසූරිය

Published October 30, 2023

ක්ෂේත්‍රයට පය තැබූ දා සිට ඇය නිර්මාණයකට රංගන දායකත්වය ලබාදුන්නේ බාරගන්නා චරිතයට සාධාරණයක් කරන්නට හැකියාව ඇතැයි යන ආත්ම විශ්වාසය හදවතේ සනිටුහන් වුවහොත් පමණි.පසුගියදා රිදී තිරය මත දිග හැරුණු “ආසු” හරහා එකී විශ්වාසය නැවත වතාවක් තහවුරු කරමින් ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ කතාබහට ලක්වූ උදාරි නෙලුම් වූ හැටි “නවලිය” සමග කිව්වෙ මෙන්න මේ විදියට…

මේ ගතවෙන්නෙ උදාරි ආදරණීය රසිකයන් අතරෙ ලොකු කතාබහට ලක්වෙන කාලයක්.ඇත්තටම ඒකට හේතුව ආසු චිත්‍රපටය. එහි එන නෙලුම් මගේ රංගන ජීවිතයේ මම ලබපු පෙරළිකාර චරිතයක් කිව්වොත් මම නිවැරදියි. නෙලුම් කියන්නේ සාමාන්‍ය ජීවිතයේ කෙනෙකුට අත්විඳින්නට හැකි සුන්දර චරිතයක් නෙවෙයි. ඒ නිසාම ඒක මට අභියෝගයක් වුණා. ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ කතාබහට ලක්වීම තුළ මම හිතනවා හිතනවා මම ඒ අභියෝගය සාර්ථකව ජය අරගෙන කියලා.

කොහොමද ලැබෙන ප්‍රතිචාර

හැමෝම කියන්නේ අපි ෆිල්ම් හෝල් එකෙන් එළියට ආවෙ අඬාගෙන ෆිල්ම් එක ඉවර වෙනකම් ඒක අපි නරඹන චිත්‍රපටයක් කියල හිතුනෙ නෑ ලස්සන ආදරණීය බිරිඳක් වෙලා ඉඳල එක එකපාරටම විරූපී පෙනුමක් සමග ඛේදවාචකයකට මුහුණ දෙන්නට තරම් ඒ කන්ට්‍රාස්ට් එක ප්ලේ කළේ කොහොමද කියන එක ගැන තමයි හැමෝම කතාබහ කරන්නෙ. ඒ සංවේදීත්වය මට ප්‍රේක්ෂකයන්ට දනවන්නට හැකිවීම මම ලබපු භාග්‍යයක්.

ආරාධනාව ලැබුණම මොකද හිතුනෙ

මුලින්ම ආසු චිත්‍රපටයට ආරාධනාව ලැබුණම මම ඒ චරිතය බාරගන්න අකමැති වුණා. මොකද තිර පිටපතේ මට කරන්න බැහැ කියල හිතන කොටසකුත් තිබුණ නිසා. එතෙන්දි මම පිටපත ප්‍රතික්ෂේප කළා. පස්සේ සංජය පුෂ්පකුමාර මහත්මයා වෙන අයව ඔඩිශන් කරලත් තිබුණා. ඒත් ඒ එක්කෙනෙක්වත් හරි ගිහින් තිබුණේ නැති නිසා නැවත මාත් එක්ක කතා කරල පිටපතේ වෙනස් විය යුතු තැන් අහල බොහොම සුහදව කතාබහ කරල සුළු සුළු වෙනස් කිරීම් වලින් පස්සෙ තමයි මම චරිතය බාරගන්න තැනට ආවේ. ඇත්තටම මේ වෙලාවේ සංජය පුෂ්පකුමාර මහත්මයාට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මා ගැන විශ්වාසයක් තියල ඒ චරිතයට මාවම තෝරගත්තට.

උදාරි නෙලුම්ව ආරූඪ කරගන්න ලොකු වෙහෙසක් දරන්නට ඇති

අනිවාර්යෙන්ම. චිත්‍රපටයේ එන් නෙලුම්ගෙ චරිතය මම කැමති විදියට හදන්න පුළුවන් චරිතයක් නෙමෙයි. ඒක හිටපු කථානායක කරු ජයසූරිය මහත්මයාගෙ නැතිවුණ දියණිය ඉන්දිරා ජයසූරිය මහත්මියගෙ ජීවිත කතාව. පිළිකා රෝගයෙන් පීඩා විඳින කාන්තාවකගේ චරිතයක්. ජීවත් වෙලා හිටපු සැබෑ චරිතයක් වෙනසක් නොකර නැවතත් ප්‍රේක්ෂකයා ඉදිරියට ගේන්න මට ගොඩක් දේවල් හිතන්න වුණා.

මොකද ගැහැනියක් හැටියට ඇය බොහොම හිත හයිය කෙනෙක්. තමන්ගේ මරණයට ඒතරම් සුබවාදීව මුහුණ දීපු කෙනෙක් ගැන මම අහලා තිබුණෙම නෑ. මැරෙන බව දැන දැනත් දියණියක් බිරිඳක් මවක් විදියට තමන්ගෙ අවසන් මොහොත උදාවෙනතෙක්ම ඇගේ යුතුකම් හරිහැටි ඉටුකළා. මටත් ඒ හැම දෙයක්ම අනුගමනය කරන්න සිදුවුණා. ඒ දරපු මහන්සියේ ප්‍රතිඵල අද මම නොඅඩුව භුක්ති විඳිනවා.

පිළිකා රෝගියකු කියන්නෙ බොහෝ වේදනාවන්ට මුහුණපාන්නට සිදුවන කෙනෙක්. ඒ අත්දැකීම් රංගනයට ගෙනාවෙ මොන විදියටද?

ඇත්තටම Cancer Patient කෙනෙක්ව මට මගේ පෞද්ගලික ජීවිතේදි හමුවෙලා තිබුණෙ නෑ. ඒත් ඒ කාලෙම මගේ යාළුවෙකුගෙ අම්ම කෙනෙක් මහරගම කැන්සර් හොස්පිටල් එකේ ප්‍රතිකාර ලබමින් සිටියා. මම ඇය ගාවට ගියා. ඒ වගේම එහි ප්‍රතිකාර ලබමින් සිටි අනිත් රෝගීනුත් විඳින වේදනා සියැසින් දැක ගත්තා.

පවුලේ අය ආවම ඔවුන් ඉදිරියේ තමන්ගෙ වේදනාව යටපත් කරගන්නා විදිය දවසින් දවස ඔවුන් දුර්වල වෙන හැටි වගේ බොහෝ දේ අධ්‍යයනය කළා. ඒ තුළින් ලබාගත් දේ තමයි ආසු හි නෙලුම් හරහා ප්‍රේක්ෂකාගාරයට ගෙන ආවෙ.

රඟපෑමේදී හරි අම්මව මේ විදියට දැකලා දුව මොකද කිව්වෙ

දෝණි දැනට ලංකාවේ නැති නිසා තාම චිත්‍රපටය නරඹන්න අවස්ථාව උදාවුණේ නෑ. ඒත් එයා ෆිල්ම් එකේ ෆොටෝස් දැකල පුදුම වෙලා මගෙත් ඇහුවා කොහොමද එහෙම වුණේ මේ ඉන්නේ ඔයාමද කියලා. ලබන මාසෙ දුව ලංකාවට එනවා. ඒ ආවම ෆිල්ම් එක බලල සතුටු වෙයි කියල මම හිතනවා. කවදත් එයා මම ඉන්න නිර්මාණ ආසාවෙන් නරඹනවා.

අද ඔබ වැඩි වශයෙන් ජීවත් වෙන්නෙ පිටරට.ඒ ගෙවෙන ජීවිතේ මොන වගේද?

ඇත්තටම සැමියයි දියණියයි එක්ක ගෙවන ඒ ජීවිතේ හරිම සැහැල්ලුවෙන් ඒ වගේම සැනසිල්ලෙන් තමයි ගතවෙන්නෙ. ඒ වගේම හරිම නිදහස්.

ඒත් ඒ නිසා ඔබට නිර්මාණ මගහැරෙනවා ඇති නේද?

එහෙම එකක් නෑ. මම රංගන දිවියට ඇතුළත් වෙද්දිත් විවාහ වෙලයි හිටියේ. මේ වෙද්දි මගේ රංගන ජීවිතේට වසර පහළොවකට වැඩියි. රංගනයෙන් සුළු කාලෙකට හරි ඈත්වෙලා හිටියෙ දුව ලැබෙන්න හිටපු කාලෙ විතරයි. නිර්මාණයකට ආරාධනාවක් ලැබිලා මම ඒක බාරගත්තොත් ලංකාවට ඇවිත් ඒ සඳහා දායක වෙනවා.

වෘත්තීය රංගන ශිල්පිනියක් හැටියට කලා කටයුතු වලට සැමියාගෙන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?

ඇත්තටම සැමියා සුජිත් මට ලොකු ආශිර්වාදයක්. ඔහු මාව තේරුම් අරගෙන මේ ලබාදීල තියෙන නිදහස නොතිබුණා නම් මට අද මේ ගමන එන්න ලැබෙන්නෙ නෑ.

ඒ විදියෙ කැපවීම් කරන සැමියාගේ වැඩකටයුතු වලට උදාරි ලබා දෙන්නේ මොන වගේ සහයෝගයක්ද?

ඇත්තටම ඔහු මට ඒ විදියේ කිසිම බරක් දීල නෑ. මාවත් එයාගෙ දරුවෙක් විදියට තමයි බලාගන්නෙ. ගෙදර වැඩට වගේම දුවගේ වැඩවලට වෙන වෙනම කට්ටිය ඉන්නවා. මට තියෙන්නෙ ඒ දෙන්න ළඟට වෙලා ඉන්න විතරයි.

ඒ ක්‍රමය තුළ බිරිඳක් මවක් විදියට ඔබෙන් පවුලට වියයුතු යුතුකම මගහැරෙන්නේ නැද්ද?

ගෙදරදොරේ වැඩවලට සේවකයෝ කොච්චර හිටියත් මම ජීවිතේ මුල්තැන දෙන්නෙ මගේ දරු පවුලට. අද වනතුරු මගේ පවුල රැකිල තියෙන්නෙත් ඒ නිසාම වෙන්න ඕන. සැමියා සුජිත් වගේම දුව ශෙනාර්්‍යා තමයි මගේ ජීවිතේ.

රංගන කටයුතුවලින් එහාට සහෝදර ශිල්පීන් ශිල්පිනියන් එක්ක ඔබ කිසි විටෙක දකින්නට ලැබෙන්නෙ නෑ

මම හිතන්නේ ඒක මම පුංචි කාලෙ ඉඳල හැදුන විදිහ වගේම මමම හදාගත්තු ප්‍රතිපත්තියක්. ඇත්තටම මේ වෙනකම් මම කිසිම යහළුවෙකුගේ යෙහෙළියකගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වෙලා නෑ. බර්ත් ඩේ පාටිවලට වගේම චැනල් වලින් සංවිධානය කෙරෙන කිසිම උත්සවයකට සහභාගි වෙන්නෙත් නෑ. කොටින්ම කිසිම ඥාතියකුගෙ උත්සවයකට, ප්‍රියසම්භාෂණයකට මං සහභාගි වෙන්නේ නෑ. ඒ මගේ හැටි.

ඒ තුළ ඔබ ආඩම්බරකාර චරිතයක් කියන තැනට වැටෙනවා ඇති

එහෙමමත් නෑ. හැම කෙනෙක්ම වගේ මට ඕනෙම ඉන්වීටේශන් එකක් දෙන්නෙ ඉන්වයිට් කරාට වැඩක් නෑ ඔයා ඉතින් එන්නෙ නෑනෙ කියල තමයි. හැබැයි ඒ අය තුළ මම ආඩම්බරකාර චරිතයක් නෙමෙයි කියන අවබෝධය තියෙනවා. ඇත්තටම මම ආඩම්බරකාර චරිතයක් නම් මට මේ විදිහට ආදරණීය ප්‍රේක්ෂකයන් අතරෙ ජනප්‍රිය චරිතයක් වෙන්න බෑ. හැමදාමත් මම ඔවුන්ටත් ඔවුන් මටත් ලෙන්ගතුයි ආදරෙයි.

ධම්මික හේවාවසම්

TAGGED: aasu, artist, Cancer Patient, movie, udari warnakulasooriya
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?