නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

Published May 5, 2025

අනුදි ගුණසේකර

අනුදි ගුණසේකර… මේ දවස්වල ලංකාවේ අවදානය වැඩියෙන්ම ගන්න යුවතියක්. ඇය අවදානය වැඩියෙන් ලබාගෙන ඇත්තේ මෙවර ඉන්දියාවේ පැවැත්වෙන Miss World තරගාවලිය සඳහා ලංකාව නියෝජනය කරන නිසා. ඇය Miss Sri Lanka  2024 තරගය සඳහා නියෝජනය කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයයි.අනුදි ගැන මේ වනවිටත් බොහෝ දෙනෙක් බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ ඇය රූපෙන් වගේම බුද්ධිමත් භාවයෙනුත් නොඅඩු තරුණියක් නිසයි. තවත් නොබෝ දිනකින් ඉන්දියාව බලා පිටත්ව යන ඇය නවලියට කතා කළේ මෙහෙමයි.

අපි අනුදිගෙන්ම පටන් ගනිමු…

මම අනුරාධපුර මධ්‍ය විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව කැළනිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ විශේෂවේදී උපාධිධාරිණියක්. අනුරාධපුරයේ ඉඳන් කොළඹට ආවේ විශ්වවිද්‍යාලයට තේරුණු නිසයි. මේ වෙනකොටත් මම මැයි මාසේ පටන් ගන්න Miss world තරගාවලිය සඳහා සූදානම් වෙමිනුයි ඉන්නේ.

Miss Sri Lanka තරගයට ඉදිරිපත් වුණේ ඇයි?

ඒක මට පුංචි කාලයේ ඉඳන්ම තිබුණ ආසාවක්. විශ්වවිද්‍යාලයට ආවාම තමයි ඒ සඳහා මට අවස්ථාවක් ලැබුණේ. ඒත් 2019 වසරේ මම Miss Sri Lanka වලට ඉදිරිපත් වෙන්න ඉන්නකොට මගේ අත්තම්මා නැති වුණා. ඒ නිසා ඒ අවුරුද්දේ ඒ අවස්ථාව මට ගිලිහුණා. ඒ වගේම 2020 කොවිඩ් වසංගතය පැතිරෙන්න ගත්ත නිසා ඒ අවුරුද්දෙත් තරගය පැවැත්වුනේ නැහැ.

එහෙම වෙනකොට මම හිතුවා මට කවදාවත් මේකට ඉදිරිපත් වෙන්න අවස්ථාවක් නැති වෙයිද කියලත්. කොහොම හරි ඒ සියලු බාධක ඉවත් වෙමින් වසර කීපයකට පස්සේ 2024 තිබුණ අවස්ථාවේදී මට ඒ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්කම ලැබුණා. මේ ගැන මට තිබුණු උනන්දුව කොච්චරද කිව්වොත් ඒ තරගයේ මුල්ම ඉල්ලුම්කාරිය වුණෙත් මමමයි. ඉතින් මම මුල් අවස්ථාවේම Audition එකට තේරුණා. පස්සේ අවසන් 12 දෙනා අතරටත් ආවා. අන්තිමේදී Miss world යන්නත් තේරුණා.



අනුදිට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ අප්පච්චි ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිලධාරියෙක්. ඉතින් බොහෝ දෙනෙක් හිතුවේ අප්පච්චි පොලිසියේ හින්දා මට මේ මගේ දෙයකට ඉදිරිපත් වෙන්න අවසර දෙන එකක් නැහැ කියලා. ඒත් එහෙම කිසිම තහනමක් මගේ අප්පච්චිගෙන් මට ලැබුණේ නැහැ. ඒ වගේම මගේ අම්මා රූපලාවන්‍ය ශිල්පිණියක්.

ඉතින් ඇගේ අත්දැකීම් පවා මගේ මේ ගමනට ලොකු ශක්තියක් වුණා. මගේ මල්ලි දැනට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. නංගිට තවම වයස අවුරුදු 11 යි. එයා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. ඒ අයත් පුළුවන් විදිහට මට මගේ ගමන යන්න උදව් කරනවා.

අනුදි, මොකක්ද ඔබ මේ ආරම්භ කළ සමාජ සත්කාරක ව්‍යාපෘතිය ‘සහේලි?’

‘සහේලි’ මගේ මේ ව්‍යාපෘතියෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඔසප්වීම පිළිබඳ සමාජයේ තිබෙන දුර්මත නැති කිරීමයි. ඒ වගේම ‘ඔසප් දරිද්‍රතාවය’ වෙනුවෙන් සමාජය දැනුවත් කිරීමක්. ඒ වෙනුවෙන් මම අවශ්‍යතා ඇති අයට සනීපාරක්ෂක තුවා ලබාදෙනවා. ඔසප්වීම පිළිබඳ තිබෙන සෞඛ්‍ය ගැටලු ඒ වගේම එවැනි දවස්වලට පිරිසිදුව සහ සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්නේ කොහොමද කියන එක, මේ ව්‍යාපෘතියෙන් කියලා දෙනවා. ඒ වගේම ඇතැම් පාසල් වෙනුවෙන් ජලය, වැසිකිලි ලබාදීම, සනීපාරක්ෂක තුවා ලබාදීම වගේ වැඩපිළිවෙළක් මගේ මේ ව්‍යාපෘතිය තුළ ඇතුළත්.

කාන්තාවන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් ඔබ තෝරාගත් මේ සෞඛ්‍ය ව්‍යාපෘතියට විශේෂ හේතුවක් තිබෙනවාද?

ඔව්. රටක සුබසාධනය වෙනුවෙන් යම් ව්‍යාපෘතියක් ඉලක්ක කරනවා නම් එය නිතර කතාබහට ලක්නොවන මාතෘකාවක් විය යුතු යැයි මම විශ්වාස කළා. අපේ සමාජයේ කාන්තාවන්ට මාසික ඔසප්වීම පිළිබඳ ගැටලු බොහොමයක් තිබෙනවා. පෑඩ් බෑග් එකක් ලබා දුන්නා කියල ඒ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.

දකුණු ආසියාව තුළ කාන්තාවන්ගේ ඔසප්වීම බොහොම රහසිගත දෙයක් විදිහටයි සලකන්නේ. අපේ රටවල්වල එවැනි දේවල් ප්‍රසිද්ධියේ කතා කිරීමට කැමති නැහැ. තවමත් අපේ රටේ කාන්තාවන් වුණත් සනීපාරක්ෂක තුවායක් කඩෙන් මිලට ගන්නේ බොහොම ලැජ්ජාවෙන්. ඒ විතරක් නොවෙයි, ගැහැනු ළමයෙක් සනීපාරක්ෂක තුවා ඇසුරුමක් අරගෙන එය තවත් කොළයකින් ඔතලා තමයි තමන්ගේ බෑග් එකට දා ගන්නේ. ඒක ඒ තරම් ළමයෙකුට ලැජ්ජාශීලීි දෙයක්.

Miss World තරගයෙන් ඔබ ජයග්‍රහණය කළොත්?

තවම ලංකාව ජාත්‍යන්තරව Miss World කිරුළක් ලබාගෙන නැහැ. Miss World තරගවලට රටක් වශයෙන් අපි ඉදිරිපත් වුණත් ලොකු අවදානයක් ලබාගෙනත් නැහැ. බොහෝ දෙනෙක් තවමත් හිතන්නේ ඇඳුමක් ඇඳගෙන වේදිකාවේ ඇවිදීමක් පමණයි මේ තරගවලින් වෙන්නෙ කියලා.

මොනවද අනුදිගේ අනාගත බලාපොරොත්තු?

Miss World වැනි තරග තුළින් අපේ රටට කීර්තියක් ලබාදෙන එක විතරක් නොවෙයි, ඩොලර් ආදායමක් අපේ රටට ගෙනත් දෙන්නත් පුළුවන්. ඒකත් මගේ බලාපොරොත්තුවක්.රැකියාවක් විදිහට ඉදිරියේදී ලංකාවේ විදේශ කටයුතුවලට සම්බන්ධ වෙන්න අදහසක් මට තියෙනවා. නිරූපණ හෝ රංගනයට සම්බන්ධ වෙන්න අදහසක් නැහැ. තව දුරටත් අධ්‍යාපනය ලබන්න සහ සාමාන්‍ය ගැහැනු ළමයෙන් වගේ ජීවත්වීම තමයි අරමුණ.

හරින්දී ලියනගේ ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සීත අරණේ සුපුල් නාමල ඔබට සුබ ගමන්…..

June 2, 2025

සිංදුව ප්‍රසිද්ධ කරගන්න කකුල පෙන්නන්න ඕන නෑ

May 26, 2025

ටොක්සික් රිලේෂන්ෂිප් වෙනුවට මම මගේ දරුවව තෝරගත්තා

May 19, 2025

ජීවිතේ ප්‍රශ්න ආවත් ඒ ගැන හිත හිතා දුක්වෙන කෙනෙක් නෙවෙයි මම

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?