නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

Published April 21, 2025

සංගීතා වීරරත්න

තමන් කරන වෘත්තිය මොකක් වුණත් එයට කැපවෙන මිනිස්සු අද හරිම අඩුයි. එහෙම කැපවෙන කෙනෙකු සිටියොත් ඔවුන් ඉන්න ක්ෂේත්‍රයේ ඉදිරියට යෑම සහ කැපීපෙනීම වළක්වන්නට බැහැ.දේශීය සිනමාව බැලුවොත් එහෙම අය දැන් ඉන්නේ අතලොස්සයි. දේශීය සිනමාවට තවමත් සිටින ලස්සනම හිනාව හිමි නිළිය සංගීතා. ඇය එහෙම කෙනෙක්. සංගීතා බාරගන්න චිත්‍රපටයක් හෝ වේවා වෙළෙඳ දැන්වීම් හෝ වේවා ආරාධිත වැඩසටහනකට වුණත් ඇයගේ මේ කැපවීම හොඳින්ම දැකගන්න පුළුවන්.පසුගිය කාලේ ඇගේ කැපවීමේ තරම කොයිතරම්ද කිව්වොත් ටිකක් ශරීරයෙන් මහතට හිටපු ඇය 50 Shots නමැති තමන්ගේ පොතේ මැවුණු චරිත වෙනුවෙන් ඇගේ හැඩය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න පුදුම කැපකිරීමක් කළා.

සංගීතා මේ දවස්වල කොහොමද ජීවිතය?

මේ දවස්වල සාරංග දිසාසේකරගේ අලුත් චිත්‍රපටයේ රූගත කිරීම් කරන නිසා ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ වගේම අවුරුදු කුමරා කුමරි තරග කීපයකම ජජ් බෝර්ඩ් එකෙත් හිටියා. රූපවාහිනි නාලිකා කිහිපයකම අවුරුදු උත්සවවලටත් සහභාගී වුණා. මොන තරම් වැඩ තිබුණත් ඒ දේවල් මැනේජ් කරගෙන ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ඉදිරියට යනවා.

සංගීතා කොහොමද රංගනයට එන්නේ?

මම වයස අවුරුදු දහසයේදී තමයි රංගන ක්ෂේත්‍රයට එන්නේ. 1990 දී රෝයිද සිල්වා මහතාගේ ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම් චිත්‍රපටයේ තමයි මුලින්ම රඟපෑවේ. 1993 දී කමල් අද්දරාරච්චි එක්ක සප්ත කන්‍යා චිත්‍රපටයේ රඟපෑවා. ඒ කාලේ සප්ත කන්‍යා චිත්‍රපටයට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. අද වෙද්දී චිත්‍රපට පනහක පමණ මම රඟපාලා තියෙනවා.

සංගීතා කොහොමද එදා තරම් අදත් ලස්සනට ඉන්නේ?

ලස්සන වෙන්න ඕනම දෙයක් තමයි හිතේ සතුට. අපි සතුටින් නෙමෙයි නම් ඉන්නේ කොච්චර ස්කින් කෙයා රූටින් කළත් ලස්සන වෙන්න බැහැ. මම ජීවිතේ සැහැල්ලුවෙන් සතුටින් ගත කරන කෙනෙක්. ඒ නිසා තාමත් නිරෝගීව ඉන්නවා. පහුගිය කාලේ නම් ටිකක් මහත් වෙලා හිටියා. ඒත් මම මගේ පුහුණුකරු කිව්ව විදියටම වර්කවුට් කළා. ඒ වගේම ආහාර පාලනය කළා.

සමහර කෑම කන්න කොච්චර ආස වුණත් කෙට්ටු වෙන්න ඕන කියන අරමුණක් තිබ්බ නිසා හිත පාලනය කරගත්තා. මහත් වුණාම හිතන ඉක්මණින් කෙට්ටු වෙන්න බැහැ. ඒකට උත්සාහය වගේම කැපකිරීම් කරන්න පුළුවන් වෙන්න ඕන. කම්මැලිකමට ව්‍යායාම් නොකර හිටියොත් කෙට්ටු වෙන්න බැහැ. මගේ උත්සාහය නිසාම මාස හයක් ඇතුළත කිලෝ විසි හයක්ම අඩු කරගත්තා. අද වෙද්දී මගේ උසට ගැළපෙන විදියට බර තියාගන්න මං නිතරම උත්සාහ කරනවා.නිරෝගීකම නැත්නම් අනික් මොන දේවල් තිබ්බත් වැඩක් නැහැනේ.

දුවගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

දුව හරිම නිදහසේ ඉන්නේ.එයාට දැන් අවුරුදු පහළොවක් වෙනවා. මගේ දුව පෝෂි ඉගෙනීම් කටයුතු එක්ක තමයි කාලය ගත කරන්නේ. කලාවට එන්න කියල බලකිරීමක් නැහැ. එයාගේ ටාගට්වලට යන්න පිටිපස්සෙ ඉදන් උදව් කරනවා. පෝෂි මගේ කලා කටයුතුවලට කිසිම බාධාවක් කරන්නෙ නෑ. එයා හරිම ස්වාධීනයි. පොඩි කාලේ ඉඳන් එයාට ඕන දේවල් තනියම කරගන්න හුරුවෙලා ඉන්නේ.

මට වඩා දුව ගොඩක් වෙනස්. මගේ හැමදේකටම අම්ම පිටිපස්සෙන් හිටියා. ඒත් අම්ම හැම වෙලාවෙම අපි එක්ක ඉන්නේ නැහැනේ. අම්ම මාව දාල ගියාට පස්සේ මට ලොකු ශොක් එකක් දැනුණා. අම්ම නැතිව තනියම තීරණ අරගන්න හුරුවෙන්න මට සෑහෙන කාලයක් ගියා. ඒනිසා මම මගේ දුවව ඒ විදියට හැදුවේ නෑ. එයාට එයා ගැන හොඳ ආත්ම විශ්වාසයක් ඇතිව තීරණ ගන්න මම පිටිපස්සෙන් ඉදන් උදව් කළා. ඒ වගේම රොෂාන්තගේ අම්මත් උදව් කරනවා දුවව බලාගන්න.

රොෂාන්තගෙන් ලැබෙන සහයෝගය ගැන කිව්වොත්…

රොෂාන්තගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. චිත්‍රපටයක රූගත කිරීම් නිදහසේ කරන්න මනස නිදහස් වෙන්න ඕන. මම නැති වෙලාවට දුව බලාගන්නේ එයා. ඒක මට ලොකු ශක්තියක්. කිසිම වෙලාවක මට නීති දාලා මාව පාලනය කරන්න හදලා නැහැ. මගේ හැමදේකටම පිටිපස්සෙන් ඉදන් උදව් කරන්නේ එයා.

මිස් ශ්‍රී ලංකා, මිස්ටර් ශ්‍රී ලංකා තරග ආරම්භ කරලා නේද? ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මිස්ට ශ්‍රී ලංකා අවුරුදු දෙකකට සැරයක් තමයි අපි තියෙන්නේ. මිස් ශ්‍රී ලංකා මේ අවුරුද්දේ කරන්න හිතාගෙන ඉන්නවා.දැනටමත් මිස් ශ්‍රී ලංකා ඔඩිෂන් එකට ගොඩක් ඇප්ලිකේෂන් ඇවිල්ලා තියෙන්නේ. ඒකට ලොකු තරගයක් තියෙනවා.

සංගීතා වීරරත්න තවමත් සිනමාවට අවශ්‍ය චරිතයක්. ඒකට හේතුව මොකක්ද?

ඔව් මේ වෙද්දී නවක නළු නිළියෝ ගොඩක් ඉන්නවා. ඒ අය අතර මාව මතක තිබීමත් සතුටට කාරණාවක්. රංගනයට මම හරි ආදරෙයි. අපි දෙයක් කරනවා නම් හරියට කරන්න ඕන. මම ඕනම වැඩක් බාරගත්තම මට පුළුවන් උපරිමයෙන් ඒකට කැපවෙනවා. කිසිම දෙයක් ඕනවට එපාවට කරන්නෙ නැහැ. මං හිතන්නේ ඒ නිසා තමයි මේ තරම් කාලයක් කලා ක්ෂේත්‍රය තුළ නම තියාගෙන ඉන්න පුළුවන් වුණේ.

වර්තමාන තරුණ පරපුරේ රංගන ශිල්පීන් ගැන මොකක්ද ඔබේ අදහස?

අද වෙද්දී ගොඩක් දක්ෂ රංගන ශිල්පීන් ඉන්නවා. ඔවුන්ගේ දක්ෂතාවලට ඇගයීම් සම්මාන ලැබෙනවා. නමුත් සිනමා තරුවක් වෙන්න නම් දක්ෂතාව පමණක්ම ප්‍රමාණවත් වෙන්නෙ නැහැ. තරු ගුණය තියෙන්න ඕන.

අත්දැකීම් කැපවීම් එක්ක දක්ෂතාව හදාගන්න පුළුවන්. නමුත් තරු ගුණය එහෙම හදාගන්න බැහැ. ඒක ආයාසයෙන් ආරෝපණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ප්‍රේක්ෂකයාට රංගන ශිල්පියෙක් ගැන කැමැත්තක් ඇති වෙන්නේ නිරායාසයෙන්මයි. රංගන ශිල්පීන් වැහි වැහැලා හිටියත් මේ තරු ගුණය තියන අය ඉන්නේ අතළොස්සයි.

කොහොමද ජීවිතේ ගැන දැනෙන්නේ?

අද හරි දියුණු තාක්ෂණයක්නේ තියෙන්නේ. ටිකක් ප්‍රසිද්ධ කෙනෙක් නම් ඕන දෙයක් ඉන්ටනෙට් එකෙන් දැනගන්න පුළුවන්. ගොසිප් වලින් පවා විස්තර දැනගන්න පුළුවන්. මම වැරදි දෙයක් කරල නැහැ.හැමතිස්සෙම හරි දෙයක් කරන්නයි මම උත්සාහ කළේ. ඒ නිසා ජීවිතේ ආපස්සට හැරිල බලද්දී මට මං ගැන සතුටුයි. කාන්තාවක් විදියට මට අනික් අයට කියන්න හියෙන්නේ තමන්ගේ හීනවලට යන්න බය වෙන්න එපා. උත්සාහය කැපවීම තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. හීන සැබෑ කරගන්න එතකොට ඔයාටත් පුළුවන්.

පවනි දිලේකා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජීවිතේ ප්‍රශ්න ආවත් ඒ ගැන හිත හිතා දුක්වෙන කෙනෙක් නෙවෙයි මම

May 12, 2025

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?