නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දැන් මම ගොඩක් මහන්සිවෙලා වැඩ කරන්න කැමති නෑ – දීපිකා ගුණසේකර
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

දැන් මම ගොඩක් මහන්සිවෙලා වැඩ කරන්න කැමති නෑ – දීපිකා ගුණසේකර

Published September 18, 2023

වසර 40 කට වඩා වැඩි කාලයක් මේ රටේ රූපලාවන්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් තමන්ගේ දැනුම” කාලය” ශ්‍රමය කැප කළ චරිත හරි අඩුය.එසේ සිටියත් ඔවුන් බොහෝදෙනා මේ වනවිටත් දරු මුණුබුරන්ගේ ජීවිතවල යහපත වෙනුවෙන් ක්ෂේත්‍රය හැරගොස්ය. එහෙත් දීපිකා ගුණසේකර වන ඇය එදා මෙන් කාර්යබුල නොවුණත් තවමත් මනාලියන් හැඩගැනිවීමේ කාර්යයේ ප්‍රමුඛයන් අතර සිටුනු දැකගත හැකිය. එයට හේතුවී ඇත්තේ නව පරපුරේ අය සමඟ ගණුදෙනු කළ හැකි ලෙස ඇගේ දැනුම යාවත්කාලීන කරගෙන තිබීම සහ අලුත් කලාව හොඳින් ප්‍රගුණ කර තිබීමයි.

තම එකම දියණිය ඇය අභිබවා ක්ෂේත්‍රයෙ ඉදිරියට යන ආකාරය හරිම ආඩම්බරයෙන් බලා සිටින ඇය මේ වනවිට වඩාත් සතුටු වන්නේ හසිනිගේ දියණියන් දෙදෙනා නිසා ඇය ලැබූ නව පදවිය නිසාය. තම එකම පුතුගේ අලුත් වූ ජීවිතය දෙසත් සතුටින් බලා සිටින ඇය හැමදාමත් කියන්නේ ඇගේ ආදරණීය සැමියා සුරාජ් ගුණසේකර නොසිටින්න ඇයට මනාලියන් හැඩගැන්වීම සහ කේක් නිර්මාණ ඉදිරිපත් කිරීම ව්‍යාපාරික මට්ටමෙන් කවදාවත් කළ නොහැකි බවය.“මම කොහොමත් හොඳ මැනේජර් කෙනෙක් නම් නෙවෙයි’ මට පුළුවන් ටක්බක් ගාලා කොණ්ඩේ දාන්න, අත්කම් කරන්න වගේ වැඩ තමයි” සුපුරුදු සිනහාවෙන්ම ඇය මෙලෙස කතා කරන්නේ වසර 68 ක් පුරා විහිඳුණු ඇගේ ජීවිත අත්දැකීම් ගැනය.

දීපිකා කොහොමද? මේ දවස්වල මෙනවද කරන්නෙ?

ඉස්සර වගේ ෆුල් ඩේ වැඩ කරන්නෙ නැහැ මම. ඒත් හාෆ් ඩේ මහන්සි වෙලා වැඩ කරනවා. ඉතිරි කාලයේ මං මොනවාද ඉස්සරහට කරන්නෙ ඕනේ, මට මඟහැරුණ දේවල්, මගේ විනෝදාංශ කරන්න කාලය ඉතිරි කරගන්නවා. ඉස්සර වගේ උදේ පාන්දර ඉඳන් දවසකට මනමාලියෝ විස්ස තිහ අන්දන්න කොහොමත් ආසාවක් දැන් නැහැ මට. අද ඉන්න මනමාලියෝ කොහොමත් අඳින්න එන්නේ පාන්දර එකට දෙකට. ඒ නිසා උදේ හය විතර වෙනකොට අපේ වැඩ ඉවරයි.

ඒ කියන්නේ දැන් දීපිකා ලොකුවට බ්‍රයිඩල් කරන්නෙ නැහැ කියන එකද ?’

එහෙමත් නැහැ. තාමත් මම බ්‍රයිඩල් කරනවා. බ්‍රයිඩ්ල් කරන දවසට ෆුල් ඩේ මම මහන්සි වෙනවා. එදාට වෙන මුකුත් එපොයිමන්ට්ස් දාගන්නෙ නැහැ.

ඔබට දැන් විවේකය තියෙන නිසා අත්කම් වැඩ කොහොමද සිද්ධ වෙන්නෙ…

තාමත් ඒවායේ කිසි වෙනසක් නැහැ. ඉස්සර වගේම ඉඩක් ලැබුණු ගමන් මම ආසාවෙන්ම කරන්නෙ හෑන්ඩ් ක්‍රාෆ්ට් තමයි.

දුවගෙයි පුතාගෙයි ජීවිතය ගෙවෙන විදිහ ගැන අම්මා කෙනෙක් විදිහට ඔබ සතුටින්ද ඉන්නෙ ?

ඔව්. හසිනි ගැනයි සහන් ගැනයි මම සතුටුයි. ඇත්තටම එයලගේ ජීවිත හරිම ඉන්ට්‍රස්ටින්. එයාල ලොකුවුණා, දැන් වගකීම් ගන්නවා. කාලය ගෙවුණා දැනුණේ නැහැ. හසිනිගෙ ලොකු දුව දැක්කහම මට මතක් වෙන්නෙ හසිනිගේ පොඩි කාලෙ. චූටි දුවත් අපට හරි එකතුයි. එයාලගෙ ජීවිත මං හිතුවටත් වඩා හොඳින් ගලාගෙන යනවා. හසිනිට ලැබුණ හස්බන්ඩ් අපට හොඳ පුතෙක්. සහන්ගේ වයිෆ් අපට හොඳ දුවෙක්.

දීපිකා එදා වගේම තවමත් හරිම ප්‍රියමනාප චරිතයක්. තවමත් සුන්දර කාන්තාවක්. ඒකෙ රහස මොකක්ද?

ලස්සන වෙන්නෙ කියල ක්‍රීම් මුකුත් ඒ කලෙ ඉඳලම මම පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. පාවිච්චි කළත් පාවිච්චි කරන්නෙ ස්වාභාවිකව මමම හාදාගත්තු දෙයක් විතරයි. කෑම බීම වුණත් චාම් විදිහට තමයි අපි ගන්නෙ. ඒ වගේම මම අවුරුදු 15 ක වගේ ඉඳලා එකදිගට යෝගා කළා. ඒත් ඒක කොරෝනා එක්ක නතර කරන්න සිද්ධ වුණා. හැබැයි දැන් හිතෙනවා අපහු යෝගා කරන්න පටන්ගන්න ඕන කියලා. ඒක මගේ ජීවිතයට මානසිකව, කායිකව වගේම සෞඛ්‍යයටත් බලපෑමක් ඇති කළා. මම හිතන්නෙ යෝගා කියන්නෙ ජීවිතයට අවශ්‍යම දෙයක් කියලා. එතකොට අපට වයසට වඩා පෙනුමට ඉන්න පුළුවන්.

හස්බන්ඩ්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?

දැන්නම් එයා ටිකක් ලෙඩ ගානෙ ඉන්නේ. ඒත් ඉස්සර සුරාජ් දුන්නු සපොර්ට් එක නැත්නම් අද දීපිකා ගුණසේකර කියල කෙනෙක් නැහැ. ඇත්තටම ඒක මම කියන්නම ඕන දෙයක්. මම පරිපාලනය ගැන කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙක්. මම දන්නෙ මහනිසිවෙලා වැඩ කරන්න විතරයි. ඒ නිසා සුරාජ් තමයි මගේ සැලොන්වල මැනේජ්මන්ට් පැත්ත බලුවේ. ඒ නිසා මම මනස නිදහසේ තියාගෙන මගේ වැඩ කළා. දැන් වැඩ කරනවා අඩු නිසා එයාගෙන් ලොකු සපෝර්ට් එකක් ඕන වෙන්නෙ නැහැ. ඒ නිසා එයාට ගෙදර විවේකයෙන් ඉන්න පුළුවන්.

ඔබේ ජීවිතය දැන් ආගමික පැත්තට වඩා නැඹුරුයි කිව්වොත්…

ඔව්. ඒක හරි. කොහොමත් ඒ කාලෙ ඉඳලම මගේ ජීවිතයෙන් කාලය භාවනා කරන්න වෙන් කරලා තිබුණා. ආගමික පැත්තට පොඩි කලෙ ඉඳලම නැඹුරුවක් මට තිබුණා. දැන් ඉතින් ගොඩක් වැඩ කරන්න, බීසි වෙන්න ආස නැති නිසා ජීවිතයෙන් වැඩි බරක් ධර්මානුකූලව ගෙවන්න, ආගමික කටයුතුවල නිරත වෙන්න දීලා තියෙනවා.

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට දැන් ඉන්න බ්‍රයිඩ්ස්ලගෙ වෙනසක් ඔබ දකිනවාද

ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩක් තරුණ ළමයි කැමති සිම්පල් බ්‍රයිඩ් කෙනෙක් වෙන්න. ජුවලරි අඩුවෙන්, මේක්අප් අඩුවෙන් පාවිච්චි කරන්න. දැන් බ්‍රයිඩ්ස්ලා කැමති අර්ත් කලර්ස්වලට. ඉස්සර වගේ නෙමෙයි දැන් කලාතුරකින් තමයි තමන්ගෙ පාටට වඩා සුදු කරන්න කියන බ්‍රයිඩ් කෙනෙක් අන්දන්න අපට හම්බවෙන්නෙ. කොරෝනාවලින් පස්සෙ ගොඩක් මිනිස්සු සරල වුණා කියලයි මට හිතෙන්නෙ. දැන් ඉන්න තරුණ ගෑනු ළමයි ලස්සන කියන්නේ නැචුරල් බියුටි එකට. ඒක හොඳ තත්ත්වයක්.

දීපිකා ඔබ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු විදිහට අලුතෙන් ඔබේ ක්ෂෙත්‍රයට එන අයට මොනවද දෙන උපදෙස්

ඉස්සර නම් අපේ ක්ෂේත්‍රයේ අපටත් පේන්න දකින්න තිබුණේ එකම නම් කිහිපයක් විතරයි. ඒත් දැන් එහෙම නැහැ. දක්ෂ ළමයි ගොඩක් දැන් ඉන්නවා. අලුතෙන් දේවල් හිතලා අලුත් විදිහට නිර්මාණ කරන ගැහැනු ළමයි, පිරිමි ළමයි දැන් වැඩියි. මං හිතන්නෙ ඒකට හේතුව සෝෂල් මීඩියාවල ඇතිවූ ජනප්‍රියත්වය. අපේ රට ලෝකය විවෘත වීම. ඉස්සර අපිට වගේ නෙමෙයි එයාලට දැන් ඉගෙන ගන්න ගොඩක් විදි තියෙනවා. ඒ නිසා එයාලා නිතරම අප්ඩේට වෙනවා.

හරින්දී ලියනගේ

TAGGED: beautician, දීපිකා ගුණසේකර
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad1
Happy2
Sleepy0
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?