නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: මමයි පූජනීයි ලබන අවුරුද්දෙ බඳිනවා – ගයාන් ගුණවර්ධන
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
තරු විසිතුරු

මමයි පූජනීයි ලබන අවුරුද්දෙ බඳිනවා – ගයාන් ගුණවර්ධන

Published September 11, 2023

ගයාන් ගුණවර්ධන හඳුන්වාදෙන්න මොනවද මම ලියන්න ඕන කියල හිතන එකත් එක්තරා විදිහකට මෝඩ වැඩක්. ගයාන් මේ වනවිට ගායකයෙකුටත් වඩා ජනප්‍රිය රංගන ශිල්පියෙක්.

ඒ නිසා මට හිතෙන්නෙ ගයාන් තාත්තගෙන් ලැබුණු පිය උරුමයත් යම්තාක් දුරකට මගහැරගත්තා කියලයි. හැබැයි ඔහුට ඒ උරුමයෙන් මොහොතකට හෝ මිදෙන්න තවදුරටත් නොහැක්කේ නුවන් ගුණවර්ධනයන්ගේ ගීත ඒ ආකාරයෙන්ම ගැයීමේ සහජ හැකියාව ගයාන් සතුව ඇතිවීම නිසයි.

මේ වෙනවිටත් ගයාන් විතරක් නොවෙයි ගයාන්ගෙ අක්කා දුලාරි ගුණවර්ධනත් තාත්තා වෙනුවෙන් ගී යන්න සූදානම් වෙලා.ඒ නොවැම්බර් මාසෙ 18 වැනිදා නුවන් ගුණවර්ධන වෙනුවෙන් පැවැත්වෙන උපහාර උත්සවයේදි.

අක්කයි මල්ලියි ප්‍රථම වතාවට එකම වේදිකාවක ගීතවත් වන හැටි සහ තාත්තාගේ අඩුව ඔවුන්ගේ ජීවිතවලට දැනෙන හැටි මෙලෙස නවලියට ගයාන් සහ දුලාරි කතා කළා.ගයාන් අපිට කතා කරමින් කියා සිටියේ සංසාර සංචාරේ ගීතයට ලැබෙන ප්‍රතිචාර පිළිබඳවයි.

සංසාර සංචාරේ පද රචනය කළෙත්, නිෂ්පාදනය කළෙත් රජිත් චතුරංග. සංගීතවත් කළේ ගයාන් රැන්ඩි පෙරේරා. මියුසික් වීඩියෝ එක කළේ සන්දේශ් බණ්ඩාර. මමයි පූජනීයි තමයි මියුසික් වීඩියෝ එකේ රඟපෑවෙ. මේකෙන් කියවෙන්නෙ සරල ආදර කතාවක්. සෑහෙන කාලෙකට පස්සෙ තමයි මම ගීතයක් නිර්මාණය කළේ.

ඔය කියන විදිහට ගයාන්ට ගීත කරන්න කාලය නැති වුණේ ටෙලිනාට්‍ය නිසාද?

ඔව්. 2017 ඉඳලා එකදිගට ටෙලිනාට්‍යවලට මම සම්බන්ධ වුණා. පළවෙනි ටෙලිනාට්‍ය ගීතය කියපු වෙලාවෙත් නවලිය මට ආටිකල් එකක් දුන්නා. ඒ වගේම තාත්තගෙ නැතිවීමත් ඒකට බලපෑවා. තාත්තා නැතිවුණේ ගිය අවුරුද්දෙ දෙසැම්බර් 8 වෙනිදා.

තාත්තා වෙනුවෙන් පැවැත්වෙන ප්‍රසංගය ගැන කතා කරමු

තාත්තා වෙනුවෙන් උපහාර ප්‍රසංගයක් කරන්න අපි සූදානම් වෙනවා. ඒ BMICH‍ එකේ නොවැම්බර් 18 වැනිදා හවස 6 ට. කාවින්ද්‍යා අධිකාරි, සජිත ඇන්තනී, සචින් චතුරංග, කුසල් මදුරංග, ගයාන් උඩවත්ත, ඉඳුවර සූරියබණ්ඩාර වගේ අය ආරාධිත ගායන ශිල්පීන් විදිහට සම්බන්ධ වෙනවා.

මගේ සංගීත කණ්ඩායම Rawds තමයි සංගීතයෙන් දායක වෙන්නෙ. ප්‍රසංගය ඉදිරිපත් කරන්නෙ ධනංජය සිරිවර්ධන. ගීත ගායනා කිරීමට අමතරව තාත්තගෙ කටහඬින් කරපු පොඩි පොඩි දේවල් කිහිපයකුත් ප්‍රසංගයට එකතු කරල තියෙනවා. ඒ වගේම තාත්තා අපිට ඉතිරි කරලා ගියපු සංවේදී සටහන් කිහිපයකුත් ප්‍රසංගය අතරෙ අපි ඉදිරිපත් කරනවා.

අලුත් ටෙලිනාට්‍ය බාරගත්තෙ නැද්ද?

මේ මාසෙ ඉඳලා මගේ අලුත් ටෙලිනාට්‍යක රූගත කිරීම් පටන්ගත්තා. එය දෙරණ නාලිකාවේ විකාශය වෙනවා. 2021 – 22 වෙනකල් එකදිගටම මම ටෙලිනාට්‍ය එක්ක කාර්යබහුල වුණා. ටෙලිනාට්‍ය දහයක් විතර කළා.

පාරදිගේ ටෙලිනාට්‍යට ඉහළම ප්‍රතිචාරත් ලැබුණා. ඒ නිසා ගීත නිර්මාණත්, ප්‍රසංග වේදිකාවත් මට මගහැරුණා. මේ වෙද්දි ටෙලිනාට්‍ය වැඩිය බාරගන්නෙ නෑ. චිත්‍රපටියකට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී ප්‍රසංග වේදිකාවටත් ප්‍රසංග සංවිධානයටත් මම වැඩි කාලයක් දෙනවා. ඊට අමතරව විදේශ සංචාර කිහිපයකුත් මේ වෙනකොට ලැබිලා තියෙනවා.

තාත්තගේ නැතිවීමේ අඩුව කොහොමද ගයාන්ගෙ ජීවිතේට දැනෙන්නෙ?

ඒක සෑහෙන්න මට දැනෙනවා. මොකද මම තාත්තා එක්ක ගොඩක් සමීපව ගණුදෙනු කළ චරිතය නිසා. තාත්තා එක්ක විදෙස් සංචාර ගොඩකට මම සහභාගී වුණා. ලංකාවෙ ප්‍රසංගවලට තාත්තට ආරාධනා කළාම මම ගොඩක් දුරට එයාගෙ ඩ්‍රයිවර් වුණා.

අවසන් වතාවට එයා ගීත ගායනා කළේ මගේ සංගීත කණ්ඩායම එක්ක. ඒ අනුරාධපුරේ තිබුණ තාත්තයි පුතයි ප්‍රසංගයට. අපේ තාත්තා හරිම කාලීන චරිතයක්.

එයා නැතිවීමේ අඩුව කියල නිමකරන්න බෑ. දැන් මට දැනෙන්නෙ වහළක් නැති ගෙදරක ඉන්නවා වගේ. මොකද මට උපදෙසක් ගන්න මගේ උඩින් හිටපු චරිතය මගේ තාත්තා.

තාත්තගෙ නැතිවීමත් එක්ක අපේ ගෙදර ගොඩක් වගකීම් මට පැවරුණා. කොටින්ම කිව්වොත් මම දැන් නිල නොවන ගෘහ මූලිකයා වෙලා.

මොකද අම්මවයි අක්කවයි බලාගන්න ගමන් නුගා ශබ්ධාගාරයේ වැඩත් ඔක්කොම මට පැවරිලා. කොහොම වුණත් තාත්තගෙ අඩුව කවදාවත් මට පුරවන්න බැරි බව මට දැනිලා ඉවරයි. නමුත් මගේ උත්සාහය පවුලට උපරිමයෙන් ඒ යුතුකම් සහ වගකීම් ඉටු කරන්නයි.

ගයාන්ගෙ අම්මා කොහොමද තාත්තගේ හදිසි වියෝව දරාගත්තෙ?

පැහැදිලිවම කිව්වොත් තාත්තා නැතිවුණ එකේ අඩුව 100% ක් ම දැනුනෙ අම්මට. ඔවුන්ගෙ විවාහ දිවියට අවුරුදු 40 ක් විතර ඇති. ඒ වසර 40 පුරාවටම තාත්තාගෙ හොඳම යාළුවා අම්මා අම්මගෙ හොඳම යාළුවා තාත්තා වුණ නිසා ඒ බැඳීම හරිම පුදුමාකාරයි.

මේ වෙනකොට අම්මා මාර තනිවීමකින් ඉන්න බව අපි දන්නවා. අක්කත් ඩුබායිවල කළ රැකියාව නවත්තලා ලංකාවෙ ඉන්න තීරණය කළේ අම්මට දැනෙන පාළුව අඩුකරන්න ඕනෙ නිසා. අම්මව බලාගන්න ඕන නිසා.

අදටත් අපේ අම්මා උදේ පාන්දර නැගිටලා තාත්තා ගායනා කළ සින්දු අහනවා මම දැකල තියෙනවා. පින්තූරයක් දිහා බලාගෙන අඬනවා, කතා කරනවා මට ඇහිලා තියෙනවා. දැනටත් තාත්තගෙ කටහඬ ඇහෙද්දි මගේ පපුව පවා නවතින ගතියක් මට දැනෙනවා.

ගයාන්ගෙ Rawds බෑන්ඩ් එකට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

වෙස්ටන් එකොස්ටික් බෑන්ඩ් එක අපි පටන්අරන් අවුරුද්දක් විතර ඇති. වෙඩින් බෑන්ඩ් එකක් කියන තැනට තමයි අපි ඇවිල්ලා ඉන්නෙ. මොකද එහෙම වෙන්න ඇත්තෙ පාරදිගේ ටෙලිනාට්‍ය ඇතුළෙත් අපි වෙඩින්ස් ප්ලේ කරපු නිසා. ඒ නිසා අපිට ගතවුණ හැම මාසෙම වෙඩින් දහයක් පහළවක් විතර තිබුණා.

ලබන අවුරුද්දෙ සැප්තැම්බර් වෙනකල් වෙඩින්වලට බෑන්ඩ් එක බුක් කරල ඉවරයි. බෑන්ඩ් එකේ සමහර වැඩවලට උද්ධික ප්‍රේමරත්න, කුසල් මදුරංගත් අපි සම්බන්ධ කරගන්නවා. අපිටම අපේ ඔරිජිනල් සෝන්ග්ස් තියෙනවා.

බේස් වාදනය කරන්නෙ රෙහාම්. ඩ්‍රම්ස් ගහන්නෙ සෙව්නෙත්. රිදම් වාදනය දශේන්. ලීඩ් වාදනය මනුජ. කීබෝඩ් වාදනය ශම්මි. පර්කෂන් සහ ගායනය සචින්. රිදම් වාදනයෙන් සහ ගායනයෙන් ඉඳුවර, අමෝත් ඉන්නවා.

ඊට අමතරව බෑන්ඩ් එකේ ප්‍රමුඛයා විදිහට සහ ගායනයෙන් මම දායක වෙනවා. මගේ ගෙදරම තියෙන ශබ්දාගාරයෙ පටිගත කිරීම්, කවර් සෝන්ග්ස් රෙකෝඩින්, ගිටාර්, කීබෝඩ් සහ හඬ පුහුණු සංගීත පන්ති පැවැත්වෙනවා.

කලා වැඩවලින් මිදුණම ගයාන් මොනවද කරන්නෙ?

දැන්නම් නිදාගන්නවත් කාලය නැති තරම්. නිදහසේ ඉන්නත් ආසයි. නිදහසක් ලැබුණොත් මම කරන්නෙ කාමරේට ගිහින් ටීවි එක දාගෙන ෆිල්ම් එකක් බලන එක. ඒ කාලයට මම හරි ආසයි. මම සාමාන්‍යයෙන් ඕගනයිස් මනුස්සයෙක්.

සංගීත වැඩයි රංගන වැඩයි සියල්ල මම තනියම කරන්නෙ. කොටින්ම කිව්වොත් මගේ මැනේජර් මමම තමයි. මේ වෙනකොට මගේ සහෝදරියගෙ මැනේජරුත් මම. මම කැමතියි අක්කත් මේ රටේ දක්ෂ ගායිකාවක් වෙනව දකින්න.

ගයාන් සහ පූජනීගේ වෙඩින් එක කවද්ද?

ඒක කවුරුත් බලාගෙන ඉන්න කවුරුත් දැනගන්න කැමැත්තෙන් ඉන්න ප්‍රශ්නයක්. මායි පූජනියි ලබන අවුරුද්දෙ බඳිනවා. ඔන්න ඒ කතාව මුලින්ම කිව්වෙත් නවලියට.

 මම කොහොමත් කීබෝඩ් හීරෝ කෙනෙක් – දුලාරි ගුණවර්ධන

දුලාරි කොහොමද තාත්තගෙ ෂෝ එකට ලැහැස්තිය?

මීට කලින් මම ප්‍රසංගවල සින්දු කියල නෑ. මේ මගේ පළවෙනි අත්දැකීම. 2018 තිබුණ තාත්තයි පුතයි කොන්සර්ට් එකේදි මෙයාල මාව ස්ටේජ් එකට ගෙනල්ලා සප්‍රයිස් එකක් විදිහට සෝන්ග් එකක් කියන්න කිව්වා. ඒකනම් එදා කළා. මෙදා සැරේ කොන්සර්ට් එකේදි මම සින්දු පහක් තාත්තා වෙනුවෙන් කියනවා. මේ දවස්වල ඒ සින්දු ප්‍රැක්ටිස් කරන එක තමයි කරන්නෙ.

මල්ලිගෙන් සහ බෑන්ඩ් එකෙන් ලොකු සපෝට් එකක් මට ලැබෙනවා. මට අවුරුදු 17 දි වගේ මම ඩැඩා එක්ක සින්ග් කරල තියෙනවා. ඒ මෙහෙන්දි ෆන්ක්ෂන්වල. ඊටපස්සෙ ඒ සේරගෙන්ම මම ඈත් වුණා. මම ගොඩක් කියන්නෙ හින්දි සින්දු. සිංහල සින්දු කියනවා හරිම අඩුයි. මම කොහොමත් ආසයි සින්දු රසවිඳින්න. ෂෝ එකේදිත් මම ගොඩක් කියන්නෙ ඩැඩාගෙ සින්දු. මොකද මගේම කියල නිර්මාණ මට නෑ.

දුලාරිට අම්මගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

මගේ අම්මා තමයි තාත්තට හිටපු හොඳම රසිකාවිය. තාත්තගෙ ගීත මුලින්ම සහ වැඩියෙන්ම රසවින්දෙත් ඇය. ඒ නිසා දැන් වුණත් මම තාත්තගෙ ගීත කියන්න පුරුදු වෙනකොට ඇය අඩුපාඩුකම් හදනවා.

ඇය තමයි මගේ ශක්තිය. මම ඉමෝෂනලි සින්දු කියන කෙනෙක් නෙවේ. ඒ නිසා අම්මා ළඟ ඉඳගෙන සින්දුවල තේරුම් කියලා ඉමෝෂන් එකතු කරන්න කියන එක මට හරි වටිනවා. අම්මා නිතරම කියන්නෙ සින්දුවක් කියනකොට හදවතින්ම කියන්න කියල.

දුලාරි මොනවගේ කෙනෙක්ද?

මම කැමති කිසිම බරක්පතළක් නැතුව ජීවත් වෙන්න. ඩැඩාගෙ සින්දු අහගෙන හැදුණ ළමා කාලයට මට ආයෙත් යන්න තියෙනව නම් මම දුවගෙන යනවා. කාලා බීලා හවසට සින්දුවක් කියල ඒ ගෙවුණ කාලයට අදටත් මම ගොඩක් ආදරේ කරනවා.

දුලාරිට දැන් තියෙන වගකීම් මොනවද?

දැන්නම් අපිට ජීවිතේ වගකීම් ගොඩක් තියෙනවා. මට ෆැමිලි එකේ වගකීමක් තියෙනවා. මගේ කැරියර් එකේ වගකීමත් තියෙනවා. මම මේ වෙනකොට විවාහයෙන් ඉවත්වෙලා ඉන්නෙ.

මම ෆුල් ටයිම් සොෆ්ට්වෙයා ජොබ් එකක් කරන කෙනෙක්. තවමත් මම රස්සාවට යනවා. ඔෆිස් එක තියෙන්නේ කටුබැද්දෙ.

ඒක USA කම්පැණි එකක්. මම ඒ රැකියාවට ආසයි. මම කොහොමත් කීබෝඩ් හීරෝ කෙනෙක්. ක්ලයන්ට් අකවුන්ට් මැනේජර් කෙනෙක් විදිහටත් සොෆ්ට්වෙයා ඩිවෙලොපර් කෙනෙක් විදිහටත් මම වැඩ කරනවා.

තරු දරුවෙක් විදිහට ඔයාගෙ වටිනා කාලය සංගීතය පැත්තෙන් අපතෙ ගියා කියල හිතෙන්නෙ නැද්ද?

ඔව් ඇත්තටම එහෙම හිතෙනවා. ඩැඩා කතා කරපු කාලෙ එයා එක්ක සින්දු කියන්න ගියා නම් සංගීතයත් ඉගෙනගන ඉස්ටෘමන්ට් එකකුත් ප්ලේ කරලා ලංකාවෙ සෙලිබ්‍රිටි දරුවෙක් වෙන්න මටත් තිබුණා. නමුත් දැන් හරි ඒක ලැබුණ එක ගැන මට සතුටුයි. ඒක මගේ වැරදි තීරණයක ප්‍රතිඵලයක්.

අවස්ථාවක් ලැබුණොත් අද වුණත් “ඩැඩා හරි අපි සින්දු කියමු” කියන්න මම දැන් දෙපාරක් හිතන්නෙ නෑ. ටැලන්ට් එක නැතුව නෙවෙයි මම ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තෙ නෑ. මේ තමයි මගේ හරි ටයිම් එක. ඩැඩාගෙ නමයි ගයියගෙ නමයි ගෙනියන්න මට පුළුවන් උපරිමයෙන් දැන් මම සින්දු කියනවා.

දුලාරිගෙ ජීවිතේ අලුත් බලාපොරොත්තු තියෙනවද?

ලොකු බලාපොරොත්තු නෑ. මේ ෆීල්ඩ් එකට ඇවිත් නමක් හදාගන්නවා කියල ලොකු ආසාවකුත් නෑ. හැබැයි හිතේ කොනක තියෙනවා මගේම කියල සින්දුවක් දෙකක් කරන්න. ඒ අපේ ස්ටුඩියෝ එකේ මල්ලිගෙ බෑන්ඩ් එකත් එක්ක. කොන්සර්ට් එකෙන් පස්සෙ ඒ වැඩේ ගැන ෆෝකස් කරනවා.

හරින්දී ලියනගේ





 

TAGGED: music, ගයාන් ගුණවර්ධන
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මම සිංදු කියනකොට තාත්තා තාමත් අඩනවා – අංජලී හේරත්

September 25, 2023

මට ආපු සෝෂල් මීඩියා කොමන්ට්ස් නිසා අම්මටයි,තාත්තටයි ගොඩක් හිත් රිදීම් ඇති වුණා – හරිත් විජේසිංහ

September 25, 2023

දැන් මම ගොඩක් මහන්සිවෙලා වැඩ කරන්න කැමති නෑ – දීපිකා ගුණසේකර

September 18, 2023

“රම්බරී” ට ලැබුණු නෙගටිව් කොමන්ට්ස් මාව මේ තැනට ගෙනාවා – මනුරංග විජේසේකර

September 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?