නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඉගෙනීමයි, ලස්සනයි එකට එකතු වුණාම ගෑනු ළමයෙකුට ජීවිතය දිනන්න පුළුවන්- තිළිණි කුමාරි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

ඉගෙනීමයි, ලස්සනයි එකට එකතු වුණාම ගෑනු ළමයෙකුට ජීවිතය දිනන්න පුළුවන්- තිළිණි කුමාරි

Published October 7, 2024

Miss International 2024

මෙවර මොඩ්ල් සර්ච් ඉන්ටර්නැෂනල් යටතේ මිස් ඉන්ටර්නැෂනල් 2024 ටයිට්ල් එක දිනාගත්තෙ තිළිණි කුමාරි. නිරූපණ ක්ෂේත්‍රයේ නියැලුණත් අධ්‍යාපනය පැත්තෙනුත් යන්න පුළුවන් ඉහළම දුරකට ගිහින් තිබීම ඇගේ විශේෂම දෙයක්. අද කතාව ඇයත් සමග…

තිළිණි මුලින්ම කියන්නකො ඔයාගෙ විස්තර ටිකක්…

මගෙ නම තිළිණි කුමාරි ශෙහාරා. ගොඩක් අය කියන්නෙ ටිනී කියලා. මගේ ගම පිළිමතලාව. නමුත් කොළඹ තමයි රැකියාව කරන්නෙ. මට ඉන්නෙ අම්මයි මල්ලියි. මේ වෙද්දි මම විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරියක් විදිහට වැඩ කරනවා. ඒ විශ්වවිද්‍යාලයේම කළමනාකාර තනතුරු දෙකක් මට හිමියි.

මොකද්ද ඔබ ජයග්‍රහණය කළ පැජන්ට් එක?

මොඩ්ල් සර්ච් ඉන්ටර්නැෂනල් යටතේ මිස් ඉන්ටර්නැෂනල් 2024 තමයි මට ලැබුණු ජයග්‍රහණය. රටවල් විස්සකට අධික ප්‍රමාණයක් මේ තරගයට සහභාගි වුණා. අවසන් වටයට තරගකරුවන් 18 ක් තේරීපත් වුණා. Ms සහ Mrs දෙඅංශයම එකට තරග වැදුණේ. මේක තමයි අභියෝගාත්මකම දේ වුණේ මට.

කොහෙද තරගාවලිය පැවැත්වුණේ?

මේ පැජන්ට් එක තිබුණෙ ඉන්දුනීසියාවේ.

මේ වෙද්දිත් ඔබ නිරූපණ ක්ෂේත්‍රයේ නියැලෙනවද?

ඔව්. මේ වෙද්දිත් මම නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්නවා. මම මිස් ටුවරිස්ම් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2022 ජයග්‍රාහිකාව බවටත් පත් වුණා. එදා ඉඳලා මේ දක්වාම මම රුක්මල් සේනානායක සර් යටතේ නිරූපණය හදාරනවා. විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනෙ මේ පැජන්ට් එකට මාව නොමිනේට් කළේ මගේ නැෂනල් ඩිරෙක්ටර් නිර්මාල් බණ්ඩාර සහ කොරියොග්‍රැෆර් රොසෑන් ඩයස්.

තිළිණිගෙ අනාගත බලාපොරොත්තු මොනවද?

මං මේ වෙද්දි අධ්‍යාපනයෙන් ඉදිරියෙන්ම ඉන්න නිසා උගත් දෙයින් සමාජයේ දරුවන්ට තවත් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රංගනයෙන් වගේම නිරූපණයෙන් තවත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. භාත්ඛණ්ඩේ සංගීත් විශාරද විභාගය කරන නිසා ගායන අංශයෙනුත් යමක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. තරගය නිසා මගහැරුණු නිවේදන කටයුතුත් නැවත කරගෙන යනවා.

ඇයි මේ ක්ෂේත්‍රයට එන්න කැමැත්තක් ඇති වුණේ?

ඉගෙනීමට අමතරව ඇති දක්ෂතාවලින් ප්‍රයෝජන ගන්න ඕන වුණ නිසා. මට ආසාවක් තිබුණා තවදුරටත් මාව වර්ධනය කරගෙන ඉදිරියට යන්න.

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ටොක්සික් රිලේෂන්ෂිප් වෙනුවට මම මගේ දරුවව තෝරගත්තා

May 19, 2025

ජීවිතේ ප්‍රශ්න ආවත් ඒ ගැන හිත හිතා දුක්වෙන කෙනෙක් නෙවෙයි මම

May 12, 2025

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?