නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: තුන් තැනක හිටියත් දවසට එක සැරයක්වත් අපි හමුවෙලා ආදරය බෙදාගන්නවා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

තුන් තැනක හිටියත් දවසට එක සැරයක්වත් අපි හමුවෙලා ආදරය බෙදාගන්නවා

Published August 7, 2023

පසුගිය 02 වැනිදාට යෙදුණ නවලිය 41 වෙනි උපන්දිනය වෙනුවෙන් මුද්‍රණය කළ විශේෂ කලාපයේ කවරය සඳහා අපි මාධ්‍ය තුළ සිටිය යුතු වුවත් එයින් ඈත්ව සිටින සුවිශේෂී චරිතයකට ආරාධනා කළා. නමින් ජයමණි නිර්මලා පීරිස් නම් වන ඇය ප්‍රවීණ නිවේදක ජයන්ත පීරිස්ගේ ආදරණීය බිරිඳයි. පළමු වතාවට පුවත්පතක් හා සම්මුඛ වෙමින් ඇය තම ආදරණීය දියණියන් දෙදෙනා සමඟ නවලිය කවරය සරසන්නට ඉදිරිපත් වුණේ නවලියේ ඉදිරි ගමනට හෘදයාංගම සුබ පැතුම් එක්කරමින්….

සැඟවුණු චරිතයක් හැටියට ඔබ ගැන දැනගන්න හැමෝම කැමති වේවි…

මම ඉතින් කොළඹ ඉපදිලා කොළඹම හැදුන වැඩුන කෙනෙක්. හැබැයි මගේ තාත්තා මාතරිනුත් අම්මා බදුල්ලෙනුත් තමයි ඇවිත් තියෙන්නෙ. අපේ පදිංචිය වුණේ මහරගම. ඉගෙන ගත්තෙ නුගේගොඩ අනුලා විද්‍යාලයෙන්.

අධ්‍යාපන කටයුතුවලින් පස්සෙ….

නොහිතපු පැත්තකට තමයි යොමුවුණේ. අම්මල මාව විද්‍යා අංශයෙන් ඉදිරියට යවන්න හැදුවත් මම තෝරගත්තෙ වාණිජ විෂයයන්. ඒත් එක්කම මට ඖෂධ නීතිගත සංස්ථාවේ ආනයන අංශයේ රැකියාවක් හිමිවුණා. ඒ වෙද්දි මට අවුරුදු විස්සයි. .

ජීවන අත්වැල ප්‍රවීණ නිවේදක ජයන්ත පීරිස් ඔබේ ජීවිතයට එන්නෙ කොහොමද

ජයන්තගෙ අයියා ආරියදාස පීරිස් සහ මගේ තාත්තා බොහොම හිතවත්. ඒ හිතවත්කම නිසාම අපේ පවුල් දෙක අතරෙ ලොකු සම්බන්ධයක් තිබුණා. ඒ හරහා අපි අතරෙ ඇතිවුණ ප්‍රේම සම්බන්ධය විවාහයකින් කෙළවර කර ගන්න තරම් අපි වාසනාවන්ත වුණා.

දියණියන් දෙදෙනකුගේ මවක් වුණ ඔබට පවුලට පුතෙක් නැති අඩුව දැණුනෙ නැද්ද?

ලොකු දුව චතුරිකා ඉපදිලා අවුරුදු දෙකකට පස්සෙයි පොඩි දුව පූර්ණිකා මට ලැබෙන්නෙ. ඒ කාලෙ පුතෙක් ලැබෙනවා නම් හොඳයි කියලා මම අනන්තවත් හිතුවා. ඒත් එයාගෙ මූණ දැක්කට පස්සෙ අනේ කමක් නෑ දෙවනි වතාවටත් දුවෙක් හොඳයි කියල මට හිතුනා.

කොහොමද ඒ දෙන්නගෙ කුඩා අවධිය ගත වුණේ…

මේ ලෝකෙ හැම අම්ම කෙනෙක් වගේම ඒ දෙන්න උස් මහත් කරගන්න ලොකු බරක් හිතේ තියාගෙන මම කැප වුණේ රැකියාවටත් යන ගමන්. හැමදේකටම ජයන්ත හෙවනැල්ල වගේ ළඟින් හිටියා. වාසනාවකට ජයන්තගෙ අම්මා මට කවදාවත් නැන්දම්මා කෙනෙක් වුණේ නෑ. ඇය අපිත් එක්ක ජීවත් වෙමින් මගේ දුවල දෙන්නව හොඳින් රැක බලා ගත්තා.

කලාව රැකියා වුණාම කාර්යබහුල වීම සාමාන්‍ය දෙයක්. ඒ අතර ඔබේ සැමියා…

ඔහුත් ඒ කාලෙ එහෙමම තමයි. පුදුමාකාර අවිවේකී ජීවිතයක් ගත කළේ. මොකද ගුවන් විදුලියට අමතරව එයා නොයෙකුත් ප්‍රසංග වල නිවේදන කටයුතු සඳහා නිතර වේදිකාවට ගොඩ වුණා. ඒත් ඒ තත්ත්වය මුල ඉදලම තේරුම් අරගෙන හිටපු නිසා හැම වෙලාවකම ඔහුට රැකියාව නිදහසේ කරගන්න ඉඩ දීල මම ගෙදර දොරේ වගේම දරුවන්ගෙ වැඩත් කරගෙන රැකියාවේ නියැළුණා.

අද ඔබට පුතාලා දෙන්නෙක් ඉන්නවා…

අනේ ඔව්. ඒක කියන්නම ඕන. දුවල දෙන්නගෙ විවාහයන් එක්ක අපිට හමුවුණේ බෑණල දෙන්නෙක් නෙමෙයි පුතාලම දෙන්නෙක්. ඒ අතින් මමත් මහත්තයත් හරිම වාසනාවන්තයි. දුවල දෙන්න වගේම ඒ පුතාල දෙන්නත් අපි ගැන බොහොම ආදරයෙන් ගෞරවයෙන් හොයල බලල කටයුතු කරනවා.

අද ඔබ සියලු වගකීම් වලින් නිදහස්..

මම හිතන්න කාටවත් ජීවත් වෙන තුරා සියලු වගකීම් වලින් නිදහස් වෙන්න බෑ කියලයි. ඒත් මේ වෙද්දි ජීවිතයේ වැඩි බරක් වුණු දුවල දෙන්නගෙ වගකීම්වලින් නිදහස් වෙලා ඉන්නවා. අදටත් මම ඖෂධ ආනයනය කරන ආයතනයක ඖෂධ තාක්ෂණවේදිනියක් ලෙස සේවයේ යෙදෙනවා. මහත්තයා කැමති නිෂ්ශබ්ද පරිසරයක ජීවත් වෙන්න නිසා දුවල දෙන්නගෙ ගෙවල් වලට බොහොම කිට්ටුවෙන් අපි වෙනම පදිංචි වෙලා ඉන්න නිසා බිරිඳක් ගෘහණියක් විදියට මට ඔහු වෙනුවෙන් කරන්න බොහෝ දේ තියෙනවා. අනිවාර්යෙන්ම දවසකට සැරයක්වත් අපේ පවුල් තුන එකතුවෙලා හැමදේම කතා බහ කරල දුක සැප බෙදා හදාගෙන බොහොම සතුටින් ජීවත් වෙනවා.

රංගන ජීවිතේ වගේම පෞද්ගලික ජීවිතේ ගැනත් මම සතුටින්- චතුරිකා පීරිස්

කොහොමද ජීවිතේ…

ජීවිතේ සතුටින් ගෙවෙනවා. බිරිඳක් මවක් ගෘහණියක් විදිහට ගත්තොත් නම් වැඩ අධිකයි. කොච්චර වැඩ වැඩි වුණත් මේ දේවල් අපේනෙ කියල හිතෙද්දි හිතට දැනෙන්නෙ පුදුමාකාර සතුටක්.

අද දවසේ රංගනය පැත්තෙන් ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්…

මේ දවස් වල නම් මම රංගනයෙන් දායක වුණ නිර්මාණ විකාශය වෙන්නෙ නෑ. රිපීට් තමයි දකින්න ලැබෙන්නෙ. ඒත් ටී වී කමර්ෂල්, සෝෂල් මීඩියා වල නිතර ගැවසෙන කෙනෙක් විදියට ලැබෙන ප්‍රතිචාර යහපත් මට්ටමක තියෙනවා.

අම්මව ටීවී එකෙන් දකිනකොට දුව මොකද කියන්නෙ…

ඉන්නෙ එයාගෙ අම්ම කියල අඳුරගන්නවා. හැබැයි මම එතන වෙන බබෙක් එක්ක හිටියොත් ලොකු ප්‍රශ්නයක්. කෝ එතන ආරාධනා කියල අහනවා. මේ දවස් වල මමයි ගයානුයි ඉන්න කමර්ෂල් දෙකක් යනවා. ඒ දෙකේම අපි ඉන්නෙ වෙන බබාලත් එක්ක. ඒවා දැක්ක ගමන් කෝ ආරාධනා නෑනෙ කියනවා. ඒ වෙලාවට පුතේ ඒක ඇක්ටින් මේ රියල් ලයිෆ් එක ඒකෙ ඔයා අපේ ප්‍රින්සස් කිව්වම එයාට සතුටුයි.

ඔබ සහ ගයාන් රංගනය නිසා කාර්යබහුල වුණාම ගෙදර දොර ජීවිතේ…

ඇත්තම කිව්වොත් දුව ලැබුණට පස්සෙ මම මූලිකත්වය දෙන්නෙ ගෙදර වැඩ වලට. අපි දෙන්නගෙන් එක්කෙනෙක් අනිවාර්යයෙන්ම ගෙදර ඉන්නවා. දෙන්නම යන්න ඕන ගමනක් නම් අම්මට දුව බාර දීලා යනවා. උදව්වට කට්ටිය හිටියට දුවගෙ කෑම හදන්නෙ කවන්නෙ පොවන්නෙ නාවන්නෙ එයාගෙ රෙදි සෝදන්නෙ මමමයි.

සැබෑ ජීවිතේ බිරිඳ මව ගෘහණිය කියන භූමිකා තුනෙන් ඔබ වඩාත් කැමති…

මවගේ භූමිකාවට. ඇත්තටම දුවත් එක්ක ගතවෙන කාලය මොන තරම් සුන්දරද කියල වචනයෙන් විස්තර කරන්න අමාරුයි.

තවම ආරාධනා සෙල්ලම් කරන්න නංගියෙක් මල්ලියෙක් ඉල්ලල අඬන්නෙ නැද්ද?

මගේ නංගිගෙ පුතාල දෙන්න නිසා ආරාධනාට අයියෙකුයි මල්ලියෙකුයි ඉන්නවා. අපේ ඉස්සරහ ගෙදර ඉන්න බබා තමයි දුවගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. නිතරම ඉන්නෙ ඒ අයත් එක්ක නිසා මෙයාට පාළුවක් දැනෙන්නෙ නෑ.

පැමිණි ගමන් මඟ දිහා ආපහු හැරිල බැලුවොත්….

වෘත්තීය ජීවිතය වගේම පෞද්ගලික ජීවිතය පැත්තෙන් ගත්තත් මට මේ දේවල් අහිමියි කියල පසුතැවෙන්න කිසිම දෙයක් නෑ. පැමිණි ගමන් මඟ සාර්ථකයි ඒ නිසා මම හැම මොහොතකම ඉන්නෙ සතුටින්.

අද දවස යහපත්ව සතුටින් ගත කිරීම තමයි එකම අරමුණ – පූර්ණිකා පීරිස්

පූර්ණිකා නියෝජනය කරන්නෙ තාත්තාගෙ රැකියාව අක්ක යන ගමන් මගේ ගියොත් වැඩි ජනප්‍රියත්වයක් ලබා ගන්න පුළුවන් කියල හිතෙන්නෙ නැද්ද?

එහෙම වෙන්නත් තිබුණා. මම රංගනයෙත් නියැළිලා තියෙනවා. ඒත් මගේ වැඩි කැමැත්ත වගේම හැකියාව තියෙන්නෙ තාත්තගෙන් උරුම වූ නිවේදන වෘත්තියට.

පුතාල කියන්නෙම දඟයො. දඟයො දෙන්නෙක් එක්ක වැඩ කරන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. කොහොමද ඒ තත්ත්වයට මුහුණ දෙන්නෙ….

ලොකු පුතා ආදිත්‍යට දැන් අවුරුදු 10 ක්. චූටි පුතා අභිමන්‍යුට තවම අවුරුදු 02 යි. දෙන්නව බැලන්ස් කර ගන්න අමාරුම වෙලාව තමයි ආදි හෝම් වර්ක් කරන වෙලාව. මල්ලි නොතේරෙන කමට අයියගෙ පොත්පත් පෑන් පැන්සල් අදිනවා. ඒවට අයියා ටිකක් බයයි වගේම සැරයි. පොඩ්ඩව අඬවන්නෙ නැතුව ලොක්කගෙ වැඩ වලට උදව් කරන එක ඇත්තටම ස්ටේ‍රස්. කොහොම හරි බොහොම හොඳින් අපි ඒ දේවල් කරගන්නවා.

ගෙදර වැඩ වලට පේෂලගෙන් ලැබෙන සහයෝගය…

එයා ගෙදර ඉන්න වෙලාවට හැමදේකටම මට සපෝට් කරනවා. පුතාල දෙන්නව නාවන්නෙ කවන්නෙ පොවන්නෙ ආදිව උදේට ඉස්කෝලෙ එක්ක යන්නෙ ආපහු එක්කන් එන්නෙ එයා. ගෙදරට අවශ්‍ය කරන බඩු මුට්ටු ගේන්න උයන්න පිහන්න වගේ ගෙදර ඕනම දේකට පේෂල උදව් කරනවා. එයාට රසට ඉන්දියන් කෑම හදන්නත් පුළුවන්.

දරුවන්ගෙ අනාගතය සැලසුම් කරන්නෙ මොන විදියටද…

තවම අපි ලොකුවට ඒ දේවල් ප්ලෑන් කරල නෑ. ඒත් දැනට පේන විදියට ඉදිරියේදී පුතාලව වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට පිටරට කට යවන්න වෙයි නේද කියන තැන අපි ඉන්නවා.

ඉදිරියේදී ඔවුන් අම්ම තාත්තගෙ රැකියාවල්ම තෝරගත්තොත්…

එයාල කැමැත්තෙන් තෝරගත්තොත් මිසක අපි බල කරන්නෙ නෑ. කලාවට දෙන්නගෙම පුංචි ලැදියාවක් තියන බව පේනවා. ඒ කාලෙට වඩා අද හැමදේම ලොකු වෙනසකට ලක් වෙලා. ඒ තුළ මේ වෘත්තීන්වලට මොනවගේ පිළිගැනීමක් තියෙයිද කියල කියන්නත් බෑනෙ.

ඉදිරි බලාපොරොත්තු ගැන සඳහන් කළොත්….

ඇත්තටම අපි බලාපොරොත්තු ගොන්නකට මැදිවෙලා ජීවත් වෙන්නෙ නෑ. අද දවස යහපත්ව සතුටින් ගත කිරීම තමයි එකම අරමුණ. එහෙම දේකට තියෙනව නම් ඒ දරුවො දෙන්නගේ අනාගතේ සාර්ථක වනවා දැකීම පමණයි.

ධම්මික හේවාවසම් ✍️

TAGGED: actresses, chathurika peiris, purnika peiris, ජයන්ත පීරිස්, රංගන ජීවිතේ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?