නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: එකම ෆීල්ඩ් එකේ ඉන්නකොට දෙන්නට දෙන්න ගැන හොද අවබෝධයක් ඇතිවෙනවා – ධනංජි තාරුකා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

එකම ෆීල්ඩ් එකේ ඉන්නකොට දෙන්නට දෙන්න ගැන හොද අවබෝධයක් ඇතිවෙනවා – ධනංජි තාරුකා

Published July 31, 2023

අනපේක්ෂිත ලෙස කලාවට පය තියපු ඔවුන් අතර ඇති වෙන මිත්‍ර සම්බන්ධකම් ප්‍රේම සම්බන්ධයක් තරමට දුරදිග යන්නෙ ඔවුන්ටත් හිතාගෙන්න බැරි විදියට. ඒ ප්‍රේමය විවාහයකින් කෙළවර කරගන්නට තරම් වාසනාවන්ත වූ ඔවුන් අද වනවිට ආදරණීය අඹු සැමි යුවළක්. මේ දිනවල විකාශය වන ලොක්කි ටෙලි වෘත්තාන්තයේ සමුද්‍ර ගේ චරිතය නිසා ශැගී වීරනායකත් සංසාරිණී ටෙලි වෘත්තාන්තයේ තුශීගේ චරිතය නිසා ධනංජි තාරුකාත් බොහොම කාර්යබහුලයි. මොන තරම් කාර්යබහුල වුණත් මොහොතකට ඒ අවිවේකී බවින් නවලිය සෙනෙහසේ නවාතැනට ගොඩ වෙලා අපිත් එක්ක අල්ලාප සල්ලාපයේ යෙදෙන්න ඔවුන් කාරුණික වුණා…

■අහම්බෙන් වුණත් කලාවට පය තියපු ඒ මුල ධනංජිට මතකද?

අපෝ ඔව්. මට හොඳට මතකයි මොකද මම ඒ මුල කවදාවත් අමතක කරන්නෙ නෑ. අධ්‍යාපන කටයුතුවලින් පස්සෙ මම විනෝදෙට වගේ ඩාන්සින් ක්ලාස් එකකට ජොයින්ට් වෙලා හිටියා. අහම්බෙන් එතනට ආපු ඡායාරූප ශිල්පියෙක් වූ රුවන් අධිකාරි අයියා මාව දැකලා මගෙන් ඇහුවා ඔයා කැමති නම් ටීවී කමර්ෂල් වලටත් බ්‍රයිඩල් ෂෝ වලටත් යොමු කරන්න පුළුවන් කියල.

■ මොකද හිතුණෙ…

අවස්ථාව කියන එක අපි කාගෙත් ජීවිතවලට බොහාම වටිනවා. ඉතින් අහම්බෙන් හමුවුණ ඒ වටිනා අවස්ථාව මම හරිම කැමැත්තෙන් ආසාවෙන් ලබාගත්තා. ඒ අනුව මුලින්ම බ්‍රයිඩල් ෂෝවලට ඉදිරිපත් වුණා. ඒත් එක්කම වෙළඳ දැන්වීම්වල පෙනී සිටින්නත් මට අවස්ථාව උදා වුණා. ඒ පටන් ගත්තු ගමන හරහා නොදැනිම ටෙලිනාට්‍යවලට අවතීරණය වුණා

■ පුංචි තිරයේ පළමුවන චරිතය සිහිපත් කළොත්…

රවීන්ද්‍ර විජේරත්න, තරංග දිසානායක අයියලාගෙ රුවන් මාලිගා ටෙලි නාට්‍යයේ ජපන් ක්ලාස් එකේ ළමයෙකුගෙ චරිතයක් තමයි මට එදා ලැබුණෙ. පොඩි ඩයලොග් ටිකක් කියලා පුංචි වෙලාවකට පෙනී සිටිය පළමු ටෙලිනාට්‍ය වූ රුවන් මාලිගා ඒ කාලෙ ඉතා ජනප්‍රිය නාට්‍යයක් ලෙස ඇගයීමට ලක් වුණා.

■ එතනින් පස්සෙ…

රවීන්ද්‍ර අයියා ඔහුගෙ “අලුත් ගෙදර” ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් වූ හර්ෂ බෙත්මගේ ගෙ පෙම්වතියගෙ චරිතයට මාව තෝරා ගත්තා. ඒ විදියට පටන් ගත්තු ගමන තුළ මාව දැන හඳුන ගත්තු අධ්‍යක්ෂවරු මට ඔවුන්ගේ නිර්මාණවල විවිධ චරිත ලබාදුන්නා. බොහොම ගෞරවයෙන් කියනවා මට ක්‍ෂේත්‍රයේ මේ තැන මුලින්ම හදල දුන්නෙ රවීන්ද්‍ර විජේවර්ධන අයියා. මේ වෙද්දි ගතවූ අවුරුදු දාහතරක පහළොවක කාලය තුළ විශාල ටෙලිනාට්‍ය ප්‍රමාණයකට මම රංගනයෙන් දායක වෙලා තියෙනවා.

■ මේ දිනවල සුවිශේෂී චරිතයකට පණ පොවනවා…

ඔය අහනව ඇත්තෙ සංසාරිණී ඩ්‍රාමා එකේ තුෂීගෙ කැරැක්ටර් එක ගැන වෙන්න ඕන. ඇත්තම කිව්වොත් මෙතෙක් මම වැඩිපුර ප්‍රේක්ෂකයා ඉදිරියට ඇවිත් තියෙන්නෙ කටකාර දඟකාර විසේකාර චරිත හරහා වුණත් තුෂීගෙ චරිතය ගැන මට දෙපාරක් හිතන්න වුණා. මොකද තුෂී කියන්නෙ ගණිකා වෘත්තියේ යෙදෙන කෙනෙක්. ඒ චරිතයට මට සාධාරණයක් කරන්න පුළුවන්ද ඒ ඉටුකරන සාධාරණය තුළ මොන විදියේ විවේචන එයිද ප්‍රේක්ෂකයා මාව මොන විදිහට භාරගනියිද කියන අභියෝගයට මුහුණ දෙන්න වුණා.

■ ඔබ චරිතය භාරගත්තා…

ප්‍රධාන වශයෙන් අපේ සමාජයේ ගොඩනැඟෙන මතයක් තමයි ඒ රැකියාවේ යෙදෙන ගෑනු හොඳ නෑ. එහෙම කරන්නෙ නරක ගැහැනු කියන එක. ඒත් එයාට එහෙම වෙන්න හේතුව මොකද්ද කියන ඇතුළාන්තය හොයාගෙන ගියොත් ඇය සිය කැමැත්තෙන් ගණිකා වෘත්තියේ යෙදෙන්නෙ නැති වෙන්න පුළුවන්. පිටපත යම් තාක් දුරට කියවගෙන යද්දි මම තේරුම් ගත්තා තුෂී කියන්නෙ තමන් ආදරය කරන කෙනා නිසා වගේම ඔහුට තියෙන දැඩි ආදරය නිසාම මත්කුඩුවලට ඇබ්බැහි වුණ පෙම්වතා තමන්ට අහිමි වෙයි කියන බයට ඔහුගෙ අතින්ම තවත් කෙනෙකුට විකිණෙන චරිතයක් කියල. ටීවී එකෙන් පත්තරෙන් මේ දේවල් දැකලා කෙනෙකුට කියන්න පුළුවන් මොළයක් තියෙන්න ඕනනෙ ඔය වගේ දේවල් නොකර ඉන්න කියල. නමුත් ආදරය කියන තැනදි ගොඩ දෙනෙක් ඔය වගේ සිදුවීම්වලට මුහුණ දෙනවා. අපි එක්කෙනාට එක්කෙනා හිතන පතන විදිය වෙනස්නෙ.

■ තුෂීට සාධාරණය ඉටු කරල ඔබ ඒ අභියෝගය ජය ගත්තා…

ඔව්. තුෂී පිටතින් කළු චරිතයක් වුණාට මිත්‍රත්වයට පණ වුණත් දෙන අවංක තවත් කාන්තාවක් තමන් වැටුණ වළට නොදමන ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සුදු චරිතයක්. ඒ ඇතුළාන්තය ප්‍රේක්ෂකයෝ තේරුම් ගැනීමත් එක්ක ලැබෙන යහපත් ප්‍රතිචාර දැක්කම මම ඒ අභියෝගය ජයගත්ත කියල මට හිතෙනවා.

■ චරිතයට ආරාධනා ලැබුණම සැමියා ශැගී මොකද කිව්වෙ

ඔහුත් මේ ක්‍ෂේත්‍රයේ ගැවසෙනස බුද්ධිමත් කෙනෙක්. මම චරිතාංග නිළියක් විදියට ඉදිරියට එනවට තමයි ඔහුත් කැමති. එතෙන්දි ඔහුගේ මතය වුණෙත් මගේ ටැලන්ට් එක පාවිච්චි කරල කැරැක්ටර් එකට උපරිම සාධාරණයක් කරන්න කියන එක තමයි.

■ ඔහු ඔබේ ජීවිතේට එන්නෙ කොහොමද?…

හිතාගන්න බැරි විදියට. අසිරි රණසිංහගේ අවසන් ඉනිම ඩ්‍රාමා එකේ ෂූටින් ලොකේෂන් එක තිබුණෙ කොට්ටාව රුක්මලේ. ඒ ගෙදරට ඉස්සහර තමයි ශැගීලගෙ ගෙදර තියෙන්නෙ. ඉතින් සෙට් එකේ හැමෝමත් එක්ක ශැගිලගෙ ගෙදර අය හිතවත්. නිවාඩු වෙලාවට මෙයා අපි ෂූටින් කරන තැනටත් එනවා. එහෙම ඇති වුණ යාළුකම තමයි ප්‍රේම සම්බන්ධයක් දක්වා දුරදිග ගියේ. පස්සෙ ඉතින් අපට දෙපාර්ශ්වයේ ආශිර්වාදය ලැබිලා විවාහ වුණා.

■ අද ඔහුත් රංගනයට යොමු වෙලා..

මම ඔහුව හඳුන ගන්න කාලෙ ඔහු රැකියාවක් කළා. අනික එයාල බිස්නස් ෆැමිලි එකක්. නිමි ඇඳුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. විවාහයෙන් පස්සෙ මාව ෂූටින් එක්කගෙන යනවා. මම ඉන්න ලෝකේෂන්වලට එනවා. ඒ අතරෙ බොහෝ දෙනෙක්ව හඳුන ගන්නවා. අපි දෙන්නා ෆොටෝ ෂූට් කළා. පස්සෙ ගොඩ දෙනෙක් කියන්න ගත්තා මෙයාගෙ ඉන්දියන් ලුක් එකක් තියෙනවා වැඩවලට කතා කරන්න කියල. මුල් කාලෙ ශැගී රංගනයට එකතු වෙන්න කැමති වුණේ නැහැ. ඒත් ලැබෙන අවස්ථා මඟහරින එක අපරාදෙ කියල මම එයාට හැම වෙලාවෙම කිව්වා. එහෙම කියල මම සහභාගි වෙන වර්ක් ෂොප්වලටත් පස්සෙ දුරුතු ක්‍රියේෂන් එකටත් එක්ක ගියාට පස්සෙ රඟපාන්න කැමති වෙලා බිස්නස් වැඩ කටයුතු අතරතුර රංගනයේ යෙදෙනවා.

■ දෙන්නම එකම ෆීල්ඩ් එකේ හිටියම ජීවිතේ පහසුයි කියල ඔබ හිතනවද?

පහසුවට වැඩිය දෙන්නට දෙන්න තුළ හොඳ අවබෝධයක් ඇති වෙනව කියල තමයි මම හිතන්නෙ. ඇත්තම කිව්වොත් ශැගීලට ඉන්දියානු සම්භවයක් තියෙනවා. මෙයාගෙ තාත්තගෙ පරම්පරාව පැවතගෙන එන්නෙ ඉන්දියාවෙන්. ඒ ලුක් එක තමයි මෙයාලට තියෙන්නෙ. පෙනුමයි හැකියාවයි තියෙද්දිත් ලැබෙන අවස්ථා මඟහරින එක අපරාධයක්නෙ.

■ දෙදෙනාම කාර්යබහුල වීම තුළ ගෙදර දොර ජීවිතේ…

ඒකෙන් නම් අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. ශැගීලගෙ පවුලෙ ගැහැනු ළමයි නෑ. ඉතින් එයාගෙ අම්ම තාත්ත ආච්චි මට සලකන්නෙ ඒ ගෙදර දුවෙකුට වගේ. මල්ලිලා දෙන්නට මම සහෝදරියක් වගේ. අපි හැමෝටම ගෙදර ඉන්නවා නම් කන බොන හැමදේම ලෑස්ති කරල දෙන්නෙ ආච්චිගෙ අත්දෙකෙන්.

■ රංගන කටයුතුවලට නැන්ද මාමගෙන් ලැබෙන සහයෝගය…

නිමි ඇඳුම් ක්‍ෂේත්‍රයේ නියැලෙන නිසා ඒ දෙන්නට මේ තැනට සුදුසු මේ ඇඳුම කියන එක හොඳට තේරෙනවා. මම පෝග්‍රෑම් එකකට යනවා නම් අම්ම තාත්ත ඒකට අඳින ඇඳුම ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. තාත්තා ඩ්‍රාමවලට කොස්ටියුම් ඩිසයින් කරනවා. මටත් ලස්සන නවීන පන්නයේ ඇඳුම් මහල දීලා තියෙනවා. ඒ දේවල් ඇත්තටම ලොකු පහසුවක්.

■ ප්‍රීතිමත් ලෙස ගෙවෙන මේ ජීවිතේට තුන්වැන්නෙත් කවද එකතු වෙයිද?

ඇත්තටම අපි දෙන්නම ෆීල්ඩ් එකට එන්නෙ අහම්බෙන්. මුණගැහිලා මිතුරු මිතුරියන් වෙලා ප්‍රේම සම්බන්ධයක් ඇති වෙලා ඒ හරහා විවාහය දක්වා ගියේ නොහිතපු විදියට. ඒ විදියටම අපි දෙන්නගෙ ඒ බලාපොරොත්තුවත් නොහිතන වෙලාවක ඉටු වෙලා අපේ ජීවිත සම්පූර්ණ වේවි කියන ප්‍රාර්ථනාව අපි දෙන්නගෙම හිත්වල තියෙනවා.

■ අනාගතේ සැලසුම් වෙන්නෙ කොහොමද?

තාම ඒ විදියෙ ලොකු සැලසුම් ඇති කරගෙන නැහැ. දැනට ශැගීගෙ ගෙදර හැමෝම එක්ක සතුටෙන් සැහැල්ලුවෙන් සැනසීමෙන් ජීවත් වෙනවා. ඉදිරියේදී ඉතින් බිරිඳත් මවත් ගෘහනියත් කියන භූමිකාවලට වැඩි ඉඩක් දෙන්න වෙයි. ඒ වගකීම් හරියට ඉටු කරමින් කාටවත් කරදරයක් නැතුව ඔහු හා ජීවත් වීම තමයි එකම බලාපොරොත්තුව.

ධම්මික හේවාවසම්

TAGGED: Dhananji Tharuka, ධනංජි තාරුකා
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?