නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අදරේ කරල විවාහ වුන කෙනෙක් හැටියට පුතයි ලේලියි දුරස් කරල තියන්න මට හිත දුන්නෙ නෑ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

අදරේ කරල විවාහ වුන කෙනෙක් හැටියට පුතයි ලේලියි දුරස් කරල තියන්න මට හිත දුන්නෙ නෑ

Published February 26, 2023

රුව දුටු සැණින් අත දරුවාගේ සිට වැඩිමහල් පුද්ගලයා දක්වා හඳුනන ඇයව නැවත නැවතද හඳුන්වා දීමට අටුවා ටීකා ටිප්පනි අවැසි නොවේ. සුපිරි තරු මාවතේ ඇවිද ආ ඒ හඬට ලොවක් ආදරය කළෙන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි වූ අමිලා නදීශානි නම් වූ ඇයගේ අද දවස කෙසේ දැයි දැනගනු රිසියෙන් අපි නවලිය සෙනෙහෙසේ නවාතැනට ඇය කැඳවන්නට සිතමින් පසුගිය 20 වෙනිදා උදේ නවයේ සිට සවස පහ දක්වා වරින් වර ඇගේ ජංගම දුරකථනයට ඇමතුම් 20 කට වඩා ලබාදුන්නත් ඒ හැම වාරයක් පාසාම නාද වූ දුරකථනය ඉබේම විසන්ධි වන්නට වුණා එහෙත් සවස 5.10 ට මේ අන්තිම උත්සාහය යැයි සිතමින් අපි ඇයව ඇමතුවා.හෙලෝ කවුද මේ… නවලිය පත්තරෙන්… අනේ සමාවෙන්න ගොඩක් කෝල්ස් අරගෙන තියෙනවා … ඇත්තටම අද දවසට ෆෝන් එක අතට ගත්තෙ දැන් … මම ඇඹිලිපිටියෙ අපේ ගමේ ගෙදර ඇවිල්ලා ඉන්නෙ … මොකද අද අපේ ගොයම් කැපුවා. දැන් තමයි ඒ වැඩටික ඉවර වුණේ.මේ වෙලාවෙ කථා කරන්න පුළුවන්ද අපි ඇහුවා… මඩ නාගෙන හොඳටම මහන්සි වෙලයි ඉන්නෙ… ඒත් කථා නොකර කොහොමද මෙච්චර මහන්සිවෙලා මාව හොයපු ඔයාලත් එක්ක… අහන්න ඕන දෙයක් ඇය බොහොම ලෙන්ගතුව කිව්වා…

● අහන්න හිතාගෙන හිටපු දේවල් පැත්තකට දාලා මුලින්ම ඇගෙන් ඇහුවේ තාමත් කුඹුරු වැඩ කරනවද කියලයි.

අනේ ඔව් ගමේ ඉපදිල ගමේම හැදුන වැඩුන මට කුඹුරු වැඩ අරුමයක් නෙවෙයි. අමිලා නදීශානි කියන මේ මම ගායිකාවක් වුණේ කොළඹ පදිංචියට ගිහිල්ලා නෙවෙයි ගමේ ඉන්න කාලෙත් මම සංගීත කටයුතුවල නියැළුනා. එදා ඉඳලා කුඹුරු වැඩත් කළා. සංගීත කටයුතු වැඩිදියුණු කරගෙන ගිය ගමනෙදි ඒ වැඩකටයුතුවල පහසුවටත් දරුවො දෙන්නගෙ අනාගතේ වෙනුවෙනුන් කොළඹින් ගෙයක් අරගෙන පදිංචි වුණාට අපිට කවදාවත් උපන්ගම වත්තපිටිය කුඹුර අමතක කරන්න බැහැ. අපිටයි කියලා තියෙන ඉඩකඩම්වල බතල වැලක් මඤ්ඤොක්කා දණ්ඩවක් හිටවගෙන කුඹුර කෑල්ල වපුර ගෙන පොළවෙ පහගහල ඉන්නව තරම් සතුටක් අපිට නැහැ.

● එතකොට සංගීත කටයුතු

ඒ දේවල් වුණත් ගමේද කොළඹද කියල වෙනසක් නෑ. අද රෑටත් ඇඹිලිපියෙ ප්‍රසංගයකට යන්න තියෙනව. ආරාධනා ලැබුණම කොහේ වුණත් අපිට ඒවට සහභාගි වෙන්න වෙනවා.

● මේ දවස්වල මොනවද කරන්නෙ

පහුගිය කාලෙ රටට බලපාපු විවිධ අවාසනාවන්ත තත්ත්වයන් නිසා සංගීත ප්‍රසංග සම්පූර්ණයෙන්ම වගේ නැවතිලානෙ තිබුණෙ. ඒ තත්ත්වය අවසන් වෙමින් තිබෙන නිසා දැන් සංගීත සංදර්ශනවලට නිතර ආරාධනා ලැබෙනව. ඒ කටයුතුත් එක්ක ටිකක් කාර්ය බහුලයි.

● ඒ කාර්යබහුලත්වය ඔබේ ව්‍යාපාරික කටයුතුවලට බාධාවක් නොවෙයිද

ඇත්තටම මම සාරි ශොප් තුනක් පවත්වාගෙන ගිය කෙනෙක්. ඒත් පසුගිය කොරෝනා සමයෙන් පස්සේ ශොප් සම්පූර්ණයෙන් වහන්න සිද්ධ වුණා. මේ වෙද්දි ඔන්ලයින් හරහා තමයි ඒ කටයුතු සිදුකරන්නේ වෙළදාමක් කියලා දෙයක් වෙන්නෙම නැතිතරම් මොකද මිනිසුන්ට කන්න බොන්නවත් සල්ලි නැති කාලයක්නෙ දැන් තියෙන්නෙ.

● අමිලා වැඩගොඩක පැටලා ඉන්න අමිලට සැමියාගෙන් මොනවගේ සහයෝගයක්ද ලැබෙන්නෙ

ඒකනම් මෙන්න මේවගේ කියලා විස්තර කරන්න අමාරුයි. මොකද උදේ නැගිටපු වෙලාවෙ ඉඳලා රෑ නින්දට යනකම් මගේ සියලුම වැඩවලට එයා ලබාදෙන්නේ කියන්න බැරිතරමේ සහයෝගයක්. ඇත්තටම සමන්තගෙන් මේ විදියට උදව් උපකාර නොලැබෙන්න මම මේ දේවල් තනියම කර ගන්නේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක් ඒ තරමටම එයා ලාබෙදන සහයෝගය ප්‍රබලයි.

දරුවන් ගැන කථා කළොත්මේ වෙද්දි පුතානම් විවාහකයි. දුව තාම අධ්‍යාපන කටයුතුවල නියැළෙනවා.

● පුතාට ඉක්මනින්ම විවාහයක් කරල දුන්නේ වගකීම්වලින් මිදෙන්න හිතාගෙනද

අනේ නැහැ. පුතාගෙයි අශිංශා දුවගෙයි සම්බන්ධයට අවුරුදු 5 ක් ගතවුණා. ඔය අතරෙ තමයි පුතා විදේශගත වෙන්න ලකලෑස්ති වුණේ ආදරය කරලා විවාහ වුණ දෙන්නෙක් හැටියට මමයි සමන්තයි හැමවෙලාවෙම හිතුවෙ එයාලා එහෙම දුරස්වෙලා ඉන්න ඕන නැහැ කියන එක. ඒ නිසා තමයි පුතාගෙ විවාහය ඉක්මනින්ම කළේ. දැන් දෙන්නම විදේශගත වෙන්නයි හදන්නෙ.

● අයියගෙ ජීවිතේ සිද්ධ වුණ ඒ වෙනස ගැන දුව මොකද කියන්නෙ

දුවව අදටත් වැඩියෙන්ම බලාගන්නෙ පුතා. දෙන්නට දෙන්න හරිම එකතුයි. විශේෂ දෙයක් ඒ ගැන කියන්න නෑ. ඒත් එයා වෙඩින් එක දැක්කානෙ. දැන් ඉන්න ළමයි ඉස්සර අපි වගේ නෙමෙයිනෙ. අපි හිතනවට වඩා දෙයක් එයාලා දන්නව ඔය අතරෙ මමත් නිතරම කියනවා දැන් අයියට කරදර කරන්න එපා කියල. ඒ කියන දේවලුත් අහගෙන ඉන්නව. පුතා ගියහම නම් දුවට ඒක ලොකුවට දැනේවි.

● ඒ පාළුව දුක දැනෙන්නෙ බිතුම්ගෙ නංගිට විතරද අම්මට දැනෙන එකක් නැද්ද

අනේ මගේ අතක් කැඩුණා වගේ තමයි. පුතත් සමන්ත වගේම හැම දේකටම උදව් කරන හරිම කීකරු දරුවෙක්. පාළුයි පාඩුයි තමයි. ඒත් අපි ඒව විඳගෙන දරුවන්ගේ අනාගතය ඒ අයට ඕන විදියට හදාගෙන ජීවත් වෙන්න ඉඩදෙන්න ඕන.

● ඔය වැඩෙන් මිහිරි හඬින් ගී ගයන සුරූපී ගායිකාවක් ඉක්මනින් ආච්චි කෙනෙක් වෙනව නේද

අනේ ඒකට මම හරිම කැමතියි. ලාබාල වයසෙදි විවාහවෙලා අම්ම කෙනෙක් වුණා වගේම හයි හත්තිය තියෙන කාලෙ මුනුබුරන් මිනිබිරියන් නලවන්නත් මම ආසයි.

● ඉදිරි සංගීත කටයුතු සැලසුම් වෙන්නෙ කොහොමද

මේ වෙද්දි අලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කරන ගමන් ඉන්නෙ. ඔය අතරෙ මම රචනා කරපු ගීතයක් හර්ෂණ දිසානායක සංගීතවත් කළා. බොහොම ලස්න තේරුමක් තමයි එහි ගැබ්වෙලා තියෙන්නෙ. අනුරාධපුරේ ඉඳලා තමන්ගෙ පෙම්වතා කොළඹ රැකියාවකට ඇවිත් නැවත ගමට එනතුරු ඇඟිලි ගනිමින් සිටින අහිංසක පෙම්වතියකගෙ හිතේ මැවෙන සිතුවිලි තමයි ඒ ගීතය හරහා කියවෙන්නෙ.

● අලුත් නිර්මාණයට රූප රචනාවක් කළොත් නරක ද.

අනිවාර්යයෙන්ම කරනවා. ඒ ගීතයට වගේම තවත් මගේ ගීත දෙකකට මියුසික් විඩියෝ කරන්න මේ වෙද්දි සියලු කටයුතු සුදානම් කරලයි තියෙන්නෙ.

● දැන් ඉස්සරවගේ රංගනයට ආරාධනා නැද්ද

ඉස්සර කියලත් ලොකුවට ආරාධනා ලැබුණෙ නැහැ. මොකද මම වෘත්තියෙන් ගායිකාවක්නෙ. මම කැමතියි එතනම ඉන්න. ඒත් ලැබුණ ආරාධනා පිළි අරගෙන මම රංගනයෙන් දායක වුණා. නිර්මාණ කීපයකම. මොකද අවස්ථාව කියන එක හරියට වටිනවා ඕනම කෙනෙකුට.

● ජීවිතේ දිහා ආපසු හැරිල බැලුවොත්

සතුටක් මිස දුකක් නැහැ. උත්සාහයෙන් ජීවිතය ජයගත්ත කියන එක ස්ථීරවම කියන්න පුළුවන්. ඔය අතරෙ එදා වගේම අදත් අපි පවුලක් වශයෙන් කිසිම කෙනෙකුට කරදරයක් නැතුව සතුටින් සමගියෙන් ජීවත් වෙනාව අපේ පාඩුවේ.

ධම්මික හේවාවසම්

TAGGED: Amila Nadeeshani, Amila Nadeeshani's Family
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?