නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: එයා මගෙ හිතේ ඉඩ ඉල්ලු‍වා මම ඒ ඉඩ දුන්නා – ටනාෂා හතරසිංහ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

එයා මගෙ හිතේ ඉඩ ඉල්ලු‍වා මම ඒ ඉඩ දුන්නා – ටනාෂා හතරසිංහ

Published February 13, 2023

ආදරය දිනකට සීමා කළ නොහැකි බව සැබෑය. එහෙත් ආදරය සඳහා වෙන්වූ දිනයක් පැවතීමේ විශේෂ වරදක්ද නැති අතර එය තම තමන්ගේ අභිමතය පරිදි සැමරිය හැකිය. පෙම්වතුන්ගේ දිනය කවුරුන් කෙසේ සැමරුවද ආදරයෙන් බැඳුනු දෙහදක් කල්පනාවට ගත යුතුම කාරණය වන්නේ ආදරය වෙනුවෙන් වැලන්ටයින් යනුවෙන් දිනයක් වෙන්ව තිබුණාද ආදරය ඇත්තේ වැලන්ටයින් දිනය වෙනුවෙන් නොවන බවය. තම පෙම්වතාට හෝ පෙම්වතියට හිත පුරා අවංකව ආදරය කරන්න. එවිට ගෙවෙන හැම දිනයක්ම ආදරණීය ඔබට ආදරණීය දවසක්ම වනු ඇත.අහිංසක පුද්ගලයාගේ මෙන්ම දරුණුම පුද්ගලයාගේ හදවතේද ආදරය ඇත.

ඒ ආදරය අප කිසිවිටෙක් විහිළුවකට ගත යුතු නොවේ. එහෙත් එක හිතක් නැති චපල ගැහැනුන්ගෙන් මෙන්ම පිරිමින්ගෙන්ද පිරුණු සමාජයක අවංක පෙමක් පතා කෙසේ නම් ජීවත්වන්නද.අද පණමෙන් ළඟ සිටින පෙම්වතා හෝ පෙම්වතිය හෙට දවසේ වෙනතක් බලා යන්නට හේතුව බොහෝ විට අනියම් පෙමක පැටලීම විය හැකිය. ආදරයේ නාමයෙන් කෙනෙකුගේ බලාපොරොත්තු සුනු විසුන කරන්නා කිසිසේත් අවංක පෙම්වතෙක් හෝ පෙම්වතියක් නොවනවා සේම හැරයන්නට සිතා ආදරය කිරීම විශාල වරදකි.හරියටම තව දිනයකින් උදාවන පෙම්වතුන්ගේ දිනය නිමිති කරගෙන වැලන්ටයින් ඩේට් එක අපට අවශ්‍යද නැද්ද එම දිනය අප සැමරිය යුතුද නැද්ද එසේ සැමරීම වරදක්ද යන කාරණා ගැන නවලිය වෙනුවෙන් කතාබහ කරන්නට අපි බොහොම ලෙන්ගතු ආදරණීය තරුවක් තෝරා ගත්තා.වෙළඳ දැන්වීම් හරහා කලා ලෝකයට පය තැබු ඇය දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයට සහභාගී වෙමින් ලබන ජයග්‍රහණයත් සමඟ රංගන ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන අතරතුර අද දවසේ කුරුළු ලෙසින් අතිශය ජනාදරයට පත්ව බොහෝ දෙනකුගේ ආදරය දිනාගෙන සිටින මොහොතක කිරිලිල්ලියක මෙන් වසර පහක් පුරා බැඳි පෙම නොබෝදා විවාහයෙන් කෙළවර කරගත් ටනාෂා හතරසිංහ බොහොම ආදරණීය විදියට ආදරයගැන මෙහෙම කිව්වා.

ආදරය කියන්නෙ වචනයකට සීමා කරන්න පුළුවන් හැඟීමක් නෙමෙයි ඒක හරිම සුන්දරයි. එහි මූලික සිද්ධාන්තය ලෙස මම දකින්නෙ කෙනෙක් තමන් කැමති කෙනෙකුගෙ හිතේ තමන් වෙනුවෙන් යම් ඉඩ ප්‍රමාණයක් ඉල්ලීමයි. එහෙම එන කෙනෙකුට ඒ ඉඩකඩ ලබාදීළා එයා දැන් මගේ කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි හැබැයි කල්පනාවෙන් ඒ දේ කළොත් ආදරය බොහොම සුන්දරව විඳින්න අපට පුළුවන්.මම අනුරාධව අඳුරගත්තේ ශානක කියල මගේ හොඳම යාළුවෙක් හරහා ඒ හඳුනා ගැනීමෙන් පස්සෙ අපි අතර තිබුණ මිත්‍රත්වය හරහා තමයි අනුරාධ මට ඒ මිත්‍රත්වය පෙම් සබඳතාවක් කරා දුරදිග ගෙනියන්නට යෝජනා කළේ. ඔහු යාළුවෙක් විදියට ඉතාමත් හොඳ කෙනෙක් කියන එක මම කොච්චර අවබෝධකරගෙන හිටියත් පෙම්වතා විදියට එයාව මගේ ජීවිතේට ළංකරගන්න එක කෙතරම් දුරට සුදුසුද කියන කාරණාව ගැන මම සිය දහස් වාරයක් කල්පනා කළා.ඊළඟට එයාව දන්න කියන බොහෝ දෙනෙක් ගෙන් අනුරාධ මොනවගේ පුද්ගලයෙක්ද කියන එකත් හොයලා බැලුවා.

එතෙන්දි ඒ හැම කෙනෙකුගෙන්ම මට ලැබුණෙ ඔහු හොඳ කෙනෙක් කියන උත්තරේ නිසා මාස දෙකකට විතර පස්සෙ එයාගෙ ආදර යෝජනාව හරිම සතුටින් මම භාරගත්තා.මම ගෑනු ළමයෙක් නිසාම නෙමෙයි ඒ විදියට හිතල බලලා කෙනෙක් තෝර ගත්තෙ. මොකද අපි ඕනම කෙනෙකුට පෙම්වතා, පෙම්වතිය විදියට තෝරා ගන්නා පුද්ගලයා එක්ක බොහෝකාලයක් ජීවත්වෙන්න සිද්ධවෙනවා. මේ දේවල් පිරිමි ළමයෙකුටත් සාපේක්‍ෂයි. මොන ක්‍රමයකින් දැන හඳුන ගත්තත් තමන්ගෙ පෙම්වතිය ලෙස ගැහැනු ළමයෙක් තෝරා ගනිද්දී ඇය තමන්ගෙ ජීවිතයට කොතරම් ගැලපෙනවද කියල හිතල බැලුවෙ නැත්නම් පිරිමි ළමයෙකුගෙ ජීවිතේ වුණත් නිකරුනේ විනාශ වෙන්න පුළුවන්. අන්න ඒ නිසා පැහැදිලිව කියන්න ඕන ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව අපි අපේ ජීවිතවලට ළංකර ගත යුත්තේ අවංක සැබෑ ආදරය බව.ඒ විදියට අපි හිතල මතල හොයල බලල තෝරා ගන්නා පෙම්වතා හෝ පෙම්වතිය තමන්ගේ සැමියා හෝ බිරිඳ කරගන්නවාමයි කියන ස්ථීර ප්‍රතිපත්තියේ ඉඳගෙන ඔහු හෝ ඇය සමග සම්බන්ධය ආරම්භ කිරීම තමයි නිවැරදිම ක්‍රමය ඇරඹු ප්‍රේමය එනිනෙකාට පුද කරද්දි ඒ අතර සිදුවන සැම දෙයකදීම ඔවුනොවුන් එකිනෙකාට අවංක විය යුතුමයි.

එසේ නොමැතිව ව්‍යාජ ආදර ලෝක මවා පාමින් ලෝකයා ඉදිරියේ බොරු මවාපෑම් සඳහා ආදර වන්තයින්ගේ දින සැමරුම් වලට සම්බන්ධ වීම තමා විසින්ම තමාව රවටා ගෙන පුහු ආටෝප නිසමා විඳින්නට තිබෙන ජීවිතය විඳවන තත්ත්වයට පත්කර ගන්නේය.මම අවුරුදු පහක් ආදරය කරලයි විවාහ වුණේ. එලෙස ගතවු දීර්ඝ කාලය ඔහු කවුද ඔහුගේ අදහස් මගේ අදහස් සමග කෙතරම් දුරට ගැළපෙනවාද, ඔහුට මා රැකබලා ගැනීමට තරම් ශක්තියක් තිබේද, අපේ ඉදිරි අනාගතය ඔහු සැලසුම් කරන්නේ කෙසේද වැනි බොහෝ දේ අවබෝධකර ගැනීමටත් දෙදෙනාට දෙදෙනා තේරුම් ගැනීමටත් බෙහෙවින් උපකාරි වුණා. එහෙත් යෝජිතව අපේ විවාහයට තීරණය වන කෙනෙක් සමග වුවද නිවැරදිව අවංකව ඇසුරු කිරීම මත අපට ඒ අවබෝධය ලබාගත හැකිවනු ඇත. දෙදෙනෙකුගේ බැඳීමක සාර්ථකත්වය රඳාපවතින්නේ පෙම් සබඳතා හෝ යෝජිත සබඳතා මත නොව අවංකව අව්‍යාජව එකිනෙකා තේරුම් ගැනීම මත බව අප වටහා ගත හොත් ඉදිරි ජීවිතය සතුටින් පිරුණ එකක් වනු ඇත.ප්‍රේමය විවාහයෙන් කෙළවර කරගෙන ආදරවන්තයින් අඹු සැමියන් බවට පත්වු පසුව වුවද තමන් පෙර සිට පවත්වාගෙන ආ ආදරය එලෙසින්ම පවත්වා ගැනීමට වගබලාගතයුතුය.

රිලේෂන් ශිප් එකකදී දෙදෙනාගේ අදහස් ගැළපීම අත්‍යවශ්‍ය බැවින් සෑම අවස්ථාවකදීම ගන්නා තීන්දු තීරණ එක සමාන වීම අවශ්‍යම වනු ඇත. බිරිඳ සැමියාට මෙන්ම සැමියා බිරිඳට ඇහුම්කන් දීම තුළ දෙදෙනාම ඉදිරිපත් කරන යම් යම් මතවාද කථාබහ තුළින්ම නිවැරදිකර ගැනීම නිවැරදි වු එකම මතයක පිහිටා ඉදිරී කටයුතු කිරීම තුළ ආදරය පිරුණු සුන්දර දිවියක් ඔබට නිතැතින්ම හිමි වනු ඇත.සමහරු කිසිම තේරුමක් නැතුව ප්‍රශ්න ඇතිවෙන විදියට වැඩ බෙදාගන්නවා. පිරිමියා අනිවාර්යයෙන් හම්බකරන්න ඕන. ගැහැනු ගෙදර සියලුම වැඩ තනිවම කරන්න ඕන. මේ දේවල්වලට හොඳම විසඳුම විදිහට මම දකින්නෙ එක වහළක් යටට ආපු දෙන්නෙක් කිසිම වෙලාවක මේවා ඔයාගෙ වැඩ කියන ආත්මාර්ථකාමි සිතුවිල්ලට නොයා ඒ හැමදෙයක්ම අපේ වැඩ ලෙස හිතන්නට ඕන. මගේ සැමියා ව්‍යාපාරිකයෙක් විදියට උපයනවා.

රංගන ශිල්පිනියක් විදියට මමත් ආදායමක් ලබනවා. ඒ ඉපයීම් අපි දෙන්නගෙම එහෙමනම් උයන පිහන එක රෙදි ටික සෝදගන්න එක ගේ දොර පිරිසිදු කරගන්න එක කඩේ පිලේ යන එක එක්කෙනෙකුගෙ වෙන්නෙ කොහොමද? ඒ හැම දේම අපේ නේද කියල කරගත්තම හිතට දැනෙන සතුට කියල නිම කරන්න බැහැ. එහෙමනම් අපි හැමකෙනෙක්ම ජීවත් වෙන්න ඕන ඒ සතුට හිතේ රඳවගනිමින් නේද? අන්න ඒ විදියට හැම දෙයක්ම හිතට බරක් නොවෙන විදිහට කරගෙන යන අතරෙ දෙමාපිය ඥාති හිතමිත්‍රාදීන්ට මෙන්ම අපේ අසල්වාසීන් වෙනුවෙනුත් ඉටුකළ යුතු යුතුකම් රාශියක් තිබෙනවා. ඒ හැම අවස්ථාවකදීම අපි අනුගමනය කළ යුතුවන්නේද ඒක ඔයාගෙ මේක මගේ කියන බෙදීම නෙමෙයි. අවස්ථාව තේරුම් අරගෙන ඒ සඳහා කැපවීමෙන් ඉදිරිපත් වීමයි.කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය කියන දේවල් කරන්න පුළුවන්ද කොහොමද ඒ තරම් කරදර බාධක ඉවසන්නෙ කියල.

පෘතග්ජන මිනිස්සු හැටියට අපේ අතින් යම් යම් වැරදි වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. එවැනි අවස්ථාවල අපට කේන්ති යෑමත් සාමාන්‍ය දෙයක්. නමුත් දෙන්නෙකුගෙන් එක්කෙනෙක් කේන්තියෙන් පසුවන විට අනිත් කෙනා හිතා මතා ඉවසීමට පුරුදු පුහුණු විය යුතුමයි. එසේ නොවුණ තැන සමගිය සමාදානය ඔවුනොවුන් කෙරෙන් පලායන්න වැඩි කාලයක් ගතවෙන්නෙ නෑ. ඉතින් එවැනි අසමගිකම් මැද හිතේ තරහෙන් වැලන්ටයින් ඩේ සෙලිබ්‍රේට් කරන එකේ කිසිම තේරුමක් නෑ, එකිනෙකා තුළ ඇතිකර ගන්නා අවබෝධය සමගිය අනුකම්පාව වැනි ගුණාංග නිසාම ඔවුනොවුන් කෙරේ ඇති වන ආදරය සැමදා එකලෙස හදවතේ රඳවාගන්නවානම් උදාවන හැම දිනයක්ම අපිට වැලන්ටයින් ඩේ එකක් වෙන එක කිසිදු බලවේගයකට නවත්වන්නට බැහැ.

● ධම්මික හේවාවසම්

TAGGED: Kurulu, Tanasha Satharasinghe, ටනාෂා හතරසිංහ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?