ඇය අප කවුරුත් දන්නෙ දක්ෂ නර්තන ශිල්පිණියක් විදිහට.එහෙමත් නැත්නම් විවිධ නර්තන වැඩසටහන්වල නර්තන නිර්මාපකයෙක් විදිහට. සාරා අබේවර්ධන කලකට ඉහතදී ලොකු කතාබහකට ලක්වුණේ ඇය මවක් වීමට සිටි අවදියේ දරු ගැබක් දරාගෙන කළ අපූරු නර්තනය නිසාවෙනුයි. කාන්තාවකට කරන්න නොහැකි දේ ගැන නිරන්තරයෙන් කතාකරන සාරා එක්ක අද අපි කළේ වෙනස්ම කතාබහක්…
සාරා කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
සාමාන්‍ය විදිහට මගේ ස්ටුඩියෝ එකේ වැඩකටයුතු එක්ක තරමක් කාර්යබහුල වෙලා ඉන්නේ. ඊට අමතරව බබාගෙ වැඩකටයුතු එක්ක තමයි කාර්යබහුල වෙලා ඉන්නේ.
දැන් දුවගෙ වයස කීයද?
බබාට දැන් අවුරුද්දයි මාස දෙකයි. එයා ඉපදුණේ
හරියටම නත්තල් දවසේ.දුවගෙ ‘ට්‍රාසා’ නමේ තේරුම මොකද්ද?
ට්‍රාසා කියන්නෙ ග්‍රීක් නමක්. නමේ තේරුම ‘දුටුවන් නෙත් පිනවන’ කියන එක. මම මගේ ක්ලොතින් ලයින් එකට දාන්න තමයි ට්‍රාසා කියන නම හිතේ තියන් හිටියේ. නමුත් පස්සෙ හිතුවා කවදහරි මට දුවෙක් ලැබුණොත් මම ඒ නම දුවට දානවා කියලා.



උපේක්ෂා සාරංගි කියන නම ‘සාරා’ කියන බ්‍රෑන්ඩ් එක කරගන්න කරපු කැපකිරීම මොනවගේද?
මම සාරා කියන නම බ්‍රෑන්ඩ් එකක් කරගන්න අභිප්‍රායෙන් වැඩ කළේ නෑ. නමුත් මොකක් හරි පිනකට බ්‍රෑන්ඩ් එකක් වගේ මගේ නම හැදුණා. ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් මම වැඩ කළේ නෑ. මගේ වෘත්තිය වුණෙත් ඩාන්සින් නෙවේ.
ඩාන්සින් කියන්නෙ මගේ හොබී එක. මම රැකියාව කළේ USA එම්බසි එකේ. කාලයක් තිබුණා ඩාන්සින් පැත්තෙන් මට ලැබුණු චාන්සස් මම ගත්තෙ නැති. නමුත් කාලෙකදි එම්බසි එකෙන් අයින් වුණ ගමන් මම චාන්සස් එකදිටම ගත්තා. ඒ ගත්තු චාන්සස් නිසා තමයි සාරා කියන බ්‍රෑන්ඩ් එක ගොඩනැගුණේ.
අවස්ථාවක් ලැබුණොත් ඔබේ ජීවිතේ ආපස්සට ගිහින් දෙයක් වෙනස් කරන්න, සාරා වෙනස් කරන්න තෝරගන්නෙ මොකද්ද?
සෑහෙන අමාරු ප්‍රශ්නයක්. එහෙම වුණොත් වෙනස් කරගන්න දේවල් ගොඩක් තියෙනවා. නමුත් වෙනස් කරන්න ලැබෙන්නෙ එක අවස්ථාවක් විතරක් නිසා මම USA එම්බසි එකෙන් අයින් නොවී ඉන්නවා. ඇත්තම කිව්වොත් මම ඉගෙනගත්ත දේ නෙවේ දැන් මම කරන්නේ.
ට්‍රාසා ලැබෙන්න ඉද්දි ඔබ නර්ථනයේ යෙදුණු එක් වීඩියෝවක් සමාජ මාධ්‍යවල බෙහෙවින් සංසරණය වුණා. හොඳ ප්‍රතිචාරවලට වඩා ඒ වීඩියෝවට ලැබිලා තිබුණේ නරක ප්‍රතිචාර. අම්මා කෙනෙක් වෙන්න හිටපු අවදියක සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණු ගැරහුම් දරාගත්තෙ කොහොමද?
මම ප්‍රෙග්නන්ට් වෙලා හිටපු කාලෙ ඒ කමෙන්ට්ස් මට බෑඩ් කමෙන්ට්ස් කියලා දැනුනෙවත් නැති කාලයක්. ප්‍රෙග්නන්සි එක මට ලේසි වුණේ නෑ. මගේ ළඟින් ඉන්න ඕන අය මගේ ළඟ හිටියෙ නෑ.
මම ඒ කාලෙ කරපු සටන මගේ අම්මා තාත්තට හැර වෙන කාටවත් පෙනුණෙ නෑ. මගේ සාමාන්‍ය ජීවිතේ මම හිනාවෙලා ඉන්න කෙනෙක්. බෑඩ් කමෙන්ට්ස්වලට වඩා මට හිතන්න දේවල් ගොඩක් ඒ කාලෙ තිබුණා.
කොහොම වුණත් කවුරු හරි මං ගැන නරක දෙයක් කිව්වොත් ඒ දෙයින් මාව රිද්දගන්න කෙනෙක් නෙවෙයි මම. මොකද ඒ කියන දේවල් මගේ ඇඟේ ගෑවෙන්නෑ. මම පළවෙනි පාරට මේ දේ කියන්නේ. බෑඩ් කමෙන්ට්ස්වලින් හිත රිද්ද ගන්නවට වඩා ලොකු සටනක මම ප්‍රෙග්නන්සි පීරියඩ් එකේ හිටියේ.
ඒ අවදියේ ඔබේ සැමියාත් හිටියේ විදේශ ගතවෙලා නේද?
ඔව් මගේ එක්ස් හස්බන්ඩ්, හස්බන්ඩ් විදිහට හිටියත් මම තමයි මගේ දේවල් සේරම කරගත්තේ. ගැහැනියකට ප්‍රෙග්නන්සි කාලෙදි මෙන්ටලි ලැබෙන්න ඕන සපෝට් එක මට ලැබුණෙ නෑ. මට හැමදාම සහයෝගය තිබුණේ මගේ පවුලෙන් විතරයි.
නිරූපණ ක්ෂේත්‍රයේ හෝ රංගන ක්ෂේත්‍රයේ බොහෝ අය තමන්ගේ ශරීරය වෙනස් වෙන නිසා දරුවො හදන්න අකමැතියි, එයාලගේ හොඳම කාලෙ කලාව වෙනුවෙන් කැපකරලා පසුකාලීනව තමයි දරුවො හදන්න පෙළඹෙන්නේ. සාරා ඒ ගැන දරන්නෙ මොනවගේ මතයක්ද?
ඕක මගෙන් හැමෝම අහන ප්‍රශ්නයක්. මගෙන් ඇහුවෙ මම මගේ පීක්ම කාලෙ ළමයෙක් හැදුවෙ ඇයි කියලා. දරුවෙක් හදන එකට මුලින්ම විරුද්ධ වුණේ මගේ එක්ස් හස්බන්ඩ්. මොකද ඒක ප්ලෑන් කරලා අපි කරපු දෙයක් නොවන නිසා.
නමුත් මම මගේ දරුවව අයින් කළේ නෑ. බබා ජීවිතේට ආපු එක ආශිර්වාදයක් කියලා මම හිතුවෙ. මගේ පීක්ම කාලෙ වුණත් මම අම්මා කෙනෙක් වෙන්න හරිම ආසාවෙන් හිටියා. නමුත් ඒකට අකමැති අයව මම මගේ ජීවිතෙන් අයින් කළා. ඒ වෙනුවට මම මගේ දරුවව තෝරගත්තා.

සාරා අබේවර්ධන කියන්නෙ ස්ත්‍රීවාදිනියක්ද?
නෑ. ඒක සම්පූර්ණයෙන්ම බොරු කතාවක්. මම හරිම මධ්‍යස්ථව ජීවත් වෙන කෙනෙක්. හැබැයි අසාධාරණයක් වෙන තැන මම ෆයිට් කරනවා. අසාධාරණයක් වෙච්චි තැනත් මම ඔළුව පහත් කරගෙන හිටියොත් මම ෆෙමිනිස්ට් කියන හැමෝම කියයි අනේ සාරා හරි අහිංසක ගෑනියෙක් කියලා.
මම එහෙම කෙනෙක් නෙවේ. මට ගැහුවොත් මමත් ගහනවා. මොකද මම හම්බකරන්නෙ, මම කන්නෙ බොන්නෙ, මගෙ දරුවට කන්න දෙන්නෙ නරක දෙයක් කරලා නෙවේ.
දුව හම්බුණාට පස්සෙ කොහොමද ආයෙත් ශරීර හැඩය සකස් කරගත්තෙ?
මම පාසල් යන කාලෙ ඇත්ලීට් කෙනෙක්. ඩාන්සින් කරන්න ගත්තෙ ඊටපස්සේ. මේ මස්ල්ස් එක්ක තියෙන බොඩි එක ඒ කාලෙ ඉඳන්ම තිබුණා. බබා ලැබුණට පස්සෙ මම එකපාරම කෙට්ටු වුණා. එයාට ෆීඩ් කරලා ඉවර වෙද්දි ආයෙ මහත් වුණා. කොච්චර ජිම් ගියත්, වර්ක්අවුට්ස් කළත් බඩ තරමක් තියෙනවා දරුවෙක් ලැබුණ ඕනම කාන්තාවකගේ.
ඒක නැති කරගන්න සෑහෙන හාඩ් වර්ක්අවුට්ස් කරන්න ඕන. නමුත් ස්ටුඩියෝ එකේ, සැලෝන් එකේ, බබාගෙ වැඩ සේරම කරද්දි ඒ වෙනුවෙන් කාලෙ වෙන් කරන්න හරි අමාරුයි.
නමුත් මම මං වෙනුවෙන් දවසකට පැය බාගයක් හරි වෙන් කරගෙන පුළුවන් තරම් වර්ක්අවුට්ස් කරනවා. මොකද මටත් ඉන්නෙ ගෑනු ළමයෙක්. එයා අම්මගෙන් තමයි දෙයක් දැකලා ඉගෙනගන්නේ. මම කැලෑවක් වගේ ඉඳගෙන එයාට බෑඩ් එක්සාම්පල් එකක් වෙන්න බෑ.
කොහොමද පුංචි ට්‍රාසා එක්ක ගෙවෙන කාලෙ?
එයා එක්ක ඉන්නකොට කාලෙ යනවා තේරෙන්නෙ නෑ. මම ඇත්තටම සතුටු වෙනවා එයා මගේ ජීවිතේට ආපු එක ගැන. එයා ජීවිතේට ආවත් එක්කම මගේ ජීවිතේ තිබුණ ටොක්සික් දේවල් මගෙන් ඈත් වුණා.
ට්‍රාසා කියන්නෙ මට ආශිර්වාදයක්. මගේ ජීවිතේ මට අත්හැරගන්න බැරුව හිටපු ගොඩක් දේවල් දුව නිසා අත්හැරගන්න ලේසි වුණා.
ඔබට ලැබුණු ජීවිතේ ගැන තෘප්තිමත්ද?
සෑහෙන්න තෘප්තිමත්. මම කොහොමත් ලැබෙන දෙයින් සැනසෙන කෙනෙක්. මට හීන තියෙනවා. නමුත් ඒවා වෙනුවෙන් අසීමිතව මහන්සි වෙලා කෙඳිරි ගාන චරිතයක් නෙවෙයි. නමුත් මම ඒ හීන අනිවාර්යයෙන්ම හැබෑ කරගන්නවා.
එරංදි කෞශල්‍යා ✍️