නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ජීවිතේ ප්‍රශ්න ආවත් ඒ ගැන හිත හිතා දුක්වෙන කෙනෙක් නෙවෙයි මම
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

ජීවිතේ ප්‍රශ්න ආවත් ඒ ගැන හිත හිතා දුක්වෙන කෙනෙක් නෙවෙයි මම

Published May 12, 2025

නාරද බක්මීවැව

නාරද කිව්ව ගමන් අපට මතක් වෙන්නේ තනූජා එක්ක කරපු රස රිසි ගී. ඒ ඉදිරිපත් කිරීමේ කලාව රූපවාහිනී මාධ්‍යයට නැවුම් අත්දැකීමක් එකතු කළා. කෙල්ලෝ කොල්ලෝ ෆ්‍රී ස්ටයිල් ප්‍රසන්ටින් ඉගෙන ගත්තෙ මෙන්න මේ දෙන්නගෙන්. නාරද දැන් ඒ ගමනේ බොහෝ දුර ඇවිල්ලා. දැන් එයාට තියෙන්නේ වෙනස්ම ජීවිත කතාවක්. ඒ නිසා වෙසක් පෝය අත ළඟ තියාගෙන අපි එයාලා බලන්න බත්තරමුල්ලේ නාරද දිනූෂී කැදැල්ලට ගියා. කොල්ලොම තුන් දෙනෙක්ගෙ අපූරු වැඩ මැද්දේ නාරදයි දිනූෂීයි අපට කතාකළා…

නාරද කොහොමද ජීවිතය ?

පවුලේ අයත් එක්ක සතුටින් කාලය ගතවෙලා යනවා. මට ප්‍රොඩක්ෂන් හවුස් එකක් තියෙනවා. ඒකේ වැඩ තමයි මේ දවස්වල වැඩිපුරම මම කරන්නේ. ප්‍රොඩක්ෂන් හවුස් එක මෙහේම තියෙන නිසා මම වැඩිපුර ගෙදර ඉන්නවා. ඒ වගේම දරුවෝ තුන්දෙනයි බිරිඳයි එක්ක වැඩි කාලයක් ගත කරන්නත් මට ඒ නිසා පුළුවන් වෙලා තියෙනවා.

වෙසක් පෝය ළග ළග එනවා. කොහොමද ඒක දැනෙන්නේ?

වෙසක් කාලය කියන්නේ හිත නිවෙන කාලයක්. දරුවොත් එක්ක එකතු වෙලා වෙසක් කූඩු හදනවා. ඒ වගේම පහන් පත්තු කරනවා. ලයිට් වැල් එල්ලනවා. පන්සල් යනවා. ඒ වගේම ඇවිදින්න යන්න හිතාගෙනත් ඉන්නවා.අපිට වෙසක් විතරක් නෙවෙයි නත්තල, පොසොන්, තෛපොංගල් වගේ හැම උත්සවයක්ම වෙනසක් නැතුව වැදගත්. අපි දෙන්නයි දරුවොයි ඒ හැම උත්සවයක්ම සමරනවා.

අපි දෙන්නම හිතන්නේ රටේ තියෙන ආගමික උත්සව, ජාතික උත්සව අපේ දරුවෝ දැනගෙන ඉන්න ඕන කියලා. මොකද හැම ආගමෙන්ම කියල දෙන්නේ ශික්ෂණය, විනය ගැනයි. ඒ නිසා දරුවන්ට ආගම් ගැන කියල දෙන්න ඕන. පොඩි කාලේ ඉදන් ඒ හික්මීම ඇතිවෙන දේවල් අදහන ආගම මොකක් වුණත් උගන්නනවා නේ. ඒ නිසා වෙසක් කූඩු හැදුවත් දරුවො එක්ක එකතු වෙලා තමයි අපි හදන්නේ. නත්තලට නත්තල් ගහ හැදුවෙත් දරුවො එක්ක එකතු වෙලා තමයි.

ඔයාට ඉන්නේ දඟයෝ තුන් දෙනෙක්නේද? කොහොමද එයාලා ගෙදරදී එකට එකතු කරගෙන වැඩක් කරගෙන යන්නේ?

ඔව් අපේ ගෙදර ඉන්නේ කොල්ලොම තුන්දෙනෙක්. ලොකුම පුතා අකේන්ට අවුරුදු දහයයි. දෙවෙනියා යනික්ට අවුරුදු පහයි. රුඑල්ට අවුරුදු දෙකයි. අකේන් රණ්ඩුවලට පැටලෙන්න යන්නෙ නැහැ. රණ්ඩුවක් වුණත් එතනින් හෙමිහිට මග ඇරලා යන්න එයා දන්නවා. හැබැයි අනෙක් පුතාල දෙන්න නම් හිටපු ගමන් වලි දාගන්නවා. හැබැයි ආයෙ ටික වෙලාවකින් ඔක්කෝම ඉවරයි. පස්සේ බැලින්නම් කරට අතදාගෙන යන්නෙත් එයාලා දෙන්නමයි.

නාරද කියන්නේ පරිසරයට හරි ආදරේ කරන කෙනෙක්. කොහොමද ඒ පුරුද්ද දරුවන්ට දෙන්නේ?

ඒකට හොඳම උදාහරණයක් මම ම කියන්නම්. අපි එක පාරක් ටි්‍රප් එකක් ගියා. ඒ යන ගමනෙදී පුතා හිස් වතුර බෝතලයක් එළියට දැම්මා. වයිෆ් වාහනේ එතනම නතර කළා. පුතාවත් අරගෙන බැහැලා ගිහිල්ලා එයාට කියලා දීලා විසිකරපු වතුර බෝතලේ එයා ලවුවාම ඇහින්දෙව්වා. දැන් පුතාම කියනවා කුණු පාරෙ දාන්න හොඳ නැහැ කියලා. දරුවන්ට පොඩි කාලෙ ඉඳලම පරිසරය ආරක්ෂා කරන්න, ආදරය කරන්න කියල දෙන්න ඕනේ මතක තියෙන විදිහට. එතකොට එයාලා ජීවිතේටම පාඩමක් ඉගෙන ගන්නවා.

ඔයාගේ වැඩවලට දිනූෂීගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

එයා මගේ වැඩවලට උදව් කරනවා. ඇත්තම කිව්වොත් මගේ කලා කටයුතුවලට පිටිපස්සෙන් ඉඳන් උදව් කරන්නේ එයා තමයි. ගෙදර වැඩත් කරන ගමන් දරුවන්ගේ වැඩත් එයා කරනවා. අපේ වැඩවලට උදව් කරන්න වයිෆ්ගෙ අම්මත් අපේ ගෙදර ඉන්නවා. අපි දෙන්නට දෙන්නා කොහොමත් උදව් කරගන්න නිසා ස්ටේ‍රස් එකක් නැතුව අපේ ජීවිත ගලාගෙන යනවා.

ජීවිතේ ගැන අද නාරදට කොහොමද දැනෙන්නේ?

මම හිතන්නේ අපි මේ ජීවිතයේදී සතුටින් ඉන්න ඕන කියලා. සමහර වෙලාවට මහන්සියි කියල දැනුණොත් දරුවෝ එක්ක වයිෆ් එක්ක වැඩි කාලයක් ගත කරනකොට දැනෙන මහන්සියත් නැතිවෙලා යනවා.මට ජීවිතයේ ප්‍රශ්නයක් ආවත් ඒ ප්‍රශ්නය ගැනම හිත හිතා දුක්වෙන කෙනෙක් නෙවෙයි. ඉක්මනට ප්‍රශ්නෙත් විසඳගෙන ජීවිතේ ඉස්සරහට යනවා.

මම ලංකාවට ඇවිත් නවතින්න හේතුව නාරද දිනුෂී අතපත්තු බක්මීවැව

දිනුෂීට නාරද වගේ කෙනෙක්ගේ හමුවීම කොහොමද දැනෙන්නේ?

අපි හම්බ වුණේ ඉස්කොලේ යන කාලේ. හොඳම යාළුවෝ විදියට තමයි මුලින් ආශ්‍රය කළේ. ඒ නිසා මුල ඉඳන්ම අපි දෙන්න කැමති අකමැති දේවල් ගැන හොඳ අවබෝධයක් අපට තිබුණා. නාරද කියන්නේ මගේ තාත්ත වගේ හරි නිවුණ කෙනෙක්. ප්‍රශ්නයක් ආවත් කලබල නොවී ඉක්මණට විසදුම හොයාගන්න කෙනෙක්.

මගේ යුනිවර්සිටි එකේ වැඩවලටත් ගොඩක් උදව් කරන්නේ එයා. මම බිසී වුණාම බබාලා බලාගන්නෙත් එයා. මට මගේ වැඩ කටයුතු හිතේ නිදහසින් කරන්න ඕන නිදහස උපරිමයෙන් දෙන්නේ නාරද තමයි. අපි දෙන්නම එකිනෙකා ගැන හොඳ අවබෝධයෙන් ඉන්න නිසා පුතාලා තුන්දෙනෙක් එක්ක සතුටින් ජීවිතේ ගලාගෙන යනවා.

නාරද ඔයාගේ වෘත්තීයමය කටයුතුවලට උදව් කිරීම ඔයාට දැනෙන්නෙ කොහොමද?

නාරද වගේ කෙනෙක් හමු නොවුණ නම් මට හිතේ නිදහසින් මේ වගේ රාජකාරියක් කරන්න බැරි බව මම දන්නවා. ළමයි තුන්දෙනත් එක්ක මේ වැඩ මැනේජ් කරගන්න පුළුවන් වුණේම නාරද මගේ හස්බන්ඩ් වුණ නිසා. විශේෂයෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාලයක අංශ ප්‍රධානියකු ලෙස වැඩ කරද්දී විවිධාකාරයේ මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න වෙනවනේ අපිට. ඒ නිසා ප්‍රශ්න එන ප්‍රමාණයත් වැඩියි. ඒ වගේ වෙලාවට ගෙදර බැලන්ස් වෙන්නෙම එයා අතින්.

නාරද හින්දම ද දිනුෂී ලංකාවට ආවේ?

ඔව්. මම ලංකාවට ඇවිත් මෙහේ ඉන්න හේතුව නාරද. නැත්නම් ලංකාවට එන්න අදහසක් තිබ්බේ නෑ මට.අද මේ විදියට සතුටින් මම ඉන්නේ නාරද නිසා තමයි. නාරද කියන්නේ කලා පවුලකින් ආපු කෙනෙක් නෙමෙයි. ඒත් තනියම තමන්ගේ ගමන හදාගෙන ඉස්සරහට ගියපු කෙනෙක්. මගේ ළමයිව මම හඳුන්වල දෙන්නෙ නෑ නාරද ගැන කියල. දරුවෝ පොඩි කාලේ ඉඳන් ඉගෙනගන්න ඕන තමන්ටම කියල අනන්‍යතාවක්හදාගන්න. නාරද හදාගත්තු අනන්‍යතාව නැති වෙනවට මම කැමති නැහැ. එයා නීතී දාල පාලනය කිරීමක් මම කරන්නෙත් නැහැ. එයා එහෙම මට කරන්නෙත් නැහැ.

කොල්ලෝ තුන්දෙනා එක්ක ගත කරන ජීවිතේ කොහොමද?

මේ තුන්දෙනා එක්ක ගත කරන කාලේ හරි සුන්දරයි. පුතාලා දෙන්නෙක් ඉස්කෝලෙ යනවා. එයාලා යන්නේ ඉන්ටර් නැෂනල් සකූල්වලට. ඒත් අපි දෙන්නා පුතාලට සිංහල අමතක කරන්න දෙන්නෙ නැහැ. සිංහල දන්නෙ නැහැ කියන්නේ ආඩම්බරයට
කරුණක් නෙවෙයි මට නම්. මමත් අවුරුදු 8 ක් පිටරටක ඉගෙන ගෙන ආපු නිසා සිංහල කතා කරන්න මුලින් අපහසු වුණා. නාරද තමයි උදව් කළේ අඩුපාඩු හදාගෙන ජොබ් එක කරද්දී අපහසුවක් නොවෙන්න.

මේ තුන්දෙනාම ගෙදර ඉන්න සමහර දවස්වලට ගෙදර යුධ පිටියක් වගේ. ඒ නිසා සමහර වෙලාවට පොඩි තරහකුත් යනවා. ඒත් ඒ වෙලාවට නාරද තමයි විහිළුවක් කරලා ගෙදරම සන්සුන් කරන්නේ. යුනිවර්සිටි එකේ එන ප්‍රශ්න මම ගොඩක් වෙලාවට කතා කරන්නේ නාරද එක්ක. එයා හොඳ ඇහුම්කන් දෙන්නෙක්.එක එක සිදුවීම් පිළිබඳව එයා වෙනස් විදිහට බලනවා. එක මගේ ගමනට හයියක්.

දිනූෂීට ජීවිතය ගැන දැනෙන්නෙ කොහොමද?

ජීවිතය කියන්නේ සතුටින් ඉදීම තමයි. අපි දෙන්නා දරුවන්ට කිසිම බල කිරීමක් කරන්නෙ නැතුව එයාලට කැමති මාවතකින් ගමනක් යන්න ඉඩ දීල තියෙනවා. ඒ නිසා ඉගෙනගන්න පැත්තෙන්ම ඉදිරියට යන්න කියල දරුවන්ට බල කිරීමක් අපෙන් නැහැ. අපි දෙන්නා කැමති දරුවෝ කරන්න කැමති දේවල්වලට පිටිපස්සේ ඉඳන් උදව් කරන්න.

හරින්දී ලියනගේ ✍️
 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?