නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මට අවුරුදු 21ක පුතෙක් වගේම අවුරුදු 11ක දුවෙක් ඉන්නවා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

මට අවුරුදු 21ක පුතෙක් වගේම අවුරුදු 11ක දුවෙක් ඉන්නවා

Published October 21, 2024

මේධා ජයරත්න

රංගන ශිල්පිනියකට ප්‍රේක්ෂක ආදරය ඉතාමත් වටිනා දෙයක්. ඒ ආදරය ආරම්භයේ පටන් ඒ විදිහටම පවත්වා ගන්නවා කියන දේ වෙනමම දක්ෂතාවක්. ඉතින් එදා වසූදා ටෙලි නාට්‍යයේ වාසනා චරිතයෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගෙන අදටත් එලෙසින්ම ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය, දක්ෂ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනියක, නිවේදිකාවක් වගේම නිරූපණ ශිල්පිනියක් වන සුරූපී ඇය මේධා ජයරත්න. මේධා ආදරණීය පවුලත් එක්ක ගතකරන ජීවිතය ගැන නවලියට කිව්වේ මෙහෙමයි.

ඉතින් මේධා කොහොමද මේ දවස්වල ජීවිතය?

රංගන වැඩකටයුතුත් එක්ක ජීවිතය හොඳින් ගලාගෙන යනවා. මේ දවස්වල ස්වර්ණවාහිනියේ විකාශය වන හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයේ අම්මා කෙනෙක්ගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. ස්වර්ණවාහිනියෙම රීකන්ඩිෂන් කෙල්ල ටෙලි නාට්‍ය තුළිනුත් ඉදිරියේ දී මාව දැකගන්න පුළුවන්. ඒ වගේම බුද්ධික ලොකුතැටියගේ කරපු බැද්ද අද්දර කියල වෙනස්ම විදිහේ ටෙලි නාට්‍යයකටත් මම රංගනයෙන් දායක වුණා.

ඔබ ටික කාලයක් තිරයේ වැඩිපුර දකින්න ලැබුණේ නැහැ. මොකක්ද හේතුව?

හැමෝම වගේ අහනවා ඔය ප්‍රශ්නය. හැබැයි එහෙම රංගනයෙන් ඈත්වීමක් නම් වුණේ නැහැ. ටෙලි නාට්‍යවල නැතත් ටෙලි ෆිල්ම්, චැනල්වල විවිධ වැඩසටහන්වලට මම දිගටම සම්බන්ධ වුණා.

ආදරණීය මවක්, ගෘහණියක් විදිහට කොහොමද වෘත්තීය ජීවිතය සමබර කරගන්නේ?

අම්මා කෙනක් විදිහට සාමාන්‍යයෙන් කාන්තාවක් දවස පුරා සෑහෙන වැඩ ගොඩක් කරනවා. මමත් එහෙමම තමයි. අපේ ගෙදර සියලුම වැඩ කෙරෙන්නේ මගේ අතින්මයි. කාලය හරි විදිහට කළමනාකරණය කරගන්න නිසා ඒ දේවල් මගේ කලා කටයුතුවලට බාධාවක් වෙන්නෙ නැහැ.

කොහොමද මේධා රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?

මම කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්. කැම්පස් එකේ ෆස්ට් ඉයර් එකේ ඉන්න කාලෙදිම තමයි උපාලි දයාවංශ කියලා මගේ සිනියර් කෙනෙක් මාව සිරස පොහොය නාට්‍යයක සම්මුඛ පරීක්ෂණයකට යොමුකළේ.

සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වෙලා ඒ නාට්‍යයේ ප්‍රධාන චරිතයට පණ දෙන්න මට අවස්ථාව ලැබුණා. ඒක තමයි මගේ රංගන ජීවිතයේ මූලිකම අඩිතාලම. ඊටපස්සේ සිරස වසූදා ටෙලිනාට්‍ය හරහා තමයි මේධා කියන චරිතය ප්‍රේක්ෂකයන් අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත්වුණේ.

රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වගේම මේධා දක්ෂ නිවේදිකාවක්. ඒ ගැනත් මතක් කළොත්…

ඇත්තටම මගේ උපාධියත් ජන සන්නිවේදනයට අදාළයි. ඒකත් එක්ක මම නිවේදිකාවක් විදිහට වගේම නිෂ්පාදන සහායිකාවක් විදිහට වැඩ පටන් ගන්නේ ස්වර්ණවාහිනිය හරහා. හැබැයි පුතා ඉපදුණාට පස්සේ මම එතනින් අයින් වෙනවා.

ඊටපස්සේ ෆ්‍රීලාන්ස් නිවේදිකාවක් විදිහට නාලිකා කිහිපයකම වැඩකළා. දැන්නම් ඕෂෝ කියල ප්‍රසිද්ධ යූටියුබ් නාලිකාවක නිවේදිකාවක් විදිහට කටයුතු කරනවා.

මේධා හැමදාමත් එකවගේ කොහොමද තරුණ පෙනුමට ඉන්නේ… මොකක්ද රහස?

අනේ එහෙම රහසක් නැහැ. ප්‍රධාන දේ මගේ හිතින් මම තාම වයසට ගිහිල්ලා නැහැ. ඒ වගෙම මම දිනපතාම මොන දේ තිබුණත් ජිම් යනවා. ඒනිසා ශරීර ශක්තියෙන් මම තාම වයසයි කියල මට දැනෙන්නෙ නැහැ.

පවුලෙ විස්තර ගැන කිව්වොත්…

මට අවුරුදු 21 ක පුතෙක් වගේම අවුරුදු 11 ක දුවෙක් ඉන්නවා. පුතා උළිඳු චංක්‍රමණ. එයා කැනඩාවේ අධ්‍යාපනය ලබනවා. මේ දවස්වල නම් ලංකාවට ඇවිත් ඉන්නේ. දුව සියාරා ගඟුලි. එයා තාම ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබනවා.

මොනවද මේධාගේ අනාගත බලාපොරොත්තු?

මම එහෙම අනාගතේ ගැන ලොකූ ප්ලෑන් ගහන කෙනෙක් නෙවෙයි. වෙලාවකට ඒක මගේ වැරැද්දක්ද කියලත් හිතෙනවා.

හැබැයි ඒක මගේ හැටි. ලොකු බලාපොරොත්තු නැති වුණාට හැමදාම දරුවො දෙන්නත් එක්ක ආදරෙන් ඉන්න එක තමයි මගේ ආසාව.

මේධා වගේම හැඩකාර, හුරුබුහුටි පැංචියක් තමයි ඇයට ඉන්නේ. ඉතින් වැඩිය තිරයෙන් දකින්න නොලැබෙන මේධාගේ ආදරණීය දුව සියාරා සමඟ කතාබහ කරන්නත් අපි අමතක කළේ නැහැ

ඉතින් සියාරා කොහොමද?

පාසල් වැඩත් කරගෙන අම්මත් එක්ක හොඳින් ඉන්නවා.

සියාරා ඉගෙන ගන්න පාසල මොකක්ද?

මම ඉගෙන ගන්නේ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලෙන්.

මොනවද සියාරා වැඩිපුරම ඉගෙන ගන්න ආස?

එහෙම විශේෂයක් නැහැ. සයන්ස්, හිස්ට්‍රි, ඉන්ග්ලිෂ් වගේ හැම සබ්ජෙක්ට් එකක්ම මම ආසාවෙන් ඉගෙන ගන්නවා.

සියාරා විෂය බාහිර දේවල් කරන්න කැමති කෙනෙක්ද?

ඔව්. මම ස්පෝට්ස් නම් කරන්නෙ නැහැ. හැබැයි මම ආසම දෙයක් තමයි ඩාන්සින්. විෂය බාහිර විදිහට මම කරන එකම දේ ඩාන්සින්.

මොනවද සියාරාගේ අනාගත බලාපොරොත්තු?

මගේ අධ්‍යාපන කටයුතු හොඳින්ම කරගන්න වගේම අම්මයි, තාත්තයි දෙන්නම මීඩියා, ඇක්ටින් ෆීල්ඩ් එකේ ඉන්න නිසා ඒ පැත්තෙන්ම ඉස්සරහට යන්න තමයි මගෙත් බලාපොරොත්තුව.

දුම්ෂා විජේසිංහ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy3
Sleepy1
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?