නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ක්‍රීඩාවයි රස්සාවයි බැලන්ස් කරගෙනයි මම මේ ගමන ආවේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

ක්‍රීඩාවයි රස්සාවයි බැලන්ස් කරගෙනයි මම මේ ගමන ආවේ

Published October 14, 2024

මෙලෝනි දසනායක-Miss Universe Sri Lanka 2024

ලංකාවට ක්‍රීඩාවෙන් නව නිපැයුම්වලින් ජාත්‍යන්තරය දිනලා කීර්තිය ගේන පදක්කම්ලාභීන් ගොඩක් ඉන්නවා. ඒ වගේම ලෝකෙට ලංකාව ගැන කියල කීර්තියක් ගේන්න බලන් ඉන්න සුන්දර තරුණියක් තමයි මෙලෝනි කියන්නේ. මේ අවුරුද්දේ ලංකාව වෙනුවෙන් මිස් යුනිවර්සස් තරගාවලිය නියෝජනය කරන්නේ ඇය.

මෙලෝනි ඔයාගෙ විස්තර ටිකක් කියන්නකෝ?

මම මෙලෝනි දසනායක. මට වයස අවුරුදු 25 යි. මම ව්‍යාපාරික පරිපාලන ක්ෂේත්‍රයේ උපාධිදාරිනියක්. දැනට ජාත්‍යන්තර බැංකුවක වැඩකටයුතු කරන ගමන් පාට් ටයිම් ටීවි හොස්ට් කෙනෙක් විදියටත් කටයුතු කරනවා. ඒ වගේම මම බාස්කට් බොල් ප්ලේයර් කෙනෙක්.

පොඩි කාලේ ඉදන් නිරූපණ ක්ෂේත්‍රයට කැමතිද?

ඔව්. ඒ ආසාව නිසාමයි නිරූපණ ක්ෂේත්‍රයට ආවේ. මිස් යුනිවර්සස් යන එක පොඩි කාලෙ ඉදන් තිබ්බ ඩී්‍රම් එකක්. මිස් යුනිවසස් කියන්නේ ලෝකේ තියෙන දැවැන්තම තරගාවලියක්. ඒක නිරූපණ ක්ෂේත්‍රයට එන්න ලොකු අඩිතාලමක්. ඒ නිසාම තමයි මිස් යුනිවර්සස් තරගයට සහභාගී වුණේ. අවුරුදු හයක ලොකු බ්‍රේක් එකකින් පස්සෙ තමයි ලංකාවේ මේ පැජන්ට් එක තිබ්බේ.

කොහොමද මේ ගමන ආවේ?

මිස් යුනිවර්සස් කියන්නේ මගේ පළවෙනි පැජන්ට් එක නෙවෙයි. මම මීට කලින් කීපසැරයක් පැජන්ට්වලට ගිහින් තියෙනවා. ඒ අත්දැකීම් මට හයියක් වුණා. ඒ වගේම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උදව් ලැබුණා. ඒ නිසා තමයි මට මිස් යුනිවර්සස් තරගාවලියට එන්න පුළුවන් වුණේ.

මොනවද මෙලෝනිට ලැබුණ ජයග්‍රහණ?

මිස් යුනිවර්සස් ෆයිනල් එක තිබුණේ වස්කඩුව සිට්‍රස් හොටෙල් එකේ. ඒ පැජන්ට් එකෙන් බෙස්ට් කැට්වෝර්ක්, මෝස්ට් එලිගන්ට් ඉන් ඊවිනිව් ඩ්‍රස් කියන මිනි ටයිටල් දෙක මට හම්බුණා. ඒ ටයිටල්ස් දෙකම ලබාගන්න පුළුවන් වීම ලොකු ජයග්‍රහණයක්.

ආපු බාධක මොනවද?

ලොකු කැපකිරීමක් කරා මේ ගමන එන්න. මම බාස්කට් බෝල් ප්ලේයර් කෙනෙක්. ඒ නිසා නිතරම පුහුණුවීම් කරන්න වෙනවා. ඒ වගෙම ඔෆිස් එකෙත් වැඩකරන නිසා කාලය කියන්නේ මට ගොඩක් වටින දෙයක්. ටයිම් එක බැලන්ස් කරන එක ටිකක් අමාරු වුණත් හරි විදියට ඒ දේවල් මැනේජ් කරපු නිසා මේ ගමන එන්න පුළුවන් වුණා.

ලැබුණ සහයෝගය ගැන කතා කළොත්…

මගේ අම්මයි තාත්තයි මල්ලියි මට උදව් කළා. ඒ වගේම මගේ යාළුවෝ මම වැඩ කරන බෑන්ක් එකේ අයගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා. පුහුණුවීම්වලට අවශ්‍ය නිවාඩු පවා ගන්න බැන්ක් එකේ අය උදව් කළා. ඒ වගේම මිස් යුනිවර්සස් තරගාවලියට පුහුණුවීම් කරන්න ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් උපකාර ලැබුණා. ඒ නිසයි මේ ගමන ආවේ.

මෙලෝනිගේ  අනාගත බලාපොරොත්තු මොනවද?

දැනට මගේ ලොකුම බලාපොරොත්තුව තමයි ශ්‍රී ලංකාව නියෝජනය කරලා රටට කීර්තියක් ගේන එක. අවුරුදු හයකින් පස්සෙ තමයි මේ තරගාවලිය පැවැත්වෙන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් කැප වෙන එක තමයි මගේ අරමුණ.

පවනි දිලේකා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?