නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අපිට ලැබෙන්න ඉන්නේ දුවෙක් – ස්වේතා මෙලී
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

අපිට ලැබෙන්න ඉන්නේ දුවෙක් – ස්වේතා මෙලී

Published July 8, 2024
අද අපේ සෙනෙහසක නවාතැනේ සුවිශේෂී අමුත්තිය වෙන්නේ ස්වේතා මෙලී පෙරේරා. ඇය ගායක නලින් පෙරේරාගේ එකම දියණිය. කවදත් ලස්සනට ඉන්න ස්වේතා මේ දවස්වල තවත් ලස්සන වෙලා තියෙන්නේ ඇගේ ජීවිතේ ලස්සන පරිච්ඡේදයකට සූදානම් වෙන ගමනුයි. ඉතින් ඇයත් එක්ක අපි සොඳුරු කතාබහක යෙදුණා.

ස්වේතා මුලින්ම කියන්නකො දැන් මේ අලුත් ගමනට සූදානම කොහොමද?

මටයි රනිත්ටයි දෙන්නටම මේක අලුත්ම අත්දැකීමක්නේ. ඉතින් අම්මා කෙනෙක් වෙන එක ගැන නොදන්න ගොඩක් දේවල් තියෙනවා. අම්මිගෙනුයි තාත්තිගෙනුයි දේවල් අහගෙන ටික ටික මේ අලුත් අත්දැකීමට ලෑස්ති වෙනවා.

රනිත්ගෙන් ස්වේතට ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද මේ දවස්වල?

රනිත් නම් හරිම සපෝටිව්. මම ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත දවසේ ඉඳන්ම එයා තමයි ගෙදර හැමදේම කරන්නේ. එයාට මගේ මල්ලිත් එකතුවෙලා ගොඩක් උදව් කරනවා. රනිත් වැඩට ගියත් හවසට ඇවිත් කෑම ටික පවා හදනවා. මොකද මුල් මාස තුනේ මං ගොඩක් අමාරුවෙන් හිටියේ. අම්මිලව සප්‍රයිස් කරලා මේ ආරංචිය කියලා උපදෙස් ගන්නකල් අපි දෙන්නා අමාරුකම් කොහොම හරි ඉවසන් හිටියා.

කොච්චර කාලයක් මේ සුබ ආරංචිය අම්මලගෙන් හංගන් හිටියද?

තුන්වෙනි මාසෙදි තමයි අම්මිලට කිව්වේ. මොකද මට ඕන වුණේ නිකන්ම මේක කෝල් එකක් දීලා කියනවට වඩා සප්‍රයිස් එකක් එක්ක කියන්න. ඉතින් ලංකාවේ ඉන්න යාළුවො ටිකත් එක්ක කතාකරලා සේරම ලෑස්ති කරගන්න කාලෙ ඕනෙනේ. ඒ දවස ජීවිතේ ලස්සන මතකයක් විදියට තියාගන්න මට ඕන වුණා. ඒ නිසා මං හොඳට ප්ලෑන් කරලා හැමෝවම සප්‍රයිස් කළා.

ස්වේතා – රනිත් කැමැත්තෙන් හිටියේ දුවෙක්ටද පුතෙක්ටද?

ඇත්තටම ඕන කෙනෙක්ට එක වගේ ආසයි. නමුත් දුවෙක්ට අපි දෙන්නගෙම ටිකක් වැඩිපුර කැමැත්තක් තිබුණා. ඒත් ගොඩක් අය ජෙන්ඩ රිවීල් එක කරනකල්ම හිතන් හිටියේ ලැබෙන්න ඉන්නෙ පුතෙක් කියලා.

හදිසියේම ලංකාවට ආවේ?

ඇත්තටම ලංකාවට ආවේ මගේ ලොකු අම්මිලවයි ලොකු තාත්තිවයි බලලා යන්න. මොකද අම්මිටයි තාත්තිටයි මාව බලන්න ඕන වෙලාවක එහේ එන්න පුළුවන්නේ. ඒත් ලොකු අම්මිලට ලොකු තාත්තිට එන්න අමාරුයි.

මම ඩිලිවරි එක කරන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් ඩොක්ටර්ගෙන් ඇහුවම මේ ටයිම් පීරියඩ් එකේ ට්‍රැවල් කරන්න අවුලක් නෑ කියලා කිව්ව නිසා මං ආවා.

ඕස්ට්‍රේලියාවේ හිටියත් ස්වේතට සිංහල කෑමවලින් නම් අඩුවක් තිබුණෙ නෑ නේද පහුගිය කාලේ?

අම්මෝ ඔව්. තාත්තිගේ නෑදෑ පවුල් කීපයක් එහෙ ඉන්නවා. මම ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත දවසේ ඉඳන් පුළුවන් හැම වෙලාවකම එයාල මට ලංකාවෙ කෑම හදලා ගෙනත් දුන්නා.

ඒත් මෙල්බර්න්වල තියෙන එකම හොඳ දේ වෙන රටවල වගේ සිංහල කෑම කඩ හොයාගන්න අමාරු නැහැ. ඕන තැනක සිංහල කෑම තියෙනවා. නමුත් ලංකාවට ආවම කන කෑම ඊට වඩා වෙනස් සහ රසයි. ඒ නිසා මේ දවස්වල හොඳට කනවා.

ස්වේතා එක්කම අම්මයි තාත්තයිත් ඕස්ට්‍රේලියාවට යනවද?

නෑ මම ඊට කලින් යනවා. තාත්තිටත් කොහොමත් ටුවර්ස් කිහිපයක් තියෙනවා ඔක්තෝබර් මාසේ ඕස්ට්‍රේලියාවේ. බබා ලැබෙන්න දින දීලා තියෙන්නෙත් ඒ මාසෙමයි. අම්මි නම් කොහොමත් වේලාසනින් එයි ඩිලිවරි එක නිසා.

මං හිතන්නේ ස්වේතාටත් වඩා ස්වේතා අම්මා කෙනෙක් වෙනකල් බලන් හිටියේ ස්වේතාගේ ආදරණීය තාත්තා. 2022 දි ස්වේතා විවාහ වුණ දවසෙත් හැමෝම ඉස්සරහ නලින් කිව්වේ අපිට ඉක්මනට බබෙක් ඕනෙ කියලා.

අපි ඊළඟට හැරුණෙ නලින්ගේ පැත්තට

“ඒක මං කසාද බඳින හැමෝටම හදවතින්ම කියන දෙයක්. විවාහයකින් පස්සේ දරුවො දෙන්නෙක් තුන්දෙනෙක් ලැබුණම දැනෙන සතුට හරි වෙනස්. පවුලක් ගොඩනැගෙන්නෙ එතනින්. ඉතින් මේකේ නම් ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ මගේ බෑනට”.

තාත්තෙක් විදිහට දුවෙක් ගැන ආදරය වැඩියෙන් දැනෙන කාලයක්නෙ මේ. එකම දුව අම්මා කෙනෙක් වෙන්න යන වෙලාවේ දැනෙන හැඟීම වචන කරමු.

ස්වේතා කියන්නේ අපේ පවුලේ සතුට, සමගිය ගැන ලොකුවට හිතන කෙනෙක්. සමහර වෙලාවට මගේ කන්ට්‍රෝල් පැනල් එක තියෙන්නෙත් එයාගෙ අතේ. අපි නොදකින දේ සමහර වෙලාවට එයා වෙනස් විදියට දකිනවා. අනාගතේදිත් මං බලාපොරොත්තු වෙන්නේ ඇය බොහොම ලස්සනට සාමයෙන්,

සමගියෙන් පවුල් ජීවිතය ගෙවනවා දකින එක. ඒක දැකලා සතුටු වෙනවා තරම් දෙයක් මට නෑ. මං හරහා වුණත් දුවව දන්න පිරිස එන්න එන්නම වැඩිවෙනවා. මට ඒ ගැන තියෙන්නෙත් ලොකු සතුටක්. ඒ ආදරය සල්ලිවලට ගන්න බෑ වගේම ඒ ආදරයට ගොඩක් ස්තූතියි.

ඊළඟට කතා කළේ අම්මා නිල්මිණී පෙරේරා එක්ක

ඔබේ පළමු දරුවා දුවෙක්. දැන් ඇයට ලැබෙන්න ඉන්නෙත් දුවෙක්. අපි ස්වේතා ඉපදුණු දවස ගැන ආයෙත් මතකය අවදි කළොත්…

ඒ කාලේ දැන් වගේ ස්කෑන් කරන තාක්ෂණයක් තිබුණෙ නෑ. ඒ නිසා ලැබෙනකල් දුවෙක්ද පුතෙක්ද කියලවත් දන්නෑ. ඒත් මමත්, නලිනුත් දෙන්නම ආසාවෙන් හිටියෙ දුවෙක්ට තමයි. ඒ වගේමයි ස්වේතටත් දුවෙක් ලැබෙනවටයි අපි ආස වුණේ. එදා ස්වේතා ලැබුණ දවසෙ ඇති වුණ සතුටම තමයි තවම මූණ නොදැක්කත් මට මගේ පුංචි මිනිබිරිය වෙනුවෙනුත් තියෙන්නේ.

එරංදි කෞශල්‍යා ✍️

TAGGED: ස්වේතා මෙලී
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?