නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අපි මැරි කරලා අවුරුදු හතරක් – චතූ රාජපක්ෂ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

අපි මැරි කරලා අවුරුදු හතරක් – චතූ රාජපක්ෂ

Published June 17, 2024

පුංචි තිරයේත්. රිදී තිරයේත් විවිධ චරිතවලට පණපොවමින් ඔබ හමුවට එන කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ, නිහතමානී, සුන්දර රංගන ශිල්පිනියක්ද නිවේදිකාවක්ද වන ප්‍රේක්ෂක ඔබ කාගෙත් ආදරය දිනාගත් චතූ රාජපක්ෂ සමඟිනුයි “නවලිය” අද අපේ කතාබහ ඇරඹෙන්නේ.

චතූ කොහොමද, මේ දවස්වල මොකද වෙන්නේ?

මේ දවස්වල හොඳයි,ගොඩක් හොඳින් ඉන්නවා. අලුත් නිර්මාණ දෙකකටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒවටත් සම්බන්ධ වෙමින් මගේ අනෙක් වැඩ කටයුතුත් කරගෙන ගෙදරට වෙලා සතුටින් ඉන්නවා.

රංගනයෙන් දායක වුණ අලුත් නිර්මාණ මොනවද?

අලුත් නිර්මාණ දෙකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එක නාට්‍යයක නම් ලංකාවේ අති දක්ෂ, ප්‍රවීණ, සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් යටතේ වගේම ප්‍රවීණ රංගන ශිල්පීන් එක්ක මට රංගනයෙන් දායක වෙන්න වාසනාව ලැබිලා තියෙනවා. ඉතින් ඒකෙ රූගත කිරීමුත් මේ දවස්වල කෙරීගෙන යනවා. තව ෆිල්ම් එකකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේ තමයි තවත් වෙනස්ම විදියේ අලුත් නිර්මාණයකටත් කතාකරලා තියෙනවා.

පවුලේ විස්තර ගැනත් කියමු?

මමයි, හස්බනුයි, මගේ නංගියි තමයි අපේ ගෙදර ඉන්නේ. නංගි කැම්පස් යනවා. මට තව අක්කියි, මල්ලීත් ඉන්නවා. අක්කි නම් ප්‍රාදේශීය ලේකම් කර්යාලයේ වැඩ කරන්නේ. මල්ලි ඉන්නේ රට.

උපන් ගම?

මම ඉපදුනේ බදුල්ලේ. පදිංචි වෙලා හිටියේ බිබිලේ.

දැන් පදිංචිය?

පිළියන්දල.

චතූ රංගනයට අමතරව නිවේදිකාවක් විදියටත් වැඩ කරනවා. බොහෝ දෙනෙක් කතාවෙන්නේ රංගන ශිල්පිනියකට ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න පුළුවන්ද කියන කාරණාව ගැන. අපි ඒ ගැනත් කතා කරමු.

ඔව්. විශේෂයෙන්ම කියන්න ඕනේ මම කොහොමත් මුලින්ම මිනිස්සු අතරට ආවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට. 2018 වසරේ තමයි මම මුලින්ම නිව්ස් කිව්වේ. ඒ සිරස නාලිකාවේ News first. ඊට පස්සේ කොවිඩ් වසංගතයත් එක්ක නිවුස් කියන එක නතර කළා. ඊට පස්සේ තමයි මම රංගනය පැත්තට ආවේ. ඒ වෙලාවෙත් හැමෝම ඇහුවේ ඇයි නිවුස් කියන්නේ නැත්තෙ කියලා.

මේ දවස්වල මම නැවතත් ස්වර්ණවාහිනි නාලිකාවේ Live @ 8 ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට වැඩ කරනවා. දැන් මගේ ප්‍රේක්ෂකයන්ට මම කියනවා ඔන්න ආයෙම ඔයාලට මම නිව්ස් කියනවා බලන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක මට ආයෙම ලැබුණු හොඳ අවස්ථාවක් කියලා.

ප්‍රවෘත්ති නිවේදිකාවකට වගකීම් රැසක් තියෙනවා. ඒක ලේසි පහසු කර්තව්‍යයක් නෙවෙයි නේද?

ඇත්තටම ඔව්, ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. අනික ලොකු වගකීමක් අපිට පැවරිලා තියෙනවා. මම මුල් කාලෙ නිව්ස් කිව්වෙ හරිම බයෙන්, මොකද මට එතකොට experience තිබුණේ නැහැ. නමුත් ගොඩක් experience තියන අයත් එක්ක තමයි මට නිව්ස් කියන්න ලැබුණේ.

News1st එකේදි මට කියලා දුන්නා කොහොමද ප්‍රවෘත්ති නිවේදිකාවක් කතා කරන්න ඕනේ, වචන කඩන්න ඕනේ,වචන උච්චාරණය කරන්න ඕන, මේ හැමදේම කියලා දුන්නා. ඒ දේවල් උපයෝගී කරගෙන අද Live @ 8 නිව්ස් එකේදී මගේ දක්ෂතාවය උපරිම පෙන්නන්න පුළුවන් අවස්ථාවක් තමයි මට මේ ලැබිලා තියෙන්නේ.

රංගන කටයුතුත්, නිවේදන කටයුතුත් දෙකම සමබරව කරගෙන යන්න කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද?

මම නිවේදන කටයුතු කරන්නේ freelancer news reader කෙනෙක් විදිහට. එතකොට මම නිව්ස් කියන දවසට ගිහින් නිව්ස් එක කියනවා. ෂූටිනුත් හැමදාම වගේ නැහැ. ෂෙඩූල් එහෙකට තමයි ෂූටිනුත් යන්නේ. ඉතින් කොහොම හරි මේ හැමදේටම වෙලාව හදාගන්නවා.

වෘත්තීයමය වශයෙන් රංගන ශිල්පිනියක්ද?

නැහැ,මම මගේම කියලා පොඩි ව්‍යාපාරයකුත් කරගෙන යනවා. ඒක online බිස්නස් එකක්. ඒකට මගේ නංගීත් උදව් කරනවා.

ක්ෂේත්‍රයට එන්නේ කොයි කාලෙද, ඒ කොහොමද?

මම 2016 දී වී.සිවදාසන් සර්ගේ “පාටක් නැති ආදරයක්” කියන ෆිල්ම් එක හරහා තමයි මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ. නමුත් ඒ ෆිල්ම් එක තාම රිලීස් වෙලා නැහැ. හැබැයි සර්ගේ කන්ටැක්ස් වලට තමයි මාව මුලින්ම ටෙලි නාට්‍යවලට සහ නිවේදන කටයුතුවලට ගත්තේ. ඒ ගමන තමයි අදටත් මේ යන්නේ.

අද වනවිට ඔබ ඉන්න තැන ගැන මොකද හිතන්නේ?

ගොඩක් සතුටුයි. මගේ අතීතය ගැන හිතලා බලද්දි මේක මම ගොඩාක් හෙමින් ආව ගමනක්. ඒ වගේම විවිධ සම්මානත් ලැබිලා තියෙනවා. මම ඉතාමත් පැහැදිලි හොඳ ගමනක් ආවා කියලා මට හිතෙනවා. ඒ වගේම පවුල් ජීවිතයත් සමබරව අරගෙන යන්න ලැබීමත් ලොකු දෙයක්. මම හැම වෙලාවෙම හිතන්නේ මම සාර්ථක වෙන්න ඕනේ පවුල් ජීවිතේ ඇතුළේ කියලා. ඒ හැමදේම මම හොඳින් පවත්වාගෙන යනවා.

මේ සියල්ල සාර්ථකව කරගෙන යන්න ආදරණීය සැමියාගෙන් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ?

ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉස්සර හැම දේකටම එයා මගේ පස්සෙන් හිටියා. මම යන හැම වැඩකටම මාව ගෙනිහින් දානවා. හැබැයි දැන් එයා මට වඩා කාර්යබහුලයි. මොකද, එයා එයාගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තා.

කොහොමහරි ඉතින් එයා හරි අමාරුවෙන් දෙපැත්තම බැලන්ස් කරගෙන, මටත් අවධානය දෙන ගමන් ඔක්කොම වැඩ කරගෙන යනවා. මට අවශ්‍ය තැනදී එයා අනිවාර්යයෙන්ම මගෙත් එක්ක ඉන්නවා.

දැන් දෙන්නා තුන්දෙනා වෙන්නේ කවදද?

ඔව්, ගොඩක් අය අහනවා. අපි මැරි කරලා අවුරුදු හතරක් නිසා දැන්ම බබාලා හදන්නේ නැද්ද කියලා. නමුත්, මට අලුත් නිර්මාණ කිහිපයක් ඇවිත් තියෙනවා, ඉතින් ඒ නිසා අපි හිතුවා බබා එන කාලෙට වැඩ ඔක්කොම නතර කරලා එයාට අවධානය දෙන්න ඕන නිසා, අපි තව චූටි කාලයක් ඉවසලා ඉන්නවා කියලා.

චතූ කැමති දුවෙකුටද පුතෙකුටද?

මම නම් දෙන්නටම කැමතියි. කවුරු මුලින් ලැබුණත් ප්‍රශ්නයක් නෑ. හස්බනුත් එහෙමයි කිව්වේ. හැබැයි මේ ළඟකදී එයා කිව්වා එයාගෙ බිස්නස් එක බලාගන්න මුලින්ම පුතෙක් ලැබුණත් කමක් නෑ කියලා.

fashion කරන්නේ තෝරා බේරගෙනද?

ඔව්. ගොඩක් තෝරා බේරගෙන තමයි කරන්නේ. ගොඩක් අය කියනවා මම කෙට්ටු නිසා ඕනම ෆැෂන් එකක් මට ගැළපෙනවා කියලා. හැබැයි මට කොච්චර වරප්‍රසාද ලැබුණත්, මගේ ඉදිරි අනාගතය ගැන හිතලා, මගේ පවුල ගැන, මගේ හස්බන් සහ අනාගතයේ මගේ දරුවන් ගැන හිතලා තමයි මම ෆැෂන් කරන්නේ.

ට්‍රැවල් කරන්න කැමතිම සහ ජීවත් වෙන්න කැමතිම රට?

ට්‍රැවල් කරන්න ඕන තරම් රටවල් තියෙනවා. හැබැයි ජීවත් වෙන්න හොඳම රට නම් ලංකාව.

අනාගත බලාපොරොත්තු මොනවද?

ඉස්සර ඉඳලා මට ලොකු බලාපොරොත්තු තිබුණේ නැහැ. දැනටත් එහෙමයි. මුල් තැන පවුල් ජීවිතයට ලබාදීලා පවුල රැකගෙන, ඉදිරියට හොඳ නිර්මාණ ලැබුණොත් ඒවටත් සම්බන්ධ වෙලා, මෙතෙක් ආවා වගේ ලස්සන ගමනක් යන එක තමයි මගේ එකම බලාපොරොත්තුව.

පාරමී කෞෂිකා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?