නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මාව එක රැයකින් ජනප්‍රිය කළේ ‘ලාභ සිනා’ ගීතය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

මාව එක රැයකින් ජනප්‍රිය කළේ ‘ලාභ සිනා’ ගීතය

Published May 20, 2024

සුභානි හර්ෂණී මුතුකුමාරණ

‘ලාබ සිනා සිත කළඹන නුහුරු සෙයිලමේ’

‘එකම එක වරක්වත් ආදරෙයි කියන්න
රුහුණු දුම්රියෙන් අද රෑ ගම රට එන්න…’

‘සපත්තු මල ලා රතු පාටයි…’

‘හම්බන්තොට මුහුදු වෙරලෙ
වැලි කැට ගාණට…’

මේ ගීත කොටස් දකිද්දිම ඔබ දැනටමත් දන්නවා අද අපේ කතා නායිකාව කවුද කියලා. මීට වසර 23කට විතර ඉස්සර තුරුණු ශක්ති වේදිකාවෙන් අවසන් වටයේ තරගකාරික් ලෙස බැස ආ ඇය අද වෙනකොට රසික හදවත් දිනාගත් ජනප්‍රිය ගායන ශිල්පිනියක්. සුභානි හර්ෂණී මුතුකුමාරණ නම් ඇය අද ගායිකාවක, ආදරණීය මවක, බිරිඳක ලෙස ගතකරන ජීවිතයේ අත්දැකීම් සමග සොඳුරු කතාබහකට අප ඇයට ආරාධනා කළා...

මොනවද මේ දවස්වල වැඩ කටයුතු?

මගේ අලුත්ම නිර්මාණ තුනක් කරගෙන යනවා. සින්දු දෙකක ඕඩියෝ එක කරලා ඉවරයි. වීඩියෝ එකත් කරන්න සූදානම් කරගෙන ඉන්නේ. ළඟදිම මගේ ඒ ගීත අහන්නට ලැබේවි.

චූටි දුව ගැනත් විස්තර ටිකක් කියමු…

දුව සාරා සම්මානි. එයාට දැන් අවුරුදු හතයි. ඉගෙනගන්නෙ හොරයිසන් කොලේජ් එකේ.

කොහොමද දුව එක්ක ගෙවෙන කාලය?

ඇත්තටම පුදුම විදිහට කාර්යබහුලයි. මොකද එයාගෙ අධ්‍යාපන කටයුතු සේරම බලන්නෙ මම. එයා ටික ටික ලොකු වෙනවා දකිද්දි මටයි මහත්තයටයි හරි සතුටුයි. එයා හරි දක්ෂ දරුවෙක්.

ඇත්තටම මගේ සංගීත වැඩ එක්ක දුවගෙ වැඩ කරගෙන යන්න අමාරු වුණත් මම මගේ වැඩ පාඩු වුණත් එයාගෙ වැඩ මගහරින්නෙ නෑ. මොකද මමත් ඉස්කෝලෙ වැඩත් පාඩුකරන් හිටියෙ සංගීත කාමරේමයි. මම කැමති නෑ දුවත් එහෙම වෙනවට. ඉතින් ඔය හැමදේම එක්ක අපි තුන්දෙනා හරිම සතුටින් කාලෙ ගෙවනවා.

නමුත් දුවටත් සින්දු කියන්න පුළුවන් නේද?

ඔව්. එයාට ඒ හැකියාව හොඳටම පිහිටලා තියෙනවා. ඉන්ස්ටෘමන්ට්ස් ප්ලේ කරනවා. මම සංගීතය ගැන එක අකුරක්වත් දුවට උගන්නලා නෑ. එයා ඒක උපතින්ම අරගෙන ඇවිත්.

දැන් සංගීත ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද?

දැන් අවුරුදු 23ක්. මම ආවේ ජාතික තරුණ සේවා සභාව සහ ජාතික රූපවාහිනිය එකතු වෙලා කරපු ‘තුරුණු ශක්ති’ වැඩසටහනෙන්. ‘ලාබ සිනා’ කියන මගේ අලුත්ම සින්දුවෙන් තමයි මාව මේ රට අඳුරගත්තේ.

දැන් තියෙන රියැලිටි තරග වගේ නෙවෙයි එදා තිබුණු තුරුණු ශක්ති හරිම ගුණාත්මක, පිරිසුදු බවින් යුක්ත තරගයක්. අවසන් තරගයෙදි තරගකරුවන් 12යි හිටියේ. ඒ 12ටම තරුණ සේවා සභාවෙන් අවසන් තරගෙදි ගායනා කරන්න දුන්නෙ අලුත්ම ගීත.

ඒක ජයන්ත නවරත්න සර්ගෙ සංකල්පයක්. මම තරගයෙන් 6 වෙනියා. නමුත් පහුවෙනිදා ඉඳන් මම තමයි ජනප්‍රිය වුණේ. ඒ ලාබ සිනා සින්දුව නිසා.

සාමාන්‍යයෙන් ප්‍රසංග වේදිකාවේ වැඩිපුරම ඉන්නෙ ගායකයොනේ. කොහොමද ඒ කාලෙ ඉඳන් අද වෙනකනුත් සුභානි හර්ෂණී ප්‍රසංග වේදිකාවේ නමක් තියාගෙන ඉන්නෙ?

මෙහෙමයි. මං කවදාවත් හිතුවෙ නෑ කොහොම හරි මම හැමෝගෙන්ම එකට ඉන්න ඕනෙ, මං මේ තැන හැමදාම තියාගන්න ඕනෙ කියලා. මං හොඳ ගීතයක් කිව්වොත් රසිකයො ඒක වැළඳගත්තා. තවමත් මම තැනක ඉන්නවා නම් ඒක මගේ වාසනාව.

ඒ වගේම රසිකයන් සහ මං අතර තියෙන සුහදතාවය සහ ක්ෂේත්‍රය තුළ හැසිරෙන ආකාරයත් මේකට බලපානවා. ඔයා හිතන්නකො මම හරිම ආඩම්බරෙන් හිටියොත් කවුරුත් මාව ගණන් ගනීද? ආදරේ කරයිද? එහෙම ඇත්තටම කලාකාරයෙක්ට ආඩම්බර වෙන්න දෙයක් නෑ.

මම මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන කෙනෙක්. එදා මෙදාතුර මං මගේ හැමදෙයක්ම කරගත්තෙ කලාව තුළින්. ඉදිරියටත් එහෙම්මම තමයි. ගෙදරින් මට හොඳට ඉගැන්නුවා. මගේ පැත්තෙන් විශාරද දක්වාම මම සංගීතය හැදෑරුවා.

අලුතින් එන ගායික ගායිකාවො දිගටම අනුන්ගේ ගීත ගායනා කරනවා කියලා ගැටලුවක් ඉස්මතු වෙලා තියෙනවා. රියැලිටි තරගයකින් බිහිවුණ කෙනෙක් විදිහට ඒක දකින්නෙ කොහොමද?

මමත් තුරුණු ශක්ති වේදිකාවෙන් ආවේ ප්‍රවීණයන්ගේ ගීත ගායනා කරලා. නමුත් එදා වේදිකාවෙන් බැස්සට පස්සේ මම ප්‍රවීණයන්ගේ ගීත ගායනා කරන්න ප්‍රසංග වේදිකාවට ගොඩ වුණේ නැහැ. ‘ලාභ සිනා’ ගීතය තමයි මාව එක රැයකින් ජනප්‍රිය කළේ.

තුරුණු ශක්ති වේදිකාවෙන් බැහැලා මාස තුනක් යන්න කලින්ම මම කැසට් එකක් කළා. 99 දි ‘මේ කඳුළු තොටුපළය’ කැසට් පටය ඉතාම ජනප්‍රිය වුණා.

මම ආධුනික ගායිකාවක් විදියට ගී ගයපු කාලේ වැඩිපුරම ගායනා කළේ සුජාතා අත්තනායක මහත්මියගේ ගීත. ඇය වගේ ගායිකාවක් වෙන්න තමයි මම හීන දැක්කේ. ආධුනික අවදියේදී කොහොමත් ප්‍රවීණයන්ගේ ගීත ගායනා කරන්න සිද්ධ වෙනවා.

අපේ ජීවිතේ පටන් ගන්න ඔවුන්ගේ ගීත ලොකු අත්වැලක්. තරගයෙන් පසුවත් අනුන්ගේ ගීත ගායනා කරලා මුදල් හම්බ කරනවා නම් ඒක වරදක්.

සුභානි හර්ෂනී කියන්නෙ කැසට්පට ඉතිහාසයේ නොමැකෙන හඬක්. කොහොමද ඒ කාලේ ලැබුණ ප්‍රතිචාර?

අම්මෝ රසික ප්‍රතිචාරනම් හරියට ලැබුණා. දවසට ලියුම් මිටි දෙකක් විතර ගෙදරට එනවා. විවාහ යෝජනා, ප්‍රේම යෝජනා තමයි වැඩිපුරම ආවේ. ඇත්තටම ඒ මතකයට මම තවමත් හරි ආදරෙයි. මම මගේ රසිකයන් වෙනුවෙන් මට පුළුවන් තාක්කල් ගීත ගායනා කරනවා. මාව මේ තැනට ගෙනාවේ රසිකයෝ. මම ඔවුන් වෙනුවෙන් ගීත ගායනා කළේ නැත්නම් ණය කාරයෙක් වෙනවා.

එදා තුරුණු ශක්ති නොතිබුණා නම් අද සුභානි හර්ෂණී කියන්නෙ කවුරු වෙන්න පුළුවන්ද?

ඇත්තටම තුරුණු ශක්ති වේදිකාවෙන් මම මිනිස්සු ආදරේ කරන ගායිකාවක් වුණ එක තවමත් හීනයක් වගේ. මට ඕන වුණේ ගායිකාවක් වෙන්න. මගේ දෙමාපියන්, ගුරුවරුන් මාව තල්ලු කළෙත් එතනට. හැබැයි මගේ හිත හරි ශක්තිමත්.

ඒ ශක්තියෙන් පවුලට හයියක් වෙන්න පුංචි වයසෙ ඉඳන් මං සල්ලි හෙව්වා. මගේ වීරයා වුණේ මගේ අම්මා. මං හිතාගත්තෙ කවදහරි මමත් අම්මා වගේ ධෛර්යවන්ත කාන්තාවක් වෙනවා කියලා. ගායිකාවක් නොවුණා නම් සමහරවිට මම මැහුම් පැත්තෙන් හෝ ගුරුවරියකගේ පැත්තෙන් ඉස්සරහට යයි.

සුභානි කොහොමද තවමත් එදා වගේම ලස්සනට ඉන්නෙ?

මං දන්නෑ මං ලස්සනයිද කියන එක ගැන. ගොඩක් අය මගෙන් අහනවා එදා වගේම අදත් ඇඟ ලස්සනට තියන් ඉන්නෙ කොහොමද කියලා. මං දැන් අවුරුදු 28ක් විතර වෙජිටේරියන්. මං පවු කරන්න ගොඩක් බය කෙනෙක්. අනිත් එක කලාකරුවෙක් කියන්නෙ බොහොම සංවේදී හිතක් තියෙන කෙනෙක්. ඒකත් හේතුවක් වෙන්නැති ලස්සනට ඉන්න. හැමතිස්සෙම තරහෙන් ඉන්නවා නම් එයා කැත වෙනවා.

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love6
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?