නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඩිප්‍රෙශන් හැදිලා මැරෙන්න ගිය මාව බේරගත්තෙ උපේක්ෂා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

ඩිප්‍රෙශන් හැදිලා මැරෙන්න ගිය මාව බේරගත්තෙ උපේක්ෂා

Published March 25, 2024

හර්ෂ තෙන්නකොන්

හර්ෂ තෙන්නකෝන් කියන්නෙ අපේ රටේ බිහිවුණ අති දක්ෂ තරුණ රංගන ශිල්පියෙක්.ඔහු රඟපෑ චරිත හරිම අතලොස්සක් වුණත් ඒ චරිතයේ නමින් ඔහුව හඳුන්වන තරමටම හර්ෂ ඒ චරිත ප්‍රේක්ෂකයන්ගේ හදවතේ රැඳෙව්වා.ඔහුව අදටත් බොහෝ දෙනා හඳුන්වන්නෙ ගිනි අවි සහ ගිනිකෙළි නාට්‍යයේ ‘රාජගිරියෙ පැටී‘ නමින්වීම එයට හොඳම නිදසුනක්. ක්ෂේත්‍රය තුළ හරිම කෙළින්,තමන්ගෙ පාඩුවෙ ගමනක් යන මේ නිහතමානී රංගන ශිල්පියාව අද නවලිය කවරය වෙනුවෙනුත් සෙනෙහස නවාතැන වෙනුවෙනුත් එක්කාසු කරගත්තේ ඔහුගේ ජීවිතේ අලුත්ම පරිච්ඡේදයක් මේ දවස්වල ලියමින් ඉන්න නිසා…

මොනවද මේ දවස්වල තොරතුරු?

මේ දවස්වල මං රංගනයෙන් දායක වුණ මින්නු චිත්‍රපටිය තිරගත වෙනවා. අවුරුදු දහයක් විතර ගියා ඒක රිලීස් වෙන්න. පහුගිය දවස්වල තව ඩ්‍රාමා එකක වැඩ කටයුතු අවසන් වුණා. ඒ වගේම තව නාට්‍ය තුනක තිර පිටපත් ලැබිලා තියෙනවා. ඒ තුනෙන් එකක් බාර අරගෙන කරනවා. ලංකාවට ආවට පස්සේ පොඩි නිදහසකුත් ඕනේ වුණා. ඉතින් ගොඩක් කාර්යබහුල නොවී හෙමින් සැරේ වැඩ ටික කරගෙන යනවා.

අරගලේ බැහැගෙනම ඉඳලා එක පාරටම ලංකාව දාලා ගියේ ඇයි?

ඇත්තටම මම ලංකාවෙන් ගිය තීරණය එකපාර ගත්ත තීරණයක් නෙවෙයි. මේ රටෙන් යන්න ඕන කියන තීරණය ගත්තේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. ඒ වෙද්දි අපිට ලොකු පුතා ලැබිලා හිටියේ. දරුවව මේ රටේ හදන්න හොඳ නෑ කියලා පැහැදිලි අදහසක් මට තිබුණා. නමුත් කොරෝනා ආව නිසා අපි හිරවුණා. පසුකාලීනව ඒ වැඩ ටික ඉක්මණින් සිද්ධ වුණා. ඉතින් අපි මුළු පවුලම රටින් ගියා.

හදිසියේම දික්කසාදයක් සිද්ධ වෙන්න හේතුව මොකක්ද?

ඒ ගැන මම දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්න කැමති නෑ. මම කොයි වෙලාවකවත් කියන්නේ නෑ මගේ හිටපු බිරිඳ තනුක්ෂි වැරදියි කියලා. කොහොම හරි කාලයක් තිස්සෙ තිබුණ දෙන්නගෙ නොගැළපීම් මත අපි දෙන්නා ෆින්ලන්තෙදි දික්කසාද වුණා.

නමුත් දැන් හර්ෂගේ ජීවිතයට ආයෙත් ආදරයක් ඇවිත්…

ඔව්. ඇය උපේක්ෂා. ඇයව මට මුණගැහුණෙ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ. උපේක්ෂාව මම දැනං නොහිටියට ගොඩක් කල් ඉඳන් මගේ ෆේස්බුක් එකේ එයා හිටියා. නමුත් අපි දෙන්නා කතා කරන්න ගත්තේ මම පවුලෙන් වෙන්වෙලා තනියම හිටපු කාලේ. මට ඩිප්‍රෙශන් හැදිලා මැරෙන්නම හිතුණ කාලයක් තිබුණා.

ඉතාම අහඹු විදිහට ඔය කාලෙදි මට උපේක්ෂා එක්ක කතා කරන්න ලැබුණා. මම විශ්වාස කරනවා අදටත් මම ජීවත් වෙන්නෙ උපේක්ෂා කියන චරිතය මට මුණගැහුණ නිසා කියලා. නමුත් අපි අතරේ මුලින්ම ආදරයක් ඇති වුණේ නෑ. නිකන් කතා කළා විතරයි. මට තිබුණ ප්‍රශ්න කාටවත් කියන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. ඒත් මට කාටහරිම කතා කරන්න ඕන වුණ හැම වෙලාවෙම ඇය හිටියා. ඇය කවුන්සලින් ඉගෙනගන්න කෙනෙක්. ඒ නිසාම වෙන්න ඇති ඇයට මාව හොඳට තේරුණේ.

ඇයව සහකාරිය විදිහට අවසානයේ තෝරගන්න හිතුණෙ ඇයි?

මම ආයෙ ලංකාවට එන්න හේතුව උපේක්ෂා නෙවෙයි. මොකද මං අවසානය තෙක් උත්සහ කළා මොන ප්‍රශ්න තිබුණත් ආයේ පවුලක් විදිහට එකතු වෙන්න. ඒ ගැන උපේක්ෂා දන්නවා. එයත් හැමතිස්සෙම කිව්වේ අපි ආයෙත් එකතු වෙන්න ඕන කියලා. නමුත් ඒක වුණේ නෑ. ඒ නිසා මං ලංකාවට ආවා. මොකද කොහොම හරි වීසා දික් කරගත්තත් මගේ දරුවොත් නැතුව වෙන රටක තනියම මං ආස නැති ජොබ් එකක් කරන්න මට බෑ.

ඒ නිසා මං ආයෙත් මං දන්න රටට මං ආස ජොබ් එක කරන්න ආවා. ලංකාවට ආවට පස්සේ මමයි උපේක්ෂයි මුණගැහුණා. ඊටපස්සේ තමයි අපි දෙන්නා තේරුම් ගත්තේ අපි දෙන්නට ගමනක් යන්න පුළුවන් කියලා. ලොකු ඛේදවාචකයකින් පස්සේ ඉක්මණින්ම රිකවර් වෙන්න අමාරුයි. ඉතින් හෙමින් රිකවර් වෙමින් යන ගමනක මැද හරිය තමයි අපි දැන් ඉන්නේ.

උපේක්ෂා මොන වගේ චරිතයක්ද?

හරිම ලේසි ළමයෙක්. නමුත් ඕනවට වඩා හිතනවා. හරි ඉක්මනට දුක හිතෙනවා. විශේෂයෙන්ම මං වගේ අමාරු පිරිමියෙක් දරාගන්න ඇයට පුළුවන්. මම හරිම ආදරණීය චරිතයක් වගේම අනිත් පැත්තට ඉක්මණින් කේන්ති යනවා. මගේ හැම පැත්තෙන්ම දේවල් දරාගන්න ඇයට පුළුවන්. මේ වෙද්දි අපි දෙන්නා සෑහෙන හොඳට එකිනෙකාව තේරුම් ගනිමින් ඉන්නවා.

මං ඇහුවොත් හර්ෂට අතීතෙට ගිහින් මොකක් හරි දෙයක් වෙනස් කරන්න අවස්ථාවක් ලැබුණොත් මොකක්ද වෙනස් කරගන්නේ කියලා…

මුකුත් වෙනස් කරගන්නේ නෑ. ඒකට හේතුව මේ මොහොත වෙද්දි හර්ෂ තෙන්නකෝන් කියලා ආදරණීය, බරසාර මනුස්සයෙක් හැදිලා ඉන්නව නම් ඒ මනුස්සයා හැදෙන්න මම අතීතයේ ගත්ත සියලුම තීරණ වගකියන්න ඕනේ. ඒ ගත්තු තීරණ හරි වුණත් වැරදි වුණත් ඒවා මම වෙනස් කරන්න යන්නේ නෑ. පසුතැවෙන්නෙත් නෑ.

හරියට තෝරලා බේරල නේද චරිත බාරගන්නෙ?

ඔව්. පළවෙනිම දේ මට ලැබෙන චරිත ඇතුළේ මට කරන්න පුළුවන් දෙයක් තියෙන්න ඕනේ. අනිත් කාරණය ලැබුණ නිර්මාණයේ අයිතිකරුවා කලින් කරලා තියෙන නිර්මාණ මොනවද? ඔවුන් ගනුදෙනු කරන්න පහසු මිනිස්සුද කියන දේ.මම සාමාන්‍යයෙන් රෙස්පෙක්ට් එක දෙනවා සහ අනිත් පැත්තට ඒක බලාපොරොත්තු වෙනවා. මට රෙස්පෙක්ට් එකක් නැති මිනිස්සුන්ට මම රෙස්පෙක්ට් කරන්න යන්නෙ නෑ. මම වැඩක් කරන්නේ හරිම අවංකව කෙලින්. ඒ නිසා මට වැඩ කරන්න පහසු මිනිස්සු වෙන්න ඕනෙ. මගේ මූල්‍ය වටිනාකම එයාලා ගෙවන්න කැමති වෙන්නත් ඕනේ. ඒ වගේම පැහැදිලි පිටපතක් මම බලාපොරොත්තු වෙනවා. ඒ කාරණා ටික සපුරනව නම් මම ඕනම භයානක චරිතයක් වුණත් බාරගන්නවා.

මට රෙස්පෙක්ට් එකක් නැති අයට මම රෙස්පෙක්ට් කරන්නෙ නෑ

හර්ෂ තෙන්නකොන්

ගොඩක් නළු නිළියො තමන්ගේ චරිතයෙන් එකපාරටම අයින් වෙනවා.ඒක ප්‍රේක්ෂකයාට කරන අසාධාරණයක් නේද?

ඒක ඇත්තටම ප්‍රේක්ෂකයට කරන අසාධාරණයක් තමයි. සමහර චැනල් හිතනවා බහුතරයක් ප්‍රේක්ෂකයෝ මෝඩයි, එයාලට මෝඩ ආතල් එකක් දෙන්න ඕන කියලා. ඒ වගේම සමහර නළුවො සවයිව් වෙන්න තියෙන වුවමනාවට සහ ඔවුන්ට වෙනත් වැඩක් නැත්නම් එයාල දිගටම නිර්මාණයේ එල්ලිලා ඉන්නවා. හැබැයි නාට්‍ය කොච්චර කාලයක් ඇදෙයිද කියලා තේරුමක් නෑ. ඒ අතරේ ඊට වඩා හොඳ නාට්‍යයක් හමුවුණොත් එයාල ඒකට යනවා. එපිසෝඩ් 20 – 30 ක ස්ක්‍රිප්ට් එකක් දීලා වැඩේ පටන්ගත්තට චැනල් එකට දුන්නට පස්සෙ එයාලට ඕන විදිහට එපිසෝඩ් දික්ගස්සනවා. එතකොට ප්‍රේක්ෂකයාට වගකියන්න බැරි වෙනවා. ඒක නිළියගේ හෝ නළුවගේ වැරැද්දක් නෙවෙයි.

දැන් තියෙන කලාව ගැන ඔබ තෘප්තිමත්ද?

රටක මුළු සිස්ටම් එකම අවුල් වෙලා තියෙද්දි කලාව විතරක් හොඳ තැනක තියෙන්න විදිහක් නෑ. ලංකාවෙ ඉන්න දක්ෂ තරුණ කෙල්ලො කොල්ලො ටික ඉන්දියාව වගේ රටක හිටියනම් මාර ගමනක් යන්න තිබ්බා. හැබැයි මේක මෙහෙයවන්නෙ ගොබ්බයෝ. ගොබ්බයො රටවල් පාලනය කරද්දි කලාව මෙහෙයවන්නෙත් ගොබ්බයොම තමයි. කලාවෙන් වුණත් මේ මොහොතේ නිරූපණය වෙන්නේ රටක තියෙන අවුල. ඒ නිසා ලංකාවේ කලාව දැන් තියෙන්නේ කලාවට නියමිත තැන කියලා මම විශ්වාස කරනවා.

හර්ෂ කියන්නේ ජීවිතයට සම්මාන උළෙලක දකින්න නැති නළුවෙක්…

ලොකුවට සල්ලි වියදම් කරලා ලොකු ලොකු ස්ටේජ්වල ඔය වැඩේ සිද්ධ වුණාට ඊට පහුවෙනිදා ඉඳන් අපේ කර්මාන්තය ආයෙත් හරිම දුප්පත්. සම්මාන උත්සව පොහොසත් වෙලා කර්මාන්තය දුප්පත් වෙලා වැඩක් නෑ. සම්මාන උත්සව වගේම කර්මාන්තයත් පොහොසත් වෙන්න ඕන.

එක එක්කෙනාගෙන් ස්පොන්සර් කරගෙන ඇඳුම් ඇඳන් බිස්නස් කරන යාළුවෙක්ගෙන් සපෝට් එකක් ඉල්ලගෙන සම්මාන උත්සවවලට යන එක මට තේරුමක් නෑ. රටක කර්මාන්තය තියෙන්න ඕන නළුවෙක්ට නිළියෙක්ට කිසිම අවුලක් නැතුව ජීවත් වෙන්න පුළුවන් විදිහට.ඉතිං ලංකාවේ සම්මාන උත්සව සම්බන්ධයෙන් මට මාර මැජික් එකක්වත් wow එකක්වත් නෑ.

Tattoos  කීයක් තියෙනවද? මොනවද තේරුම්?

තුනක් තියෙනවා. එකක් Nuvee. ඒ මගේ ලොකු පුතාගේ නම. Noah ගේ දෙවැනි පුතාගේ නම. අනිත් එක 2014-12-15 මම විවාහ වුණ දවස. මට ආයෙත් දරුවෙක් ලැබුණොත් ඒ දරුවගෙ නමයි ආයෙත් විවාහයක් සිදුවුණොත් ඒ දිනයයි මම ටැටූ එකක් කරනවා.

මේ වෙද්දි ඔබ දෙදෙනාට දෙමාපිය ආශිර්වාදය ලැබිලද තියෙන්නේ?

අපි දෙන්නම ඉන්නෙ දැන් තීරණ ගන්න පුළුවන් වැඩිහිටි වයසක. මම උපේක්ෂාට හරි ආදරෙයි කියලා බොහොම පැහැදිලිව කියනවා. නමුත් මම තවමත් දන්නේ නෑ උපේක්ෂාගේ සහ මගේ දෙමව්පියන්ගේ කැමැත්ත අකමැත්ත ගැන. නමුත් අපේ සම්බන්ධය ගැන ඔවුන් දන්නවා. මම කොහොමත් එකපාරක් කසාදයක් නිසා බිඳවැටුණු කෙනෙක්. උපේක්ෂාත් විවාහයකට බයයි. අපි දෙන්නටම ඒකට හේතු තියෙනවා. නමුත් අපේ දෙමව්පියන්ට ඕන වුණොත් අපි විවාහ වෙනවා.

එරංදි කෞශල්‍යා ✍️

 

TAGGED: Arts, upeksha, රාජගිරියෙ පැටී, හර්ෂ තෙන්නකොන්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love3
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?