නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගමේ ලස්සනම ලේලි පදේ ලියවුණේම සඳනිට
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

ගමේ ලස්සනම ලේලි පදේ ලියවුණේම සඳනිට

Published February 12, 2024

පියත් රාජපක්ෂ

මීට අවුරුදු හතකට කලින් ලස්සන ආදර කතාවක ආරම්භයකට හරි අපූරු විදිහට පිඹුරුපත් සැකසුණා. ඒ ඔහුගේ පළමු ගීතය. ඇයගේ පළමු රූප රචනාව. තමන්ගෙ පළමු නිර්මාණ කටයුත්තෙදිම ආදරණීය හැඟීමක් හිත් අස්සෙ තියාගෙන, එය සඵල කරගෙන ඔවුන් මේ වෙද්දි යන්නෙ සාර්ථක ප්‍රේමණීය චාරිකාවක්. පියත් – සඳනි මේ කුරුලු ජෝඩුව නවලිය කවරයෙන් සැරසෙන්නෙ වගේම ඔවුන්ගේ ආදර කතාව අකුරු කෙරෙන්නෙ ඔවුන් දෙදෙනා ජාඩියට මූඩිය වගේ පෑහෙන ලස්සන ජෝඩුවක් නිසා.මේ දවස්වල පියත්ගේ ‘බඳිමු සුදා’ත් අතිශයින් ජනප්‍රියත්වයට පත්ව ඇති මොහොතේ අපි මේ කතාව ඒකෙන්ම පටන්ගත්තා…

පියත් මට ඉතින් මුලින්ම අහන්න තියෙන්නේ බඳිමු සුදා ගැන තමයි…

බඳිමු සුදා හැදුණේ මගේම තනුවකින් සහ පද රචනයකින්. මියුසික් කළේ ලහිරු ඩී. කොස්තා. මියුසික් වීඩියෝ එක අධ්‍යක්ෂණය කළේ සහන් වික්‍රම ආරච්චි. සමහර සින්දු තියෙනවා වෙහෙසක් නොදරා ගිටාර් එක ප්ලේ කර කර ඉද්දි නිරායාසයෙන්ම තනුවක් ඇවිත් ඒකටම ගැළපෙන වචන කිහිපයක් මිමිණෙන. ඇතැම් වෙලාවට මම මගෙන්ම ප්‍රශ්න කරනවා සමහර සින්දුවලට මට අදහස ආවෙ කොහොමද කියලා. මට කොහොමත් අදහසක් තිබුණා පොඩි ඩ්‍රැමටික් ගතියකුත් එක්ක ෆන් සින්දුවක් හදන්න. ඉතින් කොහොම හරි අන්තිමට මේ වගේ එකක් මගේ අතින් ලියවුණා.

කොහොමද එකපාරට මේ වචන ඔළුවට ආවෙ?

මම නිකං ගිටාර් එක ප්ලේ කර කර ඉද්දි තමයි මට මුලින්ම පදයක් ඔළුවට ආවේ. ඒ ආපු පළවෙනි වචනේ තමයි ‘කෝමළියා’. මම ඇත්තටම ඔය සින්දුව මෙච්චර හිට් වෙයි කියලා හිතුවේ නෑ. ‘දවසක් ඒවි’ තමයි මගේ සින්දුවලින් යන්න පුළුවන් උපරිම දුරකට ගියේ. මම හිතනවා බඳිමු සුදා ඒ රෙකෝඩ් එක කඩයි කියලා.

මේක ලියවෙන්නෙ සඳනි වෙනුවෙන්ද?

අනිවාර්යයෙන්ම. ගමේ ලස්සනම ලේලි කියන පදේ ලියවෙන්නෙම සඳනි වෙනුවෙන්. මට ඉන්නවා ලස්සන කෙල්ලෙක්. ඒ නිසා බය නැතුව මම ඒ පදය ලිව්වා.

දැන් ඒ ලස්සන ලේලිව කැන්දගෙන යන්නෙ කවද්ද?

(සිනාසෙමින්) කාලයක්නම් තාම නෑ. ඒ කාලය ගැන තාමත් මම හිතනවා. බලමු ඒ දවස හරි කාලෙදි උදාවෙයි.

සඳනි වලි එහෙම දාගන්නවද?

අම්මෝ ඔව්. ඒකනේ මම දාලා තියෙන්නේ ‘බැන්දට පසු නුඹ මට බනිනු එපා‘ කියලා.

සඳනිව යාළු කරගන්න ලේසි වුණාද?

මම ඇත්තටම හිතුවේ නෑ සඳනි මට කැමති වෙයි කියලා. සුපර්ස්ටාර් වෙලා හිටියට ඒ කාලෙ මාව හැමෝම දන්න චරිතයක් නෙවෙයිනේ. ඉතින් මම හිතුවෙ නෑ සඳනි මට කොහොමටවත් කැමති වෙයි කියලා. නමුත් පස්සේ මගේ යාළුවෙක් මාර්ගයෙන් දැනගන්න ලැබුණා එයා මට කැමතියි කියලා. ඊටපස්සේ තමයි මම පොඩ්ඩක් බෝලේ බස්සලා බැලුවේ.

‘පියත්’ කියන නම සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වුණ නමක්නෙ. මොකද්ද ඇත්තටම මේ නමේ තේරුම?

පියත් කියන නමේ තේරුම ‘පියාට ලැදි’. මේ නම මට දාලා තියෙන්නේ අරිසෙන් අහුබුදු සූරීන්.

සඳනිගෙන් පියත්ගෙ වැඩවලට ලැබෙන්නෙ මොන වගේ සහයක්ද?

මගේ නිර්මාණ බිහිවෙන්නත් ප්‍රධානම හේතුව සඳනි. අනිත් පැත්තෙන් මං වැටෙන තැන්වලදී මාව අල්ලගන්නෙත් ඇය. මට මගේ පවුලේ අයත් ඉන්නවා. නමුත් අම්මා තාත්තා ගාවට දුවනවට වඩා ඉක්මනට මැසේජ් එකක් දාන්නෙ ඉතින් අපි ගර්ල්ෆ්‍රෙන්ඩ්ටනෙ.

පියත්ගෙන් පස්සෙ අපි හැරුණේ පියත්ගෙ මූලාරම්භයේ ඉඳන්ම ඔහුගෙ අත තදින් අල්ලන් ගමේ ලස්සනම ලේලි වෙන්න ඉන්න සඳනිගෙ පැත්තට…

සඳනි කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

මේ දවස්වල ‘සල්ලි පොකුරු’ එක්ක කාර්යබහුල වෙලා ඉන්නෙ. ඊට අමතරව සිරසේ වැලන්ටයින් නාට්‍යයක් කළා. ඒක 11 වැනිදා විකාශය වෙනවා.

මේතාක් කළ චරිතවලින් වෙනසක් කළා කියල හිතන චරිතය මොකද්ද?

වෙනසක් කළා කියලා හිතෙන චරිතය ස්වර්ණවාහිනියේම විකාශය වුණ අග්නි පියාපත් නාට්‍යයේ ‘මාධවී’ කියන චරිතය.

පිරිමි ළමයින්ගෙන් ලැබෙන ආකර්ෂණය ගැන ඉරිසියාවක් පියත්ට නෑ – සඳනි ප්‍රනාන්දු

සඳනිට ගොඩක් ලැබෙන්නෙ මැචුවර්ඩ් චරිතද?

නෑ. මාදවීගේ චරිතය තමයි මම කරපු පළවෙනි මැචුවර්ඩ් චරිතය. ඒකෙ මම රඟපෑවේ අම්මා කෙනෙකුගේ චරිතයක්. මම කොහොමත් කැමතියි එකිනෙකට වෙනස් චරිත ලැබෙනවා නම්.

දෙන්නා පෙම්වතුන් වෙද්දි දැනගෙන හිටියෙ නැද්ද දෙන්නා එක ගමේ කියලා?

නෑ. අපි දෙන්නා එක ගමේ නෙවේ ඇත්තටම. මගේ ගම මාරවිල. පියත්ට ළඟ නිසා තමයි මම කැලණියට ආවේ.

ඔය දෙන්නා වැඩිය ගොසිප් හදාගන්නෙ නැති කපල් එකක්. ඒකට හේතුව දෙන්නා ක්ෂේත්‍ර දෙකක වීමද?

එහෙමත් නෑ. කොහොමත් අපි දෙන්නට උවමනාවක් නෑ Gossip හදාගන්න. අපි දෙන්නම තම තමන්ගේ වැඩ කරගෙන පාඩුවේ ඉන්න චරිත දෙකක්.

දෙන්නා දෙන්නගෙ වැඩවලට සහයෝගය දෙන්නෙ කොහොමද?

මට පියත්ට දෙන්න පුළුවන් ලොකුම සහයෝගය එයාගේ වැඩ ටික කරගන්න දීලා පාඩුවේ ඉන්න. Music හදන්න, ලිරික්ස් ලියන්න මේ හැමදේටම එයාට නිදහස ඕනේ. ඉතින් එයාට ඒ නිදහස දෙන එක තමයි මට කරන්න පුළුවන් ලොකුම දේ. ඒ වගේම සපෝට් එකක් එයා මටත් දෙනවා. මගේ වැඩවලට බාධා කරන්නෙ නෑ. මම රඟපාන චරිත වලට එයාගෙන් කිසි බලපෑමක් නෑ.

සඳනිට පිරිමි ළමයින්ගෙන් ලැබෙන ආකර්ෂණය මොන විදිහටද පියත් බාරගන්නෙ?

පියත් ඇත්තටම ඒ ගැන සතුටු වෙනවා. පිරිමි ළමයින්ගෙන් ලැබෙන ආකර්ෂණය දිහා වැරදි විදිහටවත් ඊරිසියාවකින්වත් එයා බලන්නේ නෑ. තව අයගෙන් ලැබෙන ආකර්ෂණයට සහ මම ඉදිරියට යනවට එයා හරි සතුටුයි.

වැලන්ටයින් සමරනවද?

අපි ඇත්තටම එහෙම විශේෂයෙන් වැලන්ටයින් සමරලා නෑ. නමුත් එයාට මොකක් හරි ගිෆ්ට් එකක් දෙන්න ඕන වුණොත් වැලන්ටයින් තමයි දැන් ළඟම එන විශේෂ දවස. ඒ පිටින් දාලා මට මොකක් හරි ගිෆ්ට් එකක් එයාට දෙන්න පුළුවන්.

මතකද පියත් ඔයාට සහ ඔයා පියත්ට දුන්න මුල්ම තෑග්ග?

ඔව්. අපි දෙන්නගේ සම්බන්ධය පටන් ගත්තේ 2017 අගෝස්තු මාසේ. සැප්තැම්බර් මාසේ තමයි අපි දෙන්නගෙම බර්ත්ඩේ එක. එයා සැප්තැම්බර් 04. මම සැප්තැම්බර් 07. ඉතින් මුලින්ම දුන්නේ බර්ත්ඩේ ගිෆ්ට් දෙකක් තමයි. මං එයාට ෂර්ට් එකක් දුන්නා. එයා මට ගවුමක් දුන්නා.

බඳිමු සුදා කියන්නෙ තනිකරම  සඳනි – පියත්ගේ කතාවද?

මට පියත් කිව්වෙ ඒක අපි දෙන්නට හදපු සින්දුවක් කියලා. පියත් තීරණය කරලා තිබුණේ මියුසික් වීඩියෝ එකට අනිවාර්යයෙන් අපි දෙන්නා ඉන්න ඕනේ කියලා. අපි දෙන්නට අමතරව වීඩියෝ එකේ ඉන්න අනිත් අයත් අපි දෙන්නගෙ ළඟම නෑදෑයෝ. පියත්ට ඕනෙ වුණේ මේක තනිකර පවුලේ නිෂ්පාදනයක් හැටියට කරන්න.

සඳනිටත් ඒ වෙනුවෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති…

ඔව්. මම හිතුවා වගේම මියුසික් වීඩියෝ එකට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මෙච්චර කල් මම රඟපාපු මියුසික් වීඩියෝස්වලින් ලස්සනම එක තමයි ‘බඳිමු සුදා’ කියන්නේ. හරි සන්තෝසයි ඒ ගැන.

එරංදි කෞශල්‍යා ✍️

 

TAGGED: piyath rajapakse, singer, Valentine, ගමේ ලස්සනම ලේලි, සඳනි
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love5
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?