පසුගිය කාලය පුරාවටම හදිස්සියේ දැනගත් බරපතල ලෙඩකට හෝ හදිස්සියේ කළ යුතු ශල්යකර්මයකටවත් මෙන්ම රාජකාරිමය කටයුත්තකට, ක්‍රීඩාවකට සහභාගිවීමට රට යන්නට අලුතෙන් පාස්පෝට් එකක් හදන කෙනෙකුට හෝ පාස්පෝට් එකක් අලුත් කරගන්නෙකුටවත් එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවූ බව අපි සියලු දෙනා දනිමු. ඒ තරමට පාස්පෝට් හැදිල්ල සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව අපේ රටේ ජනතාවට හිසරදයක් විය.
මෙවන් වටපිටාවක මේ පුවත අනාවරණය කරන්නේද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තවත් වැඩක් ගැනය. මෙය සැබැවින්ම ඔවුන්ගේ අවදිය නිසා සිදු වූ අනාවරණයක් මිස නිද්‍රාව නිසා සිදු වූ අතපසුවීමක් නොවනු ඇත.ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් මැලේසියානු පාස්පෝට් සකසා මෙරට දරුවන් මැලේසියාව හරහා යුරෝපයට විකිණීමේ ජාවාරම මුලින් අනාවරණය කරගෙන ඇත්තේ මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුවයි.
බාලවයස්කාර දරුවකුට පාස්පෝට් එකක් සෑදීමේදී එම දරුවා සමග ඔහුගේ හෝ ඇයගේ නිත්‍යානුකූල භාරකරුවන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණිය යුතුමය. දරුවාගේ ඇඟිලි සලකුණු සජීවීව ලබාදිය යුතු අතර ඡායාරූප ගැනීමටද දරුවා සජීවීව පෙනී සිටිය යුතුය.නමුත් ක්වාලාලාම්පූර් අගනුවර ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණි යුවළ රැගෙන ආ දරුවා සම්බන්ධයෙන් ඔවුන්ට සැක මතු වන්නේ මෙම දරුවා දෙමළ භාෂාව කතා කිරීමත් මවුපියන් මැලේසියානු භාෂාව කතා කිරීමත් සමගය.
එහිදී ඉදිරිපත් කළ ලේඛන පිළිබඳවද සැක පහළ කළ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ වැඩිදුර විමර්ශනයක දී හෙළි වූයේ මැලේසියාවේ අඩු ආදායම්ලාභී පවුල්වල තොරතුරු වලට ව්‍යාජ ලියකියවිලි සකස් කරමින් ශ්‍රී ලාංකික දරුවන් කලක් තිස්සේ යුරෝපයට අලෙවි කිරීමේ ජාවාරමක් කර ඇති බවය. ඒ තොරතුරු අනාවරණයත් සමග ක්‍රියාත්මක වූ මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුවට මෙම ජාවාරමේ බොහෝ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වී ඇත.
කවදාවත් වැලේ ගෙඩි වැලට බර වෙන්නට විදිහක් නැත. එසේ වන්නේ නම් එයට බද්ධ වූ කරුණු කාරණා රාශියක් තිබිය හැකිය. එහෙත් මේ රට වෙනුවෙන් පිපුණු එක මල් කැකුළකටවත් මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරක්වීමට ඉඩ දිය නොහැක. ඒ නිසා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බළධාරීනි, මෙරට නීතිය ක්‍රියාත්මක කරන නිළධාරීනි අවදියෙන් සිට අපේ රටේ මල් කැකුළු මිනිස් ජාවාරම්කරුවන්ගේ කටින් මුදා ගන්න.