නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නිසි පරීක්ෂණ නොකළ එන්නත් 8 ක් නිදැල්ලේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

නිසි පරීක්ෂණ නොකළ එන්නත් 8 ක් නිදැල්ලේ

Published July 1, 2024

ලෝකයේම සෞඛ්‍යයට වගකියන ලෝක සෞඛ්‍ය සංවිධනයට අමතරව බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය නගා සිටුවීම සඳහා ලෝක බැංකුවෙන්ද ආධාර උපකාර ලබා දෙනු ඇත. ඒ අනුව ලෝක බැංකුවේ අවධානයත් අනුකම්පාවත් දුගී අපට මෙවර හැරී ඇත. ඔවුන් සූදානම් වන්නේ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය නගා සිටුවීම සඳහා රුපියල් කෝටි හාරදාස් පන්සිය හැත්තෑ පහක මුදලක් අපට ලබා දීමටය. එය ඇමරිකානු ඩොලර්වලින් ගණන් බැලුවහොත් ඩොලර් මිලියන එකසිය පණහක මුදලක් වනු ඇත.

මෙම ආධරවල පැහැදිලි අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ දැනට පවත්නා සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂක අනාවරණය කර තිබේ. ඔවුන් ඉල්ලා සිටින්න්නේ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතන 1000 ක් ස්ථාපනය කරන ලෙසටය.

ලෝකයේ අවධානය මෙලෙස මෙරට සෞඛ්‍ය සේවාව නැංවීම වෙනුවෙන් කොළ එළියකින් නිකුත් වී තිබියදීත් මෙරට තුළ අපට අසන්නට ලැබෙන්නේ සෞඛ්‍ය සේවාවේ රතු කටුව පන්නන කතාය. පසුගියදා ජාතික පුවත්පතක් පොල් ගෙඩි අකුරෙන් වාර්තා කර තිබුණේ නියාමන අනුමැතිය නොමැති එන්නත් හයක් තවමත් වෙළෙදපොළෙන් රෝගීන්ට එක එක රෝග සඳහා ලබාගත හැකි බවය.

මෙයට හේතු වී ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය මාස 6 ක් කළ යුතු පරීක්ෂාවකින් පසුව වෙළෙඳපොළට නිකුත් කළ යුතු එන්නත් අටක් ඊට කලින් මාස දෙකක කාලයක පරීක්ෂාවකින් පමණක් වෙළෙඳපොළට නිකුත් කිරීමය. ඒ නිසා නිසි පරීක්ෂාවකින් තොරව ආ මේ එන්නත් මිලට ගත් මෙරට රෝගීන් මහත් අපහසුතාවලට ලක් වී ඇති බව සහ වර්තමානයේදීත් අනාගතයේදීත් එසේ ලක්විය හැකි බැවින් ඒවා එසේවීම වැළැක්වීමට නියෝගයක් නිකුත් කරන්න යැයි පෙත්සම්කරුවන් පිරිසක් කළ ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාර වශයෙන් මේ බව අනාවරණය වී ඇත.

ඕනෑම පුද්ගලයෙකුට ලෙඩක් හැඳීම යනු ප්‍රීති විය යුතු කාරණයක් නොවන අතර ඒ සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ඖෂධ හා එන්නත් කෙසේ හෝ ලබාගන්නේ ජීවිතයත් මරණයත් අතර ඇති තරගයෙන් ගොඩ ඒමටය. එහෙව් මොහොතක ඖෂධවලට වඩා ඉක්මනින් ක්‍රියාකරන නික්ෂේපණ පරීක්ෂාවෙන් තොර ඒවා බව දැන ගැනීමද මරාගෙන මැරීමට රෝගීයෙකුට නිමිත්තක් වනු ඇත. මෙහෙව් ප්‍රශ්න ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ගැන වදවන ලෝක සෞඛ්‍ය සංවිධානයටත් ලෝක බැංකුවටත් විසඳිය නොහැකි අතර කලින් සිටි සෞඛ්‍ය ඇමතිවරයාත් ඔහුගේ හෙන්චයියලා බාරයේ තිබූ සෞඛ්‍ය ආයතනත් මේ අපරාධයේ වගකීම බාරගත යුතුව ඇත.



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සම්බුදු තෙමඟුල බැතියෙන් සමරමු…

May 12, 2025

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?