නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: ලෙඩුන් නොමරා මැරීම
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
කතුවැකිය

ලෙඩුන් නොමරා මැරීම

Published October 30, 2023

ඉබේ මැරෙන එකයි හිතාමතා මරණ එකයි දෙකකි. මෙලොව එළිය දුටු සෑම කෙනෙකුටම තිබෙන පොදු අභිප්‍රායක් වන්නේ දවසක් හෝ වැඩියෙන් නිරෝගීව ජීවත්වීමය. එම නිසා බිලින්දාගේ සිට මහල්ලා දක්වාත් යාචකයාගේ සිට ප්‍රකෝටිපතියා දක්වාත් ලෙඩක් හැදුණවිට අඩුම තරමේ පැරසිටමෝල් පෙත්තක් හෝ ගන්නට පෙළඹෙන්නේ ඉහත කී කාරණයේ වැදගත්කම මොළයට දැනෙන නිසාය.

නමුත් අපට දැන් සිදුවී තිබෙන්නේ පැරසිටමෝල් පෙත්තක් හෝ ගැනීමත් වරක් දෙවරක් නොව සියදහස් වාරයක් පවා සිතිය යුතු කාරණයක් බවට පත්කර තිබීමයි. ලෝකයේම පැසසුමට ලක්වූ නිදහස් සෞඛ්‍ය සේවාවක් තිබෙන රටක රෝහලකින් ලබාදෙන බෙහෙත් පෙත්තේ සිට අතේ ඇති මුදල් වියදම් කර පෞද්ගලික ඖෂධහලකින් මිලට ගන්නා බෙහෙතකින් වුවත් එක රැයකින් මරණය සිදුවිය හැකි බව දැන් අපට සමාජයෙන් දකින උදාහරණ නිසා බයක් දැනී ඇත.

මෙලෙස ඔබේ අවධානය යොමු කරන්නේ මේ වනවිටත් රජයේ රෝහල්වලට මෙරට වෛද්‍ය සැපයුම් අංශය මගින් මිලට ගෙන විශේෂයෙන්ම ස්නායු රෝග ඒකකවලට යවා ඇති Human Immunoglobulin නමැති මානව ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා නැංවිය හැකි එන්නත පිළිබඳවය. මේ වන විටත් මෙම මානව ප්‍රතිශත්තිකරණ එන්නත අසාත්මික වී බොහෝ රෝගීන් විවිධ ආබාධවලටත් ජීවිතයෙන් වන්දි ගෙවීමටත් ලක්වූ සිද්ධීන් විවිධ රෝහල්වලින් වාර්තා වී ඇත.

අපි කොයි කවුරුත් දන්නා පරිදි රටේ සෞඛ්‍ය පද්ධතියට ඕනෑම ඖෂධයක් හෝ එන්නතක් එකතු කිරීමේදී ක්‍රියාත්මක වන වඩාත් ශක්තිමත් ක්‍රියා පටිපාටියක් ඇත. ඕනෑම ඖෂධයක් පිටරටින් මෙරටට ගෙන්වීමේදී ද මෙරට නිෂ්පාදිත ඖෂධයක් අපගේ සෞඛ්‍ය පද්ධතියට එකතු කරගැනීමේදී ද මෙම ක්‍රියා පටිපාටිය අනුගමනය කළ යුතුව ඇත.

එහිදී වෛද්‍ය සැපයුම් අංශය (MSD), රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) , රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යන ආයතනවලින් අනුමැතිය ලබාගත යුතුය. නමුත් ඉහත සඳහන් එන්නතක් ඩොලර් 130 බැගින් එන්නත් 22500 ක් මිලට ගෙන ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශයේ ලිඛිත අනුමැතිය සහිතවය. ඒ සඳහා ජනතාවගේ මුදල් ඩොලර් මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් මොවුන් වැයකර ඇත.

මෙහි ඇති හොඳම හරිය වන්නේ මෙම එන්නත මෙරට නිෂ්පාදනය කළ සමාගමට ඔෂධයක් නිෂ්පාදනයක් කිරීමේ සහතිකය හෙවත් GMP සහතිකය 2011 සිට මේ දක්වා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ලබා නොදීමයි. ඉන් පෙනී යන්නේ ස්ථිර ලිපිනයක් වත් නැති මෙම සමාගමට මෙවැනි බරපතළ එන්නතක් තියා පැරසිටමොල් පෙත්තක්වත් නිෂ්පාදනයට සුදුසුකම් නොමැති බවයි.

එබැවින් මෙවැනි එන්නතක් ජාතික සෞඛ්‍ය පද්ධතියට අයථා ලෙස එකතු කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සිට මෙම ඖෂධ ගෙන්වීම දක්වාම සම්බන්ධ වූ සියලු නිලධාරීන් නීතිය ඉදිරියට ගෙන යා යුතුයි. තවද දැනටමත් මෙම එන්නත ලබාගැනීමෙන් සංකූලතාවලට මුහුණ පා සිටින රෝගීන් පිළිබඳව ද වහා අවධානය යොමුකළ යුතුය. රෝහල්වල ඇති එන්නත් ඉවත් කිරීමටත් පියවර ගතයුතුය. එසේ නොවන්නේ නම් තවත් රෝගීන් පිරිසක් අකාලයේ මියයෑම හෝ විවිධ සංකූලතාවලට මුහුණදීම වළක්වාලිය නොහැකි වනු ඇත.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ආණ්ඩුවේ කාටද කිරි අල දොළදුක

December 4, 2023

රෝගීන් බිල්ලට දී කැකිල්ලේ නඩු ඇහිල්ල

November 27, 2023

මතුපිටින් ලස්සන අයවැය

November 20, 2023

අහෝ ශ්‍රී ලංකා ක්‍රිකට්

November 13, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?