නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: IVF නියාමනය කරනු
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
කතුවැකිය

IVF නියාමනය කරනු

Published October 23, 2023

දරුවන්ගේ අගය වැඩිපුරම දැනෙන්නෙ දරුවන් සිටිනා දෙමව්පියන්ටත් වඩා විවාහ වී දරුවන් ලැබීම ප්‍රමාද වූ හෝ දරුවන් නොලබා සිටින අයටය. ඔවුන් විවාහ වූදා සිට ඔවුන්ටත් වඩා දරුවන් පිළිසිඳගැනීම ගැන විපරම් කරන්නේ දෙපාර්ශ්වයේම දෙමාපියන් මෙන්ම ඔවුන් වටා රැඳී සිටින නෑදෑයන් සහ හිතවතුන්ය.

මේ නිසා විවාහ වී දරුවන්  නොමැති යුවළවල් ඔවුන් වැඩ කරන සේවා ස්ථානයෙන් හුදෙකලා වීම, පවුල් පරිසරයෙන් හුදෙකලා වීම, සමාජයෙන් හුදෙකලා වීම, රට හැරයාමේ තීරණවලට එළඹීම මෙන්ම ඇතැම් අවස්ථාවලදී විවාහය දික්කසාදයකින් කෙළවර වීම හෝ ජීවිතවලින් පවා වන්දි ගෙවීමට පෙළඹෙන අවස්ථා අප කොතෙකුත් දැක ඇත. එම නිසා දරුවන් නොමැතිකම ගැන ප්‍රශ්න කිරීමවත් දරුවන් සිටින අය දරු සුරතල් ගැන ඔවුන් ඉදිරියේ කියවීමත් සදාචාර සම්පන්නද?

දරුවන් නොමැති විවාහක අය වෙනුවෙන් දරුවන් ලබාගැනීම සඳහාද උදව් කරන බොහෝ තාක්ෂණ ක්‍රියාවලීන් අද ඇත. ඉන් වඩා ප්‍රචලිත වන්නේ IUI ක්‍රියාවලිය සහ IVF තාක්ෂණයයි. ඉන් බොහෝ දෙනෙකු යොමුවන්නේ සාර්ථක ප්‍රතිඵල 40% කට වඩා වැඩි ෂඪත්‍ තාක්ෂණය හෙවත් නළ බබාලා ලබාගැනීම කෙරෙහිය.

IUI ක්‍රියාවලියේදී සිදුකරන්නේ ඩිම්බයට ඉතාම ළඟින් ශුක්‍රාණුව ලබාදීමයි. IVF තාක්ෂණයේදී සිදුවන්නේ කාන්තාවකගේ ඩිම්බ පිටතින් හෝමෝන ලබාදීම මඟින් මේරීමට සැලැස්වීමෙන් පසු මෝරන ලද ඩිම්බ කිහිපයක් පිටතට ගෙන ( චූෂණය කර ) පිරිමියාගෙන් ලබාගත් ශුක්‍රාණුවක් සමඟ සංසේචනය කර බීජ ඖෂකයක ( Incubater) තුළ තබා වර්ධනය වූ පසු කලලයක් හෝ දෙකක් ගර්භාෂයේ තැන්පත් කිරීමයි.

මෙය සම්පූර්ණයෙන්ම අපේ රටේ සිදුකරන්නේ පෞද්ගලික අංශයේ රෝහල්වල පමණි. දරුවන් නොමැති යුවළකට මෙම තාක්ෂණය මඟින් හෝ දරුවෙකු පිළිසිඳගැනීිම රටක් රාජ්‍යයක් ලැබුණාක් මෙන් දැනෙන්නේ ඔවුන් දරුවන් නොමැතිකමෙන් අසරණ වූ නිසාය.

නමුත් දැන් දැන් වාර්තා වන සිද්ධීන්ගෙන් පෙනී යන්නේ පෞද්ගලික අංශයේ ඇතැම් වෛද්‍යවරුන් වාගේම IVF තාක්ෂණය ප්‍රචලිත කරන ආයතන නළ දරුවන් සෑදීම සෙල්ලමකට ගනිමින් එය ජාවාරමක් බවට පත්කරගෙන ඇති බවකි. එහි ළඟම උදාහරණය අපට අසන්නටත් දකින්නටත් ලැබුණේ 37 හැවිරිදි ගෘහණියකගේ ගර්භාෂයේ කලල දෙකකට වඩා තැන්පත් කිරීමෙන් සිදුකළ නොමේරූ දරුවන් හය දෙනෙකුගේ උපතයි.

මෙම සිසේරියන් සැත්කමට සම්බන්ධ වූ විශේෂඥ වෛද්‍යවරුන් හතර දෙනාම නොමේරූ ළදරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කැප වුවත් ඔවුන්ද අවධාරණය කරන්නේ ලංකාව තුළ IVF තාක්ෂණය නියාමනය නොකරන්නේ නම් ඉදිරියේදී මවුවරුන් සහ බිලින්දන්ගේ ජීවිත දැඩි අවධානමකට ලක්වෙන බවයි.

එම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් පිළිබඳව නීති සම්පාදනය කරන බලධාරීනී, දැන්වත් නැගිටින්න. මෙවන් තාක්ෂණයන් නියාමනය කරන්න. අසරණ ජනතාවට පිහිට වන්න. තවදුරටත් වෙළෙඳ උපක්‍රමයක් ලෙස මේවා භාවිත කරමින් මුදල් ඉපයීමට රෝහල් කඩවලට ඉඩ නොදෙන්න.

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ආණ්ඩුවේ කාටද කිරි අල දොළදුක

December 4, 2023

රෝගීන් බිල්ලට දී කැකිල්ලේ නඩු ඇහිල්ල

November 27, 2023

මතුපිටින් ලස්සන අයවැය

November 20, 2023

අහෝ ශ්‍රී ලංකා ක්‍රිකට්

November 13, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?