නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හරිනි,හොඳම තෝරාගැනීම…
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

හරිනි,හොඳම තෝරාගැනීම…

Published September 30, 2024

වෙනස් වූ පාලනයත් සමඟ අලුත් වන රටක අලුත් දේශපාලන සංස්කෘතියක පහස විඳීමට කැමැත්තෙන් සිටින අපට තවත් නව බලාපොරොත්තුවක් දෙමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ දහසය වැනි අග්‍රාමාත්‍ය තනතුරට උගත් බුද්ධිමත් කාන්තා පෞරුෂයක් තෝරා පත්කරගෙන තිබේ. ඇය නමින් ආචාර්ය හරිනි අමරසූරියයි.

ජාතික ජන බලවේගයේ මෙම ප්‍රශස්ථ තෝරාගැනීම රටක් වශයෙන් අතිශයින්ම වැදගත් වන්නේ ආචාර්ය හරිනි අමරසූරිය යනු දකුණු ආසියාවේ සියලුම රටවල් අභිබවා යමින්, දේශපාලන පවුල් පසුබිමක් පවා නොමැතිව අගමැති ධූරයට පත් වූ ප්‍රථම කාන්තාවවීම නිසාය. ඒ අනුව ඇය කාන්තාවක් ලෙස මෙරට අග්‍රාමාත්‍යධුරයට පත්වන තෙවන කාන්තාව වෙමින් ඉතිහාසය අලුතින් ලියනු ඇත.

බොහෝ ප්‍රශ්න පිළිබඳව තවමත් සම්ප්‍රදායික රාමුවේ සිට බලන මිනිසුන් වැඩියෙන් සිටින ශ්‍රී ලංකාව වැනි රටකට හැඳිමිටේ තරම් නුවණ තිබේ යැයි කියූ කාන්තාවක් අද රට පාලනය කළ හැකි තරමට ඔසවා තැබීම අගය කළ යුතු අතර කාන්තාව තුළ උපතින්ම තිබෙනා සංවේදීත්වය, නායකත්ව පෞරුෂය, වෙනස් විදියකට සමාජය දෙස බැලීමේ හැකියාව වැනි කාරණාවන් මෙවැනි තනතුරක් හෙබවීමට මැනවින්ම ගැළපෙන බව තේරුම් ගැනීමද රටේ දේශපාලනය ලද ජයග්‍රහණයක් ලෙසින් සැලකිය හැකිය.

පවුල් පසුබිම නිසාම ලෝකයේ ප්‍රථම අගමැතිනිය, ලෝකයේ ප්‍රථම ජනාධිපතිනිය බිහිවුණු රටින් දේශපාලන පවුල් පසුබිමක් නැති තවත් කාන්තාවක් රටේ දේශපාලනයේ ඉහළම තනතුරකට තෝරා පත්කර ගැනීම තවත් සුවිශේෂී වන්නේ ජාතික ජන බලවේගයට වසර ගණනක් බිම් මට්ටමේ සිට මේ දක්වා බර ඇඳි කාන්තාවන් මෙන්ම පිරිමින්ද සිටියදී හරිනි තෝරාගැනීමෙන්ය.

ඇය ක්‍රියාකාරී දේශපාලනයට එකතු වී වසර පහක් තරම් කෙටි කාලයක් ගතවන මොහොතක ජාතික ලයිස්තුවෙන් ලැබුණු එකම ආසනයද ඇයට දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් කළ හැටිද අපට මතකය. ඔවුන්ට ලැබුණු ජන වරමත් සමඟ රටේ ජනාධිපතිවරයාටත් වඩා උගත් සහ බාල කාන්තාවකට අගමැති තනතුර දීම සම්ප්‍රදායික පක්ෂ දේශපාලනයෙන් බැහැරව රටට හිතකරභාවයම සිතා බුද්ධිමත්ව ගන්නා තීන්දු සහ තීරණවල වර්තමාන ජනාධිපතිවරයාත් ඔහුව ඔසවා තැබූ පක්ෂයත් සිටගැනීමක් නොවේද? මෙය මේ රටේ ජනතාව කලක් සිට අපේක්ෂා කළ දේශපාලන සංස්කෘතියේ කූඨප්ප්‍රාප්තිය වේ.

අවසානයේ අපට රටක් ලෙස සතුටු විය හැක්කේ කොළඹ බිෂොප් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ස්කොට්ලන්තයේ එඩිම්බරෝ විශ්වවිද්‍යාලයෙන් මානව විද්‍යාව වැනි විරල ආචාර්ය උපාධියක්ද ලබාගත් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳව ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරියක් අපේ දේශපාලනයට ලැබීම පිළිබඳවය.

තවද මේ වනවිට ඇය යටතේ ඇති අධිකරණ, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, අධ්‍යාපන, කාන්තා ළමා සහ තරුණ, ක්‍රීඩා සහ සෞඛ්‍ය වැනි හොඳම අමාත්‍යංශ රැසක් ලාලිත්‍යයෙන් හෙබවීමේ අභියෝගය ඇය හොඳින් බාරගනු ඇතැයිද අපට විශ්වාසය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සම්බුදු තෙමඟුල බැතියෙන් සමරමු…

May 12, 2025

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?