නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: විභාග කල් යවන්නේ බලාගෙන
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
කතුවැකිය

විභාග කල් යවන්නේ බලාගෙන

Published October 9, 2023

යම් රටක තිබෙන හොඳම ආයෝජනය වන්නේ ඒ රටේ අධ්‍යාපනය වෙනුවෙන් සැළකිය යුතු මුදල් ප්‍රමාණයක් වැය කිරීමකි. එබැවින් රටේ අධ්‍යාපනයේ තිබෙන විභාග ක්‍රමය වනාහි දරුවන්ගේ පූර්ණ දැනුම සහ බුද්ධිය මැන බැලීමක් නොවුණත් යම් ප්‍රමාණයකට දරුවන්ගේ දැනුම සහ බුද්ධිය මැන බැලීමක් ලෙස සැලකිය හැකිය.

එම නිසා දරුවන් හොඳ විභාග ප්‍රතිඵල ලබාගැනීම සඳහා හොඳින් අධ්‍යාපනය ලබා පාඩම් වැඩ මතකයේ ධාරණය කරගනිමින් ඒවා නැවත නැවතත් මතක් කරමින් කඩයිම් විභාග සඳහා පෙර සිටම සූදානම් විය යුතුය.

විභාග සඳහා හොඳින් සූදානම් වන දරුවන් හොඳ ප්‍රතිඵල ලබන්නේ ඔවුන්ගේ සූදානම හොඳ නිසාය. නමුත් විභාග අසමත් වන දරුවන් සියලු දෙනා මෝඩ හෝ බුද්ධිමත් නොවන දරුවන් යැයි කිසිවෙකුටත් තක්සේරු කළ නොහැකිය.

මෙවන් තත්ත්වයක් තුළ දරුවන් වෙනුවෙන් විභාග කලට වේලාවට පවත්වමින් ප්‍රතිඵල නියමිත කාලයේ නිකුත් කරමින් දරුවන්ටත් ඔවුන්ගේ දෙමව්පියන්ටත් තම තත්ත්වය මැන ගැනීමට සහ ඉදිරි ජීවිත සැලසුම් කරගැනීමට විභාහ දෙපාර්තමේන්තුවත් අධ්‍යාපන අමාත්‍යංශයත් රජයත් සියලු විභාග කලට වේලාවට පැවත්වීමට නොපමාව කටයුතු කළ යුතුය.

තවත් දින 6 කින් පහ ශ්‍රේණියේ දූ පුතුන්ගේ වැඩකිඩ මැන බලන ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙනු ඇත. එය නියමිත දිනයට පැවත්වීම පිළිබඳව ඉහත ආයතන සියල්ලටම ස්තූතිවන්ත විය යුත්තේ පුංචි පැටවුන්ගේ මනසට වඩා ශිෂ්‍යත්වයේ බර අරගෙන සිටින ඔවුන්ගේ අම්මලා තාත්තලා ඒ බරෙන් ඔක්තෝම්බර් 15 වැනිදා නිදහස් වන නිසාය.

මේ අවස්ථාවේ මතක් කළ යුත්තේ තව දින කිහිපයකින් එළඹෙන ශිෂ්‍යත්වය සඳහා දරුවන්ව තලාපෙලා හිර කිරීමක් නොකළ යුතු බවය. මන්ද ශිෂ්‍යත්වය යනු දරුවාගේ ජීවිතය තීරණය කරන එකම විභාගය නොවේ.

එහෙත් විශ්වවිද්‍යාල ප්‍රවේශයටත් රැකියා වෙළෙඳපොළටත් තරුණ දරුවන් විවර කරන උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයෙන් ලබන වසරේ ජනවාරි මාසයට කල් දැමීම ඒ තරම් හොඳ කාරණයක් නොවිය හැකි අතර ඒ නිසාම සාමාන්‍ය පෙළ විභගයත් ජුලි මාසයට කල් ගොස් ඇත. මේ නිසා දැන හෝ නොදැන දරුවන්ගේ ජීවිත ආපස්සට යෑමක් සිදුවන අතර මනසේ ඇති වන ආතතිය සහ කළකිරීම ඇතැම් විට දරුවන්ට ජීවිතය එපා වීමටද හේතු විය හැකිය.

එපමණක් නොව එම දරුවන්ද තමන්ගේ අනාගතය තෝරාගැනීමට සලස්වන උසස් පෙළ තවත් කල් ගියහොත් ඉල්ලීම් දිනාගැනීමට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මෙන් පාරට බැසීමේ සංස්කෘතියට එකතුවනු ඇත. එවිට රජයට සිදුවන්නේ අලි මදිවට කොටිත් බලාගැනීමට අතිරේක බට කණ්ඩායම් කැඳවීමටය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ආණ්ඩුවේ කාටද කිරි අල දොළදුක

December 4, 2023

රෝගීන් බිල්ලට දී කැකිල්ලේ නඩු ඇහිල්ල

November 27, 2023

මතුපිටින් ලස්සන අයවැය

November 20, 2023

අහෝ ශ්‍රී ලංකා ක්‍රිකට්

November 13, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?