ජාත්‍යන්තර කාන්තා දිනය ආරම්භ වන්නේ 1909 දී ඇමරිකානු සමාජවාදී පක්ෂයේ මුල් වීමෙනි. එයට හේතු වන්නේ එයට වසරකට පෙර ඇමරිකාවේ නිව්යෝක් හිදී කාන්තාවන් පිරිසක් ඡන්ද අයිතිය ලබාගැනීම, වැඩ කරන පැය ගණන අඩු කරගැනීම, ඉහළ වැටුපක් ලබාගැනීම වැනි කාරණා මුල් කරගෙන පා ගමනක් මාර්තු 8 වෙනිදා දියත් කිරීමයි. එලෙස දිනාගත් අයිතීන් සමග ජාත්‍යන්තර කාන්තා දිනය අදත් අපි සමරන්නේ කාන්තාවන් සැමරීමට වසරේ එක් දවසක් විතරක් ප්‍රමාණවත්දැයි මැසිවිලිද නගමින්ය. කෙසේ වෙතත් මෙවර අපි සමරන්නේ 115 වැනි ජාත්‍යන්තර කාන්තා දිනයයි.
මැක්සිම් ගෝර්කිගේ සාහිත්‍යට අනුව ලොව නිර්මාණය වන්නේ සොබාදහමේ හිරු කිරණේ බලයෙන් සහ මවකගේ රුහිරු එකතුවීමෙනි. මේ පිළිගැනීම අනුව ලොවේ අපූරුවතම නිර්මාණකරුවා වන්නෙ ඇයයි. ඇය මේ වනවිටත් ලෝකයේ බොහෝ ජයග්‍රහණ ලබාගත් තැනැත්තියක් බවට පත්ව ඇත. නමුත් ඇතැම් රටවල තවමත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව ඇති වී ඇති කතාබහ යහපත් නැත. එයට ඒ රටවල තිබෙන ආගම්, විශ්වාස, සංස්කෘතිය, දේශපාලනය මෙන්ම ආර්ථිකයද අඩු වැඩි වශයෙන් බලපා ඇත.
එනමුදු ලංකාව ලෝකයේ තිබෙන බොහෝ දියුණු රටවල්ද අභිබවා මෙරට කාන්තාවන් තිරසාර සංවර්ධනයේදී ඵලදායී ලෙස යොදාගත හැකි බව විශ්වාස කරමින් ඔප්පු කරද තිබේ. ඒ අනුව ශ්‍රී ලාංකික ඇයට හොඳ අධ්‍යාපනයක්, හොඳ සමාජ තත්ත්වයක්, හොඳ රැකියාවක් සහ වැටුපක්, සර්වජන ඡන්ද බලයක්, සමාජ පිළිගැනීමක්, නීතිමය රැකවරණයක්, පිරිමින් හා සමානව බුක්ති විඳීමේ අයිතිය ලැබී තිබේ. ඒ අනුව ඇය අද වනවිට පිරිමින්ට පමණක් කළ හැකි යැයි සිතූ රැකියාවල පවා නියැළෙන්නේ ශ්‍රී ලාංකික ඇයට කළ නොහැක්කක් නොමැති බව ලෝකයට ඔප්පු කරමිනි.
එපමණක් නොව තවමත් මේ රටේ පුරුෂ මූලික සමාජයක් පිළිබඳව කතා කළද පවුල, සමාජය නිතැතින්ම දරා සිටින්නේ මෙරට කාන්තාවන්ය. ඇය බෙහෙවින්ම ශක්තිවන්ත වී ඇත. එවන් ලොවක් දිනූ ශ්‍රී ලාංකික කාන්තාවන් තව තවත් පෙරට පැමිණිය යුත්තේ ඔවුන් ආර්ථිකව ශක්තිමත් වන තරමට රටේ සංවර්ධන කාර්යය වේගවත් වීම මෙන්ම ආර්ථික ස්ථාවරතාවය ගොඩනැගෙන බව විද්වතුන් පවා පෙන්වා දී ඇති පරිචයකය.
ශ්‍රී ලාංකික කාන්තාවනි, තව තවත් ශක්තිමත්ව නැගී සිටිමේ දිනය අද කරගන්න. ඔබට කළ නොහැක්කක් නොමැති බව විශ්වාස කරන්න.