බෙහෙත් ප්රශ්නය තවමත් ඉවර නැත. අප පසුගිය අවුරුද්දක කාලය තුළම කතා කළ බෙහෙත් හිඟය ඇතිවූයේ කෙසේදැයි දැන් දැන් පැහැදිලි වෙමින් තිබේ. මේ වනවිටත් හොරට ලෙඩ වී බන්ධනාගාර රෝහලේ සිටිනා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මවා පෑ බෙහෙත් හිඟය ඇති වී ඇත්තේ හිටිහැටියේම බවත් එය ඔහුගේ හෙන්චයියලාට හදිසි තත්ත්ව යටතේ මෙරටට බෙහෙත් ගෙන්වීමට අවස්ථාව සැපයීමක් බවත් හෙළිවෙමින් පවතින කරුණුවලට අනුව අබ ඇටයක් තරමේ මොළයක් වුව තියෙන ඕනෑම කෙනෙකුට දැන් වැටහෙනු ඇත.
පසුගිය එකාළොස් වෙනිදා ඩොලර් ලක්ෂ ගණනක් වැය කර මෙරටට ගෙන්වූ බෙහෙත් තොගයක් එකපාරටම හමුවන්නේ කැලණිය, වත්තල, වැලිසර ප්‍රදේශවල වැස්සට තෙමෙමින් අව්වට වේලෙමින් තිබූ කන්ටේනර් තුළය.
වැඩිදුර පරීක්ෂා කිරීමේදි දැනගන්නට ලැබී ඇත්තේ මෙම බෙහෙත් එසේ මෙසේ බෙහෙත් නොවන බවය. එක කන්ටේනරයක් තුළ එන්නත් කුප්පි ලක්ෂ හතරාමාරක් තිබී ඇති අතර ඒවා නිව්මෝනියාව, උණසන්නිපාතය, ස්වසනාබාධ රෝගීන්ට සහ අසාධ්‍ය තත්ත්වයේ සිටින පිළිකා රෝගීන්ට ලබාදෙන බෙහෙත් බව හෙළිවී ඇත.
මේවා කිසිවිටෙකත් දැඩි අව්වේ හෝ සාමාන්‍ය උෂ්ණත්වය යටතේ තිබිය යුතු නැති බෙහෙත්ය. මේ සියල්ල නියම ප්‍රතිඵල ලබාදීම සඳහා රෝගීන්ට ලබා දිය යුත්තේ නිෂ්පාදන සමාගම ලබාදී ඇති පරිසර තත්ත්වයන් යටතේ ගබඩා කිරීමෙන්ය. ඒ අනුව ඩොලර් ලක්ෂ ගණනක් වටිනා මේ බෙහෙත්වලින් දැන් ඵලක් නැත.
මෙරට සෞඛ්‍යයට වගකියන සෞඛ්‍ය අමාත්‍යංශයක් ඇත. බෙහෙත් ලබාගැනීමට වග කියනා වෛද්‍ය සැපයුම් අංශයක් ඇත. රටේ සෞඛ්‍ය පද්ධතියට බෙහෙත් එකතුකරනා විනිවිද බාවයෙන් යුතු ක්‍රමවේදයක්ද ඇත.
එහෙව් රටක ඩොලර් ගණනක් වටින බෙහෙත් බාර නොගෙන මාස තුන හතරක් අව්වේ වේළීමට තිබීම, වැස්සේ තෙමීමට තිබීම පිළිබඳව සොයාබැලිය යුතු නොවේද?.
මේවා කලින් ඇමතිවරයාට අනුව ගෙන්වීම ප්‍රමාද කළත් ගෙන්වූ මොහොතේම වෛද්‍ය සැපයුම් අංශය බාරනොගත්තේ මන්ද?. දැන් නම් කලින් ඇමතිවරයාගෙ හදිසි බෙහෙත් මිලදී ගැනීම් ක්‍රියාවලියේ හොද්දෙ රස මොනවට පැහැදිලිය.
මේ නිසා ආමත්යංශයට බෙහෙත් මිලදී ගැනීමේ පටිපාටියේ පොඩි තැන සිට ලොකු තැන දක්වාම පරීක්ෂණ පවත්වමින් ඇත්ත හෙළි කරගැනීමේ වගකීම නව සෞඛ්‍ය අමාත්‍යවරයාට පැවරෙන අතර ඔහු වෛද්යරයෙකුද වන හෙයින් වගකීම තවත් භාරධුර වනු ඇත.