එකක් ඉවර වෙන්නත් මත්තෙන් තවත් එකක් නාඩගම් රඟ දැක්වෙන ආශික්ලන්තයේ අලුත්ම නාඩගම වී ඇත්තේ මතු බුදුවන ශාස්තෘවරයකුගේ සම්ප්රප්තියයි. කොණ්ඩය බැඳගත් මේ ශාස්තෘවරයා දැනටමත් මේ රටට පය තබා තිබේ.
ඒ බව සැළවුණු වහාම මේ රටේ මිත්‍යා දෘෂ්ටික, වචනයට පමණක් බෞද්ධයන් වූ පිරිසක් කටුනායක ගුවන් තොටුපොළට ගොස් ඔහු පිටතට පැමිණි මොහොතේ පටන් දෙකට නැමෙමින්, හතරට නැමෙමින්, බිම දිගා වෙමින්, පාද ස්පර්ශ කරමින්, පාද ලෙවකමින්, අත සිඹිමින් වැඳුම් පිදුම් කරන ආකාරය ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලටත් වඩා ඔබමොබ සැරිසැරුවේ සමාජ මාධ්‍යවලය. මෙහි අධෝමුඛයෙන් සිනාසිය යුතු කාරණය වන්නේ ගිහියන් කෙසේ වෙතත් සියුරුලාගත් භික්ෂුණියක්ද මේ අපූරු රැවටිලිකාරයාට නමස්කාර කරනු දැකීමයි.
ඉදිරියේ එළඹෙන්නේ මේ නාඩගමේ උච්චතම අවස්ථා රඟදක්වන කාලසීමාව වේ. දැනටමත් දන්නා පරිදි බුද්ධ පාදස්පර්ශය ලද කැලණි පුදබිමද මේ නාඩගමේ කොටස්කාරයෙක් වී සිටියි.
මේ රටේ නමමාත්‍රික බෞද්ධයන් ඉදිරි දින කිහිපය තුළ තම හිස පවා මේ අමු ගිහියාට දන්දෙනු දැකීම පුදුම සහගත නොවේ. එපමණක්ද නොව හොඳටත් නරකටත් සාදූ සාදූ කියනා වයසක උපාසක උපාසිකාවන් මතු බුදුවීම පතා තම සේසත පවා මොහුට දන්දීමද අරුම පුදුම නොවේ.
මේ සියල්ලෙන්ම පෙනී යන්නේ ගැඹුරු දර්ශනයක් විදහාපාන ආගමක් බින්න බැස තිබෙන මෙවැන් රටක මෙකී නොකී ඇතැම් ජනයා උමතු බවෙන් පෙළිමයි. අපට ප්‍රශ්න කිරීමට ඇත්තේ මේ සා බණ කියන රටක, මේ සා බණ අහන රටක, මේ සා අමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් කොට සලකන රටක මෙවන් උම්මන්තක පිරිස් පැමිණ උම්මන්තක ගිහියන් පිරිසක්ම ෆෝම් කර ආතල් ගන්නා තෙක් බුදුදහම රකින බවට ප්‍රතිඥා දුන් රජයත් ආමත්යංශයත් නිකායන් සියල්ලක්ම නිහඩව සිටින්නේ ඇයිද යන්නයි.
දැනටමත් මේ රටේ නිසි බෞද්ධ දර්ශනය පිළිපදින, අහන සහ මතුවට සුරකින භික්ෂූන්ද, භික්ෂූණියන්ද, උපාසක, උපාසිකාවන්ද නැතුවාම නොවන බව දන්නා අප ඔවුන්ගෙන් නමස්කාරපූර්කව ඉල්ලා සිටින්නේ බුදුන්වහන්සේ තෙවරක් පය තැබූ මේ පිං බිම, පිටින් පැමිණ උමතුවෙන් දගලන අමු මෝඩයන්ටත් මේ රටේ සිටිමින් දහම විකෘති කරන උම්මන්තකයන්ටත් විනාශ කරන්නට නොදි එය රැකගැනීමට පෙරට පැමිණෙන ලෙසයි.
විශේෂයෙන් ආගමික උත්සව, සංදර්ශන නොකර, උදේ හවා ලවුඩ්ස්පීකරයෙන් පිරිත් හා බණ දේශනා කිරීමට පමණක් ඉඩදී සිටීම වළකා ප්‍රතිපත්තිගරුක බෞද්ධයන්, ජීවිතාවබෝදය ඇති බෞද්ධයන් බිහි කිරීම සඳහා ඔබ නායකත්වය නොගන්නෙ නම් ඉදිරියේදීත් මෙවැනි පිළිවෙළින් බුදුවනවා බව කියන ගිහියන් නිර්මල බුදුදහම විනාස කරනු ඇත.