නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අලුත් අම්මගෙ කටේ සෞඛ්‍යය බබාටත් බලපානවා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

අලුත් අම්මගෙ කටේ සෞඛ්‍යය බබාටත් බලපානවා

Published December 25, 2023

කටගැන වෙනදාටත් වඩා හිතන්න

ගැබිනි සමයේ මුඛ සෞඛ්‍ය පවත්වා ගැනීමේ වැදගත්කම ගැන මෑත භාගයේදී වැඩියෙන් කතාබහට ලක්වුණ මාතෘකාවක්. අදටත් වැඩිහිටි මව්වරුන් ඔවුන්ගේ පෙර අත්දැකීම් අනුව කතාබහ කරන විට මේ විදිහට සඳහන් කරන්න පුළුවන්. අපි දරුවෝ දෙතුන් දෙනෙක් හැදුවා හැබැයි දන්ත සෞඛ්‍ය පවත්වා ගැනීමේ වැදගත්කමක් ගැන නම් අපි දැනගෙන සිටියේ නෑ. ඔවුන් නිවරැදියි.

ගැබිනි සමයේ මුඛ සෞඛ්‍ය පවත්වා ගැනීමේ වැදගත්කම ගැන කතාබහ මෑතකදී ආරම්භ වුණා. ඊට හේතුවුණ යම් යම් කරුණු කාරණාවන් තිබුණා. බටහිර රටවල ගර්භණිී මව්වරුන් මුහුණ දෙන සංකුලතාවන් සහ බිහිකරන දරුවන්ගේ නීරෝගීතාව අතර පවතින සම්බන්ධතාව අලලා අධ්‍යනයන් සිදු වුණා. ගර්භණී මවගේ මුඛ සෞඛ්‍ය නීරෝගී දරු උපතක් වෙනුවෙන් බලපාන ප්‍රධාන සාධක අතරට ඇතුළත් වන බැව් එහිදී ඔවුන්ට පෙනී ගියා. ඒ නිසා ගර්භණීත්වය තුළ මුඛ සෞඛ්‍ය අතිශය වැදගත් සාධකයක් නිසා අපේ රටේ පවා ගර්භණී කාඩ්පතේ මුඛ සෞඛ්‍ය පිළිබඳව දන්ත ශල්‍ය වෛද්‍යවරයාගේ නිර්දේශය ලබාගැනීමට වෙන්වුණ වෙනම කොටසක් තිබෙනවා.

නමුත් කියන්න කනගාටුයි. අද බොහෝ මව්වරුන් මේ හිස්තැනින් රිංගලා යනවා. අදවෙන විට පවුල් සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ මව්වරුන් වෙනුවෙන් දන්ත සායන පවත්වනවා. එහිදී දත් පරීක්ෂා කිරීමක් සිදුවන අතර වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නම් ළඟම පිහිටි රෝහලේ දන්ත ශල්‍යාගාරයට යොමු කරනවා. මෙම පහසුකම් නොමිලයේ ලැබුණත් බොහෝ ගර්භණී මව්වරුන් මේ අවස්ථාව හිතාමතාම මගහරිනවා. ඒ නිසාම ගර්භණීත්වය තුළ මුඛ සෞඛ්‍යයේ වැදගත්කම ගැන කතා කිරීම වැදගත් මාතෘකාවක් විදිහට සලකන්න පුළුවන්

ගර්භණීත්වය සමයේදී  මුඛ සෞඛ්‍ය වැදගත් ඇයි?

ගර්භණී කාලයේ මුල් සති කීපය ඉතාම අපහසු කාලපරිච්ඡේදයක්. මේ කාලයේ ඇතිවන ආහාර අරුචිය, ඔක්කාරය සහ වමනය නිසා දත් මදින්න අපහසුයි. ඒ වගේම නිතර නිතර වමනය යෑම නිසා මුඛයේ ඇති අම්ල ගතියට ඉතාම පහසුවෙන් දත් දිරායන්න පුළුවන්.මේ කාලයේදී ගර්භණි කාන්තාවගේ විදුරුමසට රුධිරය පිරෙනවා. ඒ නිසා දත් මදින විට රුධිර වහනය සිදුවනවා. සමහර මව්වරුන්ගෙ විදුරුමස ඉදිමී ගැටිති ( Epulus ) පවා ඇති වෙනවා.

දරු ප්‍රසූතිය ඉක්මන් වෙන්නත් පුළුවන්

ගර්භණී කාලයේදී මවගේ මුඛයේ ඇති බැක්ටීරියා නිසා ඇතිවන රසායනයන් දරු ප්‍රසුතියේදී මවක විසින් නිදහස් කරන ශ්‍රාවයන්ට සමානයි. මුඛයේ මෙම ශ්‍රාවයන් වැඩිවුණාම මව නියමිත දිනට පෙරාතුව දරු ප්‍රසූතිය සිදුකරන්න පුළුවන්. එවැනි අවස්ථාවක් අපි “නොමේරූ දරු උපතක්” (Pre mature delivary) ලෙස හඳුන්වනවා.

ඒ වගේම ගර්භණී කාලයේදී නිසි මුඛ සෞඛ්‍ය පවත්වා නොගතහොත් විදුරු මස තුවාල වී Gramukoma ආසාදන තත්ත්වය ඇතිවනවා. මේ රෝග තත්ත්වය ඇතිවුණාම දත් මුල් බුරුල් වී දත් සෙලවීමට පුළුවන්. ඒ නිසාම ඇය මවක් වූ පසුව ඉතාම ඉක්මනින් දත් වැටෙන්න පවා ඉඩ තිබෙනවා.

මුඛයේ සිදුවන බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා මුඛය වියළෙනවා. වියළි මුඛය නිසා ගර්භණී මවගේ දත් ගෙවී යන්නත් පුළුවන්.ඒ වගේම ගර්භණී කාලයේදී ඇතිවන වමනය නිසා නිතරම ආහාර ලබාගන්නේ කුඩා පංගුවලින්. අපි මුඛය පිරිසිදු කිරීමට සූදානම් වී සිටින්නේ ප්‍රධාන ආහාර වේලකට පසුව පමණයි. විටින් විට ආහාර ලබාගත්තත් මුඛය පිරිසිදු කිරීමක් සිදුනොවන නිසා දත් දිරායෑමේ වැඩි අවදානමක් තිබෙනවා.

මේ කාලයේදි දත් ගැලවීම සුදුසුද?

ගර්භණීත්වයේ මුල් මාස තුන තුළ දත් ගැලවීම සුදුසු නැහැ. නමුත් නරක්වුණ දත නිසා මවට දැඩි අපහසුතාවක් ඇතිවනවා නම් මුල් තුන් මාසයේදී වුණත් දත ගලවා ඉවත් කිරීමට සිදුවනවා. දත ගැලවීමට ලබා දෙන නිර්වින්දන ඖෂධ ගැටලුවක් ඇති කරන්නේ නැහැ.දත ගැලවීමෙන් පසුව ඖෂධ ලබාදෙනවා. මෙය ඉතා ප්‍රවේසමෙන් සිදුවිය යුතුයි. මව ලබාගන්නා ඖෂධ දරුවාට බලපෑමක් සිදු නොවන අන්දමින් ලබා දෙනවා.

ගර්භණී මවක් තම මුඛ සෞඛ්‍ය ගැන අනුගමනය කළයුතු හොඳම ක්‍රියාමාර්ගය ගැන සඳහන් කළොත්?

සාමාන්‍යයෙන් කුඩා කාලයේදී මව්පියන් දරුවන්ගේ මුඛ සෞඛ්‍ය ගැන වැඩි උනන්දුවක් දක්වනවා. නමුත් ඔවුන් වැඩිහිටි දරුවන් වනවිට මව්පියන්ගෙන් මේ වගකීම මග හැරෙනවා. නමුත් දරුවන් දැන් මේ වගකීම තමන් අතට ගැනීම ඉතාම වැදගත්.ගැහැනු දරුවෙක් වුණොත් ඇය අනාගතයේ මවක වීමට බලාපොරොත්තු වන නිසා තමන්ගේ මුඛ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්. ඒ නිසා ඔබේ මුඛ සෞඛ්‍ය පවත්වා ගැනීමට නම්

හොඳින් දත් මදින්න.

දත් කුහර ඇත්නම් පුරවාගන්න.

ඥාන දත ඔබට අනාගතයේ අපහසුවක් විය හැකි නිසා කල්තබා ගලවා ඉවත් කිරීමත් ගැටලුවක් නොවේ.

මාස හයකට වරක් දන්ත ශල්‍ය වෛද්‍යවරයකු වෙත ගොස් දත් පරීක්ෂා කරගන්න.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

TAGGED: Gramukoma, Pre mature delivary, pregnancy, සෞඛ්‍යය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy3
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?