නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බබාට මාස 6න් පසුව මව්කිරි විතරක්ම මදි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

බබාට මාස 6න් පසුව මව්කිරි විතරක්ම මදි

Published December 11, 2023

ප්‍රෝටීන්,කාබෝහයිඩ්‍රේට් වගේම ක්ෂුද්‍ර පෝෂකත් අවශ්‍යයි

දරුවෙක් උපත ලබා මුල් මාස කීපයේදී පෝෂණය සම්බන්ධයෙන් මව්පියන් දක්වන උනන්දුව දරුවාට අවුරුද්දක් පිරීමෙන් පසුවත් ඒ අන්දමින්ම පවත්වා ගැනීම වැදගත්. දරුවෙකුගේ මොළය වගේම විවිධ අවයවයන් වර්ධනය වීම දරුවාගේ පළමු වසර තුළ පටන් ආරම්භ වෙනවා. දරුවෙකුට වයස අවුරුදු තුනක් වනවිට මොළයෙන් 89% ක් පමණ වර්ධනය වෙනවා. නමුත් අපේ බොහෝ මව්පියන් දරුවාගෙපෝෂණය වෙනුවෙන් මව්කිරි පමණක් ලබාදීමට උනන්දු වෙනවා. නමුත් මාස හයක් ඉක්මවා ගිය දරුවෙකුට ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, යකඩ සහ ක්ෂුද්‍ර පෝෂක අවශ්‍ය වෙනවා.

දරුවෙකුගේ පෝෂණය සම්බන්ධයෙන් අප විසින් අවධානය යොමු කළයුතු කරුණු දෙකක් තිබෙනවා.

දරුවාගේ මන්ද පෝෂණ තත්ත්වය

දරුවාගේ අධි පෝෂණ තත්ත්වය

දරුවා මන්දපෝෂණ තත්ත්වයට පත්වන්නේ ඇයි?

පෝෂණය ගැන කතාකරන විට දරුවකුගේ නිසි වයසට අදාළව පෝෂණය නොලැබුණොත් දරුවාගේ වර්ධනය අඩාල වෙනවා. අපි මේ තත්ත්වය දරුවාගේ මන්ද පෝෂණය ලෙස සලකනවා.

මස්, මාළු නැතිවුණොත් මන්දපෝෂණය ඇතිවනවාද?

නැහැ. වයස අවුරුදු 1 සිට 10 ත් අතර වයසක දරුවකුට අවශ්‍ය පෝෂණය ලබාදීමට මස්, මාලු වැනි සත්ත්ව ආහාරම අවශ්‍ය නැහැ. පරිප්පු, රනිල කුලයේ එළවළු, කිරි, බිත්තර මගින් දරුවාට අවශ්‍ය ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරන්න හැකියාව තිබෙනවා. ඒ වගේම බත් මගින් ප්‍රෝටීන් අවශ්‍යතාව ඉතා හොඳින් සපුරා ගත හැකියි. එයින් දරුවාගේ මන්දපෝෂණ තත්ත්වය පමණක් නොව රෝගාබාධයන්ට ඔරොත්තු දීමේ හැකියාවත් ගොඩනැගෙනවා.

මව්කිරි සමග වෙනත් ආහාර පටන් ගන්න

අපි මව්කිරි ගැන නිරන්තරව කතා කරනවා. දරුවාට ඝණ ආහර පටන් ගැනීමෙන් පසුවත් වසර දෙකක් යනතෙක් ඝන ආහාර සමග මව්කිරි ලබා දීමටත් උපදෙස් ලබාදෙනවා. එතැනින් පසුව දරුවාට මස්, මාළු, කව්පි, කඩල, පලා වැනි ආහාර එකතු කිරීම වැදගත්.ඒ වගේම සාමාන්‍යයෙන් ඔබ ආහරයට ගන්නා සෑම ආහාරයක්ම දරුවාට පුරුදු කරන්න.

ඊට අමතරව දරුවාගේ ආහාර වේලට යකඩ අවශෝෂණය සඳහා පලතුරක් එකතු කිරීමත් වැදගත් වෙනවා. නමුත් අපේ රටේ දරුවන්ගේ ආහාර වේලකට මේ අන්දමින් පෝෂණ ප්‍රභව එකතු වෙන්නේ නැහැ. ඒ නිසාම අද ලංකාවේ දරුවන්ගෙන් 20% ක් පමණ යකඩ ඌනතාවෙන් පසුවන බැව් හඳුනාගෙන තිබෙනවා.

දරුවාගේ ආහාර වේලට ලුණු එකතු කිරීම

දරුවාට වයස අවුරුද්දක් වනතෙක් ආහාරයට ලුුණු එකතු කිරීම සුදුසු නැහැ.

දැන් මව්පියන්ට ඒ ගැන ප්‍රශ්නයක් ඇති

ඔව්. ඔබ සාධාරණයි. අපි ඊට පෙරාතුව දරුවාගේ ආහාරයට ලුුණු එකතු නොකිරීමටත් සාධාරණ හේතුවක් තිබෙනවා. දරුවාගේ වකුගඩුව වර්ධනය වනවිට ඔහුට වසරක් පමණ ගතවනවා. ඒ නිසා එතෙක් දරුවාගේ ආහාරයට ලුුණු එකතු කිරීම අවශ්‍ය නැහැ. ඒ වගේම මේ කාලය වනවිට දරුවාගේ ආහාර පිළිබඳ රුචිය අඩු වනවා. නමුත් ලුුණු ස්වල්පයක් එකතු කිරීමෙන් දරුවාගේ ආහාර පිලිබඳ තිබෙන රුචියත් වැඩිවනවා.

එතකොට සීනි

දරුවාගේ ආහාරයට සීනි එකතු කිරීම කළ යුත්තේ වයස අවුරුදු දෙකක් පමණ වුණාට පසුවයි.

ගැහැනු දරුවන්ට යකඩ අඩංගු ආහාර වැදගත් ඇයි?

අද ගැහැනු දරුවා අනාගත මවක්. ඒ නිසා බාල කාලයේ පටන්ම ඇගේ පෝෂණය ගැන සැලකිළිමත් වීම වැදගත්. ඒ නිසා යකඩ බහුල පලා වර්ග, එළවළු, පලතුරු දියණියකගේ ආහාරයට එකතු කිරීම ඉතාම වැදගත්.

අපි මෙතෙක් කතා කළේ දරුවාගේ මන්දපෝෂණ තත්ත්වය ගැනයි. නමුත් අධිපෝෂණ තත්ත්වය ගැනත් දැනගැනීමට මව්පියන් කැමැත්තක් දක්වනවා

දරුවන්ගේ පෝෂණ තත්ත්වයන් ගැන සඳහන් කරන විට මන්දපෝෂණයටත් වඩා අද වනවිට අධි පෝෂණ තත්ත්වය බරපතළ සමාජ ගැටලුවක් බවට පත් වී තිබෙනවා. මේ තත්ත්වය නාගරික දරුවන් අතර සුලබව දක්නට ලැබෙනවා.

දරුවන් අධි පෝෂණ තත්ත්වයට පත්වීමට බලපාන හේතු මොනවාද?

මේ තත්ත්වයට හේතු කීපයක් සඳහන් කරන්න පුළුවන්.

කෙටි ආහාර වර්ගවලට දරුවන් පුරුදු වී සිටීම

පැණි බීම වැනි ක්ෂණික ආහාර පාන

ව්‍යායාම නොමැති ජීවන රටාවක් අනුගමනය කිරීම

ජංගම දුරකථන වැනි විද්‍යුත් උපකරණ භාවිතය

අද බොහෝ මව්පියන් දරුවන්ගේ ආහාර නිවසේ සකස් කිරීම වෙනුවට ආපනශලා ආහාරපාන ගැන උනන්දුයි. නමුත් හැදෙන වැඩෙන වයසේ දරුවන්ගේ පෝෂණය ඉතාම වැදගත්. ඒ නිසා ඔවුන්ගේ වයසට අදාළව පෝෂණ පදාර්ථයන් සපිරි ආහාර ලබාදීම අවශ්‍ය වෙනවා. අපි දරුවාට ආදරය බව ඇත්ත. එහෙම කියල පමණ ඉක්මවා ආහාරපාන ලබාදීම සුදුසු නැහැ.

ආහාර දුන්නාටමත් බැහැ

දරුවාගේ අධි පෝෂණ තත්ත්වය පාලනය කිරීමට නම් ව්‍යායාමත් ඉතා වැදගත්

බාල කාලයේදී දරුවෙක් අධිපෝෂණ තත්ත්වයට පත්වුණොත් ඇතිවන අනාගත ගැටලු මොනවාද?

එවැනි දරුවන් අනාගතයේදී අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් තිබෙනවා.

අවුරුද්දක් ගිය පසු දරුවන්ට තුන් වේලම දීම සුදුසුද?

ඔව්. දරුවෙකුට අවුරුද්දක් සම්පූර්ණ වුණාට පසුව උදය, දවල්, රාත්‍රි විදිහට තුන් වේලම සහ අතරමැද ආහාර වේල් අතරට කිරි, පලතුරු එකතු කරන්න පුළුවන්. ඒ වගේම එකකාරි රටාවක් නොමැතිව විවිධත්වයකින් යුක්ත වර්ණවත් ලෙසින් සකස් කරන ලද ආහාර රටාවක් මගින් දරුවකුගේ ආහාර ගනීම පිළිබඳ ඇති රුචිකත්වය වර්ධනය කිරීමට පුළුවන්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

TAGGED: baby care, breast milk, Carbohydrates, nutrition
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?