නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Boyfriend Category එකේ අපි තාම නෑ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

Boyfriend Category එකේ අපි තාම නෑ

Published December 11, 2023

රියැලිටි වේදිකාව හරහා අපේ රටේ කලා ක්‍ෂේත්‍රයට දවසින් දවස බොහෝ දක්ෂ තරු එකතු වෙනවා. අද අපි කතාබහට තෝරගත්තු මේ තරු දෙකත් අන්න ඒ විදියට තමයි අපේ රටේ කලා ක්‍ෂේත්‍රයට දායාද වෙන්නෙ. ගායන වාදන හැකියාවට උපන් හපන්කම් තියෙන මේ දෙන්නා සතු තවත් විශේෂත්වයක් තමයි ඔවුන් නිවුන් සොහොයුරන් වීම.එදා සිරස “පොඩ්ඩන්ට පුළුවන්” වේදිකාව හරහා තම දක්ෂතා ලොවටම පෙන්වූ සරිත් – සුරිත් අයිය මලෝ මේ වනවිට Sarith Surith and the news නමින් තවත් මිතුරන් කීපදෙනෙක් එකතු කරගෙන එකෝස්ටික් සංගීත කණ්ඩායමක් ආරම්භ කරමින් ක්‍ෂේත්‍රය තුළ දිගු ගමනක් යන අතරතුර තමයි නවලියටත් මේ විදියට මුණ ගැහුණෙ…

සරිත්ට වගේම සුරිත්ට පුංචි කාලෙ ගැන තියෙන්නෙ මොන වගේ මතකයන්ද?

අපි ඉපදුනේ කොළඹ, ඒත් මූලික අධ්‍යාපනය ලබන්නෙ මාතර රාහුල විද්‍යාලයෙන්. ඒකට හේතුව තමයි තාත්තිගෙ ගම මාතර ඒ වගේම ඔහු ඒ විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස කටයුතු කිරීම. ඉස්කෝලෙදිත් ගෙදරදිත් ඒ වගේම යන එන හැමතැනකමත් බොහොම දඟ චරිත දෙකක් විදියට තමයි අපව නෝට් වෙලා තිබුණෙ.

මොන තරම් දඟකාර වුණත් නිවුන් සහෝදර සහෝදරියෝ බොහොම සමගියි කියල තමයි අපි අහල තියෙන්නෙ

ඒක එහෙමමයි කියල කියන්නත් බැ. ගෙදරදි පාසලේදි මිතුරන් අතරෙදි එහෙම වුණාට පුංචි කාලෙ අපි දෙන්න රණ්ඩු කරගන්න දෙන්නට දෙන්න කරන කියන දේවල් දෙන්නටම හරියන්නෙ නැති වෙලාවල් ඕන තරම් තිබුණා.

ඔය අතරෙ කොළඹ පදිංචි වෙලා ආනන්ද විද්‍යාලයට ඇතුළත් වෙනවා

අපි “පොඩ්ඩන්ට පුළුවන්” වේදිකාව හරහා සංගීත ක්‍ෂේත්‍රයට පය තියලා පියවරෙන් පියවර ඉදිරියට එද්දි ඒ කටයුතුවල පහසුව තකා නැවත කොළඹ පදිංචි වෙන්න අම්මයි තාත්තයි තීරණය කළා. ඔය අතරෙ තාත්තිට ට්‍රාන්සර් එකක් ලැබෙනවා කොළඹ ආනන්ද විද්‍යාලට. ඒ විදියට තමයි අපි කොළඹට ශිෆ්ට් වෙලා ඒ විදුහලේම අධ්‍යාපනයට යොමු වෙන්නෙ.

මේ වෙද්දි අධ්‍යාපන කටයුතු නිම කරලද?

මේන්ලි අපි කරන්නෙ සංගීත කටයුතු තමයි. ඊට අමතරව මම ෆැෂන් ඩිසයිනින් සහ මල්ලි සුරිත් ඉන්ටීරිය ඩිසයින් අංශවලින් අධ්‍යාපන කටයුතුවල යෙදෙනවා.

හැමදේම එකම විදියට තෝරගත්තු ඔබ දෙදෙනා ඒ විදියට අංශ දෙකකට යොමු වුණේ ඇයි?

සංගීතය අද අපි දෙන්නගෙ ප්‍රධාන ජීවන වෘත්තිය වෙලා ඉවරයි. එතනින් එහාට සබ්ජෙක්ට් මැටර් එක මොන දේ වුණත් වෘත්තීය මට්ටමේ දෙයක් වෙනව නම් ඒ දෙක දෙන්න එකට තමයි කරන්නෙ. මම ෆැෂන් රිලේටඩ් දෙයක් ස්ටාර්ට් කරොත් අනිවාර්යෙන් සුරිතුත් ඒකෙ පාට්නර් කෙනෙක්. ඉන්ටීරියර් ඩිසයිසින් පැත්තෙන් දෙයක් වෙනවා නම් මමත් මල්ලි එක්ක ඉන්නවා.

ඉදිරියේදී සංගීතය පැත්තෙන් අලුත් දේවල් කරන්නත් ලොකු බලාපොරොත්තුවක් ඇති

කොච්චර කාර්යබහුල වුණත් නිතරම අපි අලුත් නිර්මාණ කරන ගමන් තමයි ඉන්නෙ. එහෙම කරලා හමුවෙන ෆීඩ් බැක් එක දිහා සතුටින් බලාගෙන ඉන්නවා.

පුතාල දෙන්නට වැඩියෙන්ම සිංදු ලියන්නෙ තාත්ත කියන්නෙ ඇත්තද?

වැඩියෙන්ම නෙමෙයි අපේ ගීත සියල්ලම ලියල තියෙන්නෙ තාත්ති. එහි ගෞරවය ඔහුට හිමිවිය යුතුමයි. ඒ හැමදේම සිද්ධ වෙන්න අපි තුන් දෙනාගෙ ප්‍රජෙක්ට් එකක් විදියට තමයි.

ඒ කියන්නෙ වෙනත් රචකයෙකුගෙ රචනාවකට සරිත් සුරිත්ගෙන් ඉඩක් නැහැ

වෙනත් කෙනෙකුගෙ නිර්මාණ භාරගන්නෙ නැහැ කියල කිසිම තීරණයක අපි නැහැ. හැබැයි අපි යම්කිසි රාමුවකට ඒ දේවල් යොමු කරලා බලනවා. මොකද ලිරික්ස් ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙනවා. අපි බලන කෝණයට අදාල නිර්මාණය හරියනව නම් එකතු වෙලා වැඩක් කරන්න අපි කැමතියි.

වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නෙ  තරුණියන්ගෙන් කියන්නෙ ඇත්තද?

අපිට නම් එහෙම විශේෂයක් දැනිල නෑ. තරුණියන්ගෙන් වගේම සමාන ආදරයක් ප්‍රතිචාරයක් තරුණයන්ගෙනුත් ලැබෙනවා. ස්ටේජ් එකට නැගල අපි දක්වන ගායන වාදන හැකියාවන්ට තමයි ඒ අය අපට ආදරය කරන්නෙ.

ඔය අතරෙ වැඩියෙන් ආදර යෝජනා ලැබෙන්නෙ සරිත්ටද සුරිත්තටද?

මෙහෙමයි තරුණ වයස නිසා එහෙම යෝජනා එන එක සාමාන්‍ය දෙයක් හැටියට තමයි අපි දෙන්නම සලකන්නෙ. කොහොම වුණත් අපි දෙන්නම තීරණය කරල තියෙනව ආදර සම්බන්ධතාවල පැටලෙන වාතාවරණයක් නෙමෙයි මේ තියෙන්නෙ මේ මොහොතේ සංගීතයට තමයි අංක 1 එක දිය යුත්තෙ කියල.

ඒ කියන්නෙ මේ මොහොතේ දෙන්නම පෙම්වතුන් නෙමෙයි

අයියෝ නෑ…. අපි තාම පෙම්වතුන් කියන කැටගරි එකේ නෑ.

මෙහෙම ගිහින් දවසක සරිත්ට ඉස්සෙල්ලා සුරිත් විවාහ වුණොත්

අමාරුවේ දාන ප්‍රශ්නමනෙ අහන්නෙ. එහෙම දේවල් ගැන අපි තාම හිතලවත් නෑ. නිවුන් සහෝදරයෝ වෙලා එක විදියට ඇන්දට එකම ෆීල්ඩ් එකේ හිටියට අපි දෙන්නට individual ජීවිත දෙකකුත් තියෙනවා. එතනදි එයා කලින් බැන්දොත් මම සතුටු වෙනවා වගේම මම බැන්දොත් එයත් සතුටු වෙයි අනිවාර්යයෙන්ම.

නිර්මාණශීලී සංගීත ශිල්පීන් දෙදෙනකු ලෙස අද තිබෙන ඉල්ලුම ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නෙ

ඒ ගැන නම් තියෙන්නෙ බොහොම නිහතමානී සතුටක්. අපි ඒකෙන් ලොකු තෘප්තියක් වගේම සන්තෝෂයක් ලබනවා. ඒ ආදරය අපිට හරියට වටිනවා. ඒ වගේම ඒකට අපි ස්තුතිවන්ත වෙනව.

ජනප්‍රියත්වය හිසරදයක් වුණ අවස්ථාත් ඇති නේද?

ජනප්‍රිය කියන්නෙ ජනයා ප්‍රිය කරනවා කියන එකනෙ. මිනිස්සු අපිව ප්‍රිය කරනවා කියන්නෙ ඒක අපි හරි ආස දෙයක්. එක දිගට පැය 4 ක් 5 ක් කොන්සර්ට් එකක ප්ලේ කරනවා කියන්නෙ සමහර වෙලාවට නැගිටලා ඉන්න පණ නෑ. කොච්චර මහන්සි වුණත් අපිත් එක්ක කතා කරන කෙනෙක් එක්ක කතාබහ කරලා පින්තූරයක් ගන්න කෙනෙක් එක්ක ඒකට පෙනී සිටින්නෙ කවදාවත් ඒක වදයක් හිරිහැරයක් කියලා හිතන්නෙ නැතුව.

කණ්ඩායමට news කියන වචනය එකතු වුණේ කොහොමද?

ඉස්කෝලෙ යන කාලෙදි අපිට ප්‍රසංගයකට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වුණා. නමුත් සවුන්ඩ්ස් චෙක් එකට යනකොටත් අපේ බැන්ඩ් එකට නමක් තිබුණෙ නෑ. එතෙන්දි තාත්තා කිව්වා ආ… නිව්ස් කියල දාගන්න කියල. ඒ නම අපිට සෙට් වුණ නිසා ඒ වෙලාවෙ හේතුවක් අහන්න ගියේ නෑ. ඒ විදියට තමයි Sarith Surith and the news බිහිවෙන්නෙ.

සංගීතයෙන් මිදුන වෙලාවට මොකද කරන්නෙ

එහෙම නිදහසක් විවේකයක් ලැබුණ ගමන් ළඟම යාළුවෝ එක්ක පුංචි පාටියක් දාල විනෝද වෙන්න වගේම කොහේ හරි ඇවිදින්න යන්න තමයි අපි දෙන්නම කැමති.

තරුණ පරපුරේ විශේෂයෙන්ම සංගීත ක්‍ෂේත්‍රයේ ගැවසෙන තරුණයන් දෙදෙනෙක් විදියට විලාසිතා ගැන තියෙන්නෙ මොනවගේ උනන්දුවක්ද?

අලුතෙන් එන විලාසිතා වලින් අපිට දෙයක් සෙට් වෙනව කියල හිතුනොත් ඒවට ට්‍රයි කරනවා. ගොඩක් වෙලාවට ෆැෂන්වලදි සුරිත් නිදහස්. මම තමයි අවශ්‍ය ඇඳුම් පැළඳුම් තෝරගෙන එන්නෙ. මගේ තේරිම් එයාට හරියනවා.

ලංකාවෙ සංගීතය වෙනුවෙන් ලබාදෙන දායකත්වය ගැන කතා කළොත්?

අපේ රටේ සංගීත ක්‍ෂේත්‍රය ගත්තහම ඒක එක එක පැතිවලට බෙදෙනවා. එතනදී එක එක ෆ්ලේවර්ස්වලට ප්‍රියකරන සංගීත ලෝලීන් අපිට හමුවෙනව. අපේ සංගීත රසයට ආදරය කරමින් ඒ මිහිර විඳින අයට උපරිම සතුටක් ලබා දෙන්න තමයි අපි දෙන්නා හැම වෙලාවකම ඇප කැප වෙන්නෙ.

Sarith Surith and the news කියන කණ්ඩායම හඳුන්වා දුන්නොත්

මම සරිත් ලිඩ්ගිටාර් වාදනය සහ ගායනයෙන් සම්බන්ධ වෙනවා. මල්ලි සුරිත් ඩ්‍රම්ස්, විහාර ගිටාර්. වෙනුක් ගිටාර්. රශ්මික කී බෝඩ්, ලෙහාන් බේස් ගිටාර් සහ තිලිණ පර්කෂන් වාදනයෙන් කණ්ඩායමට සම්බන්ධ වෙනවා. අපේ ෆීමේල් සිගර් තමයි නදී. මේන් කෝඩිනේටර් විදියට සත්සරත් මැනේජර් විදියට තාත්ති ජගත් ජයවර්ධනත් කටයුතු කරනවා.

ධම්මික හේවාවසම් ✍️

TAGGED: music artists, Sarith Surith, Sarith Surith and the news, The youth
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love6
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?