නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දැක්ක ගමන් Room යන්න එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

දැක්ක ගමන් Room යන්න එපා

Published December 4, 2023

‘අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවන් නිසා ඔබ HIV ආසාදිතයෙක් විය හැකිය. යන සමාජ දැනුවත් කිරීම් නිරන්තරව සිදුවනවා. මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය එසේ නොමැතිනම් HIV (human immunodeficiency virus) වෛරසය මගින් සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල කිරීම නිසා විවිධ රෝග කාරකයන්ට පහසුවෙන් ගොදුරු වනවා. ප්‍රතිකාර ලබාගත්තේ නැත්නම් HIVආසාදිතයෙකු AIDS නමින් හඳුන්වන සංකුලතා රෝගී අවස්ථාවට පත්වෙනවා. එම තත්ත්වය නිසා පුද්ගලයෙකුගේ ජීවිතයට පවා හානි සිදුවන්න පුළුවන්. HIVවෛරසය ශරීරගත වූ සැනින් AIDS රෝගියෙකු බවට පත්වන්නේ නැහැ. සමහර විට ඒ සඳහා වසර 8 සිට 10 ක් වැනි කාලයක් ගතවන්නත් පුළුවන්.

එසේ AIDS තත්ත්වයට පත්වන්නේ HIV රෝගියෙකු ඒ සඳහා ප්‍රතිකාර ලබාගත්තේ නැත්නම් පමණයි. HIV පුද්ගලයකු වසර ගණනාවක් යන තුරු කිසිදු රෝග ලක්ෂණ නොපෙන්වා නීරෝගි පුද්ගලයන් ලෙසින් ජීවත් වෙනවා. නමුත් ඔවුන්ගෙන් තවත් අයෙකුට අනාරක්ෂිත ලිංගික හැසිරීමකදී HIV ආසාදනය විය හැකියි. එබැවින් හදිසියේ හඳුනාගන්නා තාවකාලික සහකරුවෙක් සමග ඔබ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වනවා. ඔබට HIV ආසාදනය වීමේ අවධානමක් තිබෙනවා. ඒ නිසාම ඒඩ්ස් වළක්වා ගැනීමට නම් ප්‍රජාව දැනුවත් කිරීම, සවි බලගැන්වීම ඉතාම වැදගත්.

ප්‍රජාව සවිබලගැන්වීම වැදගත් ඇයි?

සෑම වසරකම දෙසැම්බර් පළමුවැනිදා ලෝක AIDS දිනය සමරනවා. මෙම වසරේ තේමාව “ප්‍රජාව සවි බලගන්වමු – ඒඩ්ස් වළකමු ”යන්නයි. එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන, රජය, සිවිල් සහ සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් මෙම දිනය වෙුනවෙන් ක්‍රියාකාරී දායකත්වයක් දැක්වීමට සූදානමින් සිටිනවා. ප්‍රජාව සවිබලගැන්වීමේ දායකත්වය විවිධ පැතිකඩ ඔස්සේ සිදු විය යුත්තක්.

ඒ අනුව අපේ සමාජයේ HIV ආසාදිතයන් අපකීර්තිමත් චරිත ලෙසින් හඳුන්වා කොන් කිරීමකට සහ වෙනස්කොට සැලකීමට ලක්වනවා. ඇත්තෙන්ම ඔවුන් ප්‍රතික්ෂේප විය යුතු පුද්ගලයන් නොවන බැව් අවබෝධ කරගත යුතුයි. ඒ නිසා ඔවුන්ටත් ගෞරණීයව ජීවත් වීමට බලාපොරොත්තු සහ ශක්තිය ගොඩනැගීම සමග ගුණාත්මක ජීවිතයක් පවත්වාගෙන යෑමට සහයෝගය ලබාදීමට නම් සමස්ත ප්‍රජාවම සවි බලගැන්වීම වැදගත්. HIV නිවාරණය රාජ්‍ය මට්ටමින් පමණක් සිදු කිරීම ප්‍රමාණවත් නැහැ. ඒ වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධාන සහ සමාජ ක්‍රියාකාරී කණ්ඩායම්වල දායකත්වය ලබාගැනීම වැදගත්. ඒ නිසා එම කණ්ඩායම්ද සවිබලගැන්වීම ඉතා වැදගත්.

ඒඩ්ස් මාරාන්තිකද?

මීට දශක කීපයකට පෙරාතුව “ඒඩ්ස් මාරාන්තිකයි “යන අදහස ප්‍රජාව අතර තදින්ම බලගැන්වී තිබුණා. නමුත් HIVසඳහා ප්‍රතිකාර ලබාගැනීමෙන් HIV සමග ජීවත්වන පුද්ගලයන්ට සාමාන්‍ය ජීවිතයක් ගතකළ හැකි වනවා. HIVආසාදනය තවදුරටත් මාරාන්තික රෝගයක් නොවේ. ඒ නිසා HIV ආසාදිතයන් හඳුනා ගැනීම, ප්‍රතිකාර කිරීම සහ නිවාරණය වෙනුවෙන් ප්‍රජාව දැනුවත් කිරීමේ මෙහෙවරට ප්‍රමුඛස්ථානයක් ලබාදී තිබෙනවා.

HIV වෛරසය ශරීරගත වන්නේ කෙසේද?

අනාරක්ෂිත ලිංගික හැසිරීම් නිසා (ආරක්ෂිත කොපුවක් නොමැතිව) ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයන්ගෙන් 90% කට වඩා ආසාදිතයන් බවට පත්ව ඇතිබැව් වාර්තා වෙනවා. මෙහිදී පිරිමින් අතර HIV ආසාදිතයන්ගේ වාර්තාවීම් ඉහළයි. ඒ වැඩි වශයෙන්ම පිරිමි පිරිමි අතර සිදුවෙන සමලිංගික සම්බන්ධතාවයන් නිසයි.

ආසාදිත රුධිරය මගින්

විශේෂයෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් අතර එකම එන්නත් කටුව හුවමාරු වනවා. එහිදී ආසාදිතයෙකුගේ රුධිර තරල මගින් වෛරසය ශරීරගත වීමේ අවදානමක් තිබෙනවා.

ආසාදිත ගැබිණි මවකගෙන් දරුවාට

මවක් HIV ආසාදිත වුණොත් ඇගේ දරුවාට මෙම වෛරසය සම්ප්‍රේෂණය වීමට හැකියාවක් තිබෙනවා. නමුත් දැන් ගර්භණි මව්වරුන් වෙනුවෙන් සිදුකරන රුධිර පරීක්ෂණ මගින් ඔවුන් HIV ආසාදිතද යන්න කලින් හඳුනාගෙන ප්‍රතිවෛරස ඖෂධ ලබාදීම මගින් දරුවා HIV ආසාදිත තත්ත්වයෙන් ආරක්ෂා කරගැනීමට හැකියාවක් තිබෙනවා.

අපේ රටේ තරුණ ප්‍රජාව අතරත් HIV ආසාදිතයන් වාර්තා වීමේ අවාසනාවන්ත තත්ත්වයක් ගොඩනැගෙමින් පවතිනවා. රටේ සක්‍රීය ශ්‍රම දායකත්වය ආසාදිතයන් බවට පත්වීම සුබ නිමිත්තක් නොවේ. 2018 වසරේ සිට ලංකාවේ වයස අවුරුදු 15 – 24 අතර තරුණ ප්‍රජාව අතර HIV වෛරස ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. 2021 වසරේ ආසාදිතයන් 66 ක් හඳුනාගත් අතර 2022 වසරේදී මෙම සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ නිසා තරුණ ප්‍රජාව දැනුවත් කිරීම එමගින් චර්යාත්මක වෙනසක් ඇතිකිරීම මගින් ආරක්ෂිත ලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත්. අපේ රට තුළත් යම් යම් අදහස්, ආකල්ප නිසා යෞවන පිරිස් සමග ලිංගිකත්වය පිළිබඳ ගැන විවෘතව කතා කිරීමට මැළිකමක් දක්වනවා. ආරක්ෂිත ලිංගික හැසිරීම් ගැන ඇති නොදැනුවත්කම නිසා තරුණ ප්‍රජාව වැරදි ලිංගික හැසිරීම් මගින් HIV ආසාදිතයන් බවට පත්වීමේ අවදානමක් තිබෙනවා.

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ ආරක්ෂිත ලිංගික සම්බන්ධතා පිළිබඳව තරුණ පරම්රාව දැනුවත් කිරීම වැදගත්. මෙහිදී දෙමව්පියන්, පාසල් පද්ධතිය, උසස් අධ්‍යාපන ආයතන, තාරුණ්‍ය වෙනුවෙන් සක්‍රීය දායකත්වය ලබාදෙන රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවලට ඉතා වැදගත් කාර්ය භාරයක් තිබෙනවා.

ලිංගික කටයුතු පවත්වා ගෙන යෑමේදී ආරක්ෂාව ගැන ඇති නොදැනුවත්කම නිසාම බොහෝ විට HIV ආසාදිතයන් බවට පත්වීම ගැන සුළුවෙන් සැලකිය යුතු නෑ. මේ වෙනුවෙන් සමාජය දැනුවත් කිරීම ඉතා වැදගත් අතර මෙම කාර්යභාරය වෙනුවෙන් ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන් ද රාජ්‍ය නොවන සංවිධාන සමග සමාජය තුළ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවන් පැවැත්වීමේ අධි අවදානම් කණ්ඩායම් සහ අවදානම් කලාප හඳුනාගැනීම වැදගත් වෙනවා.

HIVආසාදිතයෙක් යනු සමාජයේ ප්‍රතික්ෂේපිත පුද්ගලයෙක් නොව සෞඛ්‍ය සේවා හා සමාජයේ ඇති සියලු ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අනෙකුත් අය හා සමාන අයිතිවාසිකම් ඇති පිරිසක්ය යන සමාජ ආකල්ප ගොඩ නැගීමත් ඉතාම වැදගත්. තමන් HIVආසාදිතයෙක් නොවන බවට සහතික වීමට රුධිර සාම්පල පරීක්ෂාවක් මගින් දැනගැනීමට පුළුවන්.

අවදානම් ලිංගික ඇසුරකට සම්බන්ධ වී ඇත්නම් ඒ තැනැත්තා විසින් රුධිර පරීක්ෂණයක් සිදුකර ගැනීම ඉතා වැදගත්. එමගින් ඔබට ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා සේම අන් අයට ඔබගෙන් HIV බෝ වීම වළක්වා ගැනීමටත් අවස්ථාව ලැබෙනවා.

2023 ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් වූ ප්‍රචාරණ වැඩසටහන්

ඒ වෙනුවෙන් වැඩ සටහන් මුළු දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා.යම් පුද්ගලයෙකුට තමා ආසාදිතයෙක් දැයි දැනගැනීම සඳහා වූ පරීක්ෂණ සිදුකර ගැනීමට මෙන්ම ප්‍රතිකාර වෙනුවෙන් යොමුවීමේ පහසුකම් ලබාදීම සඳහා දිවයින පුරා පිහිටි ලිංගාශ්‍රිත රෝග සායන 42 ක් ක්‍රියාත්මක වෙනවා. මෙහි ප්‍රතිකාර ඇතුළු සියලු සේවා නොමිලේ සිදුකරන අතර ඔබගේ රහස්‍ය බව උපරිමයෙන් ආරක්ෂා කරනවා. ඒ වගේම ඕනෑම කෙනෙකුට HIVපරීක්ෂවක් තමා විසින්ම තනිව සිදුකර ගතහැකි ස්වයං පරීක්ෂණ (HIV self testing ) ඇති අතර ඒ වෙනුවෙන් වූ පරීක්ෂණ කට්ටල මාර්ගගත ක්‍රම (online) ඔස්සේ ලබාගත හැකියි.

මේ පිළිබඳව know4sure.lk යෙදුම භාවිත කර හෝ 0716927173 දුරකථනය අමතා වැඩි විස්තර ලබා ගත හැකියි.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️



 

TAGGED: AIDS, HIV, Unsafe sexual behavior
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?