නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අපි තුන්දෙනාගෙ ෂෝ එකට බැහැල උදව් කරන්නෙ චිරන්තයි, පුතයි – සමිතා මුදුන්කොටුව
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

අපි තුන්දෙනාගෙ ෂෝ එකට බැහැල උදව් කරන්නෙ චිරන්තයි, පුතයි – සමිතා මුදුන්කොටුව

Published November 13, 2023

අතුල – සමිතා කියන්නෙ එදා මෙන් අදත් ඔවුන්ටම ආවේණික වූ හඬ පරාසයන් දෙකක් හරහා ආදරණීය සහෘදයන්ගේ දෙසවන් ගී මිහිරෙන් සනසාලන්නට සමත් වූ ආදරණීය ගායන ශිල්පීන් යුවළක්. එදා තම එකම දියණියට ‘දායාද එයයි මගෙ දෝණිට’ යනුවෙන් ගී පදමාලා හරහාම පවරා දුන් බොහෝ දේ හරහා මවුපිය උරුමයෙන් දායාද කොටගත් මියුරු හඬ උපයෝගී කොටගනිමින් ගීත ලෝලීන් අමන්දානන්දයට පත් කරන්නට කවින්ද්‍යා අදිකාරිද ගායිකාවක ලෙස ඉදිරියට එන්නේ ඊට නොදෙවෙනි අයුරිනි. එලෙස සංගීත ක්‍ෂේත්‍රය තුළ නොමැකෙන සටහන් තබන ඔවුන් ආදරණීය ශ්‍රාවකයාව පවුලේ ප්‍රසංගයක් හරහා සතුටට පත් කරන්නට සැරසෙන අතරතුර ඒ ගැන දැනගන්න අපි සමිතා මුදුන්කොටුව නම් වූ ඒ දයාබර ගායිකාව ඇමතුවා…

හිටිහැටියේ ප්‍රසංගයක් පවත්වන්න විශේෂ හේතුවක් තියෙනවද?

ඇත්තටම මේ කටයුත්තෙ තියෙන විශේෂය තමයි මෙතෙක් අපි මෙවැනි ප්‍රසංගයක් පවත්වා නොතිබීම. අතුලත් මමත් දුවත් සංගීත ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා බොහෝ කාලයක් ගත වුණත් මේක තමයි අපේ පවුලේ මුල්ම ප්‍රසංගය.

මීට කලින් එවැනි දෙයක් කරන්නට හිතුවෙ නැත්තෙ ඇයි?

ප්‍රසංග පවත්වන්නට බොහෝ ආරාධනා ලැබුණත් අපි ඒ සඳහා මෙච්චර කාල් ගත්තෙ ඇයි කියල ඇත්තටම හිතාගන්න අමාරුයි.

එතකොට අතුල සමිතා ලයිව් ඉන් කොන්සර්ට් විත් කාවින්ද්‍යා කාගේ අදහසක්ද?

ප්‍රථම වතාවට පැවැත්වෙන මේ ප්‍රසංගය සඳහා අපිට ආරාධනා කළේ Zee Events තමයි. ඔවුන්ගේ සංවිධාන කටයුතු හරිම පැහැදිලියි ඒ වගේම පිළිවෙලයි. ඒක නිසා තමයි ආරාධනාව පිළිගෙන මේ සඳහා යොමුවෙන්න හිතුවෙත්.

දිනය තැන වෙලාව මතක් කළොත්…

එළඹෙන දෙසැම්බර් මාසේ 8 වැනි සිකුරාදා රාත්‍රී 7.30 ට නෙළුම් පොකුණෙ තමයි ප්‍රසංගය පැවැත්වෙන්නෙ. ඒ සඳහා කථනයෙන් මනුරංග විජේසේකරත් සංගීතයෙන් නාද වාදක මණ්ඩලයක් අපිත් එක්ක එකතු වෙනවා.

එකම දියණිය කාවින්ද්‍යාගේ විවාහයත් එක්ක පවුලට එකතු වුණේත් සංගීත ක්‍ෂේත්‍රයට සම්බන්ධ පුතෙක්.ඔහුගෙන් මේ දේවල්වලට ලැබෙන්නෙ මොන වගේ සහයෝගයක්ද?

ප්‍රසංගය සඳහා දිය හැකි හැම සහයෝගයක්ම දනිඳු පුතා අපට ලබාදෙනවා.මේ විදියට ආරම්භ වෙන බොහෝ ප්‍රසංගවලට දිගින් දිගටම රසික රසිකාවියන්ගෙන් විශාල ඉල්ලුමක් පවතිනවා..

අපි මේ ප්‍රසංගය ගැන ෆේස්බුක් වගේම ඉන්ස්ටග්‍රෑම් හරහා ප්‍රචාරක කටයුතු සිදු කරන්න අරගෙන දවස් දෙකක් ගතවෙද්දි මිලියන දෙකකට වැඩි පිරිසක් මගේ පේජ් එක හරහා මේ දේවල් නරඹලා පළවෙනි දර්ශන වාරයවත් පවත්වලා නැති අපේ ප්‍රසංගයට ලංකාවේ හැම ප්‍රදේශයකින්ම වගේ ආරාධනා ගලාගෙන එන්න පටන් ගත්තා. ඇත්තටම ඒ ආදරයට ස්තුති කරන්න ඕනෙ.

සමහර කාලවලදී ගායන කටයුතු වලින් ඈත්වීම ඔබේ හඬට ආදරය කරන පිරිසට කරන අසාධාරණයක් නේද?

මම හිතන්නේ නෑ මගේ අතින් එවැනි අසාධාරණ සිද්ධ වෙනව කියල. මොකද පහුගිය කාලෙ මම දිගටම අලුත් නිර්මාණ වගේම ඒවාට විෂුවල් පවා කළා.

ඔබේ සංගීත දැනුම ඉදිරි පරපුරට දෙන්න ප්‍රමාද ඇයි?

එතන පුංචි අතපසුවීමක් තියෙනවා. මම හඬ පුහුණු කිරීමේ ක්ලාස් එකක් පටන් ගත්තා. ඒත් යම් යම් අවස්ථාවල ඇතිවුණ කාර්යබහුලත්වය නිසා වෙලාව වෙන් කරගන්න බැරිකම නිසාම ඒ කටයුත්ත මග හැරුණා. ඉදිරියේදී ඉක්මනින් ඒ සඳහා යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා.

නිරතුරුවම රියැලිටි වේදිකාවේ විනිසුරුවරියක් වන ඔබට මතු පරපුර ගැන මොකද හිතෙන්නේ

සහභාගිවන දරුවන්ගෙ ගායන හැකියාවන් දකිනකොට ඇත්තටම මට නම් හරිම සතුටුයි. මොකද අපේ මේ සංගීත ක්ෂේත්‍රයට අවශ්‍ය දක්ෂ දරුවො තමයි. මෙවැනි වැඩසටහන් හරහා එවැනි තරු බිහි වීම ඉතාම හොඳ තත්ත්වයක්.

එකම පුතා ශේන්ව ගායන ක්ෂේත්‍රයට යොමු කරන්න අදහසක් නැද්ද?

පුතාට හොඳට සිංග් කරන්න පුළුවන්. එයා ෆලෝ කරන්නෙ ක්ලැරන්ස් විජේවර්ධන එම්. එස්. ප්‍රනාන්දු වැනි ප්‍රවීණ ශිල්පීන්ගේ පැරණි ගීත. හැබැයි එයාගෙ වැඩි කැමැත්ත තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට. උදේ ඉඳන් රෑ වෙනකං ක්‍රිකට් තමයි එයාගෙ ජීවිතේ. කලාව නියෝජනය කරන්න දුව ඉන්න නිසා පුතාට ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න ඉඩ දීලායි තියෙන්නෙ.

පවුලේ ප්‍රසංගයක් පැවැත්වෙන මේ වෙලාවෙ ඒ කටයුතුවලට ඔහුගේ දායකත්වය ඇත්තෙම නැද්ද?

Zee Events ප්‍රසංගයේ සියලු කටයුතු සංවිධානය කරාට මගේ පැත්තෙන් එහි සියලු ප්‍රචාරක කටයුතු විශේෂයෙන්ම ෆෙස්බුක් ඉන්ස්ටග්‍රෑම් හරහා සිදු කරන්නෙ චිරන්ත. ප්‍රසංගයේ වැඩකටයුතු වලට ඔහුගෙන් ලැබෙන සහයෝගය කියල නිම කරන්න බෑ. ඒ හැමදේකටම ශිරන්තට පුතා ශේනුත් උදව් කරනවා.

ධම්මික හේවාවසම්



 

TAGGED: athula, music artists, samitha, Zee Events
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy1
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?