නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 02 කුට අඩු වැඩිව ඇති බඩවැල් කුපිතවීම Irritable Bowel Syndrome
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 02 කුට අඩු වැඩිව ඇති බඩවැල් කුපිතවීම Irritable Bowel Syndrome

Published November 6, 2023

බඩවැල් කුපිත වීම පිළිබඳව ඇතිවන සහලක්ෂණ රෝග තත්ත්වය Irritable bowel syndrome (IBS (සංවේදී බඩවැල්, දඟලන බඩවැල්, බඩවැලේ දැඟලීම) ආහාර ජීරණ ක්‍රියාවලියේදී අපේ බඩවැල්වල නීරෝගීතාව ඉතා වැදගත්. නමුත් සමහර අවස්ථාවලදී බඩවැල් ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් නිසා අපේ මළපහ ක්‍රියාවලියේ යම් යම් අපහසුතාවන් ඇතිවනවා. මෙය අපට මළපහ ගැටලුවක් ලෙසින් පෙනුණත් ඊට හේතුවන්නේ බඩවැල් ආශ්‍රිතව ඇතිවන අපහසුතාවක්…

පුද්ගලයන්ගේ ජීවන රටාවේ ඇතිවන යම් යම් වෙනස්කම් නිසා මේ රෝග තත්ත්වය ඇතිවීමට පුළුවන්. මෙය ඉතා සුලබ රෝග තත්ත්වයක්. සෑම පුද්ගලයන් 10 දෙනෙක් අතරින් තුන් දෙනෙක් මේ රෝග තත්වයෙන් අඩු වැඩි වශයෙන් පසුවනවා. ඒ අතරින් කාන්තාවන් වැඩි වශයෙන් බඩවැල් ආශ්‍රිත සහලක්ෂණය හෙවත් IBS රෝග තත්ත්වයට පත්වන බැව් දකින්න ලැබෙනවා.

Irritable Bowel Syndrome

බඩවැල් ආශ්‍රිතව ඇතිවන මෙම සහලක්ෂණ තත්ත්වය ඇතිවීමට බලපාන හේතු කීපයක් තිබෙනවා. මෙම රෝග තත්ත්වය ඇතිවීමට නිශ්චිතවම හේතුවක් හඳුනාගැනීම අපහසුයි.

කාබෝහයිඩ්‍රේට ආහාර වැඩි වශයෙන් ලබාගැනීම නිසා බඩවැල් ආශ්‍රිතව සිනිදු මාංශ පේශිවල ක්‍රියාකාරිත්වය වැඩිවනවා.

ඒ වගේම කාබෝහයිඩ්‍රේට මත බැක්ටීරියා ක්‍රියාත්මක වීම නිසා ඇතිවන උදරයේ අපහසුතාවයත් මෙම සහලක්ෂණ තත්ත්වය ඇතිවීමට හේතු වෙනවා.

උදරයේ ඇතිවන වෛරස ආසාදන

සමහර විටකදී ගැස්ට්‍රයිටිස් (Gastrities) වැනි ආමාශයික රෝග තත්ත්වයක් නිසාත් IBS රෝග ලක්ෂණ ඇතිවනවා.

විවිධ රෝගාබාධයන් වෙනුවෙන් අප ලබාගන්නා ඖෂධවලින්ද අතුරු  සංකුලතාවන් මතු වෙනවා. ඒ වගේම ඔබ විසින් ලබාගන්නා ඇතැම් ඖෂධ නිසාත් IBS රෝග ලක්ෂණ ඇතිවීමට පුළුවන්.

මානසික ආතතිය නිසාත් මේ රෝග තත්ත්වය ඉස්මතු කරනවා

රෝග ලක්ෂණ

පුද්ගලයෙකුගේ සාමාන්‍ය මළපහ පිටවීමේ රටාවේ ඇතිවන වෙනස්කම් මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය ලෙසින් සැලකෙනවා. සමහර විට මළබද්ධය වැනි තත්ත්වයන් ඇතිවන අතර තවත් රෝගීන්ට මළපහ දියර ලෙසින් පිටවෙන තත්ත්වයක් දකින්න ලැබෙනවා. මේ තත්ත්වය මෙතෙක් ඔවුන්ගේ සාමාන්‍ය මළපහ පිටවීමේ රටාවට වෙනස් තත්ත්වයක් ගන්නා නිසා රෝගියාට මෙය අපහසුතාවක් ලෙසින් දැනෙන්න පුළුවන්.

ආහාරයක් ගත් විගස මළපහ කිරීමට අවශ්‍යතාවක් ඇතිවීමත් රෝග ලක්ෂණ අතරට ඇතුළත්.

උදරයේ වේදනාව, උදරය පුරාම පැතිරෙන අන්දමින් සිදුවෙනවා. සමහර විට යටි බඩ ප්‍රදේශයේ වේදනාවක් දැනෙන්න පුළුවන්. ඒ වගේම වේදනාව විටින් විට සුළු වශයෙන් දැනෙන අතර එය එක්වරම තදබල වේදනාවක් ලෙසින් විහිදෙන්නන් පුළුවන්. සමහර රෝගීන්ට ආහාර ගැනීමත් සමග තදින් ඇතිවන වේදනාව වැසිකිළි යෑමෙන් පසුව අඩු වෙනවා

උදරයේ ඇතිවන අපහසුතාව

පපුවේ දැවිල්ල
ඔක්කාරය හා වමනය
හිසරදය
නැවත නැවත මළපහ කිරීමේ අවශ්‍යතාව

IBS රෝග තත්ත්වයට අහිතකර ආහාර මොනවාද?

රෝග තත්ත්වය ආහාර සමග සම්බන්ධතාවක් දක්වනවා. ඒ අනුව ඇතැම් ආහාර ගැනීම නිසා රෝග තත්ත්වය තවදුරටත් වැඩිවීමට පුළුවන්. ඒ අනුව IBS රෝගීන් විසින් ආහාරයට නොගත යුතු ආහාර වර්ග තිබෙනවා.

වායු සහිත ආහාර උදාහරණ ලූනු, ගෝවා, බෝංචි

ලැක්ටෝස් සහිත ආහාර ( කිරි, සීනි ) අයිස්ක්‍රීම් සහ ඇතැම් යෝගට් වර්ග

මද්‍යසාර අඩංගු පාන වර්ග

කෘතිම රසකාරක සහිත ආහාර සහ පාන වර්ග

ග්ලුටමින් අඩංගු ආහාර ලබා ගැනීමෙන් වළකින්න

Irritable bowel syndrome රෝග තත්ත්වයෙන් ආරක්ෂා වීමට

කාබොහයිඩ්‍රේට ආහාර අඩුවෙන් ලබාගන්න
තන්තු සහිත ආහාර ලබාගන්න
මළබද්ධය ඇතිවීම වළක්වා ගන්න
කෝපි වැනි පාන වර්ග අඩු කරන්න
ජලය වැඩියෙන් පානය කරන්න
ව්‍යායාම සඳහා යොමුවන්න විශේෂයෙන් යෝග ව්‍යායාම මේ සඳහා සුදුසුයි

රෝගය හඳුනාගැනීම

සාමාන්‍යයෙන් රෝග තත්ත්වයන් හඳුනාගැනීමට විවිධ පරීක්ෂණ සිදුකරනවා. නමුත් රුධිර පරීක්ෂණ, එන්ඩොස්කොපි පරීක්ෂණවලින් පවා මේ රෝග තත්ත්වය හඳුනාගැනීමට නොහැකි අවස්ථාවන් තිබෙනවා.

වෛද්‍යවරයෙකු හමුවිය යුතු අවස්ථාවන්

මෙම රෝග අපහසුතාවන් අඛණ්ඩව පවතිනවා නම්

පාචනය සහ වමනය තත්ත්වය දරුණු ලෙසින් පවතිනවා නම්
මළ සමග රුධිරය පිටවෙනවා නම්
බර අඩු වීමක් ඇත්නම්
උණ තත්ත්වයක් ඇති විටෙක වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම වැදගත්

IBS රෝගයේ අතුරු සංකුලතාවන් තිබෙනවාද?

මෙම රෝග තත්ත්වය ඔබේ ආහාර, ජීවන රටාව සහ මානසික තත්ත්වය සමග ඉතා හොඳින් කළමනාකරණය කරගත හැකි රෝග තත්ත්වයක්. මේ රෝගය පුද්ගලයකුගේ ජීවිතයේ ගුණාත්මක බවට බාධාවක් විය හැකියි. මේ රෝගය නිසා යම් පුද්ගලයකු තුළ කනස්සල්ල, මානසික අවපීඩනය වැනි අපහසුතාවයන් ඇතිවීමට ඉඩ තිබෙනවා. එවැනි මානසික තත්ත්වයක් ඇති වුවහොත් ඒ වෙනුවෙන් මනෝ වෛද්‍ය උපදේශන ලබාගැනීමත් අවශ්‍යයි.

නොසලකා සිටියොත්?

සමහර අවස්ථාවන්හිදී අපි මේ රෝග තත්ත්වය ගැන නොසලකා සිටියත් විටෙක මේ රෝග ලක්ෂණ පුද්ගලයෙකුගේ වෙනත් රෝග තත්වයක් නිසා ඇතිවන තත්වයක් විය හැකියි. ඒ අනුව මතුපිටින් අප දකින බඩවැල් ආශ්‍රිතව ඇතිවන මෙම සහලක්ෂණ තත්ත්වය පහත දැක්වෙන රෝගයක් නිසා ඇතිවූවා විය හැකියි

ආසාදන තත්වයක් ( Infection)

බඩවැල් ආශ්‍රිත ප්‍රදාහයක් (Infiammatory bowel disease (IBD))

Infections

Coeliac disease ( තිරිඟු පිටි නිසා ඇතිවන බඩවැල් ආසාත්මිකතාවය )

ආහාර ආසාත්මිකතාවයක්

බඩවැල් ආශ්‍රිත පිළිකාවක්

ඒ නිසා ඔබ IBS රෝග තත්ත්වයෙන් නිරන්තරව පසුවනවා නම් ඒ ගැන නොසලකා සිටින්න එපා. මෙය වෙනත් රෝග තත්ත්වයක් නිසා ඇතිවිය හැකි තත්ත්වයක් බැවින් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු වෙත යෑම ඉතා වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා









 

TAGGED: Gastrities, Infection, Irritable Bowel Syndrome
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?