නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කුරුලෑවලට BYE කියන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

කුරුලෑවලට BYE කියන්න

Published October 30, 2023

කුරුලෑ ඇතිවීමට වයස සීමාවක් නැහැ. කුඩා දරුවාගේ පටන් වයසක පුද්ගලයා දක්වා වූ සෑම පුද්ගලයෙකුගේම කුරුලෑ ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක්. නමුත් කුරුලෑ නිසා අද බොහෝ පුද්ගලයන් දැඩි මානසික පීඩාවකට පත් වෙනවා. සැබැවින්ම ඒ හරහා ඔවුන්ගේ මුහුණේ ස්වභාවික ලස්සන පවා නැතිවනවා. ඒ නිසාම සමාජයේදී ඔවුන් දැඩි පසුබෑමකට පත්වන අවස්ථාවන් තිබෙනවා. නමුත් කුරුලෑ සහිත සමක් ඇත්නම් ඒ ගැන පසුතැවීමට වඩා ප්‍රතිකාර වෙත යොමුවීම වැදගත්. සුදුසුකම් ලත් වෛද්‍යවරයකු විසින් ඔබට කුරුලෑ ඇතිවීමට බලපාන හේතු හඳුනාගෙන ඒ වෙනුවෙන් වූ රෝග නිධානයට ලබාදෙන ප්‍රතිකාර මගින් කුරුලෑවලින් නිදහස් මුහුණක අයිතිය ලබාගැනීමට හැකියාව තිබෙනවා.

කුරුලෑ ඇතිවීමට බලපාන හේතු මොනවාද?

ජානමය සාධක එනම් පරම්පරාවෙන් එන බලපෑම

හෝර්මෝන වෙනස් වීම. විශේෂයෙන් ( PCOS ( Polycystic Ovarian Disease ) රෝග තත්ත්වය ඇති කාන්තාවන්ගේ කුරුලෑ ඇතිවීමේ සම්භාවිතාව වැඩියි.

සමේ තෙල් සහිත බව

මානසික ආතතිය

ඉස්හොරි ඇති පුද්ගලයන්ටත් කුරුලෑ ඇතිවීමට වැඩි අවදානමක් තිබෙනවා.

ස්ටිරොයිඩ කාණ්ඩයේ ඖෂධ නිසා

රූපලාවන්‍ය කටයුතු වෙනුවෙන් භාවිත කරන ඇතැම් ප්‍රමිතිගත නොවන ආලේපන වර්ග නිසාත් කුරුලෑ ඇතිවන්න පුළුවන්

අධික පැණි රස ආහාරයට ගැනීම

ප්‍රමාණවත් නින්දක් නොලැබීම

කුරුලෑවකදී මුලින්ම ඇතිවන්නේ කුඩා බිබිලක් ( comedones )  බැක්ටීරියා ආසාදන නිසා ක්‍රමයෙන් රතු වී බිබිලක් බවට පත්වනවා. ඒ වගේම මෙම බිබිලි තුළ සැරව පිරීම නිසා සුදු පැහැ සැරව බිබිලි දකින්නත් පුළුවන්. කුරුලෑ කැඩීම බොහෝ පුද්ගලයන් කුරුලෑ කැඩීම වගේම ඒවා මිරිකා හැරීමට පුරුදු වී සිටිනවා. ඔවුන් එසේ කිරීමෙන් කුරුලෑ ඇතිවීම වළක්වා ගැනීමට හැකි වෙතැයි අදහස් කළත් එය එසේ සිදුවන්නේ නැහැ.

මේ නිසා කුරුලෑව තිබුණ තැන ලප කැළැල් ඇතිවනවා. සම මතුපිටට පෙනෙන කැළැල් ඇතිවනවා. එම කැලැල් ඉවත් කිරීමත් එයින් අනතුරුව ඇතිවන ගැටලුවක්. එවැනි අවස්ථාවලදී කැලැල් වෙනුවෙන් ද නැවත ප්‍රතිකාර කිරීමට සිදුවනවා.

කුරුලෑවලට ලබාදෙන ප්‍රතිකාර

කුරුලෑ බොහෝ විට ඉබේම සුවපත් වුණත් කුරුලෑ නිසා ගැටලු ඇතිවනවා නම් ඒ සඳහා වූ ඖෂධ තිබෙනවා. කුරුලෑ නිසා බොහෝ දෙනෙක් මානසිකව පීඩාවට පත්වනවා. කුරුලෑවලට මූලික අවස්ථාවේදී ප්‍රතිකාර ලබාගැනීමෙන් බොහෝ ගැටලු නිරාකරණය කරගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ සඳහා ලබාදෙන විවිධ ප්‍රතිකාර තිබෙනවා.

ප්‍රතිජීවක පෙති ලබාදීම

තෙල් සහිත සමක් ඇත්නම් ඊට ගැළපෙන face Wash  භාවිත කිරීම

ලේසර් ප්‍රතිකාර / Chemical ප්‍රතිකාර

ඔසප් චක්‍රය අක්‍රමවත් කාන්තාවන් බොහෝ විට PCOS රෝග තත්ත්වයෙන් පසුවනවා. ඒ නිසා ඔවුන්ගේ කුරුලෑ වගේම සිරුරේ රෝම ඇතිවීමත් වැඩියි. ඒ නිසා මෙවැනි හෝර්මෝන පිළිබඳ ගැටලු ඇති කාන්තාවන්ට කුරුලෑ ඇතිවීමට බලපාන හේතුව හඳුනාගෙන ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීම වැදගත්.

සිරුරක හෝර්මෝන උත්තේජනයත් සමග කුරුලෑත් වර්ධනය වෙනවා. වයසත් සමග හෝර්මෝන ක්‍රියාකාරීත්වය අඩු වීමත් සමග කුරුලෑ ඇතිවන වේගයත් අඩු වෙනවා. ඒ නිසා අධික ලෙසින් කුරුලෑ ඇතිවන තත්ත්වයන්හි දී ඊට බලපාන හේතු හඳුනාගෙන ප්‍රතිකාර ලබාදීම වැදගත්.

අධික ලෙස කුරුලෑ ඇතිවන අවස්ථාවලදී Isotretinoin වැනි ප්‍රතිකාර ලබාදීමත් සිදු වෙනවා. මෙම ප්‍රතිකාරය මිල අධිකයි. ඒ වගේම Isotretinoin ප්‍රතිකාර ලබාදීමට පෙරාතුව රුධිර පරීක්ෂණ ද සිදුකිරීම අවශ්‍යයි.ඒ වගේම Chemical peeling  වැනි ප්‍රතිකාරවලදී ඖෂධ වර්ගයක් සම මතුපිට තබා ඒ ආලේපනයත් සමගම සමේ මතුපිට ස්ථරය ගැලවී යනවා. මෙය කීප වතාවක් කිරීමෙන් කලු පැල්ලම් ඉවත් කරගැනීමට හැකියාව තිබෙනවා.

තමන්ගේ රුධිරය ලබාදෙන පට්ටිකා එන්නත් කිරීම, මෙම පට්ටිකා නිසා සමේ කොලජන් සංයුතිය ඇතිකිරීම, ( Platlelet rich plasma – PRP ) කුරුලෑවලට ප්‍රතිකාර ලබාදීමේදී වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීම ඉතාම වැදගත්. නමුත් කුරුලෑවලට ප්‍රතිකාර ලබා ගත්තත් එයින් ප්‍රතිඵල ලැබීමට යම් කාලයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා සුවපත් වීම සඳහා යම් අන්දමක ඉවසීමක් ගොඩනගා ගැනීමත් ඉතාම වැදගත් වනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා

 

TAGGED: acne, comedones, PCOS, pimples
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?